අලුත්ගම බේරුවල හා ධර්ගානගරයේ ජාතිබේද හා ආගමික අසමගිය පතුරුවන ආකාරයේ ජාතිවාදී කතා ප්‍රකාශ කළ අය අත්අඩංගුවට නොගැනීමෙන් පොලිසිය දැක්වූ අකාර්යක්ෂම ක්‍රියාකලාපය ඒකමතිකව හෙලා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය යෝජනාවක් සම්මත කළේය.
අපරාධ නීති සංග්‍රහය යටතේ මේ සම්බන්ධයෙන් ක්‍රියා නොකළැයි නීතිපතිද ඔවුන්ගේ විවේචනයට ලක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය බොහොම ඉවසිලිමත්ව මොකුත් ඇහුනේ නැහැ වගේ ඉන්නවා (දී)
ඔබේ මතය අපිටත් පිලි ගන්න සිද්ද වෙනවා (දී)
පොලීසිය කියන්නෙත් එක්තරා විදුලි උපකරණයක් හා සමානය් අහි දුරස්ථ පාලකය තිබෙන්නේ වෙනත් හස්තයක ළඟ. ඉතින් පොලිස් නිලධාරීන්ට දොස් කියන එකෙත් තේරුමක් නැහැ. අධික වේගයෙන් ගමන්කරලා වාහනයක් අත්අඩංගුවට ගන්නත් බැහැ වෙඩි තියල ඔවුන්ගේ වාහනවලට ගිනි තියන චණ්ඩියෝ ඉන්න රටක්. මේ රටේ ජනාධිපතිතුමාටත් වඩා බලය තිබෙන පොලිස් නිලධාරීනට අසභ්‍ය වචන වලින් පවා බැන වදින චණ්ඩියෝ ඉන්න රටක්. මාධ්‍ය නිදහස නැති, ඒවාට කඩා පනින චණ්ඩියෝ ඉන්න රටක්. ඒ නිසා අසරණ වුනු අහිංසක නිලධාරීන්ට පාඩුවේ ඉන්න දෙමු. (දී)
පොලීසිය මේ තත්වයට පත් කලේ කව්ද?(දී)
හෙලා දැකලා මොනවා කරන්නද? මොනවා හරි කරන්න (දී)
ඔන්න දැන් ඉතින් ඒ ප්‍රශ්නෙත් හරි. නීතිඥ සංගමය විරොදේ පෙන්නුවනේ. හැබැයි ඉතින් මේ කලබලෙන් පාඩු උන අයට නොමිලේ නඩු කියන්නම් ඉදිරි පත් වෙන්න කියන්න එපා. (දී)
තනිකරම දේශපාලන න්‍යාය පත්‍රයකට ක්‍රියාත්මක වන මේ සංගමයේ මේ ප්‍රකාශ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.(දී)
රටක යහපාලනයට නීතියේ ආධිපත්‍ය අත්‍යවශ්‍යම කරුණක්. (නදී)
නිරපරාදේ වචන නහස්ති කරන්න එපා,නැති ප්‍රශ්න ඇති කිරීමක් පමණි (දී)
කාගේ කාගේත් නොහැකියාව වහගන්න තව කෙනෙක්ව උලුප්පල පෙන්නන්න ඕන නැහැ. (දී)
අපිට ඕක කියා ගන්න බැරුව හිටියේ (දී)
දැන් පොලිසියද වැරදි අනේ මෙහෙම රටක් (දී)
නීතිඥ සංගමය ඇතුලෙ ඉන්න අයට ඔය මහත්තුරු ගන්න ක්‍රියා මාර්ගය මොකද්ද කියලත් දැනගන්න ජනතාව කැමති ඇති. (දී)
පොලිසිය සිටින සමහරුන්ට එයාලට කරන්න තියෙන රාජකාරිය මොකක්ද කියල පහදලා දෙන්න කාලය ඇවිත්.(දී)
කාටවත් වරද පටවලා වැඩක් නැහැ (දී)
පොලිසියටම දොස් කියලා මොනවා කරන්නද (දී)
පොලිසිය සිටින සමහර අයට එයාලට කරන්න තියෙන රාජකාරිය මොකක්ද කියල පහදලා දෙන්න කාලය ඇවිත්. (දී)
ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ (දී)
පොලිසියද වැරදි (දී)
කතාව ඇත්ත. එයාලව තාමත් අත්අඩංගුවට නොගැනීම හරිම කනගාටුයි. ජාතීන් අතර ඇති සමගිය නැති කරන සියලු දෙනාටම නිසි දඬුවම් නොදුන්නොත් තවත් මෙවැනි සිදුවීම් නොදුරේදීම අහන්න ලැබෙයි. (දී)
මරණයට පත් වුනු තිදෙනාට ජීවිතය දෙන්න පුලුවන්ද? (දී)
දැන් ප්‍රශ්නේ ඉවරයිනේ මහත්වරුනේ (දී)
දැන් ඔය විවේචනය කලාට වැඩක් නැහැ හොද හොදා මඩේ එබිමක් පමණයි (දී)