දොඩංගොඩ බෝඹුවල දී මැර පිරිසකගේ ප්‍රහාරයට පසුගිය මැයි 30 වැනි දා ලක්වූ බව කියන කොස්තාපල් සුමින්ද සමන් පොලිසියට දී ඇති වෙලාවල් සම්බන්ධයෙන් අද මිරිහාන විශේෂ පොලිස් කණ්ඩායම පරීක්ෂණ දෙකක් පැවැත්වීය.
ඔහුට පහර දුන් බව කියන වේලාව හා ඉන් පසු ඔහු ගත් ක්‍රියාමාර්ග සම්බන්ධ වෙලාව ගැන මෙම පරීක්ෂණය තෙවැනි වරත් අද රාත්‍රී පැවැත්වීමට නියමිතය.
පොලිසිය සොයා බලනුයේ ඔහු කියා ඇති වෙලාවල් නිවැරදි අවබෝධ්‍යක් ලබා ගැනීමයි.
කුලියට ගත් නැනෝ කාරයක් මේ සදහා යොදා ගැනේ. එදා ඔහු ගිය ගමන් මාර්ගයේම මේ පරීක්ෂණයට යොදාගෙන ඇත.
මේ අතර අනුරාධපුර පොලිසියේ පිරිසක් ඔහුගේ මව හා පියා හමුවී ඔහුගේ දේශපාලන පක්ෂපාත කම් ගැන කරුණු විමසා ඇතැයි දැනගන්නට තිබේ.
මෙම පොලිස් කොස්තාපල් කියා ඇත්තේ සමූපකාර නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතා අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් ගමන් කිරීම නිසා දඩ කොළයක් දුන්විට තමාට බැණ වැදුණු බවයි. මේ සිද්ධියට තමාගේ කිසිම සම්බන්ධයක් නැතැයි ඇමැතිවරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය.
එම කොස්තාපල්වරයා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පොලිස්පතිට යැවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරා, ඔයා කඩේ යනවා වැඩි නැද්ද? (නි)
අනෙක් පොලිසියේ ඇත්තන්ටත් මේක හොඳ පාඩමක් (නි)
ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාවය මේ වෙලාවේ දැනෙනවා (නි)
බන්දුල, හැබැයි දවසක ඔය කාටත් හෘද සාක්ෂිය කියන උසාවියෙන් දඩුවම් විඳින්න වෙනවාමයි (නි)
මේ කොස්තාපල්ට මොනවා හරි වුණොත් ඒකට මුළු සමාජයම වගකිව යුතුයිි. අපි ඇස් , කන් වසාගෙන සිටිය යුතුද? (නි)
ජයා මහත්තයෝ, අපි මේ වයසට නිකන් ආවේ නැහැ.සමාජය ගැන හොඳ අත්දැකීමක් එක්ක ආවේ..මට පෙනෙන දේ මම කිව්වේ.හෙට අනිද්දා සත්‍යය එළි වේවි.එතකොට බලමු (නි)
මේ වගේ දෙයක් ඉන්දියාවේ හරි එංගලන්තේ හරි උනොත් මොකද වෙන්නේ. (නදී)
පොලිසිය තියෙන්නේ අපක්ෂපාතිව පරික්ෂන කරලා වැරදි කරුවන් නීතියට අසුකරගන්න. නැතුව ජනතාවට විහුලු සපයන්නවත් තම සහෝද නිලධාරන්ව දේශපාලන බලයට යටවී අසරණ කරන්නවත් නෙමෙයි (නදී)
අනේ කුහුඹින්නේ නුඹටත් රජෙකු ඉන්නේ... අපිට නැහැ ඉන්නේ... ඒ නිසාවෙනි අපි තැවෙන්නේ... (නි)
ලංකා තිලක්,බන්දුල පෙරේරා, මමත් මේ රජයේ ප්‍රබල කෙනෙක්. නමුත් කිසිම හිතක් පපුවත් නැතුව අදහස් ලියන්නේ නැහැ කවදාවත්. මේක කොහොමද ඔයාලා සාධාරණීකරණය කරන්නේ?මොහුට මේ වගේ ඉරණමකට මුහුණදීමට සිදුවීම ඉතාමත් කණගාටුදායකයි. (නි)
මේකත් ආසියාවේ ආශ්චර්යයේම කොටසක්ද? (නි)
මොකක්ද මේ වෙන්නේ? මේ විදිහට ගියොත් පොලිස් පොඩ්ඩන් පොලිසිය හැරයාවි! (නි)
මොන එම්බසියටද වීසා අයදුම්පත ඉදිරිපත් වෙන්නේ කියලා හොයලා බැලුවොත් නේද හොඳ? පොලිස් සේවය තුළදී නොලැබෙන ආරක්ෂාවක් සිවිල් ජීවිතයේ ලබාගත හැකිද?? (නි)
අන්තිමට හොයාගනී සුමින්ද මහත්තයා බොරුකාරයා, හේමාල් මහත්තයා බොරු නොකියන හොඳ මහත්තයා කියල (නදී)
පොලිසියේ හැමෝටම ඔය ටික තමයි වෙන්නේ. අන්තිමට තමන්ට තමන් විතරයි. (නදී)
හරියට උන දේ ගැන දන්නේ නැතුව අදහස් පල කරන එක අපරාදයක්. (ස)
රජයේ ප්‍රබලයොත් කටාර්වල වැඩ කරනවා එහෙනම්. (නදී)
ජයා මහත්තයෝ අපි හැමෝගෙම හෘද සාක්ෂි දැක්ක වටරැක හිමිගේ සිද්ධියේදී. යමක් සිදුවෙන්න ඉඩ තියෙන හේතු කාරණා ගැන හොයන්නේ නැතුව සිදුවිමක තියෙන්න පුළුවන් දෙපැත්ත ගැනම සැලකිලිමත් වෙන්නේ නැතුව පැමිණිලිකරුගේ ප්‍රකාශනයෙන්ම පමණක් නඩු අහල තීන්දු දෙන උසාවි තියෙන හෘද සාක්ෂි මොකටද මහත්තයෝ. මට මේ ඇමති තුමාට සුදු හුණු ගාන්න අවශ්‍ය නැහැ.අපි මේ වයසට නිකන් ආවේ නැහැ..සමාජය ගැන හොඳ අත්දැකීමක් එක්ක ආවේ.. මට පේන දේ මම කිව්වේ..හෙට අනිද්දා සත්‍යය එලි වේවි..එතකොට බලමු ඔය හෘද සාක්ෂි උසාවි වල තීන්දු මොන වගේ වේවිද කියල..ගෆුර් මහත්තයට මම ගොඩක් ගරු කරනවා..මමනම් මේ රජයේ ආධාර කරුවෙක් නෙමෙයි.කිසිම ප්‍රයෝගික දේශපාලනයක යෙදෙන්නෙකුත් නෙමෙයි. මම ජනාධිපති තුමාට ගරු කරනවා..මගේ දරුවන්ට ත්‍රස්තවාදයෙන් තොර ව මර බිය නැතුව ජිවත් වෙන්න රටක් බිහි කරලා දීපු නිසා. එ්ක දේශපාලන දැක්මකින් කරන දෙයක් නෙමෙයි.. කට්ටිය මම කඩේ යනවා කියනවනම් ඒ දේ කවුරු කලත් ඒ පුද්ගලයා වෙනුවෙනුත් මම කඩේ යනවා.. (ස)
අපේ රටේ දෙසපාලකයෝ බොරු කියන්නේ නැහැ (නදී)
ඔහුට කොහෙන් හෝ සාධාරණය ඉටු විය යුතුයි. අපක්ෂ පාතී පරීක්ෂණයකට නම් දේශපාලකයා නිතරම හරි යන මානසිකත්වයෙන් පොලිසිය මිදිය යුතුයි. (නදී)
දඩ කොලයක් ලිව්වම අපිත් පොලිස් රාලහාමිගේ අම්ම මුත්තා මතක් කරන එකේ මේ ඇමති තුමත් එවලේ රාලහාමිගේ පලු අරින්න ඇති. අපි වගේ හිතින් බනින්න එයාලට අවශ්‍ය නැහැනේ. බලය තියෙනවනේ. පොඩ්ඩක් ඕක ප්‍රදර්ශනය කරන්න ඇති. නැතුව මේක මේ රාලහාමිගෙන් එලව එලව කාර් ගිනි තිය තිය පලි ගන්න තරම් පිස්සුවක් මේ ඇමති තුමාට ඇති කියල මම නම් හිතන්නේ නැහැ. ඇමතිවරු පිස්සු කෙලිනවා තමයි. ඒත් මේ වගේ තුට්ටු දෙකේ පිස්සු කෙලින්න එයාලට වෙලාවක් තියෙන්න නම් විදියක් නැහැ. මේක තවත් වටරැක ජාතකයක්. රාලහාමි මාධ්‍ය වලට දීපු ප්‍රචාර අනුව රාලහාමිගෙ අවශ්‍යතාවය අපිට නම් හොදින්ම පැහැදිලියි. (නදී)
අන්තිමයට වෙන්නේ මහජන මුදල් වියදම් කරලා කිසිම දෙයක් සොයා නොගෙන මෙය අවසන් වීමයී. අර අසරණ පොලිස් නිලධාරියට වුනේ තමන්ගේ රාජකාරිය හරියට කරන්න ගොස් තමාගේ ජීවිතය විනාස කරගැනීමයි. මෙන්න යහපාලනය තියන ප්‍රජාතන්ත්‍රවාදී රටක ආස්චාර්ය. සුබ අනාගතයක්...! (නදී)
පිටිගල මහත්තයෝ..මේක අනාවැකියක් දිනෙත් එක්ක මතක තියාගන්න. වටරැක හාමදුරුවන්ට වුනු දේ අද හෙටම මේ රාලහාමිටත් වෙනවා. මේක තවත් එක් වටරැක ජාතකයක් පමණයි. (නදී)
අධි වේග මාර්ගයේ සී.සී.ටී.වී කැමරා එකේ හොදට පැහැදිලිව තියනවා ගරු උප ඇමතිතුමා ඉතාමත් ආදරයෙන් රාළහාමිට කතා කරනවා දඩ කොලේ දුන්නට පස්සේ. හොද සිංහලන් සමුපකාර භාෂාවෙන් තමයි කතා කරන්නේ. පොඩි එකාගේ ඡන්දෙන් පත් උනාට පස්සේ උන්ගේ ඇග උඩ නැගල තමයි පහරන්නේ. (නදී)
කොන්දක් තිබිච්ච පොලිස් නිලදාරියෙක්. නමුත් බලපෑමට යටත් වෙලා ඉල්ලා අස්වෙලා වගේ. ඇමතිවරයෙක් ගේ වැරැද්දකට දඩුවමක් දුන්නොත් වෙනදේ දන්නවනේ. එය දැන දැනත් මෙයා දඩ කොලය දෙන්න එඩිතර වුණා. මෙයා ඇමතිගේ වාහනය නැවැත්තුවේ දැනගෙන නෙමේ. මේ වගේ පොලිස් නිලදාරීන් අනිත් අයටත් ආදර්ශයක්. පිටරට වල නම් රටේ අගමැති හරි වැරදියට වාහන පැදෙව්වොත් පොලිසියෙන් අල්ලනවා. (නදී)
මහත්වරුනි, ලංකාවේ කවද්ද ආණ්ඩු පක්ෂයේ ඉන්න දේශපාලකයෝ වැරදි කාරයෝ උනේ. (නදී)
දේශපාලකයන්ගේ වැඩ ගැන අවුරුදු 30ක විතර අත්දැකීම් තියෙන මිනිහෙක් හැටියට මට හිතෙන දේ තමයි මේ ප්‍රකාශ කලේ. පොලිසියේ මමත් කාලයක් හිටියට මම පොලිසියටවත් දේශපාලකයන්ටවත් කඩේ යන්නේ නැහැ. වර්තමාන පොලිසිය නිතරම මම විවේචනය කරන්නේ එ්කයි. ඔය කාගේ ,කාගේ කිල්ලොටා වලත් හුණු තියෙනවා බන්දුල මහත්තයෝ. (නදී)
පහු වෙලා හරි මේවා හෙව්වේ නැත්නම් මෝඩ මිනිස්සු රවටලා දේශපාලන රැලි හදන්න ගොඩක් අය ලැහැස්ති වෙයි. (නදී)
තවත් අලුත් වැඩක් වගෙයි (නි)
ඇසළ, අපි දන්නා විදියට සී.සී.ටී.වී කැමරාවල එහෙමදෙයක් තිබුනේ නැහැ. ඔය කියන්නේ ඔයාගේ ගෙදර කැමරා ගැනද? (නි)
මෙතන අපිව කවුරුන් විසින් රවටන්න හැදුවත්,අවසානයේ ඒ අයම රැවටිලා ඉන්නවා දකින්න පුළුවන් වෙයි. (නි)
රටේ දේශපාලන බලය නීතියේ බලයට වඩා ප්‍රබලයි කියන එක අද රටේ වෙන දේවල් දිහා බැලුවහම පැහැදිලි වෙනවා (නි)
අයියෝ! ලංකා තිලක්, ඔබතුමා ලංකාවෙ කෙනෙක්ද? (නි)
මදැයි මාසෙකට පස්සෙවත් පොලිසියේ ඇස් ඇරුණා.... (නි)
මේ ක්‍රමය සාර්ථක වෙයිද? (නි)