IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


‘නෝ ලිමිට්‘ ගින්න සිගරට් කොටයකින් ?

පානදුරේ ‘නෝ ලිම්ට්‘  ආයතනයේ දී පෙරදින රාත්‍රියේ සාදයක් පැවැත් වු සිව් දෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන්කර ගැනීම ඇරඹීය.

ඔවුන් එම සාදයේදී පාව්ච්චි කළ බීම වර්ග ගැනද පොලිසියට තොරුතුරු ලැබී ඇත.

එහිදී සිගරට් කොටයක් අත් වැරදීමකින් වැටී ගින්න ඇවිලුනේ දැයි සැකයක් පවතින බව පොලීසිය කියයි.

ගින්න පළමුව හටගෙන ඇත්තේ උඩු මහළෙනි. රජයේ රස පරීක්ෂක වැලිඅංග මහතා මීට සුළු මොහේතකර පෙර පැමිණ පරීක්ෂණ කටයුතු ඇරඹීය.

 



අදහස් (0)

‘නෝ ලිමිට්‘ ගින්න සිගරට් කොටයකින් ?

කුමාර Saturday, 21 June 2014 11:42 AM

ඔය තැන්වල කැමරා ගිනි සංවේදී උපකරණ සවිකරලා නේද තියෙන්නේ. එහි හොදින් සටහන් වෙලා ඇති නේද? (නදී)

:       0       0

ටිරෝන් Saturday, 21 June 2014 11:47 AM

ඇති ඔයින් ගියා (නදී)

:       0       0

තිස්ස Saturday, 21 June 2014 11:49 AM

දරාගන්න බැරි ජීවන වියදම නිසා ජනතාව වල්මත් වෙලා ඉන්නේ. මොනවට රණ්ඩු වෙන්දෝ කියල බල බල ඉන්නේ. හිතේ තරහ වේදනාව පිටකරන්න . වහාම පරීක්ෂණ තියා ඇත්ත එලි කරන්න. නැත්තන් මේවට වැරදි අර්ථකථන හදාගෙන රණ්ඩු වෙයි (නදී)

:       0       0

මයා Saturday, 21 June 2014 08:01 PM

රෙදි සාප්පුව ඇතුලේ මනවාට බිව්වාද? (දී)

:       0       0

නිලු Saturday, 21 June 2014 11:56 AM

ලංකාවේ මෙහෙම ප්‍රශ්න ඇති වෙනකොට පිටරට ඉන්න අපිට ගොඩක් බයයි අපේ රැකියා නැතිවෙයි කියලා. කී දෙනෙක් මේ රට වල ඉන්නවද. මාසෙට පඩි අරන් ලංකාවට යනකන් ලංකාවේ මිනිස්සුන්ට කන්නවත් ආදායමක් නැහැ. අනේ අපි ගැන හිතන්න. පින් සිද්ද වෙයි. (නදී)

:       0       0

දාස් Saturday, 21 June 2014 08:31 PM

සියලු සත්වයෝ නිදුක් වෙත්වා! (ස)

:       0       0

විකි Saturday, 21 June 2014 12:08 PM

මේ වෙලාවේ හැකි ඉක්මනින් හේතුව සොයා ගත්තා නම් හොදයි. දැනටමත් වෙන වෙන අදහස් පැතිරෙනවා ලෝකේ පුරාවටම. (නදී)

:       0       0

සුභාෂිනී Saturday, 21 June 2014 12:19 PM

අනේ එක ප්‍රශ්නයක් ඉවර උනා කියල අපි ගොඩක් සතුටු උනා. එ්ත් දැන් තව ප්‍රශ්න ඇතිවෙන බවට හැම පැත්තෙන්ම කටයුතු වෙනවා. අපේ රටෙන් ඉස්ලාම් රටවල රැකියා කරන අහිංසක මිනිසුන්ගේ දරුපවුල්වලට කව්ද වග කියන්නේ.?මහරජාණෙනි දැන්වත් අවදිවනු මැනවී. (නදී)

:       0       0

ලක්ෂපාන Saturday, 21 June 2014 09:20 PM

අවස්ථාවාදීන් උපරිම ඵලනේලාගන්න කාලයක් මේක.අපේ රටේ සිටින බහුතරයක් මුස්ලිම් සහෝදර සහෝදරියෝ බුද්දිමත්.අපිට කරන්න කිසිම දෙයක් නැ පොලිසියෙන් සියලු දේ සොයාගන්නකන් ජාතිබේද අතිනොකර අදහස් නොදමා ඉමු නේද?. (දී)

:       0       0

සමන් සිගේරා Saturday, 21 June 2014 12:20 PM

සිගරට් වලින් වෙන්න මේක පොඩි ළමයින්ගේ සෙල්ලම් ගෙයක් නෙමෙයි. කරපු අයව අල්ලලා දඩුවම් කරන්න ඕනේ. එතකොටයි ලංකාවේ නීතිය තියනවයි කියල ඔප්පු වෙන්නේ (නදී)

:       0       0

සමන් Saturday, 21 June 2014 12:27 PM

රක්ෂන වන්දි, විදේශ ආධාර, රජයෙන් ආධාර, අනුකම්පා කීර්ති නාමය ආදි වාසි රැසක් එම ආයතනයට හිමිවේ. අලාභයක් සිදු නොවේ. කල දුටු කල වල ඉහ ගැනීම ලෙස මෙය හැදින්වේ. (දී)

:       0       0

කෙහෙළිය Saturday, 21 June 2014 12:27 PM

මොනවා වෙන්න යනවාද මන්දා? (දී)

:       0       0

සෙන Saturday, 21 June 2014 12:28 PM

මට නම් හිතෙන්නේ මුදලාලිලා බොර දියේ මාළු බාන්න පටන් ගෙන වගේ.(දී)

:       0       0

උදාර Saturday, 21 June 2014 12:30 PM

මොනවා උනත් පව් නේද? (දී)

:       0       0

සරත් Saturday, 21 June 2014 12:34 PM

දැන් මෙතන ඉන්න අය කලින්ම තීරණය කරලද ඉන්නේ කවුද කලේ කියල. සිකුයුරිටි කෙනෙක් ඉන්න එපැයි. ඒ අය මොනවද දන්නේ.(නදී)

:       0       0

ගොවිරාළ Saturday, 21 June 2014 09:39 PM

මෙහි මුලින්ම ගින්න හටගෙන ඇත්තේ උඩුමහලෙන් බව සඳහන් වෙනව​.ජාතිවාදියෙක් ගිනි තිබ්බා නම් ඒ ගින්න තබන්න උඩු මහලට යයි කියා සිතන්න අමාරුයි.මෙහි අදහස් දක්වන අය ඉක්මන් නොවී බලා සිටියොත් සත්‍ය වැටහේවි.යමක් වූ පමනින් වැරදි අර්ථ කථන දීමත් විශේෂයෙන් එතෙර සිටිනා ස්වල්ප දෙනෙකු මව් බිම ගැන බොරු බියකින් පසු වෙමින් තම අදහස් දැක්වීමත් කණගාටුවට කරුණක්.(දී)

:       0       0

ලෙස්ලි Saturday, 21 June 2014 09:39 PM

මොන එහෙකට මේක ඇතුලේ සිගරට් බිව්වද? (දී)

:       0       0

කිරින්දේ Saturday, 21 June 2014 12:36 PM

නොලිමිට් ආයතනය ඇතුලේ සාදයට මත්පැන් තිබුනාද කියන එකත් හොයල බලන්න වෙනවා. එහෙම වෙලා තිබුනා නම් බීමත්ව හිටි අයගේ නොහොබිනා වැඩක් කියා හිතන්න පුලුවන් (නදී)

:       0       0

නලින් Saturday, 21 June 2014 12:37 PM

මගේ රටේ අයට මේ වෙන දේවල් වල ප්‍රති විපාක තේරෙන්නේ නැද්ද? ලිං ගෙම්බෝ වෙන්නේ නැතුව සමගියෙන් සාමදානයෙන් හිටපල්ලා (නදී)

:       0       0

මංජුල Saturday, 21 June 2014 12:38 PM

සිඟරට් කොටයක් නම්, කොහොමද එළියේ තියන මෝටර් බයිසිකලේ පත්තු උනේ. මොන මෝඩ කතාද? (නදී)..

:       0       0

දර්ශන Saturday, 21 June 2014 12:56 PM

මෙතෙක් ලංකාවේ ලබාදුන් වේගවත්ම රස පරීක්ෂක වාර්තාව, ගින්නේ අගුරු නිවෙන්නත් කලින් ලබාදීම ගැන ආඩම්බර වෙමි. (අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 21 June 2014 09:51 PM

ටිරෝන් මහත්තයට මොකක්දෝ ලොකු අමාරුවක් තියෙනවා වගේ..ඕකට ඉක්මනින් බේත් ගන්න..ඉන්න රටකට අබු දරුවෝ ටිකත් ගෙන්න ගන්න ඉක්මනින් වනචාරී මිනිස්සු ඉන්න රටේ ඒ අයව තියන්නේ නැතුව.ටිරෝන් ඇත්තටම සිංහලද? (දී)

:       0       0

කවිදු Saturday, 21 June 2014 12:59 PM

මේ ගිනි විජ්ජුම්බර නිසා තැලෙන්නේ සාමාන්‍ය මහජනතාවයි. අන්තිමට මේවා පිටරට වලටද ප්‍රචාරය වී රටේ නමට ඉස්සරහින් ප්‍රශ්නාර්ථ ලකුණක් වැටේවි. බලවතුනට ප්‍රශ්නයක් නැහැනේ . මොනවා වුනත් ඒ උදවිය බේරිලා.(අ)

:       0       0

නිසාර් Saturday, 21 June 2014 01:00 PM

මට මන් ගහ ගත්තා (අ)

:       0       0

නඩරාජා Saturday, 21 June 2014 01:04 PM

මෙය අලුත් ක්‍රමයකට වන්දි මුදල් ලබාගෙන පොහොසත්වීමේ අලුත් ක්‍රමය වෙන්න බැරිද, (අ)

:       0       0

රිශාන්ත උඩවත්ත Saturday, 21 June 2014 01:05 PM

සිංගප්පූරුව වෙන්න හදපු අපි බුරුමේ හෝ සිම්බාබ්වේ වෙන දිනය නම් ඇත ලඟයි (අ)

:       0       0

චන්දිමා Saturday, 21 June 2014 01:06 PM

කොහොමෙන් කොහෙමෙන් හරි ˝මේ රටේ සුලුජාතින්ට සිංහල මහ ජාතිය ඉන්න දෙන්නෙ නැහැ, ඒ නිසා වෙන වෙනම ඒ අයට රටේ කෑලි කෑලි වෙන්කරල දෙන්න ඕනි˝ කියන තැනට තමයි දැන් ඔය එන්න හදන්නේ. සමහරු මේ අස්සෙ බලය බෙදාගන්නත් දඟලනවා. (අ)

:       0       0

ඉන්හාම් Saturday, 21 June 2014 01:10 PM

සිසිටීවි කමරා සවිකරලා නැද්ද එකෙන් දැන ගන්න පුළුවන් නේද කවුරු හර ගිනි තිබ්බානම් (අ)

:       0       0

මොහොමඩ් Saturday, 21 June 2014 01:12 PM

මේ ගින්නට පෙර වටිනා බඩු ඉවත් කරගෙනද කියල පරීක්ෂා කරන්න. රක්ෂණ ආවරණයක් ඇත්නම් එය ගත්තේ කවදාද ? කොච්චර පරණද? ලගදී එය වැඩි කලාද මේ සියල්ල පරීක්ෂා කරන්න. මේ රක්ෂණයට අනුරූපව ආදායම් බදූ ගෙවා ඇත්දැයි පරීක්ෂා කරන්න. මෙහි හිමිකරුගේ බැංකු ගිණුම් ,වෙනත් වත්කම් ,ආදායම් බදූ ,රක්ෂණය කර ඇති මුදල මේ සියල්ල ගැලපේ දැයි පරීක්ෂා කර බලන්න (අ)

:       0       0

සිරිසේන Saturday, 21 June 2014 01:26 PM

තිස්සගේ කතාවට මාත් එකයි. මේ ජීවන බර අඩු කිරීමට රජය මැදිහත් විය යුතුයි. හැමගින්නටම වඩා ලොකුයි කියනවනේ බඩගින්න . නැත්තන් හේතු හදාගෙන එකිනෙකා කුලල් කාගනියි . (අ)

:       0       0

රජිව Saturday, 21 June 2014 11:29 PM

විජාතික බලවේග වල කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? (දී)

:       0       0

නෙවිල් Saturday, 21 June 2014 01:56 PM

සමන්, ඔබගේ ගෙය ගිනි තියාගෙන රක්ෂණ වන්දි,කිර්ති නාම, අනුකම්පාව ලබා ගන්නේ නැතේ ඇයි? මෝඩයන්ට බෙහෙත් ලැබෙයි අනාගතයේදී. (අ)

:       0       0

තුවාන් Saturday, 21 June 2014 02:01 PM

අලුත්ගම ගිනිගත් කඩේ මහත්තය කියනවා එයාගේ කඩේ කෝටි 5ක බඩු තිබුනලු. මමත් අලුත්ගම. පෙනුමෙන් නම් ලක්ෂ 5 කවත් බඩු තිබුනේ නැහැ (අ)

:       0       0

අමර් රිෂ්වි Saturday, 21 June 2014 02:01 PM

නැහැ මේක වෙලා ඇත්තේ ගිනි කුරකින්. බොරු කියන්ඩ එපා (අ)

:       0       0

මහානාම Saturday, 21 June 2014 02:02 PM

මේ ගැන අදහස් දාන්න තාම වෙලා මදි , මිට කලින් අලුත්ගම හා බේරුවල සිද්දි වල ට සම්බන්ද අයට තරාතිරම නොබලා ජනාධිපති පොරොන්දු ලෙස දඩුවම් කල යුතුයි , ඒ වගේම මේ ගින්න කවුරුන්ද කලේ යන්න සොයා බලා නීති ප්‍රකාර කටයුතු කල යුතුයි , මොකද තවම ශ්‍රී ලංකාවේ පොලිසිය හා අධිකරණය උසස් මටමේ සේවයක් කරනවා . (අ)

:       0       0

කමල් Saturday, 21 June 2014 02:15 PM

ඔබ කියන විදියේ උසස් සේවයක් තියනවානම් ලොකු දෙයක් මහානාම ! (අ)

:       0       0

රොහාන් Saturday, 21 June 2014 02:26 PM

මෙයට ගොන් අර්ථකතන දෙන්න එපා. මෙම වෙළදසල ලඟදි පටන්ගත්තේ .ඉතා නවීන තාක්ෂණය ඔවුන් එයට යොදවා ඇති. ඉතා ඉක්මනින් ඇත්ත හෙලිවෙය් , මා දන්නතරමින් පානදුරේ සිංහල මුස්ලිම් මිනිසුන් අතර හොඳ සමගියක් තියෙනවා. එනිසා කවුරුත් කට පරිස්සම් කරගෙන කතා කලොත් හොඳය . කවුරු හරි වරදක් කරලා කියල ඔප්පු උනොත් කරපුඅයට උපරිම දඩුවම් දෙන්න ඕන, දැනට එහෙම දෙයක් උන බවට කිසිම ආරංචියක් නැහැ . (අ)

:       0       0

ජගත Saturday, 21 June 2014 02:31 PM

ඇත්තටම හේතුව මොකක්ද? (අ)

:       0       0

නිසාම් Sunday, 22 June 2014 01:47 AM

තිස්ස මහතාගේ අදහස් සමග මමත් එකයි. මුස්ලිම් වේවා සිංහල වේවා අපිව රවට්ටලා ජන්දේ ගන්න තමා හැමෝම එන්නේ. ඉහල යන ජීවන වියදම නිසා ඇතිඋන හිතේ බර තරහෙන් එලියට යාමක් වගේ තමා අලුත්ගම සිද්දිය මට පේන්නේ. (නදී)

:       0       0

නාමල් Sunday, 22 June 2014 02:04 AM

තිස්ස හරි අද රටේ ජාතික ප්‍රශ්නය ජීවන බර. ඉක්මනින් ජීවන බර අඩු කිරීමට පිළියම් නොසොයෙව්වොත් මීට වඩා දරුණු තත්වයක් රට තුල නිර්මාණය විය හැක. ලැබෙන ආදායමෙන් ජීවත් වෙන්න පුළුවන් නම් මානසිකව සැනසීමෙන් ඕන කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්. කව්රුවත් තව කෙනෙකුට හිරිහැර කරන්න යන්නේ නැහැ. සතෙක් උනත් බඩගින්නේ ඉන්නකොට දරුණු වෙනවා. බඩගින්නේ ඉන්නකොට, බෙහෙත් ගන්න ,අරගෙන දෙන්න සල්ලි නැති වෙනකොට ඕනෙම කෙනෙකුට තරහ යනවා. රණ්ඩුවට බර වැඩි වෙනවා. (නදී)

:       0       0

ලුම්බිණි Saturday, 21 June 2014 02:56 PM

මෙම වරද සිතා මතා යමෙක් කලා නම් මට දැනටම හිතන්න පුළුවන් ලැබෙන දඬුවම. (නදී)

:       0       0

කලා Sunday, 22 June 2014 02:12 AM

බන්දුල පෙරේරා,ටිරෝන් මහත්තය කියන එක ඇත්ත . ඕයා ජාතිවාදී ආගම් වාදී බව පේනවා. ජපන් රොඩ්රිගෝ (නදී)

:       0       0

රූපසිංහ Saturday, 21 June 2014 02:57 PM

මේ ගින්නත් ජාතිවාදී ගින්නක් කියල නොකිව්වොත්, පුදුමයක්ම තමා.(නදී)

:       0       0

අර්ජුන රණවන Saturday, 21 June 2014 03:05 PM

ඕක බීඩී කොටයකින් පත්තු උනා විය නොහැකිද ? (නදී)

:       0       0

සුනිල් Saturday, 21 June 2014 03:12 PM

මොල්ගහත් නඩුවක වරද කරු කරපු රටක් නේ මේ. සිගරට් කොටේ වත් වැරදි කරු කරමු දැන්. (නදී)

:       0       0

රවිඳු Sunday, 22 June 2014 05:05 AM

ටිරෝන් ඔබ තමයි නිවැරදිම දෙය කියල තියෙන්නේ. බන්දුල කඩේ යන්නේ. ඒවා ගනන් ගන්න එපා. ඔහු මෙතනට හරිම ලෙඩක්. අපි කතෘට කියා ඔහුව මෙතනින් අයින් කරමු.(නදී)

:       0       0

අසංක Saturday, 21 June 2014 03:34 PM

බුදුරජානන් වහන්සේ පන්සිල් පද පහ ගත්තේ ජෛන ආගමෙන් , අන් ආගම් වලට ගරු කිරීමක් වශයෙන් හා බෞද්ධයන්ට ආදර්ශයක් වශයෙන්. බුදුන් වහන්සේ සංඝරත්නයට ගස් කැපීමට අකැප යයි විනය නීතියක් පැනවුයේ අන් ආගමක ඉගැන්වීමකට අනුවයි. බුදුන් වහන්සේ අපට ඉගැන්වූයේ සහජීවනයයි. බුදු දහම යනු ගැබුරු අවබෝදයෙන් වටහා ගත හැකි ආගමක්. මේ නිසා කිසියම් කෙනෙක් සැබෑ බෞද්ධයෙක් නම් අන් ආගම් වල අයට කිසිම හිරිහැරයක් කරන්න එපා. කෙසේ නමුත් මම පුද්ගලිකව මෙය ජාතිවාදී පදනම මත සිදු වූවායයි නොසිතමි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා.(නදී)

:       0       0

සිල්වා Saturday, 21 June 2014 03:41 PM

විදුලි කාන්දුවකින් කියුවේ (දී)

:       0       0

සිරිසේන Saturday, 21 June 2014 03:42 PM

අපරාධයක් කියලා තමයි මට කියන්න තියෙන්නේ (දී)

:       0       0

දිස්න Saturday, 21 June 2014 03:48 PM

මුළු කඩේම ගිනිඅරගෙන නේද (දී)

:       0       0

රංග ප්‍රදීප් Saturday, 21 June 2014 03:50 PM

මේවා රක්ෂණ වන්දි ගන්න කරපුව ද (දී)

:       0       0

ටානියා Saturday, 21 June 2014 03:50 PM

ඒ නිගමනයත් තවම ස්ථිර නැද්ද කොහෙද (දී)

:       0       0

නිමල් Saturday, 21 June 2014 03:52 PM

සිකරට් බොනවද ඇතුලේ (දී)

:       0       0

දමිත් ලක්ෂාන් Saturday, 21 June 2014 03:54 PM

අසංක වගේ සැමෝම සිතන මෙන් මා සියලු ලක්වාසීන් ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.(නදී)

:       0       0

ජයත් Saturday, 21 June 2014 04:00 PM

කුමාර මම මේක පුද්ගලිකව හොඳට දන්නා දෙයක් ඔය හුඟක් තැන්වල තියන ගිනි ආරක්ෂණ පද්දති හරියට වැඩකරන්නේ නැහැ 75% ක කතාව එහෙම තමයි මෙතන ගොඩක් අය කියනවා වගේ රක්ෂණ ප්‍රශ්නයක් සමහරවිට ඇති (දී)

:       0       0

ඉන්දික Saturday, 21 June 2014 04:01 PM

අසංක, ඔය මේක ජාතිවාදී සිදුවීමක් කියල හිතන්නේ නැත්නම් මොනවටද මේ බුදුහාමුදුරුවෝ කියපු අහිංසාවාදය ගැන මෙතන කියල තියෙන්නේ? (දී)

:       0       0

උපාලි Saturday, 21 June 2014 04:03 PM

දැන් ලෝකය කොච්චර දියුණුද.නොලිමිට් වැනි ආයතනයකට ගිනි හටගැනීමට සහ පැතිරීමට පෙර දැනගැනීමට කොපමණ ක්‍රම තියෙනවද පාවිච්චිකරන්න. ගාර්මන්ට් පැක්ටරිවල ඕව ඕන තරම් තියෙනවා. (අ)

:       0       0

වීරසිංහ Saturday, 21 June 2014 04:04 PM

අපේ රටේ නිතිය ගැන කාටවත්ම විස්වාස නැහැ. ඒ නිසා ආණ්ඩුව මොනවා කිව්වත් ජනතාව තුල තියන්නේ සැකයක්. පොලිස් මධ්‍ය ප්‍රකාශක අතේ පත්තු වෙන බොරු දෙසබලා දැන් ඇත්තක් කීවත් කව්රුත් විස්වාස කරන්නේ නැහැ. අනේ මන්දා අවරුදු තිස් ගණනක් මිනි මරු කොටි විනාශ කළ රට ගොඩ ගන්න, රටට ආදරය, රට ගැන හිතන කරන හරි හමන් නායකයෙක් පේන තෙක්මනේකවත් නැහැ. (අ)

:       0       0

ප්‍රියංක Saturday, 21 June 2014 04:04 PM

බුදු දහම දහමක් මිසක් ආගමක් නෙවෙයි අසංක. එ අනිත් ආගම් වල උදවිය ඒවා දහමක් කියල කියනකොට අපේ බෞද්ධයන් බුදු දහම ආගමක් කියනවා. ඒක නිසා වචන පරෙස්සමට පාවිච්චි කරනවා නම් ඔයා ඉස්මතු කරන්න හදන දේ වඩාත් හොදින් ඉස්මතු වෙනවා. (අ)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Saturday, 28 June 2014 08:49 AM

මේකට අර පවුසි මහත්තය මාධ්‍යයට කියාපුවා බොරුද? උන්නැහේ තවත් යුද්ධයක් ගැනත් කිව්වනේ, අම්මපා මේ ගොල්ලොනේ අපේ රටේ වගකීම් බාරගෙන ඉන්න මිනිස්සු.(නදී)

:       0       0

සිල්වා Monday, 23 June 2014 02:52 PM

තීරණය කරන්න හදිසි වෙන්න එපා. වටරැක හිමි සිද්දිය වගේ වෙන්න පුළුවන්. (නදී)

:       0       0

ප්‍රේමා Saturday, 21 June 2014 04:58 PM

ඉතුරු වෙච්ච සිකරට් කොටේ තියෙනවද (දී)

:       0       0

සාගර Sunday, 22 June 2014 09:41 AM

වන්දි ගන්න කල වැඩක් ද (දී)

:       0       0

සාලිය Sunday, 22 June 2014 09:51 AM

වහාම විනිවිද බවකින් යුතු පරීක්ෂණයක් තියන්න (දී)

:       0       0

සමන්ති Sunday, 22 June 2014 09:56 AM

ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා කියන්නේ ඔන්න ඔය නිසා (දී)

:       0       0

රමේෂ් Sunday, 22 June 2014 10:06 AM

ටිරෝන් ඔබේ අදහස හරියටම හරි.(දී)

:       0       0

අංජන Saturday, 21 June 2014 05:12 PM

කොහොමද එහෙම කියන්නේ (දී)

:       0       0

ටානියා Sunday, 22 June 2014 10:06 AM

සිගරට් බිවුවේ කවුද ඕක අස්සේ (දී)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Saturday, 21 June 2014 10:26 AM

මට හිතෙන්නේ සිගරට් කොටයකින් නෙමේ , සිගරට් බන්ඩල් එකකින්. (නදී)

:       0       0

පියුමාල් Saturday, 21 June 2014 05:48 PM

මේ ගින්නෙන් තවත් ගිනි අවුලන්න එපා (දී)

:       0       0

මිලානො ජයන්ත Saturday, 21 June 2014 10:42 AM

අපෙ රට විදේශ ප්‍රතිපත්ති වලට සහ ඔවුන්ගෙ කොන්දෙසිවලට යටත්වෙලයි ඉන්නෙ. දැනටමත් මානවහිමිකම් සම්බන්ධව අප විශාල ගැටලුවලට මදිවෙලා ඉන්නෙ. මේනිසා සුලුජාතින් සම්බන්දව ක්‍රියා කිරිම්ගන බොහෝ පරිස්සම් වියයුතුයි. (අ)

:       0       0

ඉන්දික Saturday, 21 June 2014 10:46 AM

ඉක්මනට පරීක්ෂණ කරලා ඇත්ත හෙළිදරව් කරන්න. නැතිනම් මේවට වැරදි අර්ථකතන දෙනවා. දැනටමත් පරක්කුයි. (අ)

:       0       0

අසේල හෙට්ටිආරච්චි Saturday, 21 June 2014 06:16 PM

වෛරය සියලු දේ නැති කර දායි. පඩුපුල් අාසනේ නැතිදෝ රත් උනේ ලංකාවට මොකද මේ උනේ (නදී)

:       0       0

රූපසිංහ Saturday, 21 June 2014 06:26 PM

ප්‍රියංක මහත්මයාණෙනි, බුද්ධාගම (බෞද්ධ ධර්මය)නැතහොත් බුද්ධ යන වචනය “බුධි” යන වචනයෙන් බිදී ආවකි. එහි තේරුම අවධිව සිටීම යනුයි. එබැවින් බුදුදහම යනු අවධිව සිටීමේ නැතහොත් සිහියෙන් යුක්තව කල් ගෙවීමේ දර්ශනයයි. ආගම යනු කිසියම් සිතුවිලි පද්දතියක් මත විශ්වාස කරන්නාවූ ඒ මත පදනම් වූ ඇදහීමකි. ආගම සහ දහම යන වචන දෙක දර්ශනය ආශ්‍රිත වචන දෙකකි. එය ඉතා සරලව මෙසේ කීවද, මේ කොම්මෙන්ට් එකකින් අපට පැහැදිලි කල නොහැක. බුදුන් වහන්සේ විසින් අප වෙත පෙන්වා දුන් මග පෙන්වීම, එක වර ධර්මයක් හා විස්වාසයක් මත පදනම්වූ සහ ලොව පවතින සත්‍යවූ ස්වභාව ධර්මයන්ට අනුකුලවූ ඒ මත පදනම් වූ දර්ශනයකි. (නදී)

:       0       0

කුසේමා Saturday, 21 June 2014 11:10 AM

මේවා රක්ෂණ වන්දි ගන්න කරපුව වෙන්නත් පුළුවන් (අ)

:       0       0

කපිල Saturday, 21 June 2014 11:13 AM

මේක ගැන ඇත්තටම විදිමත් පරීක්ෂණයක් අවශ්‍යයි (දී)

:       0       0

සිල්වා Saturday, 21 June 2014 06:44 PM

මහින්ද කැලිෆෝර්නියා ඔයාගේ නමින්ම පේනවා ඔයා හිතන්නේ කොහොමද කියලා (නදී)

:       0       0

තබුක් සිල්වා Saturday, 21 June 2014 11:20 AM

ඉන්දික, දැනටම වැරදි අර්තකතන දීලා ප්‍රචාරය කරමින් තමයි ඉන්නේ. අපිට බය අපි ගැනයි. මොකද මැද පෙරදිග රටවල කී දාහක් ලංකාවේ අය රැකියා කරනවද? (නදී)

:       0       0

රෝයි Saturday, 21 June 2014 11:29 AM

ඉන්දිකගේ කීමට මාත් එකගයි. රටේ කෝලාහලකාරි තත්වයක් අැති මෙවැනි අවස්ථාවක මේ වගේ සිද්ධි නිසා වෙන වෙන ප්‍රශ්න අැති විය හැකියි. ඒ නිසා ඉක්මනින් නිවැරදි හේතුව හෙලිදරව් කරනවා නම් ගොඩාක් හොඳයි.(නදී)

:       0       0

ටිරෝන් Saturday, 21 June 2014 07:18 PM

මෙතන තියෙන්නේ ජාතිවාදය නෙමෙයි ව්‍යාපාරික වාදය . හොර කල්ලි මුස්ලිම් මිනිසුන්ගේ ව්‍යාපාර අතට ගන්න හදනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2538 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1689 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2433 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3337 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site