අලුත්ගම බේරුවල හා ධර්ගා නගරයේ පසුගිය 15 වැනි දා සිදුවූ ගැටුමෙන් සිංහල හා මුස්ලිම් පිරිස්වලට සිදුවූ හානි දැක බලා ගැනීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නියෝජිත පිරිසක් ද සමඟ අද එහ පෙදෙස් වලට ගියේය.
මුලින්ම කන්දේ විහාරයට ගිය වික්‍රමසිංහ මහතා එහි ආගමික වතාවත්වලින් පසු ධර්ගා නගරයේ මුස්ලිම් දේවස්ථානයකට ද, පතිරාජගොඩ විහාරස්ථානයකට ද ගියේය.
(තුසිත කුමාර සිල්වා)
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන වාසි බලාගෙන කවුරුවත් යන්න එපා (දී)
ඔබ හොඳ නායකයෙක් බුද්දිමත් දෙසපාලකයෙක් (දී)
දේශපාලන වාසි බලා මෙතනට කිසි කෙනෙක් ආවේ නැහැ (දී)
එවැනි තත්වයක් නැවත සිදු වෙන්න එපා කියලා තමයි මගේ එකම පැතුම (දී)
ඩිලාන්. හරි හොද අධ්‍යාපනයක් රනිල් මහත්තයාට තියෙනවා (දී)
දිලාන් දයාන් ඔයාල දෙන්නම හරි. රනිල් මහත්තයට හොද ජාත්‍යන්තර සම්බන්දකම් තියෙන නායකයෙක්, හොර නාමයක් නැති පිරිසිදු දේශපාලන චරිතයක්. (දී)
කට්ටිය දැන් වෙසක් බලන්න වගේ පෝලිමේ දර්ගා නගරෙට යනවා. අනේ සාධු (දී)
ඔබේ පැමිණීම අපිට හයියක් (දී)
කව්රු මොනවා කියුවත් අපි ඔබ සමගයි (දී)
ඔබ කියන කතාව හරි රටටයි වනම්බුව උනේ (දී)
දැන් ඉතින් කවුරු කවුරුත් තමන්ගේ නමට ඉදිරියෙන් එක දාගන්න තමයි බලන්නේ. (දී)
මේ ප්‍රශ්නය මෙහෙම විසදුන එක ඉතා වටිනවා (දී)
පරක්කු මොකද කියලා බැලුවා (දී)
බලලා ප්‍රකාශයක් කරලා වැඩක් නැහැ ජාතික සමගිය වෙනුවෙන් ඇප කැප වෙන්න ඕනේ (දී)
මෙතුමා බුද්දිමත් හොද මහත්මයෙක් , පිරිසිදු හා දුෂණ වංචා වලින් තෝරා දේශපාලන මහත්මයෙක් . නමුත් පළපුරුදු දේශපාලන නායකයෙක් කියන එක ගැන නම් ටිකක් තව හිතලා බලන්න ඕනේ (දී)
සියලු දෙනා සාමයෙන් සමාදානයෙන් ඉන්නවා (දී)
හොද මනුස්සයෙක් (දී)
රනිල් මහත්තය මෑතක ඉදල ගොඩක් ජනප්‍රියවෙලා වගෙයි .කොතන ගියත් හැමෝම හොදමයි කියන්නේ.(දී)
මොන අඩු පාඩු තිබුනත් ජාති බේදයක් නැති කාටත් එක වගේ සලකන ජන හිත අදුනන නායකයෙක්.(දී)
අවංක නායකයෙක් ,මොන ප්‍රශ්න තිබුනත් එතුමා ඕනෑම ප්‍රශ්නයක් බුද්ධිමත්ව කටුතු කරන නායකයෙක් , (දී)
අනේ මන්දා සමහරුන්ට රනිල් මහතා මෙතනට ගියත් වැරදි, නොගියත් වැරදි. ! (දී)
සාමය සතුට බෙදාගෙන සියලු දෙනාම යහතින් ජීවත් වෙන්න බලන්න රනිල් මහත්මයටත් සියලු දෙවියන්ගේ පිහිටි ඔබ අවංක නායකයෙක් බව මුළු රටම පිළිගත් සත්‍යයක් (දී)
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්ක්‍රමසිංහ කියන්නේ, කවදත් බලයට කැහැදර නැති, ගමන් මළුව අතටගෙන, රජකම තුට්ටුව කටවත් මායිම් නොකොට, හොරකම, දුෂණය පිටු දකින, සියලු ජාතින් අතර සමගිය, ජාත්‍යන්තරය දිනාගත්, උගත්, බුද්ධිමත්, පළපුරුදු, ශ්‍රේෂ්ඨ නායකයෙක්. නිදහසෙන් පස්සේ, මහාමාන්‍ය ඩි.එස්. සේනානායක මහා කළු සිංහලයාගෙන් පටන් ගත්, එක්සත් ජාතික පක්ෂය, අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා දක්වා, ශ්‍රී ලංකාවේ සියලු ජාතින් අතර, සමගිය ඇති කළා. (දී)
මම ඒත් බැලුවේ මොකද ඔබ තුමා තවම ඒ පළාතේ ගිය නැත්තේ කියලා (දී)
මොන අඩු පාඩු තිබුනත් ජාති බේදයක් නැති කාටත් එක වගේ සලකන නායකයෙක්...අගය කරමි. (දී)
ජන හිත අදුනන මිනිහෙක් (දී)
මොන අඩු පාඩු තිබුනත් ජාති බේදයක් නැති කාටත් එක වගේ සලකන ජන හිත අදුනන නායකයෙක්.(දී)
දැනට පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් ඉහලටම ඉගෙනගත්ත එකම කෙනා මේ මහත්මයා වෙන්න ඕන.වෙන කාටත් වඩා ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන අපි අගය කල යුතු මහත්මයෙක් නේද? (දී)
ඔබ හොඳ නායකයෙක් (දී)
ඇත්තටම ඒ ප්‍රදේශ වල මිනිස්සුන්ට දැන් තමයි දේශපාලකයන්ගේ සේවය අවශ්‍ය (දී)
මහත්තයා මොකද කියන්න තියෙන්නේ මේ ගැන (දී)
ඩිලාන්,දැනට පාර්ලිමේන්තුවේ ඉන්න අය අතරින් වඩාත් උගත් යයි මට හැඟෙන්නේ,මහාචාර්ය තිස්ස විතාරණ සහ මහාචාර්ය ජි.එල් පිරිස් යන මහත්වරුන්ය. නීතිවේදියෙකු වන වික්‍රමසිංහ මහතා බුද්ධිමත් දේශපාලකයෙකි. (දී)
නැවත මෙවන් තත්වයකට රට පත් නොවන තැනට කටයුතු කරන්න, දේශපාලකයෝ හැටියට ඔබලාගෙන් වෙන්න ඕනේ ඒ දේයි (දී)
රනිල් මහත්තයෝ දැන් දර්ඝා නගරේ ප්‍රශ්න ඉවර වෙලා ගොඩක් කල්. (දී)
මහතයෝ පාඩුවේ ඉන්න. ළඟදී මැතිවරණයක් එනවා නේද? ගිනි තියෙන්නේ නැතුව යන්න. ඔයාගේ දැනුම හොඳයි. ඔයාට රාජ්‍ය නායකයෙක් වෙන්න අමාරුයි. (ස)
රනිල් මහත්තයො,ගියාට නම් කමක් නැහැ,අර කුරුඳු පොලු කැප්ටන් වගේ කට වරද්ද ගන්න නම් එපා! (ස)
සියලු දෙනාගෙන් ඉල්ලන්නේ රටට අහිතක් වෙන දෙයක් කරන්න හිතන්නවත් එපා (දී)
මෙවන් තත්වයකට පත් වෙන්න හේතු වූ මුලිකම කරුණු සොයා බලන්න නැවත මෙවන් තත්වයක් වෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව නැති කරන්න (දී)
රනිල් මහත්තයා මොකද්ද කියන්න තියෙන්නේ මේ සම්භන්ධව ඔබට (දී)
මිනිස්සු හොදින් ඉන්නකල් ප්‍රශ්නේ ඉවරයි (දී)
ලකුණු දාගන්න නම් යන්න එපා (දී)
ජාතිය සමගි කරන්න ඔබතුමා කල මෙහෙය අපි දැක්කා (දී)
එතුමාටනම් මොකුත් කියන්න එපා (දී)