වම් බාහුවේ ඉහළ බුදු රුවක් සහිත පච්චයක් කොටා තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව පිටුවහල් කිරීමට මීගමුව මහේස්ත්‍රාත්වරයාට කිසිදු බලයක් නොමැති බව නීතිපති අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතා එලෙස දැනුම් දුන්නේ බ්‍රිතාන්‍ය ජාතික හෙදියගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ මේ රටේ වෙන දේවල් වල හැටියට අඩු වශයෙන් සිදු වූ වැරැද්ද නිවැරදි කළ එකත් ලොකු දෙයක්. (නි)
මම ළඟදි දවසක් දැක්කා කෙනෙක් අතේ ධර්ම චක්‍රයක් පච්ච කොටාගෙන ඉන්නවා. (නි)
ලෙස්ලි ලෝව්, ඔබගේ කතාව හරියට හරි. (නි)
තේරුම් ගැනීම ගැන සතුටුයි (නි)
සත්‍යයා, නීතිය කොහොම ක්‍රියාත්මක වුනත් බන්දනාගාර නිලධාරීන් ඇයට ලිංගික යෝජනා ගෙන ඒම, කාන්තා නිලදාරිනියක් ඇයගේ මුදල් බලෙන් ලබා ගැනීම වැනි දේවල් නීත්‍යානුකුලද? කාගේ වුවමනවට ආවත් මෙතන විශාල ප්‍රශණයක් ඇතිවන විදියට කටයුතු කලේ ලංකාවේ රාජ්‍ය නිලදාරීන්. නිතිය කාටත් සර්ව සමාන නොවෙන රටක මේ කාන්තාවට නීතියට අනුකුලව කටයතු සිදුවුණා කියලද සත්‍යය හිතන්නේ ?(නදී)
ඇයට සාධාරණයක් කරමු (නි)
පච්ච කත කළ ක්‍රියාවේ වරදක් මම දකින්නෙත්නැහැ (නි)
පච්ච කත ගැන මට ඇත්තෙන්ම කණගාටුයි (නි)
ඇය බුදු දහම පිළිබඳව උනන්දුවක් දක්වන්නියක්ද කියා සොයා බලා ඒ ගැන ක්‍රියා කළා නම් මැනවි. සිදු වූ වරදට ඇයට රජයේ වියදමින් ලංකාවට ඒමට මඟ සළසා දෙනවා නම් නේද හොඳ? (නි)
අතුල බණ්ඩාර කතා කරන්නේ හරියට නීතිය ගැන අකුරටම දන්නවා වගෙයි (නි)
මෙය නරක ආදර්ශ නැති කිරීමට ගත් එක් පියවරක් විය හැකියි (නදී)
නිවැරදි තීරණය ගත් එක ගැන සතුටුයි (නි)
බුදුරුව පච්ච කොටාගන ආවේ බුදුදහම අදහන නිසා වෙන්න පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. එයාව පිටුවහල් කළා වගේ, ලංකාවේ මිනිස්සු පච්ච කොටාගෙන හිටියොත්, ඕස්ට්‍රේලියාවට, ඇමරිකාවට, කැනඩාවට පිටුවහල් කරන්න නීතියක් හදන්න පුලුවන් නම් කොච්චර හොඳද? (නි)
ප්‍රමාද වී හෝ මෙහෙම තීරණය කළ එක හොඳයි (නි)
විදේශීය කතක් ගැන මෙවැනි තීරණ ගැනීමේදී අපි හොඳින් සිතාබැලිය යුතුයි (නි)
අපේ බොහෝ දෙනාට වැඩිය මේ කාන්තාව හොඳයි (නි)
වැරදි කරන දේශපාලඥයින් රටින් පිටුවහල් කරන්න නීතියක් ගෙනාවොත් බේතකට කෙනෙක් හොයාගන්න වෙන්නේ නැහැ. (නි)
කමක් නැහැ. ඔහොම යමුකෝ (නි)
ඇයට නැවත ලංකාවට එන්න ආරාධනා කරමු (නි)
සත්‍යා නෝනද මහතාද දන්නේ නැහැ. මම නිතිය ගැන දන්නා නිසා කිව්වේ . මමත් නීති වේදියෙක් . නිතිය ගැන ඔබටත් අවශ්‍ය කමක් තිබේ නම් ඉගෙන ගන්න පුළුවන්. එය පිලිබඳ පොත් පත් කියවීමෙන් හෝ . කියවීමට සහ තේරුම් ගැනිමටත් හැකියාවක් තිබිය යුතුය (නදී)
වැරදි නොවෙන්නේ කා අතින්ද? (දී)
නාරදගේ කතාව සහතික ඇත්ත (දී)
ඒ රටේ ක්‍රමයට අනුව තමන් කැමතිම දේ පච්චයක් විදිහට කොටා ගැනීම වරදක් නැති වෙන්න පුළුවන් නමුත් ලංකාවේ සංස්කෘතියට අනුව එය ඉතා ප්‍රබල වරදක් (දී)
ලංකාදීපයේ ෆොටෝ කොමෙන්ට් දාන්න අවස්ථාවක් දෙන්න.මෙයා ගැන දාන්නම් එතකොට. (දී)
මම දන්නා නීතියේ හැටියට නම් මහේස්ත්‍රාත් වරයා තීන්දු ගන්නේ ලැබී ඇති සාක්ෂි මත. එහෙම නැතුව බුදු පිළිම ඉදිරිපිට ෆොටෝ ගත්ත ඒවා අන්තර්ජාලයේ තිබ්බට කෙනෙක්ව පිටිවහල් කරන්නේ නැහැ (නදී)
බොහෝ අය ප්‍රතිචාර දමන්නේ මන්ද බුද්ධිකයින් මෙනි. ආගම් වාදයටත් ජාතිවාදයටත් අනුව සිතන විට යුක්තිය සාදාරනය හැර වැරැද්ද පේන්නේ නැහැ. මධ්‍යස්තව සිතා ප්‍රතිචාර දමන්න. බෞද්ධයන් වෙන රටවලට ගොස් කරන ඒවාට දඬුවම් දුන්නොත් කෙලින්ම පිටුවහල් වන්නේ අපායට. එහෙත් බටහිර රටවල් ලංකාව වාගේ පටු අදහස් නොදරන නිසා එය සිදුවන්නේ නැහැ. (නදී)
යාලුවෝ පොඩි දෙයක් දැකල නෑ. ඔය කියන කාන්තාව එක්තරා රටක බුදු පිළිමයක් ඉස්සරහ තියෙන අපි ගොඩක් ගරු කරන මල් ආසනයක් උඩ නැගලා පාවහන් පැළඳ බුදු පිළිමයට පිටුපා පින්තුර අරගෙන තියෙනවා. යාලුවෝ පොඩ්ඩක් හොයල බැලුවොත් හම්බවේවි (නදී)
ගජන්, මුලික අයිතිවාසිකම ලාංකිකයන්ට විතරක් අයිති දෙයක් නොවේ. හොඳම උදාහරණය පිටරටවලට ගොස් සරණාගතයින් ලෙස මුලික අයිතිවාසිකම් ඉල්ලන ලාංකිකයින් ඒ රටවල පුරවැසියන් නොවේ. නමුත් ඔවුන් අයිතිවාසිකම් ඉල්ලු විට ඒ රටවල උසාවි ඒ පිලිබඳ විභාග කර සුදුසු තීන්දු දෙනවා. (නදී)
කෙනෙක් යම් රූපයක් තම ශරීරයේ ඇඳගන්නේ ඇයට ඇති ආදරය සහ කැමැත්ත නිසා. ඒකේ කිසිම වරදක් මම දකින්නේ නැහැ (නදී)
මේ බ්‍රිතාන්‍ය කත අදහන්නේ බුද්ධාගම. ඇය කියන්නේ තමන් බුද්ධාගමට තිබෙන ඇලුම්කමට ඒ පච්චය කොටාගත් බවයි. කොහොම නමුත් ඔය කාන්තාව දැනුවත් කරලා ඇගේ සංචාරය නිමාවෙනතුරු පච්චය නොපෙනෙන ආකාරයේ ඇඳුමක් හරි අඳින්න කිව්වා නම් ඇයට පොඩි හෝ සහනයක් වෙන්න තිබුනා.සියලු දේ සිදුවී අවසන්.මුළු සංචාරක කර්මාන්තයටම මෙයින් ලොකු බලපෑමක් සිදුවිය හැක. (නි)
මෙයා චීන ජාතිකයෙක් උනා නම් දඩය රුපියල් 20 න් බේරෙනවා. දැන් ඉන්න නඩුකාරයොත් තමන්ට හිතෙන හිතෙන දඩුවම් දෙනවා හරියට පොලිසිය වගේ (නදී)
ඔයිට වැඩිය හානියයි, ලැජ්ජාවයි දෙකම මේ රටට වෙන්නේ ගුවන් තොටුපළෙන් ඇතුල් වෙනකොටම ඉන්න පච්චයෝ නිසා. (නදී)
මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කීරිමට ඇති මූලික සුදුසුකම වන්නේ ඔහු හෝ ඇය ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීමයි. ඒ අනුව බැලූ කල මෙම බ්‍රිතාන්‍ය ජාතික කන්තාවට මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට ඉඩ ලබාදීමෙන් රජය වැරදි පූර්වාදර්ශයක් ලබා දි ඇති බව පෙනේ. (ස)
ලංකාවේ ගිහි පැවිදි දෙකොට්ඨාශයෙන්ම බුදු දහමට වෙන හානි ගැන කව්රුවත් සොයා බලා පිළියම් යොදන්නේ නැහැ. නමුත් ලෝකෙට පෙන්වනවා අපි ඉතාම ශ්‍රද්ධාවන්ත බෞද්ධ ජාතියක් කියලා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. (ස)
මේ කතගේ බුදු දහමට නිගරු වෙන පින්තුර ගොඩක් අන්තර්ජාලයේ තියෙනවා. පිටුවහල් කරපු එක හොඳයි. (ස)
සංචාරක මණ්ඩලය විසින් මෙම තැනැත්තියට නොමිලේ වීසා , ගුවන් ටිකට් හොටෙල් ගාස්තු ලබාදී ලංකාවේ සංචාරයකට අාරාධනා කළ යුතුය. (ස)
මහේස්ත්‍රාත් තුමා තහනම් නියෝග දෙන්නේ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරන විදියටයි, මෙතන පළමුව වැරැද්ද උනේ ගුවන් සේවා බලදාරින් තහනම් නියෝගයක් ඉල්ලීමයි,,දැන් මෙහෙම නීතිපති නියෝගයක් ලැබුනාම මින් ඉදිරියට උසාවි නියෝග සහ පොලිස් නිලදාරීන් ගැටීමකට ලක්වෙනවා,මින් ඉදිරියට මහේස්ත්‍රාත් වාරණ නියෝග ගන්න නිතිපතිගෙන්ම ලබාගන්න කියා විනිසුරු වරුන් තීරණය කලොත් මොකද වෙන්නේ, බුදු රුව පච්චයක් කොට ලංකාවට ඇතුල්වීම රටේ මහජන කැලඹීමක් ඇති වෙයි කියා අධිකරණයට වාර්තා කලේ පොලිසියමයි , ඇය බෞද්ධ ආගම ගැන හදාරනවා වෙන්න ඇති, , ඇය ඒ නිසා වෙන්න ඇති මේ දේ කරගන්න ඇත්තේ, ජේසු තුමාගේ පින්තුර හින්දු දේව රුප ඕන තරන් ගහගත්තු මිනිස්සු ඉන්නේ, මෙතනදී ඇයට ලොකු අසාදාරනයක් වී තිබෙනවා, අප සතුටු විය යුතුයි බටහිර කාන්තාවක් බුදු දහම ගැන දන්නා එක, නැවත ඇයට ආරාධනා කල යුතුයි මන් හිතන්නේ ලංකාවේ සංචාරයට, (ස)
බොහොම බටහිර අය ආගම ධර්මයට තදින් යොමු උනහම එවැනි ලෙස ශරීරයේ පචච කොටා ගන්නේ වඩා ගෞරවයට බව අපේ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ බණකට කිව්වා . එතරම් බුදුහාමුදුරුවන්ට කැමති කෙනෙක්ව ලංකාවෙන් පිටමන් කල එක අසාධාරණයි ! (ස)
මුලික අයිතිවාසිකම් ගැන අගතියට ලක් උන කෙනෙක් පෙත්සමකින් කියන්න කලින්, එවැන්නක් ඉදිරිපත් උනොත් ඉහලින් කුමන තීරණයක් ගනීවිද කියා කලින් නොසිතුවේ ඇයි කියා මට නම් තේරෙන්නේ නැහැ' (ස)
අප හැම දෙයකටම ඉක්මන් වැඩියි. .අනිසි තැනක බුදු රුවට සමාන දෙයක් දුටුගමන් අපි කලබල වෙනවා.අප කෙසේද ස්ථිරසාරවම කියන්නේ මේ බුදුන්ගේ ජායරුපයක් කියා? (නි)
මෙම කාන්තාවට යම් හැකියාවක් තිබුන නිසාත් , ඇයට මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලැබුන නිසාත් ඇය මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. එසේ කිරීමට හැකියාවක් නොමැති දුප්පත් අහිංසක කීදෙනෙක් නම් අපේ රටේ අසාධාරන වලට ගොදුරු වී දුක් විඳිනවා ඇද්ද? (නි)
යමක් කරන්න පෙර හොඳින් සිතා බලා එය කළයුතුයි. ලංකාවේ හුඟ දෙනෙකුට එහෙම පුරුද්දක් නැහැ. වැරැද්ද අවබෝධ කරගන්නා විට සියල්ල සිදුවී අවසන්. (නි)
අපේ රටත් බලනකොට මහ පුදුමාකාර රටක් (නි)
අපි සියල්ලටම පෙර අපේ රට තුළ ඇති දුරාචාරය නැති කළ යුතුයි නේද? (නි)
ලංකාවේ අයත් බුද්ධ රූප පච්ච කොටාගෙන ඉන්නවා මම දැකලා තියෙනවා. එයාලව පිටුවහල් කරන්නේ කොහොමද? (නි)
මේ කතගෙන් සමාව ගෙන, වන්දියක් පිරිනමා සංචාරයකට නැවත ආරාධනා කරමු. වෙච්ච වැරැද්දට මොනවා කරන්නද? (නි)
රටින් පිට කරන්න ඕනේ මෙයාව නෙමෙයි (නදී)
මේ වගේ දේවල් නිසා අපගේ ලාංකික ජනයා ගැන විදේශිකයින් සිතන ආකාරය ඛේදජනකයි. අපහාසයට හා නින්දාවට ලක්වූ මෙම කාන්තාවට සාධාරණයක් ඉටුවිය යුතු මෙන්ම ඇයට ලංකාවට පැමිණ යන ලෙසට ආරාධනා කළ යුතුයි. (නි)
මෙහෙම තේරුම්ගත් එක ගැන සතුටුයි (නි)
මේ අවනඩු අපි කාට කියන්නද? (නි)
යතුරෙන් පච්ච කොටාගෙන දෙඅත් බැඳගෙන වැටිලා හිටියා නම් ඔය මොකුත් ප්‍රශ්න නැහැ (නදී)
අපි ඒ දවස් වලම කිවුවනේ මේ දේ වැරදියි කියලා (නි)
ඇත්තටම හරිම කණගාටුදායක සිද්ධියක් ව්‍රණේ. ඇගේ ඒ පච්චයෙන් බුදුදහමට අගෞරවයක් වෙන්නෙ නැහැ (නි)
ගෞරවය නිසා බුදු පිළිම පච්ච කොටන් ඉන්න කාන්තාව පිටුවහල් කරනවා. බුදුදහම විකෘතිකරලා කන අයට පදක්කම් දෙනවා ජාතික වීරයෝ ලෙස සලකනවා (නදී)
මේ මිනිස්සු බුදුරුව ඇඟේ ගහගෙන තියෙන්නේ මෙයට ඇල්මක් ඇති නිසයි, මම නම් වරදක් දකින්නේ,නැහැ, මම ඉන්න රටේ එක්තරා සමාජ ශාලාවක වැසිකිලියේත් තියනවා බුදු පිළිම, නාන තැනත් තියනවා, තව දන්නා මස් කඩයකත් තියනවා, ඕනෙ නම් ෆොටෝ එවන්න පුළුවන් බලන්න. (ස)
ඇති යන්තම්... (නි)
මීගමුව මහේස්ත්‍රාත්වරයාට කිසිදු බලයක් නොමැති නම් . ඔහු එසේ කලේ කෙසේද ? ඔහුට ලැබෙන දඬුවම කුමක්ද ? බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට ඔහු සිදුවූ මානසික පීඩාව වෙනුවෙන් සහ සිදුවූ වියදම් වෙනුවෙන් ගෙවනවද ? (ස)
බොහොමයක් පිට රට කාන්තාවන් පස්ස පැත්තට ටිකක් උඩින් පච්ච කොටා ගෙන කලිසම බාගෙට ඇදගෙන යනවා හැම දෙනෙක්ම දැකල ඇති ටී.වී වැඩසටහන්වල. ඊලග පාර පස්සට උඩින් කොටා ගෙන කියයි ආදරේට කියලා. ගරු කරන දේවල්වලට ගරු කරන ක්‍රමයක් තියනවා සුද්දෝ උනත් එ්ක ඉගන ගන්න ඕනේ. මුස්ලිම් ආගමේ හද පලුවයි තරුවයි කොටා ගෙන සවුදි යට යන්න කියන්න බලන්න ඔලුව අතේ අරන් තමයි ආපහු එන්න වෙන්නේ. ලංකාවේ නිසා ඔහොම ගිය එක ලොකු දෙයක්. දැන් මානව හිමිකම් ගැන කතා කරනවා. ඉල්ලන ගාන දුන්නහම මානව හිමිකම ලැබෙයිද. (නදී)
මේ රටවල ඉන්න හැම තරුණ තරුණියක්ම බුද්ධාගමට ගරුකරනවා. සමහරු පොත්පත් බලා බුද්ධාගමට නැඹුරු වෙනවා.අපි ඇයට නිවැරදි මඟ කියා දුන්නා නම් හරි. ලංකාවෙන් පිටුවහල් කරන්න තරම් වරදක් ඇය කර නැහැනේ. (නි)
සත්‍යා යන කෙනා කරුණු නොදැන ප්‍රතිචාර දමනවා.මෙම පුවතෙන් කියැවෙන්නේ මහේස්ත්‍රාත්වරයාට කිසිදු බලයක් නොමැති බවයි, එම කාන්තාව පිටුවාල් කිරීමට. නම කුමක් වුවත් පුවත් තේරුම් ගැනිමේ හැකියාව ඇති කරගන්න (නි)
ඔබ හරි සත්‍යයා (නි)
නීතිය ගැන නොසොයා නොබලා දඬුවම් කිරීම වැරදියි (නි)
මෙතන ආගමකට අපහාස කිරීම වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ (නි)
මෙතන මා දකින ලොකුම ඛේදවාචකය මේ ගැහැණිය රටින් පිටුවල් කිරීම නොවෙයි, ශ්‍රී ලංකාවේ මහේස්ත්‍රාත්වරයෙක් නීතියට අනුව ක්‍රියා මාර්ගයක් අරගෙන තිබියදීත් කරුණු කාරනා නොදැන හඬා වැලපෙන අපේම අයියලාගේ ක්‍රියා පටි පාටියයි. ඇය ඔය පච්චය කොටාගෙන ලංකාවට ආවේ කාගේ වුවමනාවකටද කියා දන්නේ කීයෙන් කීදෙනාද? බුදුන් වහන්සේට ගරු කරන කෙනෙක් නම් කළු ලෝගුලා පින්තූර ගනියිද? .
පිස්සු (නදී)
මෙතන බලන්න ඕන ඇගේ චේතනාවයි. කෙනකුට අපහාස කරන්න ඇගේ පච්ච කොටන්නේ නැහැ. අනිත් කාරණාව නම් ඇයි අපි බුදුන්,ජේසුන් හා අල්ලා උතුමන් අපිට අයිති කරගන්න හදන්නේ?ඇයි අපි එතුමන්ලා වෙනුවෙන් තීරණ ගන්නේ? (නදී)
සිරා ඔබගේ කියමන නම් හරියටම හරි (නදී)
වැරදියි කියලා ප්‍රමාදවෙලා හරි තේරුන එක හොඳයි (නි)
අස්සයා පැනලා ගිහිල්ල ඉවරයි. ඉස්තාලේ වහල වැඩක් නැහැ. ලංකාවේ හැමදාම වෙන්නේ මෙහෙම දේවල්ම තමයි. එ්කයි අපට හැමදාම වැරදුනේ. (නදී)
මේ කාන්තාව ලංකා රජයෙන් කෝටියක් වන්දි ඉල්ලා මේ නඩුව දාලා තියෙන්නේ. මේක මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයක් ලෙසයි මෙහෙ ඉන්න අය දකින්නේ. ඇත්තටම මොනවද මේ ස්ත්‍රිය කරපු වැරැද්ද? මම නම් මෙය දකින්නේ අන්තවාදී ප්‍රතිපත්තියක් සහ අනුවන ක්‍රියාවක් ලෙස. මේ රටේ බොහෝ සංචාරකයන් මේක දැකලා අපේ රට හෙලා දකිනවා. මේකෙන් වෙන්නේ සංචාරක කර්මාන්තය බිඳ වැටීමයි. අපිට චීනු සහ අප්‍රිකානු අය විතරක් ආවම ඇති කියල හිතෙනවා නම් මම වැරදි ඇති. (නදී)
බුදුන්ට මල් පුදන පූජාසනය උඩ පද්මාසන සේයියාවෙන් වාඩිවෙලා බුදුහාමුදුරුවෝ වගේ හස්ත මුද්‍රාවෙන් ඉඳන් ෆොටෝ ගහලා තිබුනෙත් බුදුන් කෙරේ භක්තියෙන් වෙන්න ඇති. මේ කාන්තාව පිටුවහල් කල එක නීති විරෝදීද මම දන්නේ නැහැ. සදාචාරාත්මක අතින් නම් සර්ව සාධාරණයි. මීගමුව මහේස්ත්‍රාත් තුමා හරි තීරණයක් දී ඇත යනු මගේ අදහසයි. (නදී)
ඒ කාන්තාවට වන්දියක් දෙන්න. (නදී)
බුදු රුවක පච්චයක් කොටාගැනීමෙන් ඇය පෙන්වා ඇත්තේ බුදුන්ට ඇති ගෞරවය නොවේද? (නි)
විෂ්ණු දෙවියන්ට ඇන්දා නේද මේ ළගදි ක්‍රිකට් ක්‍රීඩකයෙක්? (නි)
දැන්වත් තේරුම් ගියා නම් කළ දේ වැරදියි කියලා දැන්වත් හරි දේ කරන්න. (නි)
තේරුම්ගත් එක නම් බොහොම හොඳයි (නි)