(සුජිත් හේවාජුලිගේ)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පාඩුව රුපියල් කෝටි 7000 දක්වා ඉහළ නැග ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. එහි අලාභය වාර්ෂිකව වර්ධනය වෙමින් පවතින බවද සඳහන්වේ

මේ අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු දත්ත මධ්‍යස්ථාන ආහාර භෝජනාගාර සේවා ගුවන් යානා සේවා ජාත්‍යාන්තර සමාගම් සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට අභිලාෂ කැඳවා අවසන් කර ඇත.

ඒ අනුව තෝරා ගත් සමාගම් 17 ක් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීමට කටයුතු කරගෙන යන බව වරාය නාවික සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

සුදුසු ආයෝජකයන් ලබන වසරේදී තෝරා ගැනීමට අපේක්ෂා කරන බව වරාය නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසූවේය

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ 2013 වසරේ දී ඩොලර් කෝටි 19ක වියදමින් ඉදිකෙරිණ.