විනිල් මැණික් අධිපති ඩබ්ලිව් විණිල් මහතාගේ දියණියගේ විවාහ මංගලෝත්සවය කොළඹ ප්‍රසිද්ධ හෝටලයක දී පැවැත්විණි.
එහි දී මනාලයාගේ පාර්ශ්වයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ද, මනාලියගේ පාර්ශ්වයෙන් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ද සාක්ෂිකරුවන් ලෙස අත්සත් තැබූහ.
ඉන් අනතුරුව දෙදෙනාම එක්ව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. ඡායාරූපයට පෙනී සිටීමෙන් පසු වෙනත් කටයුතු ඇති බැවින් වත්මන් ජනපති පිටව ගිය ද හිටපු ජනපති මද වේලාවක් උත්සවයේ රැඳී සිටියේය.
විවාහ මංගලෝත්සවයේ දී හිටපු ජනපති හා වත්මන් ජනපති කතා බහ නොකළ බව ද කියති.
හිටපු ජනපති සමඟ ‘සෙල්ෆි‘ ගැනීමට ද සමහරු පොරකෑහ.
(ඡායාරූප හා වීඩියෝ ෆේස්බුක් වෙතිනි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා අපරාදේ තව අවුරුදු දෙකක් තියෙද්දී ඡන්දෙකට ගියේ. නැත්නම් මේ වෙනකොට ලංකාව කොච්චර දියුණුද? (නි)
මුදලට සහ බලයට කෑදර වුනාම සින්හයොත් බලු වෙනවලු. (ම)
නාලකගෙ අදහස ඇත්තටම නිර්මානාත්මකයි.(ම)
දැන්නේ කට්ටියට ආතල් එක තියෙන්නේ සෙල්ෆි ගන්න උන්මාදනේ (ම)
මොනවද සැම, ඔය යම් යම් කාරණා? (ම)
අනේ කෙල්ලේ නුඹටත් ගිය කලක්. හිටපු රජාගේ කරෙත් නැග්ගා නේද. (ස)
සියළුම දෙනා දැනගතයුතු කරුණ නම් බලයේ සිටි දේශපාලනඥයින් අතරින් රටට වැඩක් කළ එකම නායකයා මහින්ද පමණක් බවයි. (නි)
අනේ අපිට මෙහෙම පිනක් තිබුණා නම්... (නි)
පිනක් තිබුනා නම් ගෙදර යනවාද රංග? (නි)
මහින්ද වටේ එකතුවෙන සෙනග දැක්කහම කවියක් මතක් වුනා. "කැලේ තිබෙන කොයි දේවත් රස වේවා මලේ බබරු මෙන් පිරිවර ඇති වේවා අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා" (ස)
දිනිති ඔය කියන බුද්දිමත් ජනතාව වැඩිපුර හිටියේ උතුරු නැගෙනහිර නේද. එ්කනේ වැඩි ඡන්ද ලක්ෂ හයක් ලැබුනේ. අනිත් පැතිවල එතුමාට බහුතරය තිබුනේ බුද්දිමත් නැති ජනතාව ඉන්න නිසා වෙන්න ඇති.(නදී)
මහින්දට හොර ලේබල් ගහපු දේශපාලනඥයින් සියළුම දෙනා දැනගත යුතු කරුණ නම් බලයේ සිටි දේශපාලනඥයින් අතරින් රටට වැඩක් කළ එකම නායකයා මහින්ද පමණක් බවයි. ගසාකෑම් සිදුවුණත් අනෙකුත් සියළුම දේශපාලනඥයින් පාහේ රටට කිසිදු වැඩක් නොකර හොරකම් පමණක් කළ අයයි. (නි)
ජනප්‍රියත්වය නෙමෙයි ජනපති කෙනෙක්ට වැදගත්.. ජනප්‍රියත්වයෙන් ජනපති හොඳද නැද්ද කියල මනින්නේ මොලේ නැති අය තමා.. මොකද ජනපති ජනප්‍රිය වුන පමණින් රටේ ජනතාවට වෙන සෙතක් නැනේ.. එදා... සිංහයා නෙමෙයි සිංහ හම පොරෝ ගෙන හිටපු නරියා.. ඒක ඉතින් සමහරු හිතන්නේ හරි එඩිතරකමක් කියල.. අද... බලය නැතුව ආයේ බලය ගන්න හදන රටේ නිකන්ම නිකන් සාමාන්‍ය පුරවැසියෙක් විතරයි.. මොකද හැමදාම ඔටුන්නේ ඉන්න කියලද?? අනික අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හුරගෙන කෑවා කියන ඒක ආඩම්බර වෙන්න දෙයක් නෙමෙයි.. යුද්දේ දින්නා.. එයා විතරක් නෙමෙයි. අහිංසක සෙබළු යුද්ද කරපු නිසා.. සෙබළු නැත්තම් එයා යුද්දෙට යන්නද?? ඒ කාලවකවානුවේ හිටපු ජනපති විදියට එයාට ස්තුති කරනවා.. මේ රටේ බුද්ධිමත් ජනතාවනි.. අපේ රටට ජයෙවේවා!!! (බ)
ඇත්ත,ඇත්ත.බුද්ධිමත් ජනතාවගේ ආකර්ශනය අපි දැක්කනේ ජනවාරි 8වෙනිදා.(නදී)
මහින්ද යුද්දේදි කෙලින් හිටියේ නැත්තම් ඔය කවුරුත් අද නෑ.(හේ)
එදත් සිංහයා, අදත් සිංහයා, හෙටත් සිංහයා (නදී)
පින්තුරේ දැක්කම මහින්ද මහත්තයා ගැන ලොකු දුකක් ඇතිවුනා එතුමා දැනගන්න ඕන එතුමාගේ තත්වයට නැතිනම් අඩු තරමේ වයසටවත් සලකන්න දන්නා මිනිස්සු අතරට යන්න. (බ)
සල්ලි තිබ්බනම් ඔබාමාත් එයි. දුප්පතෙකුට මෙවන් දෙයක් කරන්න පුලුවන්ද? දුප්පතාගේ පුරවැසි වර්ගය කුමක්ද ? (නදී)
අනේ දෙවියනේ, තව තවත් හරියන්න ඕනෑ (නි)
විජිත් මහින්ද කිවුව වගේම වැඩත් කරා. වැඩ නොකර කයිය ගහන නායකයන්ට වඩා ඔහු රටට සේවයක කළ නිසා රටේ ජනතාව ඔහුව ගල් පල්ලි යවනකම් බලන් ඉන්නේ නැහැ (ම)
සිංහයා කවදත් තණකොළ කන්නේ නැහැ පුතේ. (ම)
මහින්ද ගේ කරේ (බ)
ලොක්ක වින්ද සැපේ හැටියට මේක මොන සැපක්ද? (බ)
මහින්ද ගෙදර ඉන්න ඕන නැහැ ....මට හිතෙන හැටියට එයා ඉන්න ඕන ගල්පල්ලියේ. (ස)
අපේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙන රෝගේ නම් ජයටම තියෙනවා. (ස)
මිනිස්සු ඉන්නේ (ඡන්දේ) (ඡන්දෙත් කොටිගේ ඡන්දේ නේ )දිනපු නායකයා ළඟද පරදුණු (යුදෙ දිනපු) නායකයා ළඟද කොච්චර දේවල් කියන්න පුලුවන්නද නිහතමානියව (ම)
හැමදේටම වාසනාව තියන්න ඕනෑ (නි)
නාලක, හොද නිර්මානාත්මක අදහසක් (නදී)
සරා, ඉඩදී දෙන්නට දඬුවම්, දෑස වසා ඉන්නම්. (ර)
මෙයාගේ ජාත්‍යයන්තර මිල මෙතන නැත්තේ අරවා මේවා ගන්න ගිහිල්ලද?(හේ)
මහින්ද ගෙදරට වෙලා ඉන්නවද නැද්ද කියලා තීරණය තියෙන්නේ මහින්ද අතේ. මහින්ද නැවත පත් කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ රටේ ජනතාව.මට තේරෙන්නේ නැත්තේ සමහරු කලබල වෙලා මහින්දට ගෙදරටවෙලා ඉන්න කියන්නේ ඇයි කියලා . තමන් නිවැරදි නම් ජනතාව තමන් සමග නම් මහින්ද සමග තරග කර දිනලා පෙන්වන්න. දින 150 කට පෙර තමන් සමග සිටි ජනතාව තවමත් තමන් සමග බව පෙන්වලා මහින්දව පරද්දන්න. එහෙම නැතිව කලබල වෙලා නන් දොඩවන්න එපා. භය වෙලා වෙවුලන්න එපා. (හේ)
නියමයි හොඳේ (නි)
මහින්ද ජනප්‍රිය නම් අද මෙහෙම අනාත වෙලා ඉන්න ඕනෙද ? (ම)
මහින්ද ජනප්‍රිය නෙමේ... (ර)
පුලාරා මහත්තයෝ මටනම් මතක්වුනේ "සුභාෂිතයේ " එන මේ කවිය. "අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ අනත වෙහෙස ලදුවත් නොම වෙති දුහඳ දිගත පතළ සුවදැති සොඳ සඳුන් කඳ සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ" (අප්‍රමාණ ගුණයෙන් හා නුවණින් යුත් සුප්‍රසිද්ධ උතුමෝ කෙළවරක් නැති හිරිහැර වලට මුහුණ පෑවද, නපුරු හිතක් ඇති කර නොගනිති. ඉමිහිරි සුවඳින් යුතු සඳුන් කඳ කපන විටත් කුඩු කරන විටත් එක විදියටම සුවඳ පතුරවයි.) (ර)
නියමයි හිනාව නම් !!!!!! (නි)
පැරදීම සහ ජයග්‍රහණය දෙකම අනිත්‍ය වේ (නදී)
සෑම්ගේ සහ ඇල්පිටියගේ අදහස් හරි. (නි)
ආශ්චර්යය සහ වෙනස! (නි)
ෂා! ඔබතුමා නම් නියම වාසනාවන්තයෙක් (නි)
ඔන්න ඕවට තමයි කියන්නේ පැරදුනත් ජය මඟුල් කියලා. (නි)
දෙවන ඡායාරූපය දැක්කහම හිතෙනවා, අනේ වාසනාවන්! (නි)
මම ඔතන හිටියා නම් මමත් එකක් ගන්නවා. (නි)
සෑම්, ඒක ඇත්ත. එත් මොකද්ද ඒක මේ කතාවත් එක්ක තියෙන සම්බන්ධය? (නි)
කවුරු පැරදුනත් විනිල්ලා දිනුම් .ජනතාව තමයි පැරදුනේ (නදී)
මහින්ද හරි සතුටින් වගේ. පිට හෝදන්නේ නැතුව ඇති තව සුමානෙකට. (නි)
අම්මෝ! මගේ ඇඟේ හිරිගඩු පිපුණා (නි)
හිවලකු සහ සිංහයෙකු එකට තියල වගේ (බ)
පත්තරේට මේක අවේ කොහොමද.? (ර)
මේවා හරිම මැජික් තමයි යාලු.... (ර)
මේක තමයි වාසනාව. පැරදිලත් ජනප්‍රියයි (නි)
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තුමා යුද්ධය අවසන් කර සාමය ඇති කර මිනිසුන්ගේ හදවත්වල වීරයෙකු ලෙස සටහන් උනා. නමුත් යම් යම් කාරනා හේතුවෙන් මිනිසුන් එතුමාව ඈත් කළා. (ර)
මිනිස්සු සෙලිෆි ගහන්න උනත්, තවම පොර කන්නේ මහින්ද ජනපති තුමා සමග, ජනප්‍රිය කව්ද , ජනඅප්‍රිය කව්ද කියල දැන් තේරෙනවා ඇති නේ. (ස)
සිරිසේනත් වැඩ නැතිව මඟුල් ගෙදර සල්ලිවලට ඔක්කොම යටයි (බ)
පින තමයි! (නි)
සිංහයා තවමත් ගාම්භීරව සිනහමුසු මුහුණෙන්... (නි)
මහින්ද මහත්තයා තවමත් ජනප්‍රියයි. මහින්ද මහතා වටා සෙනඟ රොක්වනවිට සමහරුන්ට හීන් දහදියක් වැටිලා (නි)
අම්මෝ බලන්නකෝ හිනාව! (නි)
අදහස් පළකිරීම ගැන ලංකාදීපයට ස්තූතියි. (නි)
ගාමිණී දුල්ලෑව,ඔබගේ මුඛය රටක් වටී. (නි)
මේක තමයි වාසනාව. පැරදිලත් ජනප්‍රියයි.ජය වේවා! (නි)
තංගල්ල බෙලිඅත්ත පැත්තේ නේ ! (බ)
ගිය කලක්..... (ම)
බයවෙන්න එපා. මහින්ද මහත්තය එනවා. (නි)
ඒකත් සුබ මංගලම් කිව්වලු ...! (නි)
මේ ෆොටෝ එකෙන් මහින්දගෙ සොඳුරු සිනාව බලාගන්න පුළුවන්. (නි)
බලන්නකෝ ඉන්න ලස්සන.... (නි)
පින තමයි ලොක්කගේ! (නි)
කිසිමදාක එක්නොවන පාර්ශව දෙකක්නේ අත්සන් කරලා තියෙන්නේ. (නි)
ඕක තමා සැබෑ වෙනස. ආකර්ෂණය වැඩි කාටද, ඇත් රජෙක් සමග මිස නරියෙක් සමග ෆොටෝ ගන්න කවුද කැමති (නදී)