පානදුර නෝලිම්ට් සුපිරි රෙදිපිළි සාප්පුවේ ගින්නට හේතුව දැන ගැනීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
රජයේනි යෝජ්‍ය රස පරීක්ෂක ඒ . වැලිඅංග මහතා ඇතුළු රස පරීක්ෂක නිලධරයෝ තිදෙනෙක් අද (23) එහි ගොස් මුළු දවසම පරීක්ෂණ කළහ.
වැඩිපුර පරීක්ෂණ සඳහා අළු හා තවත් සාම්පල ලබාගෙන ඇතැයි ද විද්‍යාගාර පරීක්ෂණයක් කිරීමට නියමිත යැයි ද ඔහු පවසයි.
පසුගිය සෙනසුරාදා (21) අලුයම ඇති වු ගින්නකින් මේ රෙදි පිළි සාප්පුව ගිනිගෙන විනාශ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතියේ ආධිපත්‍යය පිරිහිලා නිසා මිනිසුන් අපරාධ කරන්න බය නැහැ (නි)
තවම කිරිල්ලී කුරුල්ලගෙන් උපදෙස් ගන්නවා ඇති..කීයක් ඔට්ටුද ඕක ගිනි තැබීමක් නෙවෙයි,,සෙල්ලම් පිස්තෝලයකින් උන සෙල්ලම් ගින්නත් වෙන්නත් පුළුවන්. (ස)
මේ ගොල්ලෝ සාධාරණව වෙළදාම් කරන අයද....? නොලිමිට් එක වෙන නමකින් කලින් තිබුණේ. තරුණ පරපුර නැති කරන බඩු වගයක් ගෙනල්ලා මේ ගොල්ලෝ අහුවුනා. ඒක මුළු රටම දන්නවා. ඊට පස්සේ තමයි නම වෙනස් කලේ. මේ ගොල්ලෝ හොධ ජිල්මාට් කාරයෝ. (ස)
ඉන්දික කියන කතාව ඇත්ත නම් ගින්න තිබ්බේ බල සේනාව නම් බලසේනාවේ අය ''නෝ-ලිමිට්'' ආයතනයේත් වැඩකරනවාද? පිළිගන්න බැහැ නේද? (නදී)
මොනවා උනත් මේ ශ්‍රී ලාංකිකයෙකුගේ දේපල විනාශවීමක්. අපේ කණගාටුව. (නදී)
අවසන් තීරනය - ගිණිගැනීමට හේතුව ගින්දර වේ. (ස)
මොන පරීක්ෂණය කලත් කමක් නැ, මහජනතාවට සත්‍ය හෙළිදරව් කිරීම බලධාරීන්ගේ වගකීමයි ඉන් මහජනයා ගේ සිත් තුල පවතින කතුහලයන්, අවිනිශ්චිත බාවයන් දුරුකළ හැක. මොන ජාතිය, ආගම උවත් අපි රටේ ඉපද මැරෙන ශ්‍රී ලාන්කිකයෝය.(දී)
නො ලිමිට් එක එදා හවසත් සුල වශයෙන් නැවත ගිනි අරන් තියෙනවා. එකෙන් පැහැදිලි වෙන්නේ එහි ඇතුලත විදුලි කාන්දුවක් තිබෙන බවයි. සමහර විට හිතාමතා කල දෙයක් වෙන්නත් පුළුවන්. (ස)
රස පරීක්ෂක වාර්තාව ඉක්මන් වෙන තරමට හොදයි (දී)
බලමුකෝ මොකද කියන්නේ කියලා (නි)
මොකද මෙච්චර ප්‍රමාද? (නි)
මේ ගින්නෙන් තවත් ගිනි ඇති නොවේවා! (නි)
මේ දවස් වල අහන්න දකින්න ලැබෙන දේවල් බොහොම නරකයි (නි)
තව දවස් කිහිපයකින් දැනගන්න පුලුවන්නේ (නි)
ප්‍රතිඵල කියන්න තව කොච්චර කල් යයිද? (නි)
සාප්පුව විසින්ම සාප්පුවට ගිනි තියාගන්නා ලදී. (මුදී)
ස්ථානය නෝලිමිට් හින්ද පරීක්ෂණ කාල පරාසයත් නෝලිමිට් කර ගත්තොත් නේද හොඳ?(මුදී)
මේකට කවුරුන් සම්බන්ධ ඇද්ද? (නි)
මොනවා සොයාගත්තත් කෝටි ගාණක පාඩුවක් වෙලා අවසානයි (නි)
අපිත් ඒක දැනගන්නා තුරු නොයිවසිල්ලෙන් බලා ඉන්නවා (නි)
ප්‍රතිඵල ඉක්මණින් දැනගන්න පුලුවන් වුණොත් හොඳයි (නි)
බලමුකෝ මොනවද කියන්නෙ කියලා (නි)
අපරාදේ රෙදි සාප්පුව! කොච්චර හොඳට තිබුණද? (නි)