IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ලක් තරුණිය ලක් මව සොයා ඕලන්දයෙන් එයි

ඇය වාසනා ජැන්සන්ය. වයස අවුරුදු 34 කි. දැනට පදිංචි ඕලන්දයේය. වාසනා ඕලන්දයට ගියේ දෙහිවල වෛද්‍ය මධ්‍යස්ථානයේදී ඇය ඉපදී මාසයකට පසුවය.

වාසනා මෙලොවට බිහිකළ අම්මා ගල්කිස්ස සුමනාරාම පාරේ අංක 19/1 ඩබ්ලිව්.ඒ.ඩී.පෙරේරා මහතා බාරේ පදිංචිව සිටි හප්පාවන විතානවසම්ගේ නයනා ඩයස් යනුවෙන් ඇයගේ උප්පැන්න සහතිකයේ සදහන් කර තිබේ. මව ඉපැදී ඇත්තේ ගාල්ලේය. වාසනා ලැබෙන විට අගේ වයස අවුරුදු 20කි. දෙහිවල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් කේ.එම්.දමයන්ති මහත්මිය උපත ලියාපදිංචි කර ඇත. උපත දැනුම් දී ඇත්තේ ද වාසනාගේ මව විසින්ය.

වාසනා ඉපදී මාසයක පසු ඇගේ මව ඕලන්දයේ පදිංචි යුවලකට දරුකමට හදා ගැනීමට වාසනා බාර දී තිබේ. සාම විනිසුරුවරයකු ඉදිරිපිට අස්සන් තබන ලද ලියවිල්ලක් මත එම කරුණු සිදුව ඇත.

ඒ අනුව වාසනා එතැන්සිට වාසනා ජැන්සන් විය. ඇය හදා වඩා ගත් මාපියන් යුවල ජොහැන්නස් ඇන්ටෝනියස් ගොඩේ ප්‍රීඩස් ජැන්සන් සහ මාරී ජොහාන් කොර්නේලියා ජෙරාඩ්‍රස් පීමස් ලෙස හැදින්වේ.

වාසනා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නීය. ඒ තනිවම නොවේ. ඕලන්දයේ ඇගේ පෙම්වතාද සමගය.

ඇය දැන් ඇගේ ඇත්ත අම්මා සොයා වෙහෙසෙනීය. උප්පැන්න සහතිකය සදහන් ලිපිනය හැරුණ විට ඇයට ලැබුණු බොහෝ තොරතුරු මත කොළඹ තදාසන්න ප්‍රදේශ කිහිපයකටම පසුගිය දිනවල ඇය පාරක් තොටක් ගානේ සිය මව සොයා ඇත.

මීට වසරකට පෙරද ඇය ලංකාවට පැමිණ මේ ආකාරයටම සොයා බැලු නමුදු ඇයට සිය මව හමුවී නැත.

ඒ නිසාම ඇය මෙවර සිය උත්සහය අත් නොහැර ලංකාදීප කාර්යාලයට පැමිණ ඇයට උපකාරී වන ලෙස ඉල්ලා සිටියාය.

සිය පෙම්වතා සමග ලබන ජුලි මාස 11 වැනිදා වනතුරු ශ්‍රී ලංකවේ රැදී සිටින බව ඇය අප සමග කිවාය.

ඒ අතරතුර කාලයේ ඇයට සිය මව ගැන යම් තොරතුරක් දිය හැකි අයෙක් වෙතොත් කාන්ති තබ්බෝවිල, 311 වීර මාවත දෙපානම, පන්නිපිටිය යන ලිපිනයට හෝ 076 6940038 දුරකතන අමතා දැනුම් දෙන ලෙස වාසනා ඉල්ලා සිටින්නීය.

ඡායාරූපය විශ්ව ගැමුණු ප්‍රියංකර

 

 



අදහස් (0)

ලක් තරුණිය ලක් මව සොයා ඕලන්දයෙන් එයි

සෙනවිරත්න Monday, 30 June 2014 07:03 PM

අපි සියලු දෙනාගේ පැතුම එකයි (දී)

:       0       0

නලින් Sunday, 29 June 2014 11:30 PM

ඒ කාලේ සමාජයේ සිදුවුන (දැනුත් සිදුවන) ඛේදවාචකයක් මේක. වාසනාගේ වාසනාවට හොඳ පව්ලකට සම්බන්ද වෙන්න ලැබිල. නැත්නම් කව්ද දන්නේ මෙහම අරගෙන යන ළමයින්ට මොකද කරන්නේ කියල. සමහර පුවත් කියවූ විට සාධාරණ සැකයක් උපදිනවා. කෙසේ වෙතත් මේ ළමයට තමන්ගේ මව සොයා ගැනීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරමු. (දී)

:       0       0

සමන් පෙරේරා Monday, 30 June 2014 12:41 PM

ඔබ මව සෙවීමෙන් ඇති වන්නේ අනවශ්‍ය කරදරයක් ඇතිවීම පමණි, හදා වඩා ගත් දෙමවුපියන් සමගින් හොදින් ඉන්න (දී)

:       0       0

අකලංක Tuesday, 01 July 2014 10:34 AM

රෝහණ කියූ දේ තමා හරි. පුවත හරියට කියවලා බලන්න. මැය බිහිවූ සමාජ ආර්ථික පසුබිම තුල එළවලු විකුණලා දිවිපෙවත ගෙවන්න ලැබුන නම් නම්බුකාරයි. කුඩු, ගණිකා ව්‍යාපාර වලට පැටලිලා හිරේ විලංගුවේ වැටෙන්නේ නැතිව. (දී)

:       0       0

සේනක Monday, 30 June 2014 12:49 AM

මේවගේ අය කොයිතරම් ඇතිද (දී)

:       0       0

චමින්ද Monday, 30 June 2014 02:26 AM

රෝහණ මහත්මයා,ඔබගේ අදහස හරිම නින්දිතයි. මම එසැණහි කියවපු නින්දිතම අදහස.......(දී)

:       0       0

ප්‍රදීපා Monday, 30 June 2014 02:41 AM

මේ ළමය අම්මට තියෙන ආදරේ නිසා අම්මව හොයනවා.මැතිවරණ දෙපාර්තමේන්තුවේත්, පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේත් විස්තර ඇති. නමුත් කලින් විවාහවී,වයස 20 දී ළමයෙක් හදන්න මම නම් හීනෙන්වත් හිතුවේ නැහැ. මෙයාගේ අම්ම අවිවාහකව සිටියදී, කරදරයක් සිදුවීමෙන් පසුව, ළමය පිටරටකට දීලා, විවාහයක් කරගත්ත වෙන්න බැරිද?එහෙම වෙලාවක මේ සියලු විස්තර පත්තර වල පළවීමෙන් ඇගේ විවාහ ජීවිතයට ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන් නේද? මෙවැනි ප්‍රශ්න වල පැති කීපයක් තිබෙන බව මගේ අදහසයි. (දී)

:       0       0

භානු Monday, 30 June 2014 03:01 AM

මේ කාන්තාවට ඉක්මනින්ම ඇගේ මව හමු වේවා. ඒ සඳහා අවංකව උදව් කරන්න පුළුවන් කෙනෙක් ඇත්නම් සංසාරයේ මහා පිනක්. කවදාවත් පින්වත් දු දරුවන්ගෙන් අඩුවක් වෙන එකක් නැහැ. අඩු වයස් තරුණියට සිදුවූ යම් රැවටීමක ප්‍රතිපලයක් විය හැකිය. තමන්ගේම දරුවෙකු සේ මේ කාන්තාව හදා වඩා ගත් යටත් දෙමව්පියන්ටත් මගේ ආචාරය . (දී)

:       0       0

මරික්කාර් Monday, 30 June 2014 01:07 PM

මෙයත් ඇවිත් ඉන්නේ පෙම්වතා සමග. මෙයාත් දරුවෙක් හදලා තමාගේ දරුවට අම්මව හොයන්න වෙන වාතාවරණයක් උදා නොකලා නම් හොඳයි! (ස)

:       0       0

ඉසුරන්දි Monday, 30 June 2014 01:08 PM

හොයාගත්තයි කියල ඇති සෙතේ මොකක්ද. හදාවඩාගත්තු දෙමාපියන්ව අතැරලා මේ අම්ම ලගට එනවද. ඔයත් බොරුවනේ කරන්න හදන්නේ. නිකන් නැති ප්‍රසන ඇතිකරගන්නේ නැතුව ඔය ඉන්න විදිහට සතුටින් ඉන්න බලන්න දෙයියනේ කියල. (දී)

:       0       0

කමනි Monday, 30 June 2014 05:57 AM

ඇගේ මව මැයව උපදින්නට පෙර මරා දැම්මේ නැහැ. ඉපදුනු පසු අගුපිල්වල දමා ගියේත් නැහැ. පහන්දි කියන දෙය සමග මම එකඟයි. මීට අවුරුදු 34ට පෙර අද වගේ සාපරාධී ගබ්සා විශාල ගණනක් සිදුවී නැහැ. ඇය ගබ්සා කළා නම් හෝ මෙරට හදා ගත්තා නම්, අද ඔය තත්ත්වයේ ඉන්නේ නැහැ. ඔබේ මව ඉක්මණින්ම හමුවේවා!(දී)

:       0       0

වසුන්දරා ජයසුරිය Monday, 30 June 2014 09:02 PM

මාලක හා ප්‍රසන්දී ගේ අදහස් වලට මද එකගයි ,මේ රටෙත් [එන්ගලන්තේ } සමහරවිටදී අපිට ආසියාතික දරුවෝ දකින්න පුළුවන් ,මහමග දන්නැතිව මෙහෙම දෙයක් කරපු එක කොච්චර හොදද (දී)

:       0       0

උනම්බුව Monday, 30 June 2014 06:13 AM

සමහරු ළමයි පිටරට ගෙනියනේ අවයව ගන්න, වැඩකාර කමට, ලිංගික සේවනයට; මේ දරුවා එච්චර පවු කරලා නැහැ (දී)

:       0       0

පැතුම් Monday, 30 June 2014 11:32 PM

රෝහණ වගේ අය ගැන පුදුමයි (නි)

:       0       0

ටෙනිසන් Monday, 30 June 2014 08:14 AM

"රෝහණගේ" අදහස හරි අගෙයි (දී)

:       0       0

අරවින්ද ඩුබායි Monday, 30 June 2014 08:16 AM

කට්ටිය එයාගේ උප්පැන්නේ ලියන්න මහන්සි වෙන්නේ නැතුව පුළුවන් විදිහට අම්මව හොයා ගන්න උදව්වක් කරන්න ,, (දී)

:       0       0

ප්‍රදීප් Monday, 30 June 2014 08:32 AM

රොහාන් මොනවද කියන්නේ (දී)

:       0       0

දිලූ Monday, 30 June 2014 08:47 AM

අම්මව ඉක්මනින් හොයා ගන්න ලැෙබන්න ඕනේ කාෙහ කාගේ කග මොන තරමි සැපට හිටියත් මව් පිය සෙනහසට විකල්ප නෑ. මගේ අම්මටයි අප්පච්චිටයි ගොඩාක් පින් මාව හොදින් හදා වඩා ගත්තට. ඒ් අයට බුදු බව ඇරෙන්න මට නම් වෙන ප්‍රාර්ථනා කරන්න දෙයක් නෑ. (දී)

:       0       0

මැණික් රත්නායක Monday, 30 June 2014 09:07 AM

අමිමා කිසි දවසක නොසිතපු දෙයක් නිසා දැන් නමි අමිමට ඉදිරිපත් වෙන්න ලැජ්ජ හිතෙයි (දී)

:       0       0

නිශාර්ඩ් ප්‍රින Monday, 30 June 2014 09:08 AM

සියලුම පළාත්වල චන්ද දායකයින් ලියාපදිංචි කිරීම මෑතකදී සිදු උනා. ඉතින් සමහරවිට මැතිවරණ කාර්යාලයට ගියානම් හෝඩුවාවක් ලබා ගන්ට හැකිවේවි.(දී)

:       0       0

වාකෝ Sunday, 29 June 2014 03:19 PM

හැදුනුම් පත් නිකුත්කෙරන , පුද්ගලයින් ලියාපදිංචි කරන දෙපාර්තමේන්තුවට උදව් කල හැකි නේද (දී)

:       0       0

නලින් Sunday, 29 June 2014 03:19 PM

වාසනාට එයාගේ අම්මව හොයාගන්න හැකි වේවා. සමාජයේ තවත් එක ඛේදවාචකයක් මේක. මගේ අම්මට බොහොම පින්. (දී)

:       0       0

මානගේ Sunday, 29 June 2014 03:22 PM

කෙල්ල දැන් කළු වුනාට ඉපදිච්ච කාලෙ සුදුයිනේ !!! (දී)

:       0       0

වාකෝ Sunday, 29 June 2014 03:27 PM

මව මෙදපෙරදිග ගිහින්වත්ද ?(දී)

:       0       0

වාකෝ Sunday, 29 June 2014 03:38 PM

පොලිස් දෙපාර්තමේන්තුවට හොද අභියෝගයක් පුලුවන්නම් හොයා දෙන්න. (දී)

:       0       0

රෝහණ Sunday, 29 June 2014 03:39 PM

අපරාදේ පිටකොටුවේ මාකට් එකේ එළවලු විකුනන්න තිබුන ලංකාවේ හිටියනම්. (දී)

:       0       0

රුක්ෂාන් Tuesday, 01 July 2014 02:55 PM

තමන්ගේ මව හමුවන මොහොත ගැන නිකන් හිතන්නකෝ (දී)

:       0       0

නලිනි Monday, 30 June 2014 09:38 AM

ඔබ අද හොද තත්වයක ඉන්නවා සන්තෝසයි (දී)

:       0       0

රුපවති Monday, 30 June 2014 09:40 AM

අම්ම කොයි හිතකින් ඒ දෙය කලත් ..එදා ඒ කල දෙයින් දරුවට උනේ හොදක් .? අද ඒ දියණියට ඇගේ මව දෑසින් දැක ගන්න ඇති ඒ ආශාව ..දෙවියන්ගේ පිහිටෙන් ඉෂ්ට වේවා ..? අපේ මියගිය දෙමාපියන්ව හීනෙන් දැක්ක විට මැදියමේ අවදිවී අපිට යටගිය දවස සිහිවී ..දෑසට කදුලක් උරන්නේද ඒ මා පිය සෙනෙහසට නොවේද ,,? (දී)

:       0       0

ඉන්දික Monday, 30 June 2014 09:45 AM

අපිත් පුළුවන් උදවුවක් කරන්නම් (දී)

:       0       0

ටානියා Sunday, 29 June 2014 05:01 PM

මව් සෙනෙහසක මහිම (දී)

:       0       0

තුෂාර Sunday, 29 June 2014 05:01 PM

මෙච්චර කල් මොකද කලේ ඉක්මනින් මව හම්බ වෙන්න කියා ප්‍රර්ථනා කරනවා (දී)

:       0       0

ටිකිරි Monday, 30 June 2014 10:19 AM

ඔබගේ මව ඉක්මනින් හමුවේවා (දී)

:       0       0

ගාමිණී - සිරි Sunday, 29 June 2014 05:35 PM

අම්මාටත් , අම්මා සොයා දෙන අයටත් , වටිනා ත්‍යාග පිරිනමනවා කියා සඳහන් කළා නම් ..ඇත්ත අම්මා ,බොරු අම්මලා ,බ්‍රොකර්ලා පිරෙයි හෝ..ගාලා .දරුවා 34 හැවිරිදි නිසා කුවේණි නාටකය වගේ නම් වෙන එකක් නැහැ වගේ.. (දී)

:       0       0

සිල්වා Tuesday, 01 July 2014 05:25 AM

අම්මාටත් එයාව මතක් වෙනවා ඇති (නි)

:       0       0

තිලිණි Monday, 30 June 2014 10:49 AM

මම හිතනවා ඩී උපුල් "දසන්ග උපුල්" නම්, ඔයාව හදාගන්න දීපු නිසා ඔයා ඔයාගේ අම්ම එක්ක තරහින් නේද ඉන්නේ. (ස)

:       0       0

අමර Monday, 30 June 2014 11:02 AM

වාකෝ කියපු විදියට කරන්න පුළුවන් (දී)

:       0       0

කවීෂා Tuesday, 01 July 2014 06:52 AM

ලංකාවෙත් හුඟක් දියුණු රටවල කරනවා වගේ පුද්ගලයින් පරිගණකගත කිරීම පටන්ගන්න. එතකොට මේවා සුළු දේවල්.ඇයගේ උත්සාහය සාර්ථක වේවා! (නි)

:       0       0

ඉනෝකා Wednesday, 02 July 2014 09:00 PM

ගල්කිස්සේ සුමනාරාමේ ලිපිනයට ගිහින් සොයා බැලුවානම් හරිනේ (නදී)

:       0       0

ඩී.උපුල් Sunday, 29 June 2014 06:39 PM

ඉපදිලා මාසෙන්ම එපා වුනු අම්මව මොකට හොයනවද මන්ද? (දී)

:       0       0

ලක්ෂපාන Sunday, 29 June 2014 07:14 PM

ඉස්තරම්.. (දී)

:       0       0

බන්දුල Sunday, 29 June 2014 07:49 PM

මොන හිතකින් ලමයව දුන්නද (දී)

:       0       0

තබිත Monday, 30 June 2014 11:51 AM

මවක කෙසේ හෝ සිතන්නේ තම දුක දරාගෙන තම දරුවන් ට යහපත් ජීවිතයකි. දැන් මේ දු සිටින තැන ගැන අම්මා සතුටු වෙයි. ඔබට අම්මා දැක ගැනීමට හැකි වෙයි .(දී)

:       0       0

කුමාර් Sunday, 29 June 2014 07:58 PM

කෑලි කරලා විකුනන්නේ නැති අම්ම තාත්ත කෙනෙකුට මේ වාසනා හමුවෙච්ච එක ලොකුදෙයක්. බොහෝ හදාගන්න ළමයි අවසන් වෙන්නේ ඒ ආකාරයට. (දී)

:       0       0

ප්‍රාර්ථනා Monday, 30 June 2014 11:55 AM

පහන්දී මේවගේ අවස්ථාවකින් බැට කෑ තැනැත්තියක් වගේ පෙන්නේ (දී)

:       0       0

පහන්දී Monday, 30 June 2014 06:03 PM

සමන් පෙරේරා.., ඔබ හරි සමහර විට මේ මව දෙවෙනි කසාදයක් කරගෙන හෝ හොදින් ඉන්නවා විය හැකියි., එහෙම වුනොත් අවුලක් වෙයි නේද....? (දී)

:       0       0

මාලක Monday, 30 June 2014 12:07 PM

සමහරුන්ගේ මන්ද මානසිකත්වය ඉතාම පිළිකුල් සහගතයි. මනුස්සයෙක් දිහා බලල, පාට අනුව වර්ගීකනය කිරීමත්, සමච්චල් කිරීමත් තුලින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? තමුන්ට හෝ තම මවට, සහෝදරියට, නැත්නම් බිරිඳට තවත් කෙනෙක් මේ විදිහට ගැරහුවොත් මේ අය කුමන ආකාරයට හැසිරෙයිද? (දී)

:       0       0

කල්හාන Monday, 30 June 2014 12:14 PM

අම්මා නම් කොහොම හරි ඔය කියන විදිහට හොයා ගනියි.(දිල්)

:       0       0

සම්පත් ප්‍රියංකර Wednesday, 02 July 2014 10:57 PM

රෝහණට එහෙම හිතුනේ මොකද? අකලංක ගැනත් කණගාටුයි. පොඩ්ඩක් ළිදෙන් ගොඩට ඇවිල්ලා ලෝකය දිහා බලන්න. (නි)

:       0       0

පහන්දී Sunday, 29 June 2014 10:43 PM

ඩි.උපුල්., පත්තරේ විස්තරේ තියෙන්නේ මව ගැන තොරතුරු විතරයි.., ඒ කියන්නේ මෙයත් ගැහැණියෙක්ට පිරිමියෙක් ගෙන් සිදු උන අපරාදයක් විය හැකියි., කෙසේ නමුත් මේ දරුවා හදාගන්න දුන් නිසා ඒ අම්මට අද දරුවාගේ මුහුණ බලා ගන්න පුළුවන් (මව සොයා ගත්තොත්)මෙම දරුවා ඉපදෙන්න පෙර හෝ ඉපදුනාට පසු මරා නොදාපු එකම ලොකු දෙයක් නේද..?හදා ගන්න වත් කමක් නැති නිසා දෙන්න ඇති.., ටානියා කියන්න වගේ මව් සෙනෙහසක මහිමය තමයි ඉක්මනින් ඇයට මව සොයා ගැනීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරමි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 4 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 13 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 166 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 562 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2901 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1504 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37527 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site