ගාල්ල මහින්ද විද්‍යාලයේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භකැර වසර සියයක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද පා ගමනක් ගාල්ල නගරයේ දී පැවැත්විණි. 1914 වර්ෂයේ දී මහින්ද බාලදක්ෂ සමූහය ආරම්භ කැර ඇති අතර එය පළමු ගාලු බලදක්ෂ සමූහය හා ශ්‍රී ලංකාවේ තෙවැනි බාලදක්ෂ සමූහයයි.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතය අතීතයට දිවයනවා, මිහිදු මාතාවගේ දරුවෙකු වීම ගැන හැමදාම ආඩම්බරයි (දී)
ජයවේවා, සුභපතනවා (දී)
දකින්නත් ලස්සනයි. මමත් බාල දක්ෂයෙක්. ජීවිතය ඉගෙනගන්න, ජීවිතයට මුහුණ දෙන්න, දෙයක් තනියම කිරීමට බය නැතිවෙන හොදම දෙය මෙයයි. සරලයි වගේම සුන්දරයි. (දී)
මහින්දයේ මිහිඳු පුතෙක් හැටියට ඇස දෙකට කඳුළු එනවා අතීතය මතක් වෙනකොට. ඒ පාසල් සමයට මට අයෙත් යන්න පුළුවන් නම්.....ජයෙන් ජය මහින්දයට.. (දී)
ආදරනීය බාලධක්ෂයනි, ආදරනීය පාසල් මව මහින්දය ඔබට ජය.(දී)
ආදර මහින්ද මෑණියනි , අපි ඔබට සදා ණයගැති වෙමු.ඔබ සියවසක් නොව වසර දහස් ගණනක් දිනේවා ! එමෙන්ම දැනට ඉගනුම ලබන සියලුම ආදර පුතාලගෙන් එක ඉල්ලීමක් ඔබේ මහින්ද අම්මා ආදරයෙන් රැකගන්න කිසිම විටෙක ඇයගේ නම කෙළෙසන්න එපා.යම්කිසිදවසක ඔබ පාසලෙන් නික්මුනුවිට ඔබට දැනේවි මහින්ද අම්මගේ අගේ. (දී)
සුන්දර ගාලු පුරවරය මෙලෙසින් දැකීමත් සිතට සතුටක්..,මහින්දයේ දු පුතුන්ට දිගාසිරි.......!!!(දී)
ජයසේකර, ආරියපාල, යසපාල , දයාපාල ගුරු බවතුන් මගේ මතකයට එනවා. (දී)
ජයවේවා, සුභපතනවා (දී)
මහින්දයේ ආදී සහ වර්තමාන බාලදක්ෂ මිතුරන්ට මගෙන් උණුසුම් සුභ පැතුම්!!!(දී)
සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කලේ අයෙත් එනවනම් මගේ දිවියට අසයි ඒ ලස්සන කලේ.(දී)
මටත් ඔයාල එක්ක එකතුවෙලා සියවස සමරන්න තිබුනනුම් කියල හිතෙනවා...... බාලදක්ෂ කරපු කලේ දේවල් මතක් වෙනකොට හිතට මර සතුටක් දන්නෙන්නේ ...... ඉන්දික සේමගේ අයියගේ අදහස තමයි මටත් කියන්න තියෙන්නේ..(දී)
මහින්ද මාතාව කවදත් බිහිකරන්නේ රටට ජාතියට ආදරය කරන බොරු සෝබන නැති දරුවන්. මහින්ද මාතාව සදා බැබලේවා!(දිල්)
ජයවේවා ෆිගාමාස්ක්.... මහින්දයෙක් නොවුනත් මලියදේවයන් හා බැදි මිතු දම අදටත් ශක්තිමත්.... (දී)
මහින්දය ඔබට ජය (දී)