ඇය වාසනා ජැන්සන්ය. වයස අවුරුදු 34 කි. දැනට පදිංචි ඕලන්දයේය. වාසනා ඕලන්දයට ගියේ දෙහිවල වෛද්‍ය මධ්‍යස්ථානයේදී ඇය ඉපදී මාසයකට පසුවය.
වාසනා මෙලොවට බිහිකළ අම්මා ගල්කිස්ස සුමනාරාම පාරේ අංක 19/1 ඩබ්ලිව්.ඒ.ඩී.පෙරේරා මහතා බාරේ පදිංචිව සිටි හප්පාවන විතානවසම්ගේ නයනා ඩයස් යනුවෙන් ඇයගේ උප්පැන්න සහතිකයේ සදහන් කර තිබේ. මව ඉපැදී ඇත්තේ ගාල්ලේය. වාසනා ලැබෙන විට අගේ වයස අවුරුදු 20කි. දෙහිවල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් කේ.එම්.දමයන්ති මහත්මිය උපත ලියාපදිංචි කර ඇත. උපත දැනුම් දී ඇත්තේ ද වාසනාගේ මව විසින්ය.
වාසනා ඉපදී මාසයක පසු ඇගේ මව ඕලන්දයේ පදිංචි යුවලකට දරුකමට හදා ගැනීමට වාසනා බාර දී තිබේ. සාම විනිසුරුවරයකු ඉදිරිපිට අස්සන් තබන ලද ලියවිල්ලක් මත එම කරුණු සිදුව ඇත.
ඒ අනුව වාසනා එතැන්සිට වාසනා ජැන්සන් විය. ඇය හදා වඩා ගත් මාපියන් යුවල ජොහැන්නස් ඇන්ටෝනියස් ගොඩේ ප්‍රීඩස් ජැන්සන් සහ මාරී ජොහාන් කොර්නේලියා ජෙරාඩ්‍රස් පීමස් ලෙස හැදින්වේ.
වාසනා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නීය. ඒ තනිවම නොවේ. ඕලන්දයේ ඇගේ පෙම්වතාද සමගය.
ඇය දැන් ඇගේ ඇත්ත අම්මා සොයා වෙහෙසෙනීය. උප්පැන්න සහතිකය සදහන් ලිපිනය හැරුණ විට ඇයට ලැබුණු බොහෝ තොරතුරු මත කොළඹ තදාසන්න ප්‍රදේශ කිහිපයකටම පසුගිය දිනවල ඇය පාරක් තොටක් ගානේ සිය මව සොයා ඇත.
මීට වසරකට පෙරද ඇය ලංකාවට පැමිණ මේ ආකාරයටම සොයා බැලු නමුදු ඇයට සිය මව හමුවී නැත.
ඒ නිසාම ඇය මෙවර සිය උත්සහය අත් නොහැර ලංකාදීප කාර්යාලයට පැමිණ ඇයට උපකාරී වන ලෙස ඉල්ලා සිටියාය.
සිය පෙම්වතා සමග ලබන ජුලි මාස 11 වැනිදා වනතුරු ශ්‍රී ලංකවේ රැදී සිටින බව ඇය අප සමග කිවාය.
ඒ අතරතුර කාලයේ ඇයට සිය මව ගැන යම් තොරතුරක් දිය හැකි අයෙක් වෙතොත් කාන්ති තබ්බෝවිල, 311 වීර මාවත දෙපානම, පන්නිපිටිය යන ලිපිනයට හෝ 076 6940038 දුරකතන අමතා දැනුම් දෙන ලෙස වාසනා ඉල්ලා සිටින්නීය.
ඡායාරූපය විශ්ව ගැමුණු ප්‍රියංකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් ඇවිත් ඉන්නේ පෙම්වතා සමග. මෙයාත් දරුවෙක් හදලා තමාගේ දරුවට අම්මව හොයන්න වෙන වාතාවරණයක් උදා නොකලා නම් හොඳයි! (ස)
සියලුම පළාත්වල චන්ද දායකයින් ලියාපදිංචි කිරීම මෑතකදී සිදු උනා. ඉතින් සමහරවිට මැතිවරණ කාර්යාලයට ගියානම් හෝඩුවාවක් ලබා ගන්ට හැකිවේවි.(දී)
ඔබ අද හොද තත්වයක ඉන්නවා සන්තෝසයි (දී)
අම්ම කොයි හිතකින් ඒ දෙය කලත් ..එදා ඒ කල දෙයින් දරුවට උනේ හොදක් .? අද ඒ දියණියට ඇගේ මව දෑසින් දැක ගන්න ඇති ඒ ආශාව ..දෙවියන්ගේ පිහිටෙන් ඉෂ්ට වේවා ..? අපේ මියගිය දෙමාපියන්ව හීනෙන් දැක්ක විට මැදියමේ අවදිවී අපිට යටගිය දවස සිහිවී ..දෑසට කදුලක් උරන්නේද ඒ මා පිය සෙනෙහසට නොවේද ,,? (දී)
අපිත් පුළුවන් උදවුවක් කරන්නම් (දී)
ඔබගේ මව ඉක්මනින් හමුවේවා (දී)
මම හිතනවා ඩී උපුල් "දසන්ග උපුල්" නම්, ඔයාව හදාගන්න දීපු නිසා ඔයා ඔයාගේ අම්ම එක්ක තරහින් නේද ඉන්නේ. (ස)
වාකෝ කියපු විදියට කරන්න පුළුවන් (දී)
මවක කෙසේ හෝ සිතන්නේ තම දුක දරාගෙන තම දරුවන් ට යහපත් ජීවිතයකි. දැන් මේ දු සිටින තැන ගැන අම්මා සතුටු වෙයි. ඔබට අම්මා දැක ගැනීමට හැකි වෙයි .(දී)
පහන්දී මේවගේ අවස්ථාවකින් බැට කෑ තැනැත්තියක් වගේ පෙන්නේ (දී)
සමහරුන්ගේ මන්ද මානසිකත්වය ඉතාම පිළිකුල් සහගතයි. මනුස්සයෙක් දිහා බලල, පාට අනුව වර්ගීකනය කිරීමත්, සමච්චල් කිරීමත් තුලින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? තමුන්ට හෝ තම මවට, සහෝදරියට, නැත්නම් බිරිඳට තවත් කෙනෙක් මේ විදිහට ගැරහුවොත් මේ අය කුමන ආකාරයට හැසිරෙයිද? (දී)
අම්මා නම් කොහොම හරි ඔය කියන විදිහට හොයා ගනියි.(දිල්)
ඔබ මව සෙවීමෙන් ඇති වන්නේ අනවශ්‍ය කරදරයක් ඇතිවීම පමණි, හදා වඩා ගත් දෙමවුපියන් සමගින් හොදින් ඉන්න (දී)
අමිමා කිසි දවසක නොසිතපු දෙයක් නිසා දැන් නමි අමිමට ඉදිරිපත් වෙන්න ලැජ්ජ හිතෙයි (දී)
හොයාගත්තයි කියල ඇති සෙතේ මොකක්ද. හදාවඩාගත්තු දෙමාපියන්ව අතැරලා මේ අම්ම ලගට එනවද. ඔයත් බොරුවනේ කරන්න හදන්නේ. නිකන් නැති ප්‍රසන ඇතිකරගන්නේ නැතුව ඔය ඉන්න විදිහට සතුටින් ඉන්න බලන්න දෙයියනේ කියල. (දී)
සමන් පෙරේරා.., ඔබ හරි සමහර විට මේ මව දෙවෙනි කසාදයක් කරගෙන හෝ හොදින් ඉන්නවා විය හැකියි., එහෙම වුනොත් අවුලක් වෙයි නේද....? (දී)
අපි සියලු දෙනාගේ පැතුම එකයි (දී)
මාලක හා ප්‍රසන්දී ගේ අදහස් වලට මද එකගයි ,මේ රටෙත් [එන්ගලන්තේ } සමහරවිටදී අපිට ආසියාතික දරුවෝ දකින්න පුළුවන් ,මහමග දන්නැතිව මෙහෙම දෙයක් කරපු එක කොච්චර හොදද (දී)
රෝහණ වගේ අය ගැන පුදුමයි (නි)
අම්මාටත් එයාව මතක් වෙනවා ඇති (නි)
ලංකාවෙත් හුඟක් දියුණු රටවල කරනවා වගේ පුද්ගලයින් පරිගණකගත කිරීම පටන්ගන්න. එතකොට මේවා සුළු දේවල්.ඇයගේ උත්සාහය සාර්ථක වේවා! (නි)
රෝහණ කියූ දේ තමා හරි. පුවත හරියට කියවලා බලන්න. මැය බිහිවූ සමාජ ආර්ථික පසුබිම තුල එළවලු විකුණලා දිවිපෙවත ගෙවන්න ලැබුන නම් නම්බුකාරයි. කුඩු, ගණිකා ව්‍යාපාර වලට පැටලිලා හිරේ විලංගුවේ වැටෙන්නේ නැතිව. (දී)
තමන්ගේ මව හමුවන මොහොත ගැන නිකන් හිතන්නකෝ (දී)
ගල්කිස්සේ සුමනාරාමේ ලිපිනයට ගිහින් සොයා බැලුවානම් හරිනේ (නදී)
රෝහණට එහෙම හිතුනේ මොකද? අකලංක ගැනත් කණගාටුයි. පොඩ්ඩක් ළිදෙන් ගොඩට ඇවිල්ලා ලෝකය දිහා බලන්න. (නි)
ඩි.උපුල්., පත්තරේ විස්තරේ තියෙන්නේ මව ගැන තොරතුරු විතරයි.., ඒ කියන්නේ මෙයත් ගැහැණියෙක්ට පිරිමියෙක් ගෙන් සිදු උන අපරාදයක් විය හැකියි., කෙසේ නමුත් මේ දරුවා හදාගන්න දුන් නිසා ඒ අම්මට අද දරුවාගේ මුහුණ බලා ගන්න පුළුවන් (මව සොයා ගත්තොත්)මෙම දරුවා ඉපදෙන්න පෙර හෝ ඉපදුනාට පසු මරා නොදාපු එකම ලොකු දෙයක් නේද..?හදා ගන්න වත් කමක් නැති නිසා දෙන්න ඇති.., ටානියා කියන්න වගේ මව් සෙනෙහසක මහිමය තමයි ඉක්මනින් ඇයට මව සොයා ගැනීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරමි (දී)
වාසනාට එයාගේ අම්මව හොයාගන්න හැකි වේවා. සමාජයේ තවත් එක ඛේදවාචකයක් මේක. මගේ අම්මට බොහොම පින්. (දී)
කෙල්ල දැන් කළු වුනාට ඉපදිච්ච කාලෙ සුදුයිනේ !!! (දී)
මව මෙදපෙරදිග ගිහින්වත්ද ?(දී)
පොලිස් දෙපාර්තමේන්තුවට හොද අභියෝගයක් පුලුවන්නම් හොයා දෙන්න. (දී)
අපරාදේ පිටකොටුවේ මාකට් එකේ එළවලු විකුනන්න තිබුන ලංකාවේ හිටියනම්. (දී)
මව් සෙනෙහසක මහිම (දී)
මෙච්චර කල් මොකද කලේ ඉක්මනින් මව හම්බ වෙන්න කියා ප්‍රර්ථනා කරනවා (දී)
අම්මාටත් , අම්මා සොයා දෙන අයටත් , වටිනා ත්‍යාග පිරිනමනවා කියා සඳහන් කළා නම් ..ඇත්ත අම්මා ,බොරු අම්මලා ,බ්‍රොකර්ලා පිරෙයි හෝ..ගාලා .දරුවා 34 හැවිරිදි නිසා කුවේණි නාටකය වගේ නම් වෙන එකක් නැහැ වගේ.. (දී)
ඉපදිලා මාසෙන්ම එපා වුනු අම්මව මොකට හොයනවද මන්ද? (දී)
ඉස්තරම්.. (දී)
මොන හිතකින් ලමයව දුන්නද (දී)
කෑලි කරලා විකුනන්නේ නැති අම්ම තාත්ත කෙනෙකුට මේ වාසනා හමුවෙච්ච එක ලොකුදෙයක්. බොහෝ හදාගන්න ළමයි අවසන් වෙන්නේ ඒ ආකාරයට. (දී)
හැදුනුම් පත් නිකුත්කෙරන , පුද්ගලයින් ලියාපදිංචි කරන දෙපාර්තමේන්තුවට උදව් කල හැකි නේද (දී)
ඒ කාලේ සමාජයේ සිදුවුන (දැනුත් සිදුවන) ඛේදවාචකයක් මේක. වාසනාගේ වාසනාවට හොඳ පව්ලකට සම්බන්ද වෙන්න ලැබිල. නැත්නම් කව්ද දන්නේ මෙහම අරගෙන යන ළමයින්ට මොකද කරන්නේ කියල. සමහර පුවත් කියවූ විට සාධාරණ සැකයක් උපදිනවා. කෙසේ වෙතත් මේ ළමයට තමන්ගේ මව සොයා ගැනීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරමු. (දී)
මේවගේ අය කොයිතරම් ඇතිද (දී)
රෝහණ මහත්මයා,ඔබගේ අදහස හරිම නින්දිතයි. මම එසැණහි කියවපු නින්දිතම අදහස.......(දී)
මේ ළමය අම්මට තියෙන ආදරේ නිසා අම්මව හොයනවා.මැතිවරණ දෙපාර්තමේන්තුවේත්, පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේත් විස්තර ඇති. නමුත් කලින් විවාහවී,වයස 20 දී ළමයෙක් හදන්න මම නම් හීනෙන්වත් හිතුවේ නැහැ. මෙයාගේ අම්ම අවිවාහකව සිටියදී, කරදරයක් සිදුවීමෙන් පසුව, ළමය පිටරටකට දීලා, විවාහයක් කරගත්ත වෙන්න බැරිද?එහෙම වෙලාවක මේ සියලු විස්තර පත්තර වල පළවීමෙන් ඇගේ විවාහ ජීවිතයට ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන් නේද? මෙවැනි ප්‍රශ්න වල පැති කීපයක් තිබෙන බව මගේ අදහසයි. (දී)
මේ කාන්තාවට ඉක්මනින්ම ඇගේ මව හමු වේවා. ඒ සඳහා අවංකව උදව් කරන්න පුළුවන් කෙනෙක් ඇත්නම් සංසාරයේ මහා පිනක්. කවදාවත් පින්වත් දු දරුවන්ගෙන් අඩුවක් වෙන එකක් නැහැ. අඩු වයස් තරුණියට සිදුවූ යම් රැවටීමක ප්‍රතිපලයක් විය හැකිය. තමන්ගේම දරුවෙකු සේ මේ කාන්තාව හදා වඩා ගත් යටත් දෙමව්පියන්ටත් මගේ ආචාරය . (දී)
ඇගේ මව මැයව උපදින්නට පෙර මරා දැම්මේ නැහැ. ඉපදුනු පසු අගුපිල්වල දමා ගියේත් නැහැ. පහන්දි කියන දෙය සමග මම එකඟයි. මීට අවුරුදු 34ට පෙර අද වගේ සාපරාධී ගබ්සා විශාල ගණනක් සිදුවී නැහැ. ඇය ගබ්සා කළා නම් හෝ මෙරට හදා ගත්තා නම්, අද ඔය තත්ත්වයේ ඉන්නේ නැහැ. ඔබේ මව ඉක්මණින්ම හමුවේවා!(දී)
සමහරු ළමයි පිටරට ගෙනියනේ අවයව ගන්න, වැඩකාර කමට, ලිංගික සේවනයට; මේ දරුවා එච්චර පවු කරලා නැහැ (දී)
"රෝහණගේ" අදහස හරි අගෙයි (දී)
කට්ටිය එයාගේ උප්පැන්නේ ලියන්න මහන්සි වෙන්නේ නැතුව පුළුවන් විදිහට අම්මව හොයා ගන්න උදව්වක් කරන්න ,, (දී)
රොහාන් මොනවද කියන්නේ (දී)
අම්මව ඉක්මනින් හොයා ගන්න ලැෙබන්න ඕනේ කාෙහ කාගේ කග මොන තරමි සැපට හිටියත් මව් පිය සෙනහසට විකල්ප නෑ. මගේ අම්මටයි අප්පච්චිටයි ගොඩාක් පින් මාව හොදින් හදා වඩා ගත්තට. ඒ් අයට බුදු බව ඇරෙන්න මට නම් වෙන ප්‍රාර්ථනා කරන්න දෙයක් නෑ. (දී)