IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමේ බලය ලේකම්ට

පොලිස්පති විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමේ සම්ප්‍රදාය වෙනස් කර එම බලය නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් වෙත පවරා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ඒ අනුව පුරප්පාඩු පැවැති පොලිස් ස්ථාන 17කට නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නව ස්ථානාධිපතිවරු පත් කරනු ලැබූහ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ පොලිස්පතිගේ නිර්දේශ මත නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය අනුව එම පත්වීම් කළ බවයි.

හැටන් මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී එම් එන් ඒ බී තොටගොඩවත්ත මහතාත්, කොටුව පොලිස් ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් එම් එස් පී කේ ගුණරත්න මහතාත්, පිටකොටුව පොලිස් ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් ජයසුන්දර මහතාත් පත් කරනු ලැබ සිටිති.

දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ පී පී ඒ මහින්දසිරි මහතා ද, බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් ඒ ඩී එස් කේ පෙරේරා මහතා ද, කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර මහතා ද, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස සී ඩබ්ලිව් ඉද්දමල්ගොඩ මහතාද පත් කරනු ලැබූහ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක බී එම් ආර් කේ බී බාලසූරිය මහතා යාපනය මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් වී ලෝරන්ස් මහතා කන්කසන්තුරේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එස් එම් කල්දේරා මහතා මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී අයි එස් බී ඒකනායක මහතා කටුනායක පොලිස් ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි එම් යූ එස් යාපා මහතා චීන වරාය පොලිස් ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ඒ ඩී එල් සඳසිරි මහතා මුන්දලම පොලිස් ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක අයි ටී බී දෙකන්දූවල මහතා රඹුක්කන පොලිස් ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක කේ පී එබ්ලිව් ප්‍රේමලාල් මහතා වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් ඒ ලක්රුවන් මහතා පල්ලම පොලිස් ස්ථානාධිපති ලෙස ද පොලිස් පරීක්ෂක කේ එච් සී සී කුමාරසිංහ මහතා සාලියවැව පොලිස් ස්ථානාධිපති ලෙස ද පත්කරුනු ලැබූහ.



අදහස් (0)

පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමේ බලය ලේකම්ට

සුජිත් Wednesday, 02 July 2014 10:04 AM

මේ ලේකම් පත් කරන්නේ දේශපාලනඥයින් නේද? එතකොට පොලිසිය දේශපාලනයට යට වෙන්නේ නැද්ද? (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 02 July 2014 10:41 AM

ඔබ තුමාලා පළමුවෙන් කලයුත්තේ තම තමන්ගේ බල ඇණියේ තියෙන දෝස සහිත තැන් බලා ඒවාට ප්‍රතිකර්ම කිරීමයි.ඊට පස්සේ අනෙක් වැඩකටයුතු කිරීම ලෙහෙසි පහසු වේවි. (දී)

:       0       0

අසෝක Wednesday, 02 July 2014 11:07 AM

ඔය සුදු ඇදගෙන තඩි බඩගෙඩි තියාගෙන ලොකු ලොකු වාහන වලින් යන අයගෙන් බලපෑම් නොවේවා කියල දෙවියන්ට කියනවා ! (ස)

:       0       0

ඇසළ Wednesday, 02 July 2014 11:07 AM

මොන ක්‍රමේට පත්වීම් දුන්නත් දේශපාලකයෝ තමයි පොලිසිය පාලනය කරන්නේ. (දී)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 01 July 2014 10:52 PM

ඉතා ඉක්මනින් ගංජා,හෙරොයින්,කසිප්පු ,මිනීමැරුම්,ස්ත්‍රී දුෂණ,මංකොල්ල,පගා, අල්ලස් ,ළමා අපචාර වළක්වා ගැනීමට පියවර ගන්නවා නම් බොහොම අගය කරනවා (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 02 July 2014 06:06 PM

සුදුස්සාට සුදුසු තැන ලබාදෙන්න (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 02 July 2014 01:44 AM

නිල ඇඳුම‍ට ගරුකර වැඩකළොත් ඔබට සැමදා මහජන සහය ලැබේවි (නි)

:       0       0

සුරේෂ් Wednesday, 02 July 2014 03:44 AM

හොඳ විදියට යමක් වෙනවා නම් එච්චරයි අපිට ඕනෑ (නි)

:       0       0

සන්ධ්‍යා Wednesday, 02 July 2014 03:44 AM

පොලිසියට ජය වේවා! (නි)

:       0       0

යසිරු Wednesday, 02 July 2014 05:43 AM

අලුතින් පත්වීම් ලැබූවන්ට සාර්ථක ලෙස තම රාජකාරිය ඉටුකිරීමට හැකිවේවායි පතමු. (නි)

:       0       0

සත්‍යා Wednesday, 02 July 2014 06:04 AM

මේ මහත්වරුන්ට දේශපාලන බලපෑම් වලින් තොරව හරියට රාජකාරිය කිරීමට ඉඩත්, වාසනාවත් ලැබේවා! (නි)

:       0       0

යසන්ත Wednesday, 02 July 2014 07:39 AM

සුදුස්සන්ට සුදුසු තනතුරු දෙන්න (නි)

:       0       0

මහේෂ් Wednesday, 02 July 2014 08:04 AM

එතකොට වෙන කිසිම විදියකින් පත්වීම් දෙන්නෙ නැද්ද? (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 02 July 2014 09:23 AM

අමාත්‍යංශයේ ලේකම් කියන්නේ රජයේ නිලධාරින් නොව ඇමති වරයා විසින් පත්කරන දේශ පාලන පත්කිරීමක් කියල පහුගිය බස්නාහිර පළාත් චන්දෙ කලේ ප්‍රදාන අපේක්ෂකයෙකුගේ ආරම්බක රැස්වීමට සහභාගී උන අමාත්‍යංශයක ලේකම් තුමා කෙනෙක් තර්ක කරලා තිබුන... (දී)

:       0       0

උපාලි රංජිත් Wednesday, 02 July 2014 03:52 PM

ශ්‍රී ලංකා පොලිසියට අපක්ෂපාතිව රාජකාරි කිරීමට වාසනාව ලැබේව . (දී)

:       0       0

කුලාංග Wednesday, 02 July 2014 04:06 PM

මම නම් ඔය කිසිම දේකට පැහැදීමක් නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 272 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 379 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 233 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 897 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 1547 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 4292 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37542 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24738 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site