ඩෙංගු මදුරු උවදුර ගැන ලොකු මිනිසුන් දැනුම්වත් කිරීමට නයිනමඩම ශාන්ත මරියා ප්‍රාථමික විදුහලේ කුඩා දරු දැරියෝ අද එක් වුහ.
කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයට පැමිණි මේ දරුවෝ පැයක් පමණ පුවරු ඔසවාගෙන වැඩිහිටියනට පැවසුයේ ඩෙංගු මාරයා දෙස ඇස් ඇර බලන ලෙසයි.
ඩෙංගු මදුරු උවදුර ගැන ලොකු මිනිසුන් දැනුම්වත් කිරීමට නයිනමඩම ශාන්ත මරියා ප්‍රාථමික විදුහලේ කුඩා දරු දැරියෝ අද එක් වුහ.
කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයට පැමිණි මේ දරුවෝ පැයක් පමණ පුවරු ඔසවාගෙන වැඩිහිටියනට පැවසුයේ ඩෙංගු මාරයා දෙස ඇස් ඇර බලන ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි දරුවන්ගේ උත්සාහය අගය කලයුතුය. වැඩිවියට පත්වෙන විට පාරවල් අවහිර කර උත්ගෝෂණ කරන පිරිසක් නොවේවා (දී)
ඩෙංගු හදා ගන්නනම් එපා (දී)
ඩෙංගු මදුරුවාට දක්වන සැලකිල්ලම බලධාරීන් රජරට ප්‍රදේශයේ පැතිරෙන් මාරාන්තික වකුගඩු රෝගය සදහා නොදක්වන්නේ ඇයි ද කියන එකයි ප්‍රශ්නය. ඩෙංගු හැදුනොත් සුව කරන්න පුලුවන්. ඒත් වකුගඩු රෝගය හැදුනොත් මරණය නියතයි. ඒ නිසා රජරට වකුගඩු රෝගය පිළිබදවත් මේ වගේම අවධානය යොමුවේවා.(නදී)
මේ ඉල්ලීම දරුවන්ව උද්ඝෝෂණනවලට යොමුකරන පාසල් ගුරුවරුන්ට. කරුණාකරලා දරුවන්ව මහපාරට ගේන්න එපා මේ වැඩ වලට. මේ බොරු වැඩ දරුවන් ලවා කරවන්න එපා. දරුවන්ගේ ජීවිත අනතුරකට ලක් කරන්න එපා. ඔය මාර්ගවල සමහර රියදුරන් වාහන එලවන්නේ පාරේ ඉන්න ගමන් කරන උදවිය ගැන හිතල නොවේ. මතකනේ මේ ලඟදි මඩු වන්දනාවේ යමින් හිටපු කණ්ඩායමකට උන දේ? කරුණාකරලා ඔය උද්ඝෝෂණය පාසල් බිමේ ළමුන්ට ආරක්ෂාව තියෙන තැනක තියන්න. මහා පාරට දු දරුවන් ගෙනල්ල බොරුවක් කරලා දරුවන්ගේ ජීවිත අනතුරට ලක් වෙන විදියේ වැඩ කරන්න එපා. (නදී)
පුංචි පැටව් අපේ මල් වගේ (දී)
හොද ආදර්ශයක් පොඩි අයගෙන් (දිල්)
"දුටු තැන මරා දමමු". දරුණු වචන නේ දරුවන්ට ලියලා දීලා තියෙන්නේ. (නදී)
මේ බබාලා මොනවා කියමින් කෑගසන්නේ දැයි දැනගන්න ආසයි. (දී)
කිසිදු සැලකිල්ලක් නොමැතිව පාරේ යන මගීන් ගැන සැලකිල්ලක් නැතිව රියදුරන් වාහන එලවන රටක පුංචි දරුවන් මේ වගේ මහපාරට උද්ගෝෂණ වලට ගෙන එක හොඳ දෙයක් ද, දරුවන්ගේ ආරක්ෂාවට එක හොඳද කියල හිතුවොත් හොඳා (දී)
වැඩිහිටියන්ගේ අසමත් කම වසාගන්නට කුඩා දරුවන් යෝදා ගැනීම බාල අපරාධයක්. බෝර්ඩ් අල්ලා මදුරුවෝ නැතිරකන්න බැහැ එකට ජාතික වැඩ පිලිවෙලකුත්, එක ක්‍රියාත්මක කරන්න මුදලුත්, දේශපාලන කැපවීමත් අවශ්‍යයි. (දී)
ළමයි ගාව ගත්තු එකනම් භයානකයි (දී)
මේ ළමයින්ටත් දැන්ම ඉඳන් බෝඩ් උස්සන් ඉන්න පුරුදු කරනවා.
රට පාලනය කරන්න ඡන්දෙන් පත්වෙලා, රටේ මිනිසුන්ගේ සල්ලි වලින්ම පඩි අරගෙන, රටේ මිනිසුන්ටම ගෑස් දමන අය ඇස් වහගෙන ඉන්නකොට මේ දරුවන් කොහොම කෑගැහුවත් වැඩක් වෙයිද? (නි)
මට හිතට නැඟුනු අදහසක් ඔබට පවසන්නම්. හිතා බලන්න, ලංකාව වැනි අධික වර්ෂාවක් තිබෙන, මතුපිටින් ගලායන ජල මුලාශ්‍ර බහුල රටක මදුරුවා කියන සත්ව විශේෂය වඳ කරන්න පුලුවන්ද කියලා. කවදාවත් එහෙම කරන්න හැකියාවක් නැහැ. අපි මුලික අවධානය යොමුකරන්න ඕනෑ, මදුරුවන් පාලනය කරන අතරතුරම, මදුරු දෂ්ටන වලින් වැළකෙන අන්දම ගැනයි (නි)