යාපනය සිට වවුනියාව බලා ධාවනය වූ මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථයක් අද සවස යාපනය නුවර මාර්ගයේ , ඕමන්ත විලක්කවයිතකුලම් ප‍්‍රදේශයේ දී පෙරලීයෑමෙන් එක් අයකු මියගොස් 42 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඕමන්ත පොලිසි කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ ඕමන්ත 563 යුද හමුදා බලසේනා මූලස්ථානයට අනුයුක්තව සේවයකරමින් සිටි ලාන්ස් කෝප‍්‍රල් එ.ඊ රත්නායක (36) බවට හඳුනාගෙන ඇත.
තුවාල කරුවන්ගෙන් පුද්ගලයින් 17 දෙනකුගේ තත්ත්වය බරපතල බව වවුනියාව රෝහල් අරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය සේරම මැරෙන්නේ නැතුව බේරුන එක පුදුමයක්. පරණ බස් එකක් ඉගිල්ලෙන හදන්න ඇති. එ්ක නිසා තමයි ගිය යාමට රෝද ටික උඩ පැත්තට තියෙන්නේ. (නදී)
මිනිස්සු තැලිලා පොඩිවෙලා යන්න ඇති.රියදුරාගේ තත්වය කොහොමද? නැත්නම් පැනලා ගියාද? අහිංසක මිනිස්සුන්ට ඉක්මන් සුව වේවා! . (දී)
බස් වල යන අපි දන්නවා යන විදිය. ඇත්තම කිව්වොත් අපිත් කැමතියි දුර ගමන් යන නිසා ඉක්මනට යන්න (නි)
අනතුරට පත් සියලු දෙනා ගැන කණගාටු වෙනවා. මේ දුර ගමන් බස්රථ වලට තටු සවි කළා නම් ගුවන්ගත වෙන්නත් පුළුවන්. ඒ තරමට මේ බස්රථ රියදුරන් වේගයෙන් යනවා. අනතුරක් වළක්වා ගැනීමට දුරගමන් බස්රථ රියදුරන්ට ඇති හැකියාව බිංදුවයි. (නි)
රියදුරන් මඟීන්ගේ ආරක්ෂාව ගැන මීටවඩා සිතිය යුතුයි (නි)
මියගිය අයට නිවන් සුව ලැබේවා! (නි)
තුවාල වූ සියලු දෙනා ඉක්මනින් සුවපත් වේවා! (නි)
යුද්දෙත් අවසන් වෙලා අකාලයේ අපේ හමුදාවේ සගයින් මියයන එක තමා ගොඩාක් දුක. ඔබට නිවන් සුව! අනෙකුත් සියලු දෙනා ඉක්මනින් සුවපත් වේවා! (නි)
තාම බැරිවුණානේ රටේ මාර්ග නීති හරිහැටි පණගන්වන්න. වාහනයේ බර, පාරේ ස්වභාවය, තිරිංග,ටයර් වල තත්වය, වේග සීමා, කාලගුණය මේවා ගැන කිසිම දැනීමක් නැහැ. (නි)
රියදුරන්ගේ පළපුරුද්ද ගැන මීට වඩා අවධානය යොදවන්න ඕනෑ. සල්ලි ටිකක් වීසිකරලා ගන්න බලපත්‍ර නිසා ගොඩක් අනතුරු වැඩිවෙලා තියෙනවා. (නි)