IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


පුත්තලමෙත් අද උදඝෝෂණ

අලුත්ගම  බේරුවල හා ධර්ගා නගරයේ  ගැටුම්වලට විරෝධය පළ කරමින් පුත්තලම හා වව්නියාව මුස්ලිම් පල්ලිවල ද අද (20) උද්ඝෝෂණ පැවැත්විණි.

අද උද්ඝෝෂණ පැවැත්වු සංවිධාන 14 ක් හා ඔවුනට සහාය දුන් දේශපාලන අධිකාරිය පුත්තලමේ මුස්ලිම් කඩ සාප්පු සෙනසුරාදා (21)  වැසීමේ තීරණයකට එළැඹියේය.

අලුත්ගම ගැටුම් සම්බන්ධයෙන්  අද වන විට පොලීසියට පැමිණිලි තුන්සීයයක් ලැබී තිබේ.අලාභ හානී වු දෙපාර්ශවයේම අය සොයා ගොස් පැමිණිලි ලියා ගැනීමට පොලීසිය ගෙන්ගෙට යාමට ද සැරැසේ.

 

බේරුවල හා අලුත්ගම කඩ සාප්පු  සාමාන්‍ය පරිදි විවෘත කැර තිබිණි.

(දීපාල්ද සිල්වා)

 



අදහස් (0)

පුත්තලමෙත් අද උදඝෝෂණ

ප්‍රභාත් Saturday, 21 June 2014 11:31 AM

එතකොට අපට විතරද තමන්ගේ ජාතිය ගැන කතා කරන්න බැරි. (නදී)

:       0       0

කුමාර් Saturday, 21 June 2014 07:41 PM

මම ලංකාදීප හැමදාම බලනවා මම ඉන්නේ පිටරට කටාර් මට දුකයි ලංකාව ගැන මම ටැමිල් මට යාලුවෝ ගොඩක් ඉන්නව අපි සමගියෙන් ඉන්නව ඇයි බැරි ලංකාවේ මිනිසුන්ට ඉන්න (දී)

:       0       0

ජගත් Friday, 20 June 2014 04:05 PM

එතකොට මේගොල්ලන්ට අවසර තියනවා මේවා කරන්න, අපේ කටවල් වහල, මහා ජාතියේ අපිට වෙච්ච දේ? (ස)

:       0       0

උපුල් Friday, 20 June 2014 04:11 PM

මේ ගොල්ලන්ට පෙළපාලි යන්න පුලුවන්ද ....ඇයි තහනම් කරන්න බැරි ..(ස)

:       0       0

ජයවර්ධන Friday, 20 June 2014 04:12 PM

දැන්වත් අපි මේ දේවල් නවත්වමු නේද? (නි)

:       0       0

චරිත් Saturday, 21 June 2014 12:22 AM

උද්ඝොසන වලින් තොරව ප්‍රශ්නයක් විසදා ගන්න වෙන ක්‍රමයක් මිනිසුන්ට රටේ දැන් ඇත්තෙම නැහැ. නීතිය යුක්තිය වල් වැදුනම එහෙම තමයි.(දී)

:       0       0

ශාන්ත Friday, 20 June 2014 04:14 PM

පෙළපාලි ගියාට කමක් නැහැ දේපළ වලට , ජන ජීවිතයට හානි නොකර (නි)

:       0       0

දීපාල් Saturday, 21 June 2014 12:34 AM

බලධාරිනි දැන්වත් නැගිටින්න (දී)

:       0       0

දිලූ Friday, 20 June 2014 04:18 PM

සාමකාමීව කරන දෙයක් කරන්න. කලකෝලාහල කරන්න එපා (නි)

:       0       0

කස්සා Saturday, 21 June 2014 12:56 AM

උද්ඝෝෂණය කරන එක තමා දැන් ලොකුම දේ (දී)

:       0       0

හසන්ත Friday, 20 June 2014 04:21 PM

දැන්වත් අපි සමඟි වෙමු නේද? (නි)

:       0       0

ටෙනිසන් Friday, 20 June 2014 04:21 PM

ඇයි අපිට නැවත සමඟි වෙන්න බැරි? (නි)

:       0       0

මොහොමඩ් Friday, 20 June 2014 04:25 PM

අපි දැන් මේවා නවත්වමු (නි)

:       0       0

සාමා Friday, 20 June 2014 04:30 PM

මේ රටට වෙන විනාශය අද ඊයේ වුණ දෙයක් නොවේ. බලයට ඇති තණ්හාව නිසා සමහරු සියල්ල නොදැක්කා වගේ සිටියා. (නි)

:       0       0

හැරිස් Friday, 20 June 2014 04:30 PM

අනෙක් පළාත් වල වගේ ඇයි මේ පළාතේ අපි ඔක්කොටම නැවත එකමුතු වෙන්න බැරි? (නි)

:       0       0

ප්‍රසංක Friday, 20 June 2014 04:38 PM

එතකොට මේ ගොල්ලන්ට අවසර තියනවා. බොදු බලයට උසාවි නියෝග අරන් තහනම් කරනවා. (ස)

:       0       0

අසංක Saturday, 21 June 2014 03:57 AM

මේ ගොල්ලන්ට වෙනම නීතියක් ද? (නදී)

:       0       0

සුමාල් Friday, 20 June 2014 04:48 PM

දැන් ඔය විරෝධතාවය යන තැනට කවුරු හරි ගල් ගැහුවොත් මොකද වෙන්නේ? නිකන් ඉදීවිද? (ස)

:       0       0

මංජුල අබු ඩාබි සිට Saturday, 21 June 2014 10:19 PM

1978 ගෙන ආපු ව්‍යවස්ථාව නිසා දේශපාලකයින් තමන්ගේ බලය ආරක්ෂා කර ගන්න සුළු ජන කොටස් එක්ක එක එක ගිවිසුම් ගහ ගත්තා ඒවායේ ප්‍රතිපල තමයි අළුයට තිබුණු ගිනි පුපුරු වගේ ඉඳලා හිටලා මතුවෙන්නේ. සමහර ප්‍රදේශවල චන්දය ලබාගැනීම අරමුණු කරගෙන ප්‍රදේශයේ ඉන්න ජන කොටස්වල ආගම ජාතිය විතරක් නෙවෙයි කුලයත් පදනම් කරගෙන අපේක්ෂකයන් ඉදිරිපත් කරනවා. ඉන් පස්සේ චන්දෙ වෙලාවට ඔවුන් තළුමරමින් ජාති වාදය, ආගම්වාදය වගේම කුලවාදයත් වපුරමින් චන්ද ටික කොල්ල කනවා. හැබැයි රටේ කරුමෙකටද මන්දා චන්දදායකයන්ට තවමත් තමන් රැවටිලා කියලා වටහා ගන්න බැරි එකයි පුදුමේ. (දී)

:       0       0

ප්‍රියංක Friday, 20 June 2014 04:50 PM

කොටි කලබල කාලේ මෙයාල මේ වගේ කලාද ඒවාට විරුද්ධව? මෙයාල අපේ හමුදාවට බැඳිලා ඉන්නවද? කවදාවත් ලේ බින්දුවක්වත් දන් දෙනවද? එත් එයාලගේ ජාතියට මොනවා හරි උනාම කෑගහනවා. ඇයි අපේ මිනිස්සුන්ට මේක තේරුම් ගන්න බැරි? (ස)

:       0       0

හේමා Saturday, 21 June 2014 04:23 AM

මහා ජාතිය අර ජාතිය මේ ජාතිය කියා කියා ගැටුම් ඇති කර ගනිමින් ඉන්නකෝ. අනිත් රටවල් හැම ජාතියේම උදවිය එක්ක සංවර්ධනය කරා යනවා. අපි මෙහෙ තාම රණ්ඩු. මේ ගැටුම් දඩ මීමා කරගෙන කොහෙන් හරි පිටරටකින් තවත් මහා ජාතියක් ඇවිත් මෙතන ගොඩ බැහැලා රට අල්ල ගන්නකන් බෙලි මිරිකා ගමු. (නදී)

:       0       0

චමින්ද Saturday, 21 June 2014 04:28 AM

සුපුන් ලංකා,ඔබ හරියට හරි. මෙතන සමහරු සහජීවනයෙන් ප්‍රශ්න විසදන්න කතා කරනවා. මිනිසුනේ, අපිට ඒ හැගීම තිබුනට අයට ඒ හැගීම නැහැ ඒකවත් තේරුම් ගන්න බැරි [සමහර] අය තමයි මෙතන, සහජීවනය ගැන අදහස් දාන්නේ. (නදී)

:       0       0

කුරුවිට Friday, 20 June 2014 04:53 PM

නහි වේරේන වේරානි . (ස)

:       0       0

ඉරෝස් Saturday, 21 June 2014 04:52 AM

ප්‍රියංකා, නිනක් ගොන් කතා කියන්න එපා. මගේ ඉස්කෝලේ මහනුවර අන්තෝනි විදුහල. අපේ ඉස්කෝලේ හිටපු මුස්ලිම් ආදී සිසුන් කිහිප දෙනෙක්ම රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල හැටි අපිට තවම මතක තියෙනවා. ටයිප් කරලා බලනවා කව්ද කර්නෙල් ෆස්ලි ලෆීර් කියන්නේ කියලා. අපේ විශේෂ බලකායේ මුස්ලිම් කොල්ලෝ බුරුතු පිටින් සේවය කළා වගේම බුරුතු පිටින් ජීවිත පිදුවා. ඔවුන් දිවි දුන්නේ අපේ මවුබිම වෙනුවෙන් නෙවෙයිද? මේ ගොන් හරක් කතා කියන ජාතිවාදී අදහස් ඇහෙනකොට පුදුම තරහක් ඇතිවෙන්නේ.(නදී)

:       0       0

දිනේෂ් Friday, 20 June 2014 04:54 PM

මේ ඔක්කොම වෙන්නේ පර්ලිමන්තුවේ ඉන්න අය නිසා. (ස)

:       0       0

රුවින් Saturday, 21 June 2014 04:57 AM

මේක වැරදියි. පෙළපාලි උද්ගෝෂණ තහනම් කරනවා නම් එ්ක හෙමෝටම පොදු තීරණයක් වෙන්න ඕනේ. මේ විදිහට, කට්ටියකට විතරක් අවසර දීල අනිත් කට්ටියට තහනම් දාන එක වැරදියි. අපේ රටේ නීතිය එක එක පුද්ගලයින්ට එක එක විදිහට ක්‍රියාත්මක වෙන එක තමයි මේ හැම ප්‍රශ්නෙටම මුල.(නදී)

:       0       0

ලසිත් Saturday, 21 June 2014 05:05 AM

1915 සිංහල මුස්ලිම් කලබල ඇති කළේ කව්ද? ඒක පටන් ගත්තේ පෙරහැරකට ගල් ගහලා. එ්කේදී සුද්දෝ මැරුවේ සිංහල අය. දැන් රට පාලනය කරන්නේ සිංහල අය එ්ත් සිංහල අයටම තමා දොස්.(නදී)

:       0       0

බමුණු Friday, 20 June 2014 05:02 PM

ජාතිවාදය හෙළ දකිමුලු එහෙනම් මහා ජාතියේ භික්ෂූවහන්සේ නමකට ගහපුඑක එකට අපි ප්‍රතිචාර දමන්නේ කොහොමද? (අ)

:       0       0

එඩ්වර්ඩ් Friday, 20 June 2014 05:03 PM

මේවා දැන් අවශ්‍ය නැහැ ‍නේද? (නි)

:       0       0

විරාජ් ඒකනායක Friday, 20 June 2014 05:04 PM

කරුණාකර මේ වර්ජනය කිරීම් දැන්වත් නවත්වා අනෙක් ප්‍රදේශ ආදර්ශයට ගන්න

:       0       0

මහී Saturday, 21 June 2014 06:00 AM

මේ අයට පෙළපාලි යන්න බැරිද? (නදී)

:       0       0

කසුන් Saturday, 21 June 2014 06:11 AM

ප්‍රියංකා , ඔබ වගේ උදවිය පෙරමුණේ ගිහිල්ලා තමා මෙහෙම ගැටුම් ඇති වෙලා තියෙන්නේ. පිටරටවල අපේ මව්බිම තුට්ටු දෙකට වැටුනේ. අපේ රටේ කෙනෙකුට අනිත් රටවල් වලින් රාජ්‍ය තාන්ත්‍රික වැඩකටවත් වීසාවක් ලැබෙන්නේ නැතිව ආර්ථික සම්භාධක ආවාම ඇවිත් රට ගොඩ ගන්නකො. (නදී)

:       0       0

නදී Friday, 20 June 2014 05:19 PM

බමුණු, එතකොට වටරැක හාමුදුරුවන්ගේ සිද්ධිය ගැන ඔයා මොකද කියන්නේ? (නි)

:       0       0

සුනෙත් Friday, 20 June 2014 05:20 PM

ඇයි දැන්වත් තේරුම්ගන්න උත්සාහ නොකරන්නේ? (නි)

:       0       0

ප්‍රසන්න Friday, 20 June 2014 05:23 PM

ඉවසන්න , මෛත්‍රී කරන්න (නි)

:       0       0

පද්මිණි Friday, 20 June 2014 05:31 PM

අනේ, ඔහේ ගියාවේ. ගිහින් එයාලටම ඇතිවෙලා නවත්වාවි (නි)

:       0       0

සම්පත් ඩුබායි Saturday, 21 June 2014 02:37 PM

සිංහලයට වෙච්ච අපරාද ගැන කතා කරන්න කුවුරුත් නැහැ වගේ..(අ)

:       0       0

එමිල් Friday, 20 June 2014 05:32 PM

දැන්නම් මේවා හොඳටම ඇති (නි)

:       0       0

පාලිත Saturday, 21 June 2014 07:20 AM

මේ වෙලාවේ සාමයට බාධා කරමින් මහජනයා කුපිත කරන ප්‍රකාශ නිකුත් කරන උදවිය වගකිවයුතු නිලධාරින් සොයනවා. ඒ නිසා කට තිබුන පලියට දොඩවන ඇත්තෝ ප්‍රවේශම් වෙන එක හොඳයි. (නදී)

:       0       0

ප්‍රමිත් Friday, 20 June 2014 05:44 PM

නොමනා අරමුණු වලින් කරන සියලුම පෙළපාලි තහනම් කලයුතු කාලයයි මේ. (අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 20 June 2014 06:07 PM

ප්‍රියංකගේ අදහසට මමත් එකඟයි. (නි)

:       0       0

නානායක්කාර Friday, 20 June 2014 06:10 PM

මේදේවල් ඇයි තවත් මෙහෙම දුරදිග ගෙනියන්නේ? (නි)

:       0       0

යසන්ත Friday, 20 June 2014 06:10 PM

මෙයාලා නම් තවමත් තේරුම්ගෙන නැතිපාටයි. ඇයි අපිට සමගි වෙන්න බැරි? (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 20 June 2014 06:19 PM

මෙතන සමගියක් ගැන කියවනවා. ලංකාව පකිස්තානයත් සමග ක්‍රිකට් ගහනකොට මෙයාල සහයෝගය දෙන්න මොන රටටද? (අ)

:       0       0

නුවන් Friday, 20 June 2014 06:51 PM

හාමුදුරුවන්ට ගහල මේගොල්ලෝ පටන් ගත්තේ මේක.පුදුම වැඩේ කියන්නේ ඒකට මෙගොල්ලොනේ පෙළපාලි යන්නේ. (අ)

:       0       0

වීරසිරි Friday, 20 June 2014 07:14 PM

ඇයි ඔවුන්ට යමක් තේරුම්ගන්න බැරි? (නි)

:       0       0

නිර්මාල් Friday, 20 June 2014 07:14 PM

මේ අය ඇයි මෙහෙම කරන්නේ? (නි)

:       0       0

දිසානායක Friday, 20 June 2014 07:19 PM

ඇත්තෙන්ම මට මගේ රට ගැන දුකයි. (නි)

:       0       0

සමන් Friday, 20 June 2014 07:24 PM

බොහොමයක් ප්‍රශ්න වලට මුල නිවැරදි දැකීමක් නැතිකමයි (නි)

:       0       0

සහන් බණ්ඩාර Saturday, 21 June 2014 04:08 PM

හාමුදුරුවන්ට ගහල මේගොල්ලන් පටන් ගත්තේ මේක.පුදුම වැඩේ කියන්නේ ඒකට මෙගොල්ලොනේ පෙළපාලි යන්නේ. (අ)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Friday, 20 June 2014 07:27 PM

ටිකිරි බණ්ඩාර කියන කතාව හරියට හරි. (නි)

:       0       0

චන්ද්‍රා Friday, 20 June 2014 07:47 PM

දැන් සියල්ල සන්සිඳුනාට පසුවත් රට පුරා ඉවරයක් නැති උද්ඝෝෂණ සහ පෙළපාලි. මෙය හරිද? මෙහෙමද සාමය සහ සමගිය පතන්නේ? (නි)

:       0       0

ටීනා Friday, 20 June 2014 08:01 PM

මේ ප්‍රශ්නයේ අවසානයක් දකින්න අපි හැමෝම කැමතියි (නි)

:       0       0

ලංකා Saturday, 21 June 2014 04:56 PM

මේ රට විනාශ වෙනවා (දී)

:       0       0

ටියුඩර් Friday, 20 June 2014 08:11 PM

ඇයි අනෙක් පැති දෙස බලාවත් මේ අයට කල්පනා කරලා තීරණයක් ගන්න බැරි? (නි)

:       0       0

මංජුල Friday, 20 June 2014 08:16 PM

ඇයි මේවා මේ විදියට දිගින් දිගටම කරන්නේ? (නි)

:       0       0

තිසර Friday, 20 June 2014 08:24 PM

එන ඡන්දෙට මේ ගොල්ලන්ගේ ඡන්දෙ හිගා කාල පත්වෙලා සිංහලයට තඩි බාන්නෙ නැහැ කියල හිතන කෙනෙක්ට තමා ඡන්දෙ දෙන්නේ. (අ)

:       0       0

සපුමල් රවිරංග Friday, 20 June 2014 08:35 PM

මේකද සහජීවනය කියන්නේ .මම මගේ ජාතියට ආදරෙයි.මට මගේ ජාතිය ආගම ලොකුයි. (අ)

:       0       0

ඉසුරන්දි Saturday, 21 June 2014 10:16 AM

යම් සිද්දියක් උනා එ්කට රජයෙන් කටයුතු කරගෙන යද්දී මොකක්ද මේ තව පැත්තකින් පෙළපාලි. මේවට තහංචි පනවන්න බැරි ඇයි? මේ තුලින් වෙන්නේ නැති ප්‍රශ්ණ ඇවිලෙන එක නේද.(නදී)

:       0       0

චානක Friday, 20 June 2014 08:42 PM

තිසරගේ කතාව මමත් පිළිගන්නවා (නි)

:       0       0

සුජිත් නිව්යෝර්ක් Friday, 20 June 2014 09:18 PM

සිංහළ බෞද්ධ වැඩිදෙනා කථාකරන්නේ නහි වේරේන වේරානිලු,ඉවසන්නලු,මෛත්‍රී කරන්නලු...හොදයි හොදයි.හැබැයි මේ අයළඟ බලය තිබුණ නම් බලාගන්න තිබුණා සිංහළයා මුහුදට පනින හැටි. (අ)

:       0       0

ශිරෝමි- පිළියන්දල Friday, 20 June 2014 09:42 PM

මේ පෙළපාලියට කව්රු හරි ගලක් ගැහුවා නං මොකද වෙන්නේ? දන්න කෙනෙක් ඉන්නවානං කියන්න බලන්න (දී)

:       0       0

කුමාර Friday, 20 June 2014 09:45 PM

ඔක්කොම අය‍ට පොසොන් පෝය දවසේ බණකට වැඩිය හාමුදුරු නමකට ගහපු එක දැන් අමතක වෙලා .මහ ජාතියකට සිද්ද උන දෙයක් (දී)

:       0       0

මිනිපෙ Friday, 20 June 2014 09:48 PM

මගේ ජාතිය මිනිස් ජාතිය.එය පන මෙන් රකිමි.මගේ ආගම,තව කෙනෙකුට කරදරයක් නොකර ජිවත් වීම. (දී)

:       0       0

ලලන්ත Saturday, 21 June 2014 11:13 AM

මේවත් තහනම් කරන්නකෝ.අපිට විතරද නීති දාන්නේ?(දී)

:       0       0

සුපුන් ලංකා Friday, 20 June 2014 10:18 PM

සහජීවනය ගැන කියන සිංහළ බෞද්ධ වැඩි දෙනාට තේරයි තමන්ගේ දරුවට සිංහළ බෞද්ධ රටක් නැති උනාම අනාගතයේදී ..ඇස් ගෙඩි වලට හෙන ගහලද සින්හලුනේ..(ස)

:       0       0

දිල්ශාන් Friday, 20 June 2014 10:26 PM

එකපාරටම මෙයාල සද්දේ දන්නේ හොදකට නම් නෙවෙයි. මම දැකල තියනවා ඕනෙම මුස්ලිම් කෙනෙක් එයාලගේ ගැණු කෙනෙක් බස් එකට නැග්ගම සීට් එක දෙනවා. අපේ මිනිස්සු බබෙක් එක්ක නැගගත් අහක බලාගන්නවා, එකෙන්ම පෙනේවි මුස්ලිම් අය අතරේ නෙවයි සිංහල අය අතරෙයි බෙදීම තියෙන්නේ ... හරිම දුකයි. (ස)

:       0       0

ශාමීර් Saturday, 21 June 2014 11:19 AM

ජගත්, ප්‍රියංක, ඔබට මාධ්‍ය සහ අන්තර්ජාලය ගැන තිබෙන දැනීම අඩු බැවි පෙනී යන්නේ. පොඩ්ඩක් ශ්‍රී ලංකාවේ අතීතය ගැන හොයල බලන්න මේජර් මුතාලිෆ් සහ බ්‍රිගේඩියර් තුවාන් ගැන එහෙම දැනගන්න ලැබෙයි. විකිපීඩියා වෙත් සදහන්. මේ සිද්දීන් ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් තියලා ඉක්මනටම වැරදි කරුවන්ට දඩුවම් දෙන්න ඕනේ. ඒ වගේම මේ වගේ පෙළපාලි ගිහින් ප්‍රශ්න වැඩි වෙනවා විතරයි. අලුත්ගම සහ බේරුවල විනාශයට හේතුව කව්ද කියල අපි දන්නවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2541 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1691 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2434 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3339 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site