මැදවච්චිය -මන්නාර මාර්ගයේ මඩු දේවස්ථානයට පිවිසෙන මංසන්ධියේ පුවරු දෙකකි මේ.මඩු මංසන්ධියේ සිට මඩු දේවස්ථානය දක්වා ඇති දුර එක් පුවරුවක් අනුව කිලෝ මීටර් 10 කි. අනෙක් පුවරුව අනුව දුර කිලෝ මීටර් 12 කි.
\
මැදවච්චිය -මන්නාර මාර්ගයේ මඩු දේවස්ථානයට පිවිසෙන මංසන්ධියේ පුවරු දෙකකි මේ.මඩු මංසන්ධියේ සිට මඩු දේවස්ථානය දක්වා ඇති දුර එක් පුවරුවක් අනුව කිලෝ මීටර් 10 කි. අනෙක් පුවරුව අනුව දුර කිලෝ මීටර් 12 කි.
\
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යා, ඔයා කියපු දෙය මට හරියට පැහැදිලි නැහැ. මොකක්ද ඒ දෙකේ වෙනස.(නදී)
අයියෝ කිලෝමීටර් දෙකයිනෙ වෙනස. ඕක පත්තරේ දාන්න දෙයක්ද? (ස)
මටනම් ලොකු වෙනසක් පෙන්නේ නැහැ. වෙන දෙවියෙකුට පෙන්නන්න. (දී)
කමල්, බෝඩ් දෙකේ දුර එකතුකරලා ' මෙව්වා කරොත්' හරි (දී)
බෝඩ් දෙකම හරි ...සිංහල ක්‍රමයට යනවනම් කිලෝ මීටර් දහයයි ...දෙමල ක්‍රමයට යනවනම් කිලෝ මීටර් දොළහයි ..කැමති එකක් තොර ගන්න (දී)
මීගමුවේ සිට ජා-ඇල පැත්තට එනකොටත් මෙහෙමයි,මීගමුවේ දාල තියෙනව 28 කියා හැබැයි කටුණායකට හැරෙන තැන තියෙනව 29 කියලා, කලින් තලාව නගරයෙත් මේ විදියට කුරුනෑගලට දුර දාල තිබුනා (දී)
මේක මෙච්චර කල් දෙවියන්ට පෙනුනෙ නැද්ද?බලමු දැන්වත් පෙනෙයිද කියලා? (නි)
බුද්ධිමත් ලෙස හිතන්න මිනිසුන් දැනගත යුතුයි (නි)
මේ පුවරු දෙක කි.මී. 2 කේ වෙනසට වඩා දෙයක් හෙළි කරනවා නේද? වඩාත් විශේෂ වන්නේ සිංහලෙන් මඩු පල්ලිය පාර කියා ලියා ඇතත් දෙමළෙන් ලියා ඇත්තේ මඩු කෝවිල් වීදිය කියායි. (නි)
ඉතින් ඔයාලා 10 මාර්ගයේ යන්නකෝ. කිලෝමීටර් 2ක් අඩුයි නේ (දී)
මඩු නගරයට 10 බවත් මඩු පල්ලියට 12 බවත් හිතා ගත්තම හරි. අපි කොළඹ ඉඳන් නුවරට 116 කියන්නේ කොළඹ කොතන ඉඳන් නුවර කොතනටද? ඒ වගේ තමයි (නදී)
ඉස්සර මඩු පල්ලියට තිබ්බේ 6 3/4 කිලෝමිරර් 10 විතර (දී)
ඔය බෝඩ් එක බලන්න දෙවියෝ එන එකක්යැ (දී)
මෙම දැන්වීම් දෙකම නිවැරිදි උඩ බෝඩ් එකේ තියෙන්නේ මඩු නගරයට දුර. යට බෝඩ් එකේ තියෙන්නේ මඩු පල්ලියට , මේක තේරුම් ගන්න බැරි උන්ට මාර දෙයක් (දී)
මෙම දැන්වීම් දෙකම නිවැරිදි නැ මඩු නගරයට දුර කිලෝමීටර් 11, මඩු පල්ලියට කිලෝමීටර් 11.5, (දී)
පළමුව කිලෝමීටර් 10ක් යන්න, මඩු පල්ලිය එතන තිබුනේ නැත්නම් තව කිලෝමීටර් 2ක් යන්න.ප්‍රශ්නය ඉවරයිනේ (නි)
ලක්ෂිත හරි. මඩු නගරයට දුර හරියටම 10.9යි. මඩු පල්ලියට දුර 11.5යි. (නි)
සෑම්, ඔයා හරි. මම ඉන්නේ පානදුර-රත්නපුර පාරේ. ඉස්සර අපේ ගෙවල් තිබුනේ කිලෝමීටර් 8 කනුව ගාව . ඒත් පාර අලුතෙන් හැදුවට පස්සේ 8 කනුව තව ඉස්සරහට ගියා. (දී)
එකක් වගකියයුතු ආයතනයක් වන මාර්ග සංවර්ධන අධිකාරියේ, අනික වෙනත් කණඩායමක් හෝ අයතනකයක් එකක් බව පේනවා. එක නිසා ඕක දෙවියන්ට කියල වෙඩක් නෑ. එයා මේ දවස් වල ගොඩක් බිසී. මාර්ග සංවර්ධන අදිකාරියේ පුවරුව බලල යන්න! ඕනි නම් කිලෝ මීටර් දෙකක් වෙනස් වෙයි (දී)
ඔය බෝඩ් දෙකම එක ලගද තියෙන්නේ.නැතිනම් එකීනෙකට 2කි.මි. න් ඇතින්ද?(දී)
මොන තරම් දියුණු රටක් උනත් ඕස්ට්‍රේලියාවේ ප්‍රධානම මාර්ග වල මේ වරද ඕනෑ තරම් දකින්න පුළුවන්. "සිඩ්නි 820 කි. මි." කියන බෝඩ් එක පහුකරලා හැතැක්ම දෙකතුනක් ගියාම "සිඩ්නි 835" කියා තිබෙනවා. මේකට හේතුව ප්‍රධාන නගර අතර පාරවල් නිරන්තරයෙන් දියුණු කරමින් පවතිනවා. එසේ කරන විට නගර මගහැර අලුතින් පාර හදනවා. එවිට පරණ දුර වෙනස් වෙනවා. කිලෝ මීටර් දහස් ගණනක ඇති බෝඩ් සියල්ල වෙනස් කරන්න ගියොත් අලුතෙන් පාරක් හදන්න යන වියදම යනවා. ඒ නිසා පරණ බෝඩ් අලුත් බෝඩ් සියල්ලම කලවමේ තියනවා. (දී)
පුවරුවෙන්ම පෙනෙනවා මොකද්ද කියල,(දී)
බෝඩ් දෙකේම දුර එකතුකර දෙකෙන් බෙදල ගත්තොත් මොකද ? (දී)
මාර්ග සංවර්ධන අධිකාරියේ පුවරුව පාර සංවර්ධන කලාට පසුව සවි කරන්න ඇති. පාර හදන විට දුර ටිකක් අඩු වෙන්න ඇති. අනිත් පුවරුව පරණ එකක්. (ස)
"ලංකාවේ එහෙම උනාට එංගලන්තේ එහෙම වෙන්නේ නෑ" (දී)
අයියෝ පාර වැරදුනොත් කිලෝමීටර් දෙකකට වෙන්නේ (දී)
අපි ඉන්නේ මේ ලංකාවේ ,ජපානයේ නෙවෙයි (දිල්)
ඔික ඔච්චර හිතන්න එපා. උඩ බෝඩ් එකේ තියෙන්නේ මඩු නගරයට දුර. යට බෝඩ් එකේ තියෙන්නේ මඩු පල්ලියට දුර. ඒක වෙනස් වෙන්න පුලුවන්. (දී)
බෝර්ඩ් දෙක අතර දුර කිලෝමීටර් 2යි ද (දී)
එක බෝඩ් එකක තියෙන්නේ මඩු වලට තියෙන දුර අනික මඩු පල්ලියට තියෙන දුර මේ දෙකම හරි වෙන්න බැරිද? මඩු ගියපු කෙනෙක්ට උත්තර දෙන්න පුළුවන්.(දිල්)
ඕක එච්චර අව්ලක් නෑ. 10km ගිහින් බලන්න එතන නැතිනම් තව 2km යන්න. එකම දිශාවටනේ තියෙන්නේ බෝර්ඩ් දෙකම (දී)
ෂෝර්ට් කට් එකක් ඇති ඔය පෙනෙන විදිහට (දී)
එකක සිංහල මුලින්, අනිකේ දෙමල මුලින්. අපේ රටේ තියන භාෂා පාවිච්චි කිරීමේ දැනුම් දීමේ නිතිය මොකක්ද? ඇත්තටම අපිට එහෙම එකක් තියනවද? (දී)
අසංක කිව්වා වගේ එකක් මාර්ග සංවර්දන අදිකාරියේ. අනෙක බාසා තුන ලියල තියන පිලිවෙලින් කාගේද කියල හිතාගත හැකිනේ. (දී)