කොළඹ පෙරහර මාවතේ දී අත්අඩංගුවට ගත් තරුණ ජෝඩුවක් අසභ්‍ය ලෙස හැසුරුණු බවට නඩු නොපැවරීමට නම් රුපියල් 4000ක කප්පමක් ඉල්ලූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් විසින් ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
මෙවැනි වැඩ කරන අය පොලිස් සේවයට සුදුසු නැතැයි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිලධාරියා දඬුවම් ලැබිය යුතුයි. ඒ වගේම පෙම් කරනා උදවියත් තමන් අවට වැඩිහිටියන්, කුඩා ළමුන්, පුජ්‍ය පක්ෂයේ උදවිය ගැවසෙන බව දැනගෙන පෙම් කළ යුතුයි. පසුගිය සතියේ මම මගේ දොළොස් හැවිරිදි දුව සමඟ නුවර බාලදක්ෂිකා වැඩමුළුවකට යන්න සුඛෝපභෝගී බසයක ගියා. බසයේ පෙම්වතුන් හැසිරුනේ තමන් විතරක් එතන සිටි ගානට. මට මගේ දුව සමඟ බසයෙන් බහින්න බැරිකමට හිටියා. (නි)
මම නම් හිතා ගෙන ඉන්නේ කැසිනෝ ක්ලබ් එකකට ගිහින් පෙම් කරන්න එතොකොට පොලිසියට අල්ලන්න බැහැනේ (නදී)
පෙම්වතුන්ට සදාචාර සම්පන්නව පෙම් සුව විඳීමට නීතියෙන් බාධාවක් නැහැ. නමුත් බොහෝ දෙනෙක් මේවගේ අයට කප්පම් දීලා බේරෙන්නේ දෙමව්පියන්ට අහුවෙන නිසායි. කොහොම උනත් තමන්ගේ අයිතිවාසිකම් සහ නීතිය පිලිබඳව පොලිසියට වඩා දැනුමක් සාමාන්‍ය මහජනයාට තියන බව මේ සිද්ධියෙන් ඔප්පු වෙනවා. (නදී)
නව ව්‍යාපෘතියක් ලෙස ලංකාවේ සිටින පෞර්ෂමත් දක්ෂතම තරුණයන් තරුණියන් පොලිසියට බදවා ගෙන මනාව එම රැකිකියාවේ ගාම්භිරත්වය උසස් කොට ගෙන සිවිල් සමාජයේ ඉහලම පිළිගැනිම ලබා දීමට සහ ලබා ගැනිමට කටයුතු කිරිමෙන් අනාගතයේ යහපත් ප‍්‍රතිඵල ලබා ගත හැකි වේ යැයි සිතනවා. දැනට ගෙන ඇති යතුරු පැදි ලබා දිම ද හොද ප‍්‍රවණතාවක් ලෙස ද දකිනවා. තෙරුවන් සරණයි . (නදී)
අහෝ පොලිසිය නොදිටි මොක්පුර (නදී)
හපොයි මේ වගේ කප්පම් කන පොලිසියේ තව කොච්චර නම් ඇත්ද?අසරණයෙක් අල්ලගත්තම හූරන් කන්න බලන නරකාදී මිනිස්සු කොටසකුත් අපි අතර ඉන්නවනේ.(මුදී)
මේවා ගැන කතා කරලා වැඩක් නැහැ අප්පා. (නදී)
මෙන්න පොලිසියේ නියම මහත්හොරු (නදී)
පෙම්වතුන් අහිංසකයි. ඔවුන්ට පාඩුවේ පෙම් කරන්නවත් ඉඩක් නැද්ද? (නි)
අපි දෙන්නගෙනුත් ගානක් කපන්න හැදුවනේ ඔතෙන්දීම (නදී)
ලංකාවේ දේශපාලකයින් කරන වැඩ දැකලා මොහුටත් සල්ලි වලට ඇති ඉල්ලුම දැනිලා වගෙයි (නි)
දැන් පී. සී. ලාට මොනවා වෙලාද මන්දා? (නි)
තරුණ වයසේ ඉන්න මේ ළමයින්ගෙන් කප්පම් ඉල්ලා ළමයින්ව බය කර ඒ ළමුන්ව අපහාසයට පත් කළ එම පොලිස් නිලධාරියාට නිසි දඩුවම් අනිවාර්යෙන්ම ලැබිය යුතුයි (නි)
අම්මෝ! පොලිසිය තුල සේවයට සුදුසු නැති අය තව කොපමණ ඉන්නවා ඇදද? (නි)
අල්ලස්,පගාව නොගන්න පොලිසියේ අය දැන් බොහොම අඩුයි වගේ (නි)
මේ වගේ අය පොලිසියට සුදුසුද? (නි)
නිල ඇඳුමටත් නින්දාවක්, මේ වගේ නිලධාරීන් (නි)
පෙම් කරන්න තැන් සැකසිය යුතුය.මානුෂික හැඟීම් පාලනය කළයුතු සේම ඒවා පිටකිරීමද කළ යුතුය. (නි)
තුරුණු වියේ පෙම් සුව විඳින්නටත් තහනම් නම් ලංකාවේ මිනිසුන් අමනුස්සයින් වෙන එක වළක්වන්නත් බැහැ. (නි)