IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ලක් කත ගුවන් සමාගමෙන් කෝටි තුනහමාරක් වන්දි ඉල්ලයි

ඕස්ට්‍රේලියාවේ වාසය කරන  ශ්‍රී ලාංකික කාන්තාවක (72) මලයාසියා ගුවන් සේවයෙන් ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පනස්දහසක (රුපියල් 32750000 ) වන්දි ඉල්ලා නඩු පවරයි.

මෙල්බර්න් නුවර සිට  සිය  පුතා ලේලිය හා මුණුපුරන් දෙදෙනා සමඟ  කොළඹ ඒමට ගුවන් යානයට නැගීම සඳහා එලිවේටරයෙන් යද්දී වැටී පාදයක්  තුවාල වී ඇත.

රෝද පුටුවකින් කොළඹ දක්වා යෑමට පොරොන්දු වුවත් ගුවන් සමාගම එය කඩ කළ හෙයින් නඩුව පවරා ඇතැයි ඇගේ නීතීඥයෝ කියති.

වීනීතා වර්ණකුලසුරිය නම් මෙම කාන්තාව  ශ්‍රී ලාංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ගිය පසු නඩු පවරා ඇත.

 



අදහස් (0)

ලක් කත ගුවන් සමාගමෙන් කෝටි තුනහමාරක් වන්දි ඉල්ලයි

ගයාන් Thursday, 19 June 2014 08:14 PM

අපේ ගුවන් සේවයටත් ඉන්දියාවේ කතක් නඩු දාලා ලූ.(අ)

:       0       0

ශලිනි Friday, 20 June 2014 10:04 AM

එලිවේටරයෙන් වැ‍ටුණේ එලියටද?කොහොමද එහෙම වුණේ?

:       0       0

සොනාලි Tuesday, 24 June 2014 10:50 AM

අපේ අය‍ට තෙරපුනේ නැත්නම් බස් එකක ගියේ නෑ වගේ. එක අපි පුරුදු වුනු ක්‍රමය. පොල් පටවනවා වගේ යන පොදු ප්‍රවාහන බස් වල ගිහින් අමාරුවන් ජීවිතේ ගැටගහ ගන්න බහුතරයට මෙතන සිදු වූ දේ ගැන වැඩි වැටහීමක් නෑ. මා දන්නා නිවසක් තියනවා. අසල්වැසි කතක් හැමදාම තිත්ත කුණුහරුපෙන් බැනවදිනවා නැන්දම්මට. මෙය වටේ නිවැසියන් සියල්ලටම කරදරයක්. එත් කවුරුත් එය වලක්වාගත හැකි ක්‍රියාමාර්ගයකට එළබෙන්නේ නෑ. පරුෂ වචන එක්ක ජීවත් වෙලාම ඒවා අහ අහ ඔහේ ඉන්න පුරුදු වෙලා. එයින් තමාගේ සාමකාමී ජීවිතේට හිරිහැරයක් කියල හිතන්න දන්නේ නෑ. තමන්ගේ හිමිකමක් කැඩෙනවා කියල නම් කොහොමත්ම දන්නේ නෑ. (ස)

:       0       0

මාර්ක් Friday, 20 June 2014 04:13 PM

සෑම්, ඔබ නිවැරදියි (නි)

:       0       0

චන්ද්‍රිකා Friday, 20 June 2014 10:42 AM

ජීවිතයේ අවසන් කාලය ද්වේශයෙන් ගතකිරීම හොඳ නැත (නදී)

:       0       0

චමින්ද Saturday, 21 June 2014 08:32 PM

මගලි,ඔයා නොදන්නවා වුනාට ඕස්ට්‍රේලියාවේ මිනිස්සු, සුපිරි වෙළඳ සැලක් ඇතුලේ තමන් ලිස්සලා වැටුනත්,එම වෙළඳ සැලට විරුද්ධව නඩු කියලා වන්දි ලබා ගන්නවා.එහෙමයි ඕස්ට්‍රේලියාවේ නීති පද්ධතිය සකස් කරලා තියෙන්නේ. (ස)

:       0       0

ගීතානි Thursday, 19 June 2014 04:23 PM

මම නම් මීට වඩා ඉල්ලනවා. මොකද කාරණය හරිම සාදාරනයි. (නදී)

:       0       0

චමත් Thursday, 19 June 2014 04:23 PM

ලංකාවට ආඩම්බරයක්. (නදී)

:       0       0

දසුන් Friday, 20 June 2014 11:26 AM

ඇත්තටම මේ වගේ දේවල් වෙනවා. සමහර අය යනවා කිසිම ලෙඩක් නැහැ හොදට ඇවිදින්න පුළුවන්. එ්ත් යන්න රෝද පුටු ඉල්ලනවා. මමත් මෙල්බෝන් ඉන්නේ අපිත් ලංකාවට යන විට පේනවා එයාපෝර්ට් එකට හොදට ඇවිඳගෙන ඇවිත් ප්ලේන් එකට නගින්න රෝද පුටු ඉල්ලනවා. මේ දේවල් වලින් වෙන්නේ අසනීප තිබෙන අම්මාවරුනට අසාදාරණයක් සිදුවිමයි (නදී)

:       0       0

මගාලි Friday, 20 June 2014 11:32 AM

රෝද පුටු දෙන්නේ ගුවන් තොටුපොලින් මිස අහස් යානයෙන් නොවේ. මෝඩ මිනිස්සු. ගුවන් යානය ලඟට එක්ක එනවා ගුවන් සමාගමේ අයෙක්. අනික එහෙම අැවිත් රෝද පුටුවෙන් ගුවන් යානයේ ගමන් කරන්න දෙන්නේ නෑ. ආරක්ෂාව නිසා. රෝද පුටුව යලි අරගෙන යනවා ගුවන් සමාගමේ නිසා.නැවත ගමනන්තයදේ දී දෙනවා බහිනකොට.නැතිව ගුවන් යනයේදී රෝද පුටුවක ඉඳගෙන යන්න දෙන්නේ නෑ කිසි කෙනෙකුට. මෝඩ නඩුවක්. අනික ටිකට් පත ඉල්ලුම් කරන වෙලාවේ රෝද පුටුවත් ඉල්ලුම් කරන්න ඕන. එලිවේටරයෙන් වැටුන කියල ගුවන් සමගම පලි නෑ. (ස)

:       0       0

නිම්මි (කැනඩා) Thursday, 19 June 2014 10:53 PM

ඕනෑම කෙනෙකුට රෝද පුටුවක් ඉල්ලන්න පුළුවන් අසනීප තත්ත්වයන් මත. එය අනුමත වූ විට ස්ටිකර් එකක් පාස්පෝට් එකට අලවනවා. ඒ වගේම ඇඳුමට "ස්පෙෂල් කෙයාර්" කියලා බැජ් එකක් අමුණනවා.ඒවා තියෙද්දීත් මේ අම්මාට රෝද පුටුවක් නොලැබුනා නම් වරද ගුවන් සමාගමේයි. අනිවාර්යෙන් මෙයාලට නඩුවෙන් දිනන්න පුළුවන් වේවි. (නි)

:       0       0

මිගිද Thursday, 19 June 2014 04:56 PM

මේකේ ඇති ආඩම්බරේ මොකක්ද?. සාදාරන ඉල්ලීමක් පමණයි!. (දී)

:       0       0

චමිලා Thursday, 19 June 2014 05:02 PM

මට නම් ඔය ගුවන් සමාගමේ නම කියනකොටත් ඇඟ හිරිවැටෙනවා. (නි)

:       0       0

පියසේන Friday, 20 June 2014 12:30 AM

මොනවා නැතිවුණත් මනුස්සකම වටිනවා (නි)

:       0       0

ප්‍රසංග Friday, 20 June 2014 12:30 AM

ඔව් ඇත්ත තමයි. ඔවුන්ට මේ වන්දිය ලැබෙන්න ඕනෑ (නි)

:       0       0

අල්විස් Thursday, 19 June 2014 05:18 PM

ඔය කොන්ත්‍රාත් එක අපේ මිස්ටර් 10% බාර දුන්නා නම් ගොඩ (නදී)

:       0       0

ශීලා Friday, 20 June 2014 12:45 AM

අන්න ඔවැනි මානව අයිතීන් තමා අපිටත් ඕනෑ. (නි)

:       0       0

මාධවී Tuesday, 24 June 2014 04:56 AM

මටත් කියන්න තියෙන්නේ මාගලි කියනදේම තමයි. කෝටි ගණන් කෙසේවෙතත් වන්දියක් ලැබේවි. මෙතන පොඩි නොසැළකිළිමත්කමක් තිබිලා තියෙනවා. (නි)

:       0       0

හේරත් Thursday, 19 June 2014 05:59 PM

ඔන්න බලන්න ඉතින් වෙන දේවල්.... (නි)

:       0       0

මර්ඩ් Friday, 20 June 2014 01:08 PM

චන්ද්‍රිකා ඔයා අම්මා කෙනෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ. (ස)

:       0       0

චන්ද්‍රා Tuesday, 24 June 2014 06:46 AM

මම නම් කියන්නේ පවුලේ අයට මීට වැඩිය මේ ගැන සැළකිළිමත් වෙන්න තිබුණා (නි)

:       0       0

නෙත්රූ Tuesday, 24 June 2014 06:54 AM

ඔවුන්ට සාධාරණයක් ඉටුවේවා! (නි)

:       0       0

වසන්ති Thursday, 19 June 2014 06:23 PM

ගුවන් සමාගම් මඟීන්ට සළකන අකාරයට මේ වන්දි සාධාරණයි. (නි)

:       0       0

මර්ඩ් Thursday, 26 June 2014 06:05 PM

චාමර එම මහත්මිය පත්ව ඇති තත්වය බලන්න කෝටි ගාන ගැන නෙවෙයි (දී)

:       0       0

කමල් Thursday, 19 June 2014 06:26 PM

තමන් වැටුනට ගුවන් සමාගම වැරදි වෙන්නේ කොහොමද? මට පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුලුවන්ද? (නි)

:       0       0

මර්ඩ් Thursday, 26 June 2014 06:09 PM

මාධවී මටත් කියන්න තියෙන්නේ ඔයාට සෑම් කියනදේම තමයි(දී)

:       0       0

මාර්ඩ් Friday, 20 June 2014 01:40 PM

මගලි ප්‍රවෘත්තිය හරියට බලලා ප්‍රතිචාර දාන්න. (ස)

:       0       0

ඇතීනා Wednesday, 25 June 2014 03:48 AM

සෑම් මහතා/මහත්මිය, ඔබේ ප්‍රතිචාරයෙන් මා නොදත් වැදගත් කරුණු කිහිපයක් දැනගත් අතර ඔබට ස්තුතියි. (නි)

:       0       0

චාමර Tuesday, 24 June 2014 03:41 PM

එහෙම හරි එයා කෝටි පතිනියක් වේවා කියල ප්‍රර්ථනා කරනවා (නදී)

:       0       0

අශාන් Thursday, 19 June 2014 07:25 PM

වෙන වෙලාවට හොදට ඇවිදගෙන යන අය සමහර වෙලාවට වාසි ගන්න රෝද පුටු ඉල්ලනවා. ඒවා දැන් ගුවන් සමාගම් දන්නවා.(නදී)

:       0       0

නාලක Friday, 20 June 2014 08:58 AM

අනේ ඔබතුමිය සතුටු වෙන්න. ෆ්ලයිට් එක මිසින් වුනේ නැහැනේ. නිරුපද්‍රිතව ගියානේ. අර 370 ෆ්ලයිට් එකේ අයට නඩුත් නැහැ බඩුත් නැහැ. ආගිය අතකුත් නැහැ.(නදී)

:       0       0

සෑම් Friday, 20 June 2014 03:02 PM

මගලි, මේ නඩුවේ නිමිත්ත මොකක්ද කියලා කව්රු හරි නීතිඥයෙක් සොයලා බලලා තමා නඩු දාන්නේ. අහවල් නඩුකාරයාට ගානක් දීල කොහොම හරි අපිට වාසි වෙන විදියට තීන්දුව ගන්න පුළුවන් කියලා නඩු දාන්න පුළුවන්කමක් ඕස්ට්‍රේලියාවේ නැහැ. ඒ වගේම කව්රුහරි නීතිඥයෙක් බොරු පොරොන්දු දීලා බොරු නඩු ඉදිරිපත් කරලා අසාධාරණයක් කලොත් ඒ නීතිඥයාට විරුද්ධව කටයුතු කරන රජයේ ආයතනයක් තියනවා. ඒ නිසා මේක ඉහත කියූ සියලුම දේවල් වලට අනුකුලව පවරපු නඩුවක්. සාමාන්‍යයෙන් මෙවැනි වන්දි නඩුවක් උසාවියේදී විභාග කරනකොට මාධ්‍ය මගින් (ඕස්ට්‍රේලියාවේ )විශාල ප්‍රචාරයක් දෙනවා. ඒක නිසා ගුවන් සමාගමට වෙන අයහපත් ප්‍රසිද්ධිය වළක්වාගන්න "අවුට් ඔෆ් කෝට් සෙට්ල්මන්ට්" කියලා උසාවියේ අනුමැතිය ඇතිව දෙපාර්ශවයේ නීතිඥ වරුන් සාධාරණ වන්දියකට එකඟතාවයකට පැමිණ ජාම බේරා ගන්නවා.(නදී)

:       0       0

උපුල් Friday, 20 June 2014 09:12 AM

කමල්, ප්‍රවෘත්තිය හරියට බලලා ප්‍රතිචාර දාන්න (නදී)

:       0       0

මලීකා Thursday, 19 June 2014 07:49 PM

මෙම ගුවන් සේවයේ සේවය පිළිබඳ මාත් අත්දැකීමෙන් දන්නවා. මගේ යාලුවෙකුගේ අම්මා කෙනෙකුටත් ඔය විදියටම රෝද පුටුවක් ඉල්ලා දී තිබුනේ නැහැ. වයස 80ක්. (නි)

:       0       0

රන්ජිත් Thursday, 19 June 2014 07:57 PM

මොනවා වුණත් වැඩේ නම් වැරදියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2522 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1677 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2420 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 572 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3327 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site