රජරට විශ්ව විද්‍යාලයයේ උප කුලපති ඇතුළු 12 දෙනකු සිර අඩස්සියට ගෙන අයුතු බිය ගැන්වීමක් කළැයි සැකපිට එම විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීහු සිව් දෙනෙක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය විසින් ලබන 07 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
මිහින්තලේ පොලිසිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ආයෙත් මේ සිසුන් නිදහස් කරන්න කියලා උද්ගෝෂණ කරාවි. ඊළඟට ටික දවසකින් දඬුවම ඉවත් කරන්න කියලා කෑ ගසාවී. මෙතනින් ඕවා කෙලවර වෙන්නේ නැහැ. හැමදාම ප්‍රශ්න. පැත්තක ඉන්න මහජනයා මේ අයට අධ්‍යාපනය දෙන්න බදු ගෙව ගෙවා පෙර පව් ගෙවනවා. (නදී)
එක පැත්තක විතරක් නොවේ, දෙපැත්තේම වැරදි තියනවා. මොන පැත්තක් වත් නිදොස් නැහැ. මේ දෙපාර්ශවයම තමුන්ගේ වැරදි මොනවද කියල අවන්කවම අවබෝද කරගෙන ඒ වරද නොවෙන්න වග බලාගත්තම ඒ වැරදි නිවැරදි කරගන්න පුළුවන් වෙනවා. (නදී)
නීත්‍යානුකුල ශිෂ්‍ය සටන්වලදී කිසිවෙක් සිර අඩස්සියට ගන්න බැහැ. ඔන්න පුතාලා දැන් නියම තැනට ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් ප්‍රශ්නයට තනි තනිවම මුහුණ දෙන්න. ශිෂ්‍යභාවය අහෝසිකරන්න, හිරේ යවන්න වගේ තීරණයක් උසාවියෙන් ලැබුනොත් තාත්තාට කියන්න බේරාගන්න කියලා. (නදී) .
පලි ගැනීම් වල සීමාවක් තියෙන්න ඕනේ (දී)
මෙම සිසුන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුය මොවුන් මෙසේ බලය සහ නිතිය අතට ගැනීම ඉතා බයානකය රටක පැවැත්මට ඉතාම අහිතකර දෙයක් මෙය , (දී)
ඔය නරක වැඩ කරන අය විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරලා අවංක ඉගෙන ගන්න හිතෙන දරුවන්ට තැන දෙන්න ඕන,ඔය වගේ අය සමාජයට බරක් වගේම ඉගෙන ගන්න අයටත් බරක් හිසරදයක්. (ස)
සේන මේක පලිගැනීමක් නොවෙයි. නිතිය ක්‍රියාත්මක කර අධ්‍යාපනය දුෂ්ට දේශපාලනයෙන් වෙන්කර ගැනීමට කරන උත්සහයක්. වැරදි කරන්නා දඩුවමක් විඳිය යුතුයි අන් අයටත් පාඩමක් ඉගන ගැනීමට නම්. (ස)
මිනිස්සු රැවටෙනවා විතරයි (දී)
කමක් නැහැ නිතිය අතට ගෙන අවනීතිය රජ කරන්න හැදුවට (දී)
අනවශ්‍ය වැඩ නොකර ඉගෙනගන්න ආ අය ඉගෙනගත්තා නම් හරිනේ (නි)
මේ ළමයින් මෙවැනි තත්තවයකට පත් වුණේ ඔවුන්ට වූ යම් අසාධාරණයක් නිසා නොවේද? ඒ ගැනත් සළකා බලන්න ඕනෑ නේද? (නි)
ඉතින් සේනක, අපිටත් නොයෙකුත් අසාධාරණ සමාජයේ ජීවත් වෙනකොට සිද්ධ වෙනවා. අපි මිනිසුන්ව සිර කරගෙන ඒවාට විසඳුම් හොයන්න ගියොත් මොකද වෙන්නේ ? පසුගිය කාලයේ සමහරු කියූ දේවල් හරියට හරි. සරසවියෙන් එළියට ගිය දවසට රැකියා ස්ථානයේ ප්‍රධානියාවත් මේ විදියට ඉල්ලීම් ඉටු කළේ නැහැ කියලා සිර කරන්නද ? (නි)
මේවා අලුත් දේවල් වත් මීට කලින් සිදු නොවුන එව්වත් නෙමෙයි. මට මතක් වෙනවා මීට අවුරුදු විසිපහකට කලින් අපිත් රුහුණේ උපකුලපතිව ඔහොම පැය ගණනක් හිර කර ගෙන අපේ පන්ති තහනම් කරපු අයව බේරගත්තා. ඕවා ඔය තරම් පලිගන්න ඕන දේවල් නෙමෙයි. (නදී)
දැන් හොඳට ඉගෙනගන්න පුලුවන් වේවි (නි)