කවුරුන් මොනවා කිව්වත් ශ්‍රී ලංකාවේ දෙවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය මහනුවර අරඹන බව උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතා මහනුවර කින්ස්වුඩ් විදුහලේ ත්‍යාග ප්‍රධානෝත්සවයක දී පැවසීය.
අග්නිදිග විශ්ව විද්‍යාලයට ඉංජිනේරු පීඨයක් ද, පේරාදෙණියට කලමනාකරණ පීඨයක් ද ලබා දී ඇතැයි ද, ජයවර්ධනපුර හා කැලණි විශ්ව විද්‍යාල සඳහා ඉංජිනේරු පීඨ දෙකක්ද, යාපනය හා සබරගමුවට වෛද්‍ය පීඨ දෙකක් ද ලබා දෙන බව ඇමැති කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේරාදෙණියේ කළමනාකරණ පිටය තියෙන්නේ කොහෙද? (නදී)
පිට රටවල ඉගෙන වෛද්‍ය උපාධිය ලබා ලංකාවට පැමිණ මෙහි සේවය කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් අවසර ලබා ගැනීමට පෙනීසිටිය යුතු පරීක්ෂණයෙන් කිහිප වරක් පෙනීසිටියත් ඉන් සමර්ථ වීමට අපහසුවෙන් සිටින දරුවන්ගේ දුක් අදෝනාවකුත් දැන් මේ රටේ තිබෙනවා. (ස)
උපතින්ම ගෙන ආ මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ නැතිව ""සියලු දෙනාගේම අදහස් වලට කන්දී ලංකාවේ අධ්‍යාපනයට ඉතාම හොඳ දේ කරනවා "" කියා මේ දේ කලානම් වෙනස (ඔලුව සහ මොලය අතර වෙනස ) හැමෝටම තේරුම් යනවා. (නදී)
මේක අහලා ඇඟේ ලේ නැති වුනා. අපේ නුවර ලොකු නංගි හෙටම නෑදා ගෙවල් වල සම්මාදමේ ඒවි ළමයාව පුද්ගලික වෛද්‍ය විද්‍යාලෙට යවන්න සල්ලි ඕන කියාගෙන. ළමයාට තියෙන්නේ සාමාන්‍ය බුද්ධියක් දක්ෂ නැටුම් වලට. අපේ නගාට ඕන මොන ක්‍රමයකින් හරි පවුලට දොස්තර කෙනෙක්. (නදී)
හම්බවෙයි පිහිට, බලාගෙන ඉන්න. (ස)
ජය වේවා, (ස)
තිලක් ඩුබායි, තමන්ට නැති වීම තියෙන කෙනා දෙයක් ලබාගැනීමට විරුද්ද වීමට හේතුවක් ද ? ලෝක ස්වභාවය මෙයයි. වෛද්‍ය උපාධි පමණක් නොවේ. අනිත් දේත් ඔහොම තමා. පුළුවන් මිනිහ හොඳ කාර් ගන්නවා. බැරි මිනිහා බයිසිකල් ගන්නවා. එ්කත් බැරි මිනිහට මොකුත් නැහැ. ඔයා ඩුබායි ගිහින් ඉන්නවා. සමහරුන්ට ඩුබායි වත් යන්න බැහැ. (නදී)
මේ කරන්න හදන්නේ පිරිපුන් වෛද්‍යවරුන් බ්හි කිරීමක් නොව මුදලට සහතිකයක් දීලා අසරණ ලෙඩුන් ටික ඉක්මනින් මරලා දාන්නයි. (නදී)
කව්රු මොනවා කීවත් මේවා හොඳ වැඩ. දැන් චීන කැම්පස් වල ටීච් කරන්නේ ලංකාවේ අය. එ්ක හොඳ නම් මෙහෙ කරපුවම නරකද? (නදී)
තිලක් මහත්තයෝ, ඔබතුමාට නම් තියෙන්නේ කේන්තියක්. අපිට සල්ලි නැති නිසා අපේ ළමයෙක් ඕකට යවන්න බැරි වුණාට, සල්ලි තියෙන කෙනෙකුට හරි වෙන්නේ හොඳ දෙයක්.ආත්මාර්ථකාමී වෙන්න එපා. (නි)
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවන එක හොඳ දෙයක්. ඒ එක්කම හොඳ තත්ත්ව පාලනයකුත් තිබිය යුතුයි. ස්වාධීන මණ්ඩලයක් සිටිය යුතුයි. පෞද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය ඉහළ තත්ත්වයක පවත්වාගෙන යා යුතුයි (නි)
ලංකාවේ තව තව වැඩියෙන් වෛද්‍ය විද්‍යාල පිහිටවන්න. එතකොට දොස්තරලා වැඩි වෙලා තරඟකාරිත්වය වැඩිවෙලා ඒ අයගේ ගාස්තුව අඩු වේවි. (නි)
ලංකාවේ ජනගහණයෙන් භාගයක්වත් බටහිර වෛද්‍යවරුන් කළ යුතු වෙනවා.අපේ රටේ මෙමඟින් ලෙඩ නිවාඩු දැමීම අවම කර ඵලදායී වර්ධනයක් ඇති කළ හැකි බව නොපෙනේද? (නි)
නුඹට රටක් නැතේ..., රට පලයන් පුතේ.... කිවුවලු (නි)
ජය වේවා! (නි)
බොහොම අගෙයි (නි)
ජය වේවා! (නි)
ප්‍රශ්නේ තමයි මේ විවෘත කරන විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය හරිද කියන එක. නියමිත පරිදි විභාගයක් තියන්නේ නැතුව සල්ලි තියෙන අය දාලා විශ්ව විද්‍යාලයක් හැදුවට වැඩක් නැහැ. එහෙම වුනොත් වෙන්නේ බෙහෙත් ගන්න මිනිස්සු ආම්රුවේ වැටෙන එකයි. නියමිත ප්‍රමිතිය කියන එක ගොඩක් වැදගත්. එ්ක හැමෝම තේරුම් ගත යුතුයි (නදී)
තිලක් ඩුබායිගේ දරු පවුල ලංකාවේද ඉන්නේ. වෙන්න බැහැ (නදී)
ජාතික අදායමෙන් 6% වෙන් කරන්න කියල විශ්ව විද්‍යාල ආචාර්‍යවරු උද්ඝෝෂණය කරද්දී 6% ක් වෙන් කරන්න එපා කියල පොලවේ පස් කාපු උදවිය ඉන්න රටේ අපේ කරුමෙට ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ . (නදී)
මම හිතුවා හරි (නදී)
කොහොමත් දර්ශන මහත්තයෝ, දැනුත් ලංකාවේ රෝගීන්ට අබසරණ තමයි. මේ නිදහස් අධ්‍යාපනෙන් එලියට ආපු කට්ටියගේ කෙරුවාවලින්. ඒ හින්දා අපිට නම් කොහොමත් එකයි. කව්රුවත් රෝගීන් ගැන හිතල කටයුතු කරනවද? මුදල් පස්සෙයි තමන්ගේ අයිතිවාසිකම් පස්සෙයි දුවනවා මිසක්. (නදී)
අනේ ලබන වසරේම ඒක අරඹන්න ඇමති තුමාට පින් (නදී)
මම රුපියල් 45000 ක් ගෙදර වියදමට යවන්නේ තුන් වේල කාල ඇදල දරුවන්ට උගන්වලා විදුලි බිල්, දුරකථන බිල්, වතුර බිල් ගෙවල ජීවත් වෙන්න. මගේ දරුවෙක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට යවන්න රුපියල් ලක්ෂ 65 ක් ගෙවන්න නම් මගේ ලග මුදල් නැහැ. (නදී)
අන්තරය තුරන් කරන්න හදනකොට මට තේරුණා නිදහස් අධ්‍යාපනය වල පල්ලටම යවන්න තමයි හදන්නේ කියලා. (නදී)
දේශීය මුදල් ලංකාවේම රැදෙයි බලාගෙන ඉන්න. මේවා ටියුෂන් කඩ වගේ වෛද්‍ය පීඨ. ලංකාවේ රෝගී ජනතාවට අබ සරණයි. වැඩේ කියන්නේ ඇමති තුමාලගේ දරුවෝ මේවට යන්නේ නැහැ. එයාල ඔක්කොම ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ ඉගෙනගන්නේ. (නදී)
නිදහස් අධ්‍යාපනේ කියන්නේ කාගේවත් අයතිවාසිකම් පැහැරගෙන තමන්ගේ සින්නක්කරේට පමණක් හැමදේම ලියා ගන්න දීපු අවසරයක් නෙමෙයි. ආර්ථික අපහසුකම් ඇති ගම්බද දරුවන්ටත් උසස් අධ්‍යායාපනයේ දොරටු විවර කරලා දෙන්න ගෙන ආපු සංකල්පයක්. නමුත් දැන් කට්ටිය හිතාගෙන ඉන්නේ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙනගත් අයට පමණක් මේ රටේ හැම දෙයක්ම උරුම විය යුතුයි කියලා. අනෙක් අයට අවස්ථාවක් නොලැබිය යුතුයි කියලා. මොන්ටිසෝරියේ ඉදල විශ්ව විද්යාලයට ඇතුළු වෙනකම් දෙමව්පියන්ගේ තුට්ටු දෙක හුරා ගෙන ටියුෂන් මාස්ටර්ලට පුදලා තනිකරම මුදල් ගෙවා ලබන අධ්‍යාපනයක් ලබාගෙන විශ්ව විද්යාලෙට ගියාට පසු තමයි නිදහස් අධ්‍යාපනේ මතක් වෙන්නේ. මතක් වෙනවා නෙමෙයි මතක් කරවල ඒකව බය කරනවා (නදී)
ශ්‍රී ලංකාවේ දෙවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය මහනුවර අරඹන බව කියද්දී බුදු බව පතන මෝඩයෝ ඉන්න රටකනේ අනේ අපිත් ඉපදුනේ. (නදී)
මේවා බොහොම උතුම් වැඩ. ඔබට ජය! (නි)
අපේ ඇමතිතුමනි, ඔබතුමා නුවරට වැඩ කරන්න. ඔබට ජය! (නි)
පුලුවන් නම් එකක් කිලිනොච්චියෙත් අරින්න. මේවා හොඳ වැඩ. ඔබතුමා ඉතිහාසගත වේවි (නි)
රුසියාවට,ඉන්දියාවට,චීනයට දෙන දේශීය මුදල් ලංකාවේම රැඳෙයි. ඉතා හොඳ වැඩක් (නි)