හින්දූන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ විෂ්ණු දෙවියන් ලෙස ඉන්දියාවේ බිස්නස් ටුඩේ සඟරාවේ වෙළෙඳ දැන්වීමට පෙනී සිටීමෙන් ආගමික හැඟීම් කෙළෙසීයැයි ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ නායක එම් එස් දෝණි අත්අඩංගුවට ගැනීමට හයිද්‍රබාද් උසාවියක් වරෙන්තු නිකුත් කළේය.
සිතාසි නිකුත් කර තිබිය දී අවස්ථා තුනක දීම ඔහු උසාවි නොපැමිණි නිසා වරෙන්තු නිකුත් කැරිණි.
ලොකු ගනුදෙනුවල දෙවියා යනුවෙන් දෝණිගේ ඡායාරූපය යටින් එම පුවත්පතේ කවරයේ කතාව පළ කර ඇත්තේ 2013 අප්‍රේල් මාසයේ දීය.
විශ්ව හින්දු පර්ශදය උසාවියට පෙත්සමක් ඉදිරිපත් කරමින් දෝණි හින්දු ආගමට අපහාර කළැයි කියා සිටියේය. ඔහුට එරෙහිව නවදිල්ලිය, පූනේ හා තවත් නගරවල නඩු පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයක් භාවනා කරලා විෂ්ණු දෙවියන් ගෙන් අවසර අරගෙන මේ දැන්වීමට පෙනී හිටිය කියල කිව්වනම් හරි. බොරු නම් විෂ්ණු දෙවියන්ගෙන් අහල බලන්න කියන්න..(අ)
ඕනෑම කෙනෙකුට බුද්ධ ධර්මයට, බුදුන්ට අපහාස කරන්න නිදහස තියනවා, නඩු දැම්මොත් මානව හිමිකම් කැඩුවා, ආගමික නිදහස නැති කරනවා කියන්න පුළුවන්, ඒ වාගේම් ඒ වැඩේ කලේ භක්තිය නිසා කියලා කියන්නත් පුළුවන්. (අ)
සල්ලි දෙනවා කිව්වා නම දෙයියොත් එයි. මෙයා ගන්නේ නැතුව දෙයියෝම ගන්න තිබ්බා (අ)
ඒ වෙළඳ දැන්වීම ඉන්ටනෙට් එකේ දැක්කාම මට හිනත් ගියා. කොහොම උනත් මටනම් හිතෙන්නෙ වරද කරල තියෙන්නේ ඡායාරූපය සංස්කරණය කල සහ දැන්වීම ප්‍රචාරය කල අයයි. දෝනි විහින් වරෙන්තු අරගෙන. (අ)
අනේ මට ඔය පින්තුරේ හොයල දෙන්නකෝ. දේවාලයක් හදාගන්න. (අ)
අපේ වැඩබිමේ ඉන්නවා විෂ්ණු , යකා, දීපංකර, ක්‍රිෂ්ණා, ජීසස් ඔය සේරම. හැබැයි නේපාලයෙන් ඇවිත් ඉන්න සුළු සේවකයෝ.අහිංසක කොල්ලෝ . ඒ ගොල්ලන්ට නඩු දාන්නේ නැහැ කව්රුවත්. (ස)
මම දැක්ක ඉන්ටනෙට් එකේ අපේ එක්කෙනෙකුත් හින්දු පුජකයෙක් වගේ ඇදගෙන ඡායාරුප අරන් තියනවා එයාටත් වරෙන්තුවක් හම්බ වෙයිද දන්නේ නැ.දැන් ඉන්දියාව මැච් දිගටම පරදිනවනේ .දිනනකොට විතරයි දේවත්වයෙන් සලකන්නේ .පරදිනකොට ගෙවලුත් ගිනි තියනවා .(ස)
ඉන්දියාවේ වැඩ බලාගන්න මිලියන 1200ක පමණ ජනතාවක් ඉන්නවා. මිලියන 21ක් විතර වූ අපි කලාපයේ විතරක් නොවෙයි ලෝකෙම තියෙන ප්‍රශ්න ඔළුවට ගන්නවා. ඒකයි එක ප්‍රශ්නයක්වත් විසඳිලා නැත්තේ. (නි)
මේවා හොඳ වැඩ නෙමෙයි (නි)
එයාට ඕනෑ දෙයක් කරගන්න කියන්න. අපිට නම් කමක් නැහැ (නි)
ඔව් ඉතින් රටට හෙන ගැහුවත් ඔහෙලට කමක් නැහැ තමයි (නදී)
දෝනි කියන්නේ විෂ්ණු දෙවියන් යැයි විශ්වාස කරන සෑහෙන පිරිසක් ඇති ඉන්දියාවේ. තෙන්ඩුල්කාර්වත් ඔවුන් සලකන්නේ දේවත්වයේ. මොහුව අත් අඩංගුවට ගන්න උත්සාහ කලොත් ඔවුන් හිතයි විෂ්ණු දෙවියන්ව සිර භාරයට ගන්න යනවා කියලා. (නදී)
අනේ හැබැටම අපිට කතා කරන්න අපේම කියල ප්‍රශ්න නැති හැටි. අපේ රට ඒ තරමටම සංවර්ධිතයි...සුවන්පොෂිතයි.... (නදී)
ඉන්දියාවේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ.ඕන කෙනෙක්ට බුද්ධාගමට නිගරු කරලා ජොලියේ ඉන්න පුළුවන්!(දී)