(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායල් අවන්හල්, හෝටල් හා ගෘහපාලනය, නිෂ්පාදන හා කෘෂිකර්මාන්ත යන අංශවල රැකියා සදහා මේ වසර ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලයේ ශ්‍රී ලාංකිකයින් 2994 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

මෙයට අමතරව ලබන 18 වෙනිදා තවත් 261 දෙනෙකු පිටත්ව යාමට නියමිත බවද කාර්යංශය සදහන් කරයි.

අවන්හල් ආශ්‍රිත රැකියා සදහා 158 දෙනෙකුද, හෝටල්, ගෘහපාලන, නිෂ්පාදන හා කෘෂි කර්මාන්ත ආශ්‍රිත රැකියා සදහා 103 දෙනෙකුද මෙලෙස පිටත්ව යාමට නියමිතය. මේ වනවිට රජයේ මාර්ගයෙන් හා ඒජන්සි මාර්ගයෙන් ඊශ්‍රායලයේ සියලු ක්ෂේත්‍රවල රැකියා සදහා 14349 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.