රහස් පොලීසියට පැය පහක ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව බොදුබළ සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (02) සවස 6.20 ට මුදාහරිනු ලැබුහ.
අලුත්ගම ගැටුම් හා ගැටුම් වලට පෙර දින අලුත්ගම නගරයේ ඒ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමදී ජාතිවාදීය ඇවිස්සෙන සුළු කතාවක් කළැයි මාධ්‍ය මගින් ප්‍රචාරය කර හැරිණි.
ඒ හිමියන් පසුව පැවසුයේ තමන් එවැනි කතාවක් නොකළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැය පහක්? මෙච්චර මොනවද ප්‍රශ්න කළේ? හාමුදුරුවෝ වරදක් කර ඇතැයි මම නම් හිතන්නෙ නැහැ (නි)
හාමුදුරුවනේ, සැළෙන්න එපා (නි)
හාමුදුරුවනේ, ඕවා ඔහොම තමයි. අපි ඔබ වහන්සේ සමඟයි (නි)
මොනවද දෙයියනේ මෙච්චර ප්‍රශ්න කළේ? (නි)
ඉතිහාසයේදීත් මෙවන් නිර්භීත හිමිවරුන් හිටියා (නි)
අනෙක් හිමිවරුන්ගෙන් දෙපා නැමද ඉල්ලන්නේ, මේ වෙලාවේ අපේ හිමියන්ව තනි කරන්න එපා. (නි)
හිමියනි, ඉදිරියටම යන්න (නි)
ඔබ වහන්සේගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා නිසැකයි (නි)
හාමුදුරුවනේ, බය වෙන්න එපා. අපි ඔබ සමඟයි (නි)
ඔබයි අපගේ ශක්තිය (නි)
වැරදි අර්ථකතන දෙමින් මිනිසුන් මුලාකළ අයත් අත්අඩංගුවට ගතයුතුයි. (නි)
අපි සැමදා හාමුදුරුවන් සමඟයි (නි)
සියල්ල යහපත් පරිදි විසඳේවා! (නි)
ඔබ වහන්සේට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි! (නි)
ඔබ වහන්සේ නිර්දෝෂී බව අපි දන්නවා (දී)
රටට වෙන විපත ඔබවහන්සේ විතරයි කිව්වේ .
පැය පහක් නෙමෙයි එළිවෙනකම් ප්‍රශ්න කලත් ඔබ වහන්සේ නිවැරදි (දී)
අනුර,මටත් කියන්න තියෙන්නේ ඒ ටික තමයි.ඥානසාර හිමියනි,අප ඔබවහන්සේ සමගයි. (දී)
අනේ හාමුදුරුවනේ අර ඒ කාලේ කාගේදෝ හම ගලවල සපත්තු මහන්න ඕනේ කිව්ව අයට දේශ ප්‍රේමේ සංගීතය කිව කියල මල් මාල දැම්මලු. අද ඔව්න්ට අසුචි අදින රැවුල් කාර ඇමති වරු උඩ අට්ටාල බඳිනවා. ඕව තාවකාලිකයි.කට ඇති පුතුට සියලු දෙවි රැකවරනයි. (දී)
ඔබ වහන්සේ වැනි එඩිතර භික්ෂූන් වහන්සේලා රජ කාළෙත් අප රටේ සිටියා. සිංහල ජාතියට හඩක් නගන්නට ඔබට තව තවත් දහිරිය ලැබේවා. (නදී)
ඥානසාර හිමියන් ගේ කතාව ක් යනවා යු ට්යුබ් එකේ. ඒ කතාව පදනම් කර ගෙන තමා මේ හැම දේම මුල. එතුමා මේ ගැන පැහැදිලි කර නිදහස් විය යුතුයි. මුළු ලෝකෙම ආගමික , ජාතිවාදී අන්තවාදයට විරුද්ද යි. කොටින්ම අපේ පාර්ලිමෙන්තුවේ මැති ඇමති ගොල්ල සියලු දෙනාම වගේ විරුද්ධයි. මොකද මෙය හොද ආරම්භයක් නොවේ. ශ්‍රී ලංකාව ගැන හිතා ගෙන ඉන්නේ මිලේච්ඡයෝ ඉන්න රටක් කියලා. අපි මේ තත්වය නැති කල යුතුයි. අපිට විරුද්දව කතා කරන අයට ආයුද ලබා දීම සිදු කල නොහැකියි. ශ්‍රී ලංකාව අප කාගේත් රටයි. එහි ඇත්තේ එක ධර්මයක් පමණි. ඒ මනුෂය ධර්මය පමණි. එක ජාතියක් පමණි ඒ ශ්‍රී ලාංකිකයකන් පමණි. මේ මුල ධර්මය අමතක කර ජාතිවාදය හෝ ආගම් වාදය ඇති කලොත් පෙරටත් වඩා භයානක තත්වයක් ඇතිවේ. තවද අපි ලෝකයේ තනිවෙයි. ඒක නිසා ඒක පාර්ශික නොවී මධයස්ථ විදිහට හිතන්න අදහස් දාන්න. ශ්‍රී ලංකාව බහු ආගමික , බහු ජාතික රටක් . මේ රට අප සැමට සමානව ජිවත් වීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවෙන් නීති ප්‍රතිපාදන සලසා තියෙන්නේ.(නදී)
ඔබ වහන්සේට ජය වේවා. අනිත් එක අපි මේ අදහස් පලකරන එකට යටින් යන කොන්ද පිළිබද වෙළද දැන්වීම නිසා මම අපේ බෝස්ගෙන් හොඳ එකක් අහගත්තා. මම වැඩ කරන තැන ඉන්නේ පිට රට බොස් කෙනෙක්. මගෙන් ඇහුවා උඹ වැඩ නොකර කෙල්ලන්ගේ කොන්ද බල බල ඉන්නවද? මම ඕක දැන් දවස් කීපයක් දැක්කා කිව්වා. ඊට පස්සේ මට මේවට අදහස් දාන්නත් එපා උනා. (නදී)
හාමුදුරුවනි, බුදු හාමුදුරුවන්ගේ දර්මය පමණක් දේශනා කරන්න (නදී)
ඔබ වහන්සේට අපි ඉන්නවා (නදී)
අපි ඥානසාර හිමි සමගයි (නදී)
ඉරාකේ අන්තවාදීන්ගේ 5 අවුරුදු සිතියමට අපේ ලංකාවත් අයත් බව කව්රුත් දන්නේ නැහැ. මුහුදෙන් ඇවිත් නෙමේ අපිට පහර දෙන්නේ අපේ රටේම ඉඳන් (නදී)
පරිස්සම් වෙන්න ඕන කාලයක් (දී)
ඔබවහන්සේගේ ගමනට ජය වේවා (දී)
අපි මේ අදහස් සාකච්ඡාකොට නිවැරදි මාර්ගයකට එමු. (නි)
හිමියනි, ඔබ අපේ ගැලවුම්කරුවායි (නි)
උන් වහන්සේ නිවැරදියි. මට නම් කිසිම වැරැද්දක් පෙනෙන්නෙ නැහැ (නි)
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා.... (නි)
අද කාලෙට ඕනෑ කුඩාපොළ හාමුදුරුවෝ වගේ අය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කවදාහරි නිර්මල බුදු දහම රැකෙන්නේ අපේ රටේ පමණයි (නි)
අව්‍යජ සිනාව, වීරත්වය,වීරෝධාර ගාම්භීර නායකත්වය... අපගේ ඥානසාර ස්වාමීන් වහාන්සේගේ නාමය සදා අමරණීයයි. (නි)
හාමුදුරුවනේ, සැමදා අපි ඔබ සමඟයි. (නි)
ඕවා ඔහොම තමයි හාමුදුරුවනේ (නි)
අපි සැමදා බොදු බල සේනාව සමඟයි (නි)
හාමුදුරුවනේ, කිසිවකින් නොසැළී ඔබ වහන්සේ ඉදිරියටම යන්න (නි)
සැමදා අපි ඔබ සමඟයි. ඔබ වහන්සේට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි.!(නදී)
රට දැය සමය එකම පැතුම ඔබයි හිමියනි (නදී)
පේනවනේ රටට වෙන දෙය. (නදී)
ගරු අපේ ස්වාමීන්වහ්න්ස , සියලු සිංහල බෞද්ධයන් ඔබ වහන්සේ සමගයි. (නදී)
අපි ඉන්නකන් ඔබ වහන්සේට කවදාවත් අපි තනිවෙන්න දෙන්නේ නැ (නදී)
හාමුදුරුවනේ, සැමදා අපි ඔබ වහන්සේට ඉන්නවා තෙරුවන් සරණයි! (නදී)
අපේ මුතුන් මිත්තන් දිවි හිමියෙන් රැකගත් දේශය ඉදිරි පරපුරටත් උරුම කර දීමේ උදාර මෙහෙවරක යෙදෙන කුඩාපොළ පරපුරේ යතිවරයෙක්. බොහෝ පිරිසක් සමහර මාධ්‍ය වාර්තා නිසා වරදවා වටහාගෙන. ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් අනාගත පැවැත්ම උදෙසා ඔබ වහන්සේ ගෙන යන විරෝධාර වැඩ පිළිවෙල අඛණ්ඩවම කිසිවකින් නොසැළී ඉදිරියටම ගෙන යන්න. මුළු ජාතියම ඔබ වහන්සේ සමගයි. (නදී)
ජනාධිපතිතුමා දෙමළ ජාතිවාදය නැති කළා. අපි ඉල්න්නේ අන්තවාදයත් නවත්වන්න (නදී)
ඔබ අපිට අති විශේෂ ස්වාමීන් වහන්සේ කෙනෙක් (නදී)
අලුත්ගම සිදුවීමත් එක්ක මාධ්‍ය වල හැසිරීමත් මේ රටේ සමහර ඇමති වරුන්ගේ හැසිරීමත් මාධ්‍ය වලට නිකුත් වුනු ප්‍රකාශනත් වගේම මේ සිදුවීම් සම්බන්දව වැටුණු කොමෙන්ට්ස් දිහා බැලුවාමත් අද මේ රටේ සිංහල බෞද්ධයාට විරුද්ධව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයේ තරම හා එහි බලවත් කම බුද්ධිමත් බෞද්ධ ජනතාව හොදින්ම අවබෝද කර ගත්තා හාමදුරුවනේ. ඔබ වහන්සේ සැලෙන්න එපා. මේ රටේ බොදු බලය පෙන්වන්න ඒ බලය ගොනු කර ගන්න නායකත්වයක් අවශ්‍යයි. බොදු ජනතාවට ඒ නායකත්වය දෙන්න දිගටම. අපි ඔබ පසු පස ඉන්නවා.(නදී)
ඔබ වහන්සේ තනි කරන්න තරම් සිංහල මිනිස්සු තවම කුහක නැහැ. ඔබ වහන්සේ 4 තට්ටුවට ගියේ අපි නිසා මිසක් ඔබ වහන්සේගේ පුද්ගලික වැඩකට ගිහින් නෙවෙයිනේ. ඔබට රකින්නට යමක් නැහැ. ඔබ උත්සහ කරන්නේ අපේ දරුවන්ගේ අනාගතය රකින්නයි (නදී)
අබ සරණයි කිව්වේ කවුද? (නදී)
මීට අවුරුදු 20 කට වත් කලින් මේ වගේ පිලිවෙලක් උනා නම් අද මෙහෙම වෙන්නේ නැහැ (නදී)
අපි මුන්වහන්සේලා ආරක්ෂා කල යුතුයි. මේ හෙළ දේශයේ ඉෂ්ට දේවාතාවුන් රට ඇතුලේ සිංහල බෞද්ධ විරෝධී ව්‍යාරයක් දියත් වෙනවා සිහලුනේ (නදී)
හොර තක්කඩි දේශපාලුවන්ගෙන් මේ රට බේරාගමු හැමදුරුවනේ. මස් කට්ටට, අරක්කු බෝතලේට, පගාවට, වාසියට යට වෙලා තම ජාතිය පාවාදෙන තක්කඩි දේශපාලුවන් පොලිසිය ඉන්න රටක, මේ රටේ, මේ ජාතියේ, මේ ආගමේ ගැලවුම් කරුවානං ඔබ වහන්සේය. සාදු..සාදු... සාදු..(නදී)
සාදු...සාදූ...සාදු..කිසිම වැරැද්දක් නිර්මල බුදු දහමේ බලයෙන් ඔබ වහන්සේ පැය පහක් ගතවි හෝ නිර්දෝෂී වීම මට හරි ආඩම්බරයි අපේ හාමුදුරුවනේ. (නදී)
හරිම අව්‍යාජ සිනාවක්.. හිමි නද මට ඇසුණා බුදු ගුණ මට දැනුණා (නදී)
ඔබ වහන්සේට තෙරුවන් සරණයි (නදී)
මහානාම ඇරෙන්න සියලු පාඨකයෝ මාද්‍ය සංදර්ශන වලින් රැවටිලා. ලංකාව හැමදාම ඔය තත්වයෙන් තියෙන්නෙත් දේශපාලුවෝ දන්නවා ලංකාවේ මිනිස්සු අන්දන්න පුළුවන් කියලා.(නදී)
මහානාම කියනවා මේක බහු ජාතික රටක්ලු. මේක අපේ සිංහල රට. දුටුගැමුණු රජ්ජුරුවෝ හිටියා නම් මහානාමව උල තියනවා (නදී)
අපි ඔබ වහන්සේ සමග ඉන්නවා. (නදී)
පොලිසියට හා අධිකරණයට අපහාස නොකරන්න. තවමත් අපේ රටේ නිතිය අනෙක් රට වල් වලට සාපේක්ෂව ඉතා හොදින් ක්‍රියාත්මක් වෙනවා. මෙහි අදහස් දක්වන ගොඩක් අය නොදන්නවා වෙන්න පුළුවන් ලබන අවුරුද්දේ මාර්තු වල ජිනීවා වල අපට ආර්ථික සම්බාධක පැන වෙන්න බොහෝ ඉඩ කඩ තියෙන බව. අනේ කරුණාකර එයාලට ආයුද සපයන්න එපා. කවදාවත් එක ආගමක් ගැන , එක ජාතියක් ගැන අපේ රටේ කතා කරන්න එපා. හැමවිටම එකම රටක් හා එකම ජාතියක් ගැන හිතා කටයුතු කරන්න. නැතිනම් පසුවට පසුතැවිලි වෙන්න වේවි. (නදී)
ඔබ වහන්සේට තවත් දිරිය ශක්තිය ලැබේවා! (නදී)
සිංහල බෞද්ධයන් ගැන කතා කරන්න ඉන්නේ ඔබ වහන්සේ විතරයි (නදී)
ඔබ වහන්සේලාට ජය වේවා ! (නදී)
මෙච්චර කල් කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැනේ. එදා අලුත්ගමදී පාහරයින්ගේ ක්‍රියා නිසානේ මෙහෙම උනේ. ඉතින් එකට අපේ හාමුදුරුවෝ පලිද? (නදී)
අපේ ජාතියේ පිනට පහලවූ යතිවරයනෙනි අප නිරතුරුවම ඔබ සමග (නදී)
සිගාලයන්ගේ පිනට උපන් බුද්ධ රත්නය, අපි ඔබ වහන්සේ සමගයි. (නදී)
එදා කතාව අහපු මට හිතුනේ අනගාරික ධර්මපාල හාමුදුරුවෝ නැවත ඉපදිලා කියල ඔබ වහන්සේට සිංහල ජාතිය බේරාගැනීමට යොදබල වීර්ය ලැබේවා ! (නදී)
මහනාම කියන විදියේ රටවල් කොහෙවත් නෑ. ලෝකෙ කොහෙද බහුවාර්ගික බහුආගමික රටවල් තියෙන්නේ. මේක හැමදාම සිංහල බෞද්ධ රටක් විතරයි. අවුරුදු 2500ක ඉතිහාසයක් තියන රටක් මේක. මානව හිමිකම් චෝදනා ඒ වෙලාවට බලාගනිමු. චීනය, රුසියාව නිකන් ඉඳියි අපිට නරකක් වෙනකං. මානව හිමිකම් චෝදනා කියල රට අන්තවාදීන්ගේ ග්‍රහණයට හසු වෙනකන් නිකන් ඔහේ බලාගෙන ඉන්න කියලද කියන්නේ. මහනාමගෙ නම කෙසේ වෙතත් බෞද්ධයෙක් වෙන්න බෑ. (නදී)
මහානාම, මෙහෙම නොවේ සිංහල බෞද්ධ අපිව කෑලි වලට කපල යද්දිත් මොකුත් නොකර බිම ඉදන් හිටියොත් ඔය ජිනීවා විගඩම අපට එරෙහිව ගේනවා අඩුවක් නැතිවම. මොකද එතන තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව යුදෙව් රටවල් ගෙන යන සාමුහික පලිගැනීමක් මේක. මානව හිමිකම් ගැටය ඔවුන් යොදාගන්න එක ගැටයක් පමණයි. ඔවුන්ට අවශ්‍ය ඔවුන් කිරිපොවා නඩත්තු කල දෙමල ජාතිවාදය සහ එය නියෝජනය කල කණ්ඩායම විසින් අපව පරාජය කොට මේ පොළොවෙන් අතුගා දැමීමයි. ඔවුන් කොපමණ කෑ මොර දුන්නත් යුද්ධය නතර නොකරම කරපු නිසා අපෙන් සහ එයට උරදුන් ජාතික නායකයන්ගෙන් පලිගැනීමයි. විශේෂයෙන් ජනපති තුමන් සහ හමුදාවෙන් පලිගැනීමයි ඔවුන්ට අවශ්‍ය. මේ මුස්ලිම් ප්‍රශ්නය වෙන එකක් , මුස්ලිම් සංස්කෘතිය සහ ආක්‍රමණ වදයට ඔවුන් මැද පෙරදිගට පහර දුන්නත් එය බෞද්ධ සිස්ටාචාරයට එරෙහිව ක්‍රියාත්මක වෙද්දී ඔය යුදෙව් රටවල් ඊට කැමතියි. එය බොරදියේ මාළු බෑමක්. අපි අපිවම රැකගන්න ඕනා. වෙන උදව්වක් නැහැ. ඉන්දියාව සහ චීනය අපේ ලගින් තබාගැනීම තමයි විසදුම. (නදී)
මහානාම මේක බහුවිද ජාතින් සිටින බෞද්ධ රටක්. මොන සම්බාදක දැම්මත් ඒක පිලිනොගන්න තරමට.නිවටවෙන්න ඕනද? (නදී)
කාට කාටත් මෙහෙම යනකොට ඇත්ත තේරෙයි (නි)
ඉවසලා බලාගෙන ඉමුකෝ... (නි)
යථාර්ථය තේරුම්ගත් අපේ යතිවරයාණන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
මට නම් මුකුත් හිතාගන්න බැහැ (නි)
අපේ හාමුදුරුවනේ, අතීතයේ ශ්‍රේෂ්ඨ හිමිවරුන් සමඟ ඔබ වහන්සේත් සිහළ බොදු හදවත් තුළ සදා නොමැකේවි. (නි)
ප්‍රතිචාර දා ඇති සියල්ලන්ටම තෙරුවන් සරණයි! (නි)
මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
හිමියනි, ඔබට දීර්ඝායු ලැබේවා! ඔබගේ සිංහ හඬට බීරන් වගේ සිටි අයත් අවදි වෙලා. (නි)
මේ හිමියන්ව චෝදනා වලින් නිදහස් කරන්න (දී)
සමාජයේ හොද සමාජ පිලි ගැනීමක් මේ සංවිධානයට තියෙනවා (දී)
මගේ රටට දළදා හිමි සරණයි (දී)
මේ ප්‍රශ්න කිරීමේ අවසන් ප්‍රතිපලය කුමක්ද (දී)
අපි මංමුලාවූ මිනිස්සු (දී)
නිතිය සාධාරණයි කාටවත් නැහැ කියන්න බැහැ (දී)
මේ හාමුදුරුවෝ කොටි ඉන්න කාලේ කොහෙද හිටියේ. අද ඊයේ නේද කරලියට පිවිසියේ. ඇයි මතට තිත, සුදුව, දුෂණ ගැන බලන්නේ නෑත්තේ. ඒවා බලන්න ගියොත් පොලොවට යටවෙන බව දන්න නිසා බොරුවට උඩ පනිනවා. මේ වගේ අයට රජ කාලේ දඩුවම් දිය යුතුයි. මේවට හුමිටි තියන අයටත් එම දඩුවමම දිය යුතුයි. (නදී)
කතා කරලා වැඩක් නැහැ මහානාම හැරෙන්ඩ අනිත් ඔක්කොම එක වල්ලේ පොල් , නමුත් එක දවසක සත්‍ය ජය ගන්නවා (නදී)
ඔබ වහන්සේට තවත් දිරිය ශක්තිය ලැබේවා! අපි ඔබ වහන්සේ සමගයි (නදී)
ඔබ වහන්සේට සිංහල ජාතියත් බුසු සසුනත් බේරා ගැනීම සඳහා තව තවත් ශක්තිය ලැබේවා ! (නදී)
ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් මේ රටට ජාතියට, සිංහල බෞද්ධයාට , සිංහල සාහිත්‍යට කළ ජාතික මෙහෙවර කරණ කළ. එවකට සුද්දගේ පාලන කාලය මේ රටේ පුරවැසියන්ට කට හොල්ලන්න නිදහසක් නොතිබුනි. උන්වහන්සේ "සිංහලයෙනි අවදි වව්" ඇස් ගෙඩිවලට හෙන වැදිලද සිහලුන්නේ" මෙසේ කථා කළේ අප අලසව මානසිකව වැටී සිටින මොහොතක. දිනක් උන්වහනේසේ වැඩ සිටි මහබෙල්ලන වීරගහ පංසලට පැමිණී ඉංග්‍රසි පොලීසිය තර්ජනය කර ඇත. එදා සුද්දට හොද ඉංගීරීසියෙන් කියා දී ඇත්තේ මේක සිංහල බෞද්ධයාගේ පංසල හොඳ හිතින් දොට්ට බහින ලෙසයි. මෙය පැවසු තැනත්තාද මිය ගොස් ඇත. අදත්, ඥාණසාර හාමුදුරුවෝ රට ජාතිය, බුදු දහමට වෙන්න යන විපත්තිය ගැන කථා කරණ නිසා අද අප වෙනුවෙන් රස්සියාදු වෙන්න වෙලා. අද කළුසුද්දගේ නීතියට බෞද්ධ භික්‍ෂුවට හිරි හැර. අනාගතයේ මේ රටට වෙන විපත්වලට සම්පූර්ණ වග කිව යුතුයි. ඥාණසාර හිමිට විරුද්ධ වන සියළුම දෙනා.(නදී)
මහානාම, ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක්. ඔබට ස්තුතියි (නි)
අපිට පහළ වූ ශ්‍රේෂ්ඨ හිමිනමක් (නි)
මෙවන් හිමිවරු දිවිහිමියෙන් ආරක්ෂා කරන්න ඕනෑ. (නි)
තව ටික කලකින් වැටහෙයි කව්ද හරි කව්ද වැරදි කියලා (නි)
ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
ඔබයි අපගේ ශක්තිය හිමියනි (නි)
අපේ ස්වාමින් වහන්සේට දීර්ගායුෂ ලැබේවා! (නි)
අපේ ස්වාමින් වහන්සේ දෙවියන් රැකදේවා! (නි)
මේ හාමුදුරුවන්ගේ කතා යු ටියුබ් එකේ තිබෙනවා (නි)
ගරු ස්වාමීන් වහන්ස, අපට මතක්වන්නේ වාදීබසිංහ ගරු මොහිට්ටිවත්තේ ගුණානන්ද වහන්සේගේ පානදුර වාදය ගැන. අභීතවත් ලෙස ඔබ වහන්සේ රට දැය සහ බෞද්ධාගම වෙනුවෙන් මෙම කරන කැපවීම අමරනීයයි. ඔබ වහෙන්සේලව 2013 වෙසක් මාසයේ ඇමෙරිකාවේ -නිව්ජර්සි වලදී අපට මුණගැසුණු අවස්ථාවේදී අපට ඒ බව හොඳින් දැනුනා. නැවත වීසා නොලබුනාට ඔබ වහන්සේලා කරන සේවය අප කවුරුත් අගය කරනවා. අපට තිබෙන එකම රට දහම බෙර ගනිමු. එදා සෝම හාමුදුරුවන්ටත් සමහරු දොස් කීවා. නමුත් උන් වහන්සේගේ සේවය දැන් තමයි තේරෙන්නේ. සිංහල ජාතිය බුදු සසුන බේරා ගැනීමට ඔබ වහන්සේලාට යෝධ බල දිරිය ලැබේවා.(නදී)
අපේ හාමුදුරුවන්ට දෙවි පිහිටයි (නදී)
මහානාම ගැන හරිම සතුටුයි (නි)
ඔබ වහන්සේට සදා ජය! (නි)
එළිපිට කතා කරන්නේ ඔබ වහන්සේ පමණයි. අපි සැමදා ඔබ වහන්සේත් සමඟයි (නි)
අපි සැමදා ඔබ වහන්සේ සමඟයි (නි)
හාමුදුරුවනේ, ඔබට පින්. අපි ගළවා ගන්න. (නි)
මහානාම, ජාතිකත්වයේත්, ජාතිවාදයේත් වෙනස නොදැන මෙහි අදහස් දක්වන බහුතර පිරිස සමග කතාකර වැඩක් නැති නිසා නිහඬ වන්න. (නි)
මහානාම, ඔයා කියන දේ තේරුම් ගන්න පුළුවන් කට්ටිය හරිම විරලයි. අපේ මිනිසුන් ජාති ආගම්වාදී අදහස් වලින් අන්ධ වෙලා ඉන්නේ. (නි)
අපි කලබල නොවී බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
අපේ හාමුදුරුවනේ, බහුතර ජනතාව ඔබ වහන්සේ සමඟයි. දළදා සමිඳුගේ සරණයි! (නි)
ඔබ වහන්සේට තෙරුවන්ගේ ආරක්ෂාවයි! (නි)
ඕනෑම පොඩි ළමයෙක්ට තේරෙනවා පෝය දවසේ ජාතිවාදය ඇවිස්සුවේ කව්ද කියලා. එ්කට අපේ හාමුදුරුවෝ පලි නැහැ. අවුස්සපු අය ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඕනා. මේක යට තියන කුමන්ත්‍රණය හරියට දැනගන්න. හරිද? (නදී)
මීට පිළිතුර ඇත්තේ සාධාරණයක් අපේක්ෂා කරන ජනතාව අතයි. (නි)
අපි බොරුවට කලබල නොවී ඉවසීමෙන් බලාගෙන සිටිමු (නි)
ඥානසාර හිමියන් වැරදියිනම් නීතියෙන් දඩුවම් කරන්න, බොරුවට කටමැද දොඩවන්නේ නැතුව (දී)
අනවශ්‍ය සංවිධාන ලංකාවේ තහනම් කළ යුතුයි (නදී)
අපේ අය මොන තරම් ජතිවාදීද කියල මේ කොමෙන්ට්ස් වලින්ම තේරෙනවා. ඥානසාර හිමියන්ට මේ අය සුමඟට යොමු කරන්නත් පුළුවන්. ඔබතුම ජාතිවාදී බවෙන් මිදී අපේ බුදු දහමේ ඇති විදිහට හැමෝටම එක වගේ සලකන සංවිදානයකට නායකත්වය දෙන්න. එහෙම උනොත් අපිත් ඔබ සමගයි. (නදී)
එස් . මහින්ද හිමියන් අවිහිංසාවාදීව ජාතිය අවදි කළ හැටි අපි දන්නවා (නි)
අනේ මන්දා තව ටිකෙන් බනිස් වෙනවා. (නදී)
උන්වහන්සේ කියන දේ 100% නිවැරදියි. සියලු දත්ත උදාහරණ ඇතුවයි කියන්නේ. ඒත් අපේ අවාසනාවට බොහෝ දෙනා තේරුම් ගන්නේ නැහැ. (නි)
ඉසබ්දීන්,මොකක් හරි ප්‍රශ්නයක් තිබෙනවද ඔබට? ෂාම්, ඔබ හරියටම හරි. (නි)
මේ කෙටිකාලීන ජීවිතයේ අනුන්ට, වෙනස් මත දරන්නන්ට, කායිකව හා වාචිකව පහර පිට පහරදෙන සහ එය ඉහළින්ම අනුමත කරන ජන සමාජයක අප ජීවත්වන බව මනාව පැහැදිලි වෙනවා ඉහත අදහස් බැලූවිට (නි)
මේ වෙලාවේ අපි අපේ හිමියන් සමඟයි (නි)
හිමියනි,ඔබයි සදා අපේ පැතුම (නි)
ඔබ වහන්සේ සමඟ අපි ඉන්නවා (නි)
හිමියනි, ඔබට දිගාසිරි! (නි)
හාමුදුරුවෝ නිවැරදි බව මාගේ හැඟීමයි (නි)
බොහෝ දෙනාගේ අදහස් දෙස බලනවිට පුදුමත් හිතෙනවා (නි)
ඔබ වහන්සේට තව තවත් ජාතිය අවදි කරන්නට යෝධ බල ලැබේවා. (නදී)
මෙහෙ තියෙන කොමෙන්ට් බලනකොට රට යන මග නම් එච්චර හොඳ නැහැ (නදී)
බුදු සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට. (නදී)
අරන්තලාවේ ඝාතන ගැන මේ අය අදත් කටක් අරින්නේ නැහැ (නදී)
බලන්න ඔක්කොම අදහස්. මේකෙන් තේරෙනවා සිංහල අයට ට තියෙන පීඩනය. හැමෝම කතාකරන්න බයයි. ඔබ වහන්සේට බුදු දහමේම පිහිටින් චිරාත් කාලයක් සිංහලයන්ට සේවය කරන්න යෝද බල යෝද ශක්තිය ලැබේවා ! (නදී)
ඥානසාර හිමි ගේ ක්‍රියාවන් පිළිතුරක් පමණි. ඒ පිළිතුර පල කරන අන්දම ගැන අප අතර විවිධ මත තිබෙන්නට පුළුවන්. එහෙත් අප ප්‍රශ්නයක් තිබෙන බව පිළිගත යුතුයි. ඒ ප්‍රශ්නය ඉතා බැරෑරුම් එකක්. අප සැහැල්ලුවෙන් සැලකිය යුත්තක් නොවේ. අවදියෙන් සිටිය යුතුයි. (නදී)
අපේ හමුදුරුවනේ, ඔබ වහන්සේ තමයි අපේ අනාගතේ (නදී)
අපි ඔබ සමගයි හාමුදුරුවනේ ඉදිරියටම යන්න (නදී)
සජාන් කියන පුද්ගලයා අපහාස කර තිබෙනවා. මහානාම කියන පුද්ගලයා යැවිය යුතුයි කාත්තන්කුදු හා සමන්තුරේ කල්මුනේ ආදී පළාත් වලට තේරුම් ගන්න සහජීවනය. (නදී)
අර මොරටුවේ හාමුදුරු නමක් වෙඩි තබා ගාතනය කරා. ඒ කාලේ මේ කට්ටිය නිදාගෙනද හිටියේ. (නදී)
මේකේ අදහස් පලකරලා තියෙන සමහර අය එන ආත්මයේ මොන ජාතියේ ඉපදේවිද ගිය ආත්මයේ මොක්කුන් වී ඉන්න ඇතිද කියන එකයි මට තියෙන ප්‍රශ්නය.(නදී)
මේවා කොහොම හෝ නවත්වන්න ඕන... නැත්නම් අහිංසක මිනිස්සු මැරෙන්නේ, (ස)
සුළුතර මුස්ලිම් ජාතිකයන්ගේ ජන්දය අරමුණු කරගෙන ගියහොත් , බහුතර සිංහල ජන්දදායකයින් අහිමිකර ගැනීමකට ලක්වන නව නොවැටහීම අභාගයකි. (ස)
අපි ඔබ සමගයි හාමුදුරුවනේ ඉදිරියටම යන්න. (ස)
බුදු සසුනත් සිංහලයත් රැකගැනීම සදහා මුන් වහන්සේ ගෙන යන අරගලය දිනේවා! අපෙත් ආයු ගෙන දිගු කල් වැඩ වාසය කිරීමට වාසනාව උද වේවා, (ස)
ඔබ වහන්සේට තවත් දිරිය ශක්තිය ලැබේවා! අපි ඔබ වහන්සේ සමගයි...(ස)
මොන කරදර බාදා නින්දා අපහාස ආවත් සිනහ මුවින් ඉන්න අපේ හාමුදුරුවෝ. (නදී)
ඔබ වහන්සේලට දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා (නදී)
නුතන කුඩා පොළ හිමියනි. අපේ අවසාන ලේ බිඳුව දක්වා අපි ඔබ සමගයි. (නදී)
හක්කෙත් දඩමස් බොක්කෙත් දඩමස්. සමහරු හිතාගෙන ඉන්නේ මේ ප්‍රතිචාර ඒක පාක්ෂික විය යුතුයි කියා. ජාති බේදය මෙතනත් අදිනවා (නදී)
මම දිවි හිමියෙන් ඔබ වහන්සේ සමගයි. (නදී)
ඡන්දෙ කිට්ටු වෙද්දී මේ ජාතිවාදය පටන් ගන්නේ ඇයි? (නදී)
අපි අවදි කළේ ඔබ වහන්සේයි. ඔබ වහන්සේට බුදු සරණයි! (නි)
හිමියනි, ඔබට දීර්ගායුෂ, යෝධ ශක්තිය ලැබේවා! (නි)
මෙතන අදහස් දාලා තිබෙන සමහර අය ගැන හරිම කණගාටුයි. (නි)
අපෙත් ආයු ගෙන දිගු කල් වැඩ වාසය කිරීමට ඔබ වහන්සේට වාසනාව උදා වේවා! අපේ හාමුදුරුවනේ, බහුතර ජනතාව ඔබ වහන්සේ සමඟයි. බුදු සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට. (නි)
ලංකාපුත්‍ර, මහානාම, සෙල්වම්, ධර්ම, හිෂාන්,කමනිලට අනාගතයේ යන්න ඕනෑතරම් රටවල් තියේවි. ඒත් අපිට?? අපි ඔබ වහන්සේ සමඟයි (නි)
ඔබ වහන්සේට සියලු දෙවියන්ගේ පිහිටයි! (නි)
මේ වගේ අය තමයි අද අපිට අවශ්‍ය (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. (ස)
සත්‍යය මෙතන අදහස් දාපු හැමෝම දන්නවා, නමුත් උගුරට හොර බෙහෙත් බොනවා ඔක්කොමල, අතීත උතුම් චරිත අද ජීවත් වෙන කාටවත් ආදේශ කරන්න එපා, මොකද උතුම් ජීවිත හඬාවි මේවා දැකලා, ඔවුන් කවදාවත් ප්‍රසිද්ධියේ චරිත ඝාතනය කලේ නෑ, නමුත් දැන් එහෙම නෙවෙයි. එයින් පේනවා මහත්මා ගති ගුණ, කටින් වචනයක් එලියට දාන්න පෙර සිය දහස් වරක් සිතිය යුතුයි. වචනය පිට වූ පසු නැවත සිතල වැඩක් නෑ. (ස)
ඔබ වහන්සේට තවත් දිරිය ශක්තිය ලැබේවා! (ස)
ඔබ වහන්සේ අපේ ජාතියේ පිනට පහළ වූ හිමිනමක්. ඔබ වහන්සේගේ නාමය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා නොඅනුමානයි ........ (ස)
මේ ඡන්ද ගැන තියෙන ආශාව රට රවටලා දෙන්න තරමට බලවත්ද? (නදී)
හාමදුරුවනේ අපි ඔබ සමගයි දිවි තිබෙන තුරු. කරුණු දෙකක් යෝජනා කරමි. දුර බලන්න. දුරස්ථ උපායසිලි සැලසුම් සකස්කරන්න. දේශීය හා විදේශීය දැනුවත්කිරීම ශක්තිමත් කරන්න. (නදී)
ඔබ වහන්සේ හැර වෙන කිසි කෙනෙක් අපිට නැහැ අපේ හාමුදුරුවනේ. (නදී)
වැරදිකරු නම් අනිවාර්යෙන් දඩුවම් ලැබිය යුතුයි (නදී)
අපේ හාමුදුරුවන්ව ඊලග චන්දෙදි පොදු අපේක්ෂක හැටියට පත් කරමුද? (ස)
අනිවාර්යෙන්ම සුහද හමුවක්. (ස)
හම්දුරුවන්ගෙන් විතරද කට උත්තර ? (නදී)
මහානාමල වගේ කට්ටිය එදත් හිටිය අදත් ඉන්නවා හෙටත් ඉදිවී. මේක සිංහලයාගේ ජාන වල වැරද්දක්. සිංහල මිනිස්සු බෞද්ධ මිනිස්සු ජාතිවාදී නැහැ. ආගම් වාදී නැහැ. අපි හැමෝම ආසයි අනෙකුත් ආගමිකයින් වාර්ගිකයින් සමග සහයෝගෙන් සාමකාමිව ජිවත් වෙන්න. අපි බිය වෙන්නේ සාමාන්‍ය මුස්ලිම් ජනයට නෙමෙයි. මුළු ලෝකය පුරාම පිළිකාවක් වගේ පැතිරිලා යන අනෙකෙකුගේ ජීවත්වීමේ , ආගම ඇදහීමේ අයිතියේ පටන් සියලු අයිතින් අහිමි කරන අන්ත අමානුෂික ඒ වගේම තිරිසන් අන්තවාදයට. ඇස් ඇරලා බලන්න ඉරාකය ,සිරියාව ලිබියාව වගේ රටවල් දිහා. ඔවුනොවුන් මරා ගන්න හැටි. අපේ රටත් ඒ තත්වෙට පත්වෙනවා දකින්නද මහානාමලට ඕනා. අද නැගෙන හිර පළාතේ මේ අන්තවාදී විෂබීජ පැතිරෙමින් පවතිනවා. සියා සුන්නි බේදය නැගෙනහිරත් තියෙනවා. සාමාන්‍ය මුස්ලිම් ජනයාගේ හඩට සවන් නොදෙන ඔවුන්ට අවනත නොවන ඔවුන් අසරණ කරන ඔවුන්වම බිලි ගන්න මේ අන්තවාදය රටපුරා පැතිරීම වලක්වා ගත යුතුයි. සිංහල බෞද්ධයාගේ ඉවසීම නිවට කමක් ලෙස හිතල සුහදත්වයට පත් කරන ඔලුව බෙල්ල ලගින් කපන්න හදන කොට එ්කට විරුද්ධව ජාතිය අවදි කරවන එක ජාතිවාදයක්වත් ආගම් වාදයක්වත් නෙමෙයි. අපි ඔබ සමගයි හාමදුරුවනේ. සුළු ජාතින් ඔවුන් වෙනුවෙන්ම පිහුටුවාගත් දේශපාලන පක්ෂ මගින් අන්ත ජාතිවාදීව ආගම් වාදීව ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නගද්දී ඔවුන්ට ජාතිවාදී ආගම්වාදී නොකියන කටවල් සිංහලයා වෙනුවෙන් යම් සංවිදානයක් හඩක් නැගු පමණින් ආගම්වාදී ජාතිවාදී ලේබලයට යට කරවනවා. මේවට බිය විය යුතු නැහැ. බොදු බලය රට පෙන්වන්න , බොදු බලයේ ශක්තිය රටට පෙන්වන්න. ඔවුන් එකතු කරන්න, මග පෙන්වන්න ඔබ වහන්සේ ඉදිරියටත් පෙරමුණ ගන්න. නායකත්වය දෙන්න. (නදී)
මම ලංකා තිලක් සමඟ එකඟයි (නි)
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැනි හිමිවරුන්,එදත්,අදත්,හෙටත් සිංහළ අපට සදාකලික විරයන් තමයි (නදී)
මහනාම හතන විදියේ සුරංගනා කතා හරියන්නේ නැහැ. එහෙම හිටියොත් මියන්මාරයට උනුදේ අපිටත් වෙන්නේ. (නදී)
එදා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි කොඩිය බිම දාලා පාගන්නේ නැතුව හිටියා නම් මොකද වෙන්නේ. ඒ වගේ දෙයක් තමයි මෙතන සිදු වුනේ
මේ අදහස් බලනකොට තේරෙනවා බොදු බලයේ ශක්තිය. අපේ සිංහල බෞද්ධයා ගැන සතුටුයි. (නදී)
අපි සැමදා ඔබ සමගයි හාමුදුරුවනේ, ඔබට තෙරුවන් සරණයි! (නදී)
මිනිසුන්ට දැන් පැහැදිලි නිරවුල් තීරණයක් ගන්න පුළුවන් (දී)
සජාන් "සිගාලයන්ගේ පිනට උපන් බුද්ධ රත්නය, අපි ඔබ වහන්සේ සමගයි" මේක තමයි දවසේ හොඳම ප්‍රතිචාරය. කට්ටියටම ඇතිවෙන්න තොප්පි අඩුවක් නැතිව තියනවා, හොඳට නාල තොප්පියක් දමා ගන්න. (ස)
අනේ ඉතින් ඒ හාමුදුරුවෝ කල වරද මොකක්ද (දී)
කිසිම කෙනෙක් අන්තගාමි ලෙස කටයුතු කලේ නැහැ (දී)
අර මොරටුවේ හාමුදුරු නමක් වෙඩි තබා ඝාතනය කළා. ඒ කාලේ මේ කට්ටිය නිදාගෙනද හිටියේ (නදී)
අපේ සිංහල බෞද්ධ ජනතාවට සිද්ධ වෙන අසාධාරණකම් වෙනුවෙන් පෙනී සිටින්න ඔබ වහන්සේලාට හැමදාම ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනා. ඥානසාර හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ නිර්භීතකම අපි අගය කරනවා (නදී)
ඔය උඩ ප්‍රතිචාර දාපු අයට ඔය තරමටම උන අපරාධය මොකක්ධ කියල කියනවද ? සුළු ජාතීන් ගෙන් අපිට උන වින්නැහිය මොකක්ද? ඇයි ලාංකිකයෝ හැටියට රටේ සංවර්දනය ගැන හිතල වැඩ කරන්න බැරි. මෝඩ විධියට ඕවාට උඩ ගෙඩි දේශපාලකයන්ටම හරි යන මිනිස්සු ටිකක් තමයි කවදත් අපි. බලමු දැන් ඔය පිටරට ඉදන් කොමෙන්ට් දාන අය මානව හිමිකම් ගැන උත්තර දෙන හැටි (නදී)
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට යෝද බල යෝධ ශක්තිය ලැබේවා. (නදී)
ලංකා තිලක් ඔබගේ අදහස 200%ක් හරි. ඔබටත් ගොඩාක් ස්තුතීයි එවැනි අදහසක් ඵල කලාට. කව්රු හරි මුස්ලිම් සහෝදරයෙක් සියලුම සිංහල බෞද්ධ ජනතාවම වැරදි මතයක් දරනවා කියා සිතනවා නම් ඔහුට සත්‍ය වටහා ගැනීමට හැකි මනසක් තියෙනවා නම් ලංකා තිලක් ලියල තියෙන දේ අනුමත කරාවි. (නදී)
ශිහඩ් ඔබට සත්‍ය වටහාගන්න අවබෝදයක් තියෙනවනම් ලංකා තිලක් ලියල තියෙන දේ බලන්න. අපි කිසිම ජාතියකට අගෞරවය කරනවාට කැමති නැහැ. ඒත් ඔබලාගේ සමහර කණ්ඩායම් මුළු රටම විනාශ කරලා අදර්මය රටපුරා පතුරවල තවත් පලස්තීනයක් බවට අප රටත් පත් කරන්න හදන්නේ. ඔයා ඒ ගැන මොකද කියන්නේ. අවංක උත්තරයක් දෙන්න. (නදී)
අපේ හමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා (දී)
මහානාම ඇත්තටම නම මොකද්ද .....බොරු කරන්න එපා (දී).
හාමුදුරුවනේ.. ඔබ වහන්සේ බය වෙන්න එපා, වරදක් කරලා නැහැ අපි කවුරුවත් (දී)
ඔබ වහන්සේට 4වෙනි තට්ටුවට යන්න ,සිදු වුනේ මේ ධර්ම දීපයේ අසරණ වෙලා ඉන්න අපි වැනි අය නිසා (දී)
හාමුදුරුවනේ, දිරියෙන් නැඟී සිටින්න (නි)
ඔබ වහන්සේ තමයි අපිට ඇති සවිය (නි)
මොහාන් මහතාණෙනි , ඇයි මම වැරදි දෙයක් ලියලා තියෙනවාද? මම ලියන්නේ මෙතැන අයට කතා නොකරන , නමුත් අවට ලෝකයේ කතා කරන සත්‍යයයි. නිශාන්ත, අපි මෙතැන අදහස් දාන අයට සත්‍ය තේරුම ගැනීමට ශක්තිය ලැබේවා කියලා අධිෂ්ඨාන පුජාවක් තියමු. ලක්ෂපාන, ලංකාතිලක කියන දෙය අසත්‍යක් නොවේ. (නි)
නමේ විදිහට වැඩ කරන මෙන් ඉල්ලා සිටිමි. (නදී)
නැවත කිසිදු ගැටළුකාරී සිද්ධියක් ඇති නොවේවා! (නි)
දැන් සිද්ධ වුණ දේ වෙලා ඉවරයි. තවත් මේ ගැන කතාකරලා වැඩක් නැහැ නේද? (නි)
බොහොම ස්තුතියි ගොඩාක් විවේචන හා සුභ පැතීම් වලට. මේ අදහස් දාන අය මොන පදනමක් උඩද කතා කරන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. අපේ හාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙනවා එතුමා එහෙම ප්‍රකාශයක් කළේ නැහැ කියලා. උන්වහන්සේ එහෙම ප්‍රතික්ෂේප කරද්දි අපේ අය උන්වහසේගේ ප්‍රකාශය හොඳයි කියනවා. අපි ඉතිහාසයට ගරු කළ යුතුයි. නමුත් අපි කාලයට අනුව හැඩගැසිය යුතුයි. (නි)
හිමියනි, කිසිුද බලවේගයකින් නොසැළෙන්න (නි)
සෑම් මහතාණෙනි, බොහොම හරි. මම ඔබත් සමග එකඟයි. රෝග නිධානයට පිළියම් නොකර රෝග ලක්ෂණ වලට පිළියම් කිරීමෙන් තේරුමක් නැත. නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරොවෙන් කපනතුරු සිටිය යුතු නැත. ඔය කියන සියලුම සංවිධාන නීති රාමුව තුළට ගෙන ආ යුතුයි (නි)
බොහොම ස්තුතියි ගොඩාක් විවේචන හා සුබ පැතීම් වලට. මුලින්ම මට කියන්න තියෙන්නේ මේ අදහස් දාන අය මොන පදනම් උඩ ද කතා කරන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. මේ පේපර් ආටිකල් එකේ පැහැදිලිව අපේ හාමදුරුවෝ ප්‍රකාශ කරලා තියෙනවා එතුමා එහෙම ප්‍රකාශයක් කලේ නැහැ කියලා. ඒ කියන්නේ උන්වහන්සේ පවා ඒ ප්‍රකාශය හෙලා දකිනවා. උන්වහන්සේ එහෙම ප්‍රතික්ෂේප කරද්දි අපේ අය උන්වහසේගේ ප්‍රකාශය හොදයි කියනවා. පැහැදිලිවම කිව යුතුයි මම උපතින්ම ශ්‍රී ලාංකිකයෙක්. මේ රටට ආදරේ ඇති කෙනෙක් 2000 – 2009 කාලේ දි බෙදුම්වාදීන්ට විරුද්දව කී බෝඩ් එකෙන් රෑ එලි වෙනකන් යුද්ද කරපු කෙනෙක්. මම හැම එකකටම ලියන්නේ නැහැ රට ගැන පළවෙන ඕනෙම ආටිකල් එකකට ලියනවා. එක මහතෙක් කියනවා දුටු ගැමුණු රජතුමා හිටියා නම් මාව උල තියනවා කියලා . 100% හරි. නමුත් අද ඒ යුගය ඉවර වෙලා. අපි ඉතිහාසයට ගරු කල යුතුයි , නමුත් අපි අප්ඩේට් විය යුතුයි. නැතිනම් අපි එක තැන පල් වෙනවා. තව මහතෙක් ලියා තිබුනා ලෝකේ කොහෙවත් බහු ආගමික බහු ජාතික රටවල් නැහැ කියලා. ලෝකේ දියුණු හැම රටක්ම බහු ජාතික බහු ආගමික රටවල්. ඒවායේ ආගමික නිදහස රටේ ව්‍යවස්තාවෙන්ම සදහන් කරලා තියෙනවා (නදී)
සෑම ආගමික කතෘ වරයෙකම කියන්නේ හොදින් ජිවත්වෙන්නයි. එයාල කියන විදිහ වෙනස් වෙන්න පුලවන් නමුත් හරය එකයි. වැදගත්ම දේ , එකතරා අන්තවාදී රටවල් කීපයක් පමණක් තමාගේ ආගම පමණක් අදහන ලෙස බල කරන අතර එයාලා වෙනම නීති පවා ක්‍රියාත්මක කරනවා. ඒවා කොතරම් වැරදිද ? කොතරම් යල් පැනලාද ? ඒ නීති හරි ගියේ ඒ දවස්වලට. අද සමාජය කොයිතරම් වෙනස්ද , තාක්ෂණය අතින් කොයිතරම් දියුණු උනත් , සදාචාරය හා මානුෂික ගුණ ධර්ම අතින් අපි ඉන්නේ ආදී වාසීන්ගේ යුගයේ. ඒ අනුව අපේ ආගම සංකල්ප පවා අදට ගැලපෙන පරිදි වෙනස් කල යුතුයි. උදා. අපේ රටේ තාම තියෙන්නේ රෝම ලන්දේසි නීතියයි. අද ඒ රටවල ඒ නිති ප්‍රතිසංස්කරණය කරලා අදට ගැලපෙන පරිදි. නමුත් අපි තාම පරණ නිතිය තමා. ඉතා වැදගත් වන්නේ රට යන දිසාවයි. අපිට තනියම යන්න බැහැ මොකද අපි යැපෙන්නෝ. මැදපෙරදිග රටවල් එයාලගේ තෙල් බලෙන් චන්ඩි පාට් දාන්න හැදුවත් අපිට බැහැ. අපි හරි උනත් වැරදි උනත් අපිට බැහැ තාම කෙලින් හිටගන්න. කවුද කියනවා අපිට චිනේ හා රුසියාව ඉන්නවා කියලා. ඔව් ඉන්නවා තමා නමුත් යම් සීමාවකට. ලිබියාවට , සිරියාවට, අැෆ්ගනිස්ථානයට ඉරාකයට මේ රටවලටත් චිනේ රුසියාව හිටියා. මොකද උනේ? අනෙක චීනය තනිකරම ඇමෙරිකන් ආර්ථිකය මත යැපෙන රටක්. අවශ්‍ය තැන් වලදී චිනේටත් අපිට පිටු පාන්න වේවි ඇමරිකාවේ බලපෑම් මත. මේ අදහස් දාන අය දන්නවා ද අපිට තෙල් ඉරානයෙන් ගේන්න බැරි නිසා අපි වැඩිපුර මුදල් ගෙවන බව. අනෙක භාණ්ඩ ආනයනය කරන්න එල්.සී එකක් වත් අපට අරින්න බැහැ. මොකද හැම බැංකුවක්ම ඇමෙරිකාවත් එක්ක සම්බන්ද නිසා. ඒක නිසා අපි තේරුම් ගත යුත්තේ අප රට යන දිසාවයි. ඥානසාර හාමුදුරුවෝ අපිට ඉදිරි අනාගතයේ දි ඉතාමත් වැදගත් සාදකයක් වේවි. එතකන් අපි උන්වහසේව රැක ගත යුතුයි. අපි උන්වහසේව උසිගන්වලා අද උන් වහන්සේ තනිවෙලා. මේ අදහස් දාපු අයට හෝ එදා රැස්වීමේ හිටපු අයට හාමුදුරුවෝ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් ? හාමුදුරුවෝ වෙනුවෙන් හිරේ යන්න පුලුවන්ද ? ඊයේ මොකද උනේ ? හාමුදුරුවෝ තනියම නේද උත්තර දුන්නේ ? ලියන්න පුළුවන් , කියන්න පුලුවන් නමුත් කරන්න බැහැ ප්‍රායෝගිකව. ඔබ සැමට පැහැබර ජාති වාදයෙන් , ආගම් වාදයෙන් තොර හෙටක් පතමි. සංස්කාරක තුමනි කරුණාකර මේ අදහස් මෙලෙසින්ම පල කරන්න. මා කාටවත් දොස් කියා හෝ හැගීම් ඇවිස්සෙන්න ලියා නැහැ (නදී)
බොදු බල සේනා - දිගටම ඕනෑ..... (නි)
මහානාම ඔබ නම් සිගාලයන්ටත් නායකත්වය දිය හැකි වටිනා පුද්ගලයෙක්. ඔබේ වැඩේ නම් මළ පහයි (නදී)
කිත්සිරි , මහානාම ගේ වැඩේ මල් පහයි ද ? මළ පහයි ද ? (නදී)
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ජිවිතේ ගැනවත් හිතන් නැතුව සිංහල ජාතියට කරන මෙහෙවර අපේම සමහරක් මිනිස්සු අර්ථ කථනය කරන්නේ ජාති වාදේ අවුස්සනවා කියලා. අන්තවාදීන් ගැන කව්රුවත් කතාකරන්නේ නැහැ. (නදී)
අපි ඔබ වහන්සේ සමඟයි. බුදු සරණයි! (නි)
අපි සියල්ලන්ම අත්වැල් බැඳගනිමු. ඥානසාර හිමි ඇතුළු මහා සංඝරත්නය සමඟ පෙරටම යමු (නි)
සමහරු සල්ලි වලට ජාතිය ආගම පවා පාවා දෙනවා.ඔබ වහන්සේගේ නමත් සිංහල වංශ කතාවේ රන් අකුරින් ලියවෙනවා (නි)
කාගේවත් අතක නැටවෙන රූකඩයක් නොවෙන අපේ හාමුදුරුවන්ට සැමදා ජය! (නි)
ඔබ වහන්සේට ජය නියතයි (නි)
හාමුදුරුවනේ, දිරියෙන් නැඟී සිටින්න (නි)
ලංකා තිලක්ගේ රතු ඉර පනින්නේ මහානාමගේ අදහස් දැකලා නෙමෙයි, මේවා දැකලයි. (නි)
ඔබ වහන්සේට බුදු සරණයි!!! (නි)
සමහර අදහස් දිහා බැලුවහම පුදුමයි (නි)
ලේකම් හිමි ගැන ලියා තිබෙන සමහර අදහස් දැක්කම පුදුමෙනුත් පුදුම හිතෙනවා (නි)
හාමුදුරුවනේ, බිය නොවන්න. අපි ඔබ සමඟයි (නි)
හාමුදුරුවෝ නිවැරදියි කියලා මම හිතනවා (නි)
නදීකගේ අදහස් දැකලද පුදුම ? විකුම ලංකා තිලක ගේ රතු ඉර පනින්නේ මොනවා දැකලද ? (නදී)
මේ ප්‍රතිචාර දිහා බැලුවම පේනවා කාටද ප්‍රශ්ණ ඇතිකරන්න ඕනේකම තියෙන්නේ කියා (නදී)
දැන් මෙතන කී දෙනෙක් කතාව ඇහුවද? අන්තර්ජාතික වශයෙන් අපේ රට ගිලිගන්න බලාසිටින මොහොතක, වගකීමෙන් වැඩ කළ යුතුයි නේද? නැතහොත්, අපට වෙන හානිය ගැන තව කිව යුතුද? අවුරුදු 27ක් තිස්සේ යුද්ධ කළේ ජාතිවාදය ඇවිස්සීමේ ප්‍රතිඵලයක් ලෙස නොවේද? (නි)
බොදුබළ සේනා සංවිධානයට ත්‍රිවිද රත්නයේ පිහිටයි. ධෛර්ය, ශක්තිය, අදිස්ටානය තව තවත් වැඩිවේවා (නදී)
අපේ සෝම හාමුදුරුවන්ගෙන් පස්සේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා හඩක් නගපු එකම ස්වාමීන් වහන්සේ තමයි ඥානසාර හාමුදුරුවෝ. අපිට සෝම හාමුදුරුවන්ව රැක ගන්න බැරි වුනා. එත් මේ හාමුදුරුවන්ව අපිට ආරක්ෂා කරලා දෙන්න කියලා සතර වරම් දෙවිවරුන්ගෙන් අපි ඉල්ලනවා (නදී)
හිතවත් මහානාම මමත් ඔබ ලියු අදහස අගේකරනවා නමුත් අනිත් අදහස් සියල්ලම ජාතිවාදී ,හා ආගම් වාදීන් , ,වාරියපොළ සුමංගල මිගෙට්ටු වත්තේ ,ගුන්නනනද හිමියන් වැනි විරුවන් දැන් ජිවත්ව හිටියනම් මේ අය නවතින්නේ නගරසබාවේ කුණු බක්කියේ (අ)
අපේ හාමුදුවන්ට සියළු දෙවි රැකවරණයි. (අ)
අපි ඔබ වහන්සේ සමගයි. අපේ රත්තරන් හාමුදුරුවනේ ඔබට තෙරුවණ් සරණයි! (අ)