IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


බයිඩන් පුතුට සමාව දෙයි

ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය පුතු හන්ටර් බයිඩන්ට ජනපති සමාව ලබා දී ඇත. 

බයිඩන්, සිය බලතල භාවිතයට ගනිමින්, පුතු බයිඩන්ට සමාව දීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි ප්‍රතිවාදී රිපබ්ලිකන්වරු චා්දනා නගති.

54 හන්ටර් බයිඩන්ට බරපතල චෝදනා දෙකක් එල්ල වී ඇති අතර, අධිකරණය හමුවේ එම චෝදනා දෙකටම ඔහු වරදකරු වී සිටී. පියා ජෝ බයිඩන්, පුතු හන්ටර්ට ජනාධිපති සමාව දුන්නේ, හන්ටර් බයිඩන්ට දඬුවම් නියම කිරීමට සූදානම් වෙද්දීය.

තමන්ගේ තීරණය සම්බන්ධයෙන්, ජෝ බයිඩන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ, තම පුතාට අසාධාරණ අයුරින් චෝදනා එල්ල වූ බවත්, එම චෝදනා හමුවේ ඔහු හුදෙකලා වීම සැලකිල්ලට ගනිමින් ඔහුට සමාව දීමට තීරණය කළ බවත්ය.

හන්ටර් බයිඩන් ඇමෙරිකන් නීතීඥවරයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වෙයි. කලක් ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටියේය. එම කාලයේ ඒ බව වසං කරමින්, හන්ටර් බයිඩන් ගිනි අවියක් මිලදී ගෙන එය ළඟ ගෙන සිටියේය. මෙය බරපතල වරදකි. මේ සම්බන්ධයෙන් හන්ටර් බයිඩන් අධිකරණය හමුවේ වරදකරු විය. ඊට අමතරව, බදු වංචා සිද්ධියක් සම්බන්ධයෙන් ද හන්ටර් බයිඩන්ට චෝදනා එල්ල වී තිබුණු අතර, ඔහු එම චෝදනා සම්බන්ධයෙන් ද වරදකරු විය.

බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, බයිඩන් ඔහුගේ උප ජනාධිපති ලෙස කටයුතු කළේය. එම කාලයේ පියාගේ බලතල අනුව යමින්, යුක්රේනය සමඟ ආන්දෝලනාත්මක ගනුදෙනු රැසක් කළේ යැයි ද හන්ටර් බයිඩන්ට චෝදනා එල්ල වී ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (10)

බයිඩන් පුතුට සමාව දෙයි

කසුන් Monday, 02 December 2024 09:30 AM

අපෙත් ඉන්නවා මිනී මරලා, කලුසල්ලි සුදු කරලා, රොකට් යවලා රටේ සල්ලි නාස්ති කරලා දාපු නසරානි පුත්නාම්බො ටිකට සමාව දීලා, නිදොස් කොට නිදහස් කරපු ජනාධිපති තාත්තෙක්. බයිඩන් සීයෙ, ඔයා තනි නෑ.

:       6       30

Bunny Preena Monday, 02 December 2024 09:39 AM

ගෝලීය දේශපාලනය දිහා බලපුවාම මුළු ලෝකයම දේශපාලකයෝ ගැන හොඳටම පැහැදිලිවන එක දෙයක් තමයි ඔක්කොම එකම වල්ලෙ පොල් කියන එක...

:       0       29

Nimal Monday, 02 December 2024 10:49 AM

සුද්දෝ තමයි හෙණ සුද්දවන්තයෝ කියන අපේ අය දැන් කෝ?

:       3       36

පැරකුම් Monday, 02 December 2024 11:36 AM

අපි හිතුවේ අමෙරිකාවේ මෙහෙම වෙන්නේ නෑ කියලානේ. දැන් බැලුවාම අපට වඩා හපන්. අපේ අලුත් ජනාධිපතිතුමා මේවා ආදර්ශයට ගන්න නම් එපා...!

:       0       23

fairoos Monday, 02 December 2024 12:24 PM

බලනකොට ලංකාවේ වගේමනේ...!

:       0       17

පිටරටවැසියා Monday, 02 December 2024 01:04 PM

සුද්දා වුණත් මෛත්‍රී වගේ ජේෂ්ටයින්ගේ පූර්වාදර්ශයන් අනුකරණය කරනවා.

:       0       15

ජෝන් බණ්ඩා Monday, 02 December 2024 01:29 PM

ඇමරිකාවේ,..... ඇමරිකාවේ........ අපේ රටේ එහෙම වෙන්නේ නෑ..

:       0       14

Kumar Monday, 02 December 2024 10:19 PM

Biden හෙළා දකින ඔබ සියලු දෙනා වැරදියි. ට්‍රම්ප් සිය කාර්ය මණ්ඩල මිතුරන් ඇතුළු සිය ගණනකට සමාව දුන්නේ කාර්යාලයෙන් පිටවීමට දින කිහිපයකට පෙර, ඕනෑම නින්දිත ක්‍රියාවක් හෙළිදරව් වීමට පෙරය. වැරදිකරුවෙකු තෝරා පත් කර ගන්නා ලෝකයේ එකම රට.

:       1       0

Kumar Tuesday, 03 December 2024 05:50 AM

ට්‍රම්ප් ට කලින් චන්දය පරාද වී ජනාධිපතිකමෙන් යන්න කලින් තමන්ගෙ පන්දම්කාරයින්ට වරදක් නොකර පොදු සමාවක් දුන්නා.ජනවාරි 6 කැරලිකරුවන්ට සමාව දෙන්න සූදානම. ඛයිඩන්ගෙ තම දරුවට සමාව දෙන එක එතරම් ලොකු දෙයක් නොවේ

:       1       0

රුවන් Tuesday, 03 December 2024 04:34 PM

රාජපක්ෂ පරම්පරාවේ ඥාතිකමක් තියෙනවා ද මන්දා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 88 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 87 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 184 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 96 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 213 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site