නව රාජ්‍ය සේවා කොමිසම මහින්ද රාජපක්ෂ ජනපති විසින් අද අරලියගහ මැදුරේ දී පත් කරනු ලැබීය.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සත්‍ය හෙට්ටිගේ මහතා වසර තුනක කාල සීමාවක් සඳහා බල පැවැත්වෙන පරිදි කොමිසමේ සභාපතිත්වය දරයි.
එස් සී මානප්පෙරුම, ආනන්ද සෙනවිරත්න, එන් එච් පතිරන, එස් තිල්ව නඩරාජා, එස් ඒ මොහොමඩ් නහියා, කාන්ති විජේතුංග, සුනිල් එස් සිරිසේන, විශේෂඥ වෛද්‍ය අයි එන් සොයිසා ගුණසේකර මහත්ම මහත්මීහු කොමිසමේ සාමාජිකයෝ වෙති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 වැනි වගන්තිය යටතේ රාජ්‍ය සේවයේ පත්වීම්, උසස්වීම්, මාරුවීම් සහ විනය පාලන කටයුතු සඳහා කොමිසමට බලය පැවරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රේෂ්ඨ ලාංකිකයන් විදියට කාටවත් යටනොවී අපේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න කියලා ඉල්ලා සිටිනවා. (නි)
අනේ! සුදුසු අයට පමණක් උසස්වීම් දෙන්න. (නි)
සත්‍යය ජය ගනී! (නි)
බොහොම හොඳයි (නි)
සියලුම ජාතින් මේ කොමිසට පත් කල එක ගැනට මගේ ගෞරවය ජනාදිපති තුමාට.සියලුම සාමාජිකයින් අපක්ෂපාති සාධාරණ තීන්දු තීරණ අනුව වැඩකිරීමට සක්තිය ධෛර්ය ලැබේව! (දී)
නම් වලින්ම කිව හැකියි මොනවද වෙන්න යන්නේ කියලා. අනේ මගේ රටේ යහ පාලනය (නදී)