IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ලංකා දොස්තර රෝහලේ ජනප්‍රිය චරිතයක්

සිය සැමියා වන දොස්තර දිනේන්ද්‍ර අතුකෝරාල මරා දැමීයැයි ඔහුගේ බිරිය   චමරි රසිකා දෙනුවන්ත ගුණතිලක ලියනගේට එරෙහිව ඕස්ට්‍රේලියා පොලිසිය මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කර ඇත.

දොස්තර අතුකෝරල (34) ජනවාරි 24 වැනි දා ඕස්ට්‍රේලියාවේ ජෙරල්තන්හි සිය නිවසේ දී තුවාල ලබා රෝහලට රැගෙන ගිය නමුත් මරුමුවට පත් වූ බව ඕස්ට්‍රේලියා පොලිසිය කියයි.

ලබන සිකුරාදා ඇය ජෙරල්තන් මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටීමට නියමිතය.

ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටිය දී ඝාතනයට ලක්ව ඇති දිනේන්ද්‍ර අතුකෝරළ මහතා (34) අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයයේ ආසි ශිෂ්‍යයෙකි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී ඔහු විශිෂ්ඨ සම්මාන අටක් ලබා උසස් පෙළ විභාගයෙන් ද විෂයයන් හතරම සමත්ව ඇත.

ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙන් වෛද්‍ය උපාධිය දිනාගත්තේය.

දිනේන්ද්‍රගේ පියා අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයයේ විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. මෙම ඝාතනය සම්බන්ධ තොරතුරු දැගනැමීමත් සමඟ දිනේන්ද්‍රගේ සොහොයුරන් වන කේජා ශ්‍රී අතුකෝරළ හා රංගන අතුකෝරල යන අය ඕස්ට්‍රේලියාවට ගොස් ඇත.

දොස්තර දිනේන්ද්‍ර පර්ත් නුවර එම වෛද්‍ය මධ්‍යස්ථානයේ ජනප්‍රිය වෛද්‍යවරයෙකි.



අදහස් (0)

ලංකා දොස්තර රෝහලේ ජනප්‍රිය චරිතයක්

නිහාල් විතානගේ Sunday, 29 June 2014 11:33 PM

සුද්දන්ගේ රටවල අපේ හුගක් පවුල් සි සි කඩ.මෙහෙට ඇවිත්ම බලන්න (දී)

:       0       0

හර්ෂ Monday, 30 June 2014 12:44 PM

දමිත් දන්නේ නැද්ද වෙනත් රටවල් වල ද්විත්ව පුරවැසි භාවය ලබා ලංකාවේ බොහෝ දෙනෙක් ජීවත් වන බව. බොහෝ දෙනෙක් ගේ ළමයින් පිටරට ඉගෙන ගන්නේ . හැමෝගෙම කිල්ලෝට වල හුණු ටික ටික තියනවා දමිත . (දී)

:       0       0

චන්ද්‍රා Monday, 30 June 2014 12:51 PM

මට නම් මේ අදහස් කියෙව්වම කාරනාවක් පැහැදිලියි. සමහරුන්ට පිටරට ගිය උදවිය ගැන පුද්ගලික අප්‍රසන්නතාවක් තියනවා. හැබැයි ඉතින් ඔස්ට්‍රේලියාවට දැනට වඩා පහසුවෙන් ස්ථිර පදිංචි විසා දෙනවා කියලා කිව්වා නම් බහුතරයක් තානාපති කාර්යාලයේ හැතැක්ම ගණන් දිග පෝලිමේ ඉන්නේ නැද්ද ? ලංකාවේ බොහෝ පවුල් වල එක අයෙක් හෝ දැන් ඉන්නේ පිටරටක. තමන් තමන්ට අවංක වෙන්න .(දී)

:       0       0

චමින්ද Monday, 30 June 2014 01:59 AM

නිහාල් මහත්මයා ,සුද්දන්ගේ රටවල් වලටම යන්න ඕනේ නැහැ පවුල් සි සි කඩ වෙන්න. ඒක වෙන්න තියෙනවනා නම් ලෝකේ කොහේ හිටියත් සිද්ධ වෙනවා. ලංකාවේ වෙලා තියෙන්නේ පවුලේ මොන තරම් ප්‍රශ්න ආවත්, ඒවා නිතියානුකුලව දික්කසාදයකින් කෙලවර නොවීමයි. එයට හේතුව උසාවි ගොස් දික්කසාද නඩු කීමට ඇති අකමැත්තයි. සියලුම ප්‍රශ්න ලෝකයට නොපෙන්වා ජීවත් වීමට උත්සහා දැරීමයි. නමුත් පිටරටදී සිද්ධ වෙන්නේ දෙදෙනාට එකට ජීවත් වීමට අමාරුනම්, නිතියානුකුලව වෙන් වීමයි.ඒ නිසයි අපේ අය පිටරටදී වෙන් වුනහම කැපී පෙන්නේ. ලංකාවේ තියෙන පවුල් ප්‍රශ්නත් අපි නොදන්නවාට, ඉතාමත් ඉහල මට්ටමක ඇති. ඒ වාගේම වරදෙහි බැදෙන තැනැත්තාට, රට වෙනස් වීම ප්‍රශ්නයක් නොවෙයි. (ස)

:       0       0

හේමා Monday, 30 June 2014 01:00 PM

දයාන් ඔබ පාට කන්නාඩියක් දාගෙන. උගතුන්ගේ උගත්කමට සලකන වාතාවරණයක් තිබුණා නම් බොහොම දෙනෙක් පිටරට යන්නේ නැහැ . මම දන්නා උපාධිදාරී විධායක නිලධාරිනියක් සංක්‍රමණය කලේ ඇයට කිසිදු වරදක් නැතිව නිල රථයෙන් බිමට බස්සවා අනුන්ගේ බලය තමන්ගේ කර ගත් එක්තරා පාර්ශවයක් කල පරිභවයේ ප්‍රතිපලයක් ලෙස. මෙතන මීට වඩා විස්තර ලියන්න බැහැ. (ස)

:       0       0

ප්‍රිය Monday, 30 June 2014 02:24 AM

මිනිස්සු රට යනවා සෝබනේට, රට ගියහම වෙන්නේ ගැහැණු පිරිමි අනියම් සම්බන්ධවලට යොමුවෙන එක, කවදාවත් නරකයි රට යන්න, තමුන් වයසට ගියාමයි තේරෙන්නේ මෝඩ කමට රට පදිංචි උනේ කියල , තමුන්ට තමනුත් නෑ, දරුවොත් නෑ, (ස)

:       0       0

කාන්චනා= Monday, 30 June 2014 01:06 PM

මෙතන මිනී මැරුමක් වෙලා තියනවා. ලංකාවෙත් ඔවැනි දේ සිද්ධ වෙනවා. නමුත් අවංකව කනගාටු වෙනවා වෙනුවට මට පේන්නේ සමහරු " හොඳ වැඩේ රට ගියා නම් ඕවා තමයි වෙන්නේ " යන්න නොකියා කියනවා. කුහක කම හලා හල විෂටත් වඩා භයානකයි. (ස)

:       0       0

සේනක Monday, 30 June 2014 03:06 AM

ඉතින් නිහාල් මෙහෙ කියලත් දැන් වැඩි වෙනසක් තියනවද ? නිතර දෙවේලේ කලාවෙන් ජන මන පිනවන ප්‍රසිද්ධ චරිත පවුල් කන විදිය බැලුවාම සුද්දන් හොඳ වැඩියි. (දී)

:       0       0

නිලංග Monday, 30 June 2014 03:11 AM

අපක්ෂපාති පරීක්ෂණයක් සහ සාධාරණ තීන්දුවක් ලැබේවි. මේ රටේ, වැරදි කල කෙනෙකුට නොයෙක් බලවේග වල උදව්වෙන් අපරාධ යට ගහන්න බැහැ. අගතියට පත් පාර්ශවය පෙන්ෂන් ගන්නකන් එහෙම නැති නම් යන්නම යනකන් ,නඩුව ඇදෙන්නෙත් නැහැ. (දී)

:       0       0

සිරා Monday, 30 June 2014 01:09 PM

මිනිපෙ දන්නා දෙයක් කියන්න. අපේ රටේ වගේ බොරුකරන්න බැහැ. මේ රටවල කවුරු බලයේ හිටියත් පොලිසිය හැමෝටම නිතිය ක්‍රියාත්මක කරනවා හරියට (දී)

:       0       0

සොබිත Monday, 30 June 2014 03:25 AM

ලංකාවේ වැඩි පිරිසක් කරන්නේ නොමිලේ ඉගෙන ගෙන පිට රටට සේවය කරණ එකයි (දී)

:       0       0

මොහාන් Monday, 30 June 2014 01:12 PM

චන්ද්‍රා, මම එකග නැහැ ඔයාගේ අදහස් වලට. මම නම් නිකම් ගෙනියනවා කිව්වත් මගේ රට, අම්ම, අමතක කරනවා වගේ කෙලෙහි ගුණ නැති වැඩ කරන්නේ නැහැ. (දී)

:       0       0

ලංකා Monday, 30 June 2014 05:12 AM

මම දෙදෙනාම වෛද්‍යවරුන් වන පවුල් විශාල ගණනක් දන්නවා. ඔවුන්ගෙන් එක පවුලක් වෙන්වී ජීවත් වෙනවා පිටරටක, හේතුව දෙදෙනා අතර ඉගෙන ගැනීමට ඇති වූ තරඟය නිසා මතුවූ ඉරිසියාව . ඔවුන්ට තමන්ට දරුවෝ ඉන්න බව පවා අමතක වුනා. මේවා තමා බොහෝ විට අවාසනාවන්ත විදියට කෙළවර වෙන්නේ . (දී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 30 June 2014 06:09 AM

අපරාදේ උගත් තරුණ දොස්තර මහත්තයෙක් ලෝකෙට නැති උනා ! (දී)

:       0       0

චාමික Monday, 30 June 2014 06:13 AM

මිනිපේ, රටේ හැමදෙනාටම සමාන ලෙස කාන්තාවන්ට දරුවන්ට සුරක්ෂිත මිනිසුන්ට මිනිසුන් ලෙස සලකන, සෞඛ්‍ය වැඩවර්ජන වලින් රෝගියෝ මැරෙන්නේ නැති නිලධාරීවාදය නැති මිනිසත් යුගයක් ඇතිවුන දාට අපි ආපහු එනවා. සර්ව සම්පූර්ණ නැති වුනත් නීතිය සැම දෙනාටම සමානව එකලෙස ක්‍රියාත්මක වීම සිදු වෙනවා. නිහාල්, සුද්දන්ගේ විතරක් නොවෙයි ආසියාවේත් පවුල් ගොඩක් සීසීකඩ. ලහිපිට මංගල දැන්වීම් තීරුව බැලුවනම් පේනවා ලංකාවෙත් කොතරම් උගත් තරුණ අය නීතියෙන් වෙන්වෙලා දෙවන විවාහයකට කෙනෙක් සොයනවද කියල! (දී)

:       0       0

හිමාලි Monday, 30 June 2014 01:24 PM

පවුල් ප්‍රශ්න හැම රටේම තිබෙනවා. කලකට ඉහත , මොරටුවේ බිරිය සහ දරුවන් මරපු සිද්ධියට සම්බන්ධ සැමියා ලංකාවේ ඉන්න උගතෙක් නේ .(දිල්)

:       0       0

කැලුම් Monday, 30 June 2014 06:17 AM

සිද්දවෙලා තියෙන්නේ මිනීමැරුමක්, හැමෝම කතාකරන්නේ සුද්දෝ ගැන, සුද්දාගේ රට ගැන. මෙතන තියෙන්නේ සුද්දා ගේ වැරද්දක් වත් රටේ වැරද්දක් වත් නොවෙ . අනුන්ගේ රටට , ඔව්න්ගේ ක්‍රමය වැරදී කියන්න අපට තියෙන අයිතිය මොකක්ද. (දී)

:       0       0

රෝයි Monday, 30 June 2014 07:43 AM

ඔය රටවල් වල සියලු දෙය සම්පුර්ණයි කියල හිතුවට බහුතරයකගේ පවුල් ජිවිත සාර්ථක නැහැ. (දී)

:       0       0

චමල් තුෂාර Monday, 30 June 2014 07:50 AM

මිනිපේ ..ඔයා හරියට හරි. මෙයාල හොයන්නෙම ලංකාවේ වැරද්දක් සෞදි වල කරන අපරාදවලට සද්දේ නැහැ (දී)

:       0       0

රෝයි Monday, 30 June 2014 08:13 AM

මෙම ඝාතනය සරණාගතයෙක් අතින් සිදු උනානම් බොහෝ දෙනෙක්ගේ අදහස් වෙනත් අතකට යොමුවෙනවා. උගත් යයි සමාජ සම්මත දෙදෙනෙකු අතර සිදුඋන ගාතනය සම්බන්ද අදහස් ලියන්නේ සාමාන්‍ය දෙයක් ලෙසයි. එකම සිද්දිය සිදුකරන පුද්ගලයින් මත තීරණය නොවිය උතුයි. එහෙම උනානම් බෝට්ටු කරුවන්ගෙන් එමරටවල ඉන්න අනිත් අය‍ට සිදුඋන අවනම්බුව ගැනයි මෙහි ලියන්නේ.මෙවෙනි ගාතන ලෝකයේ කොයි සමාජයේත් විරලව සිදුවන දේ ලෙසයි අපි සැලකිය යුත්තේ. (දී)

:       0       0

ගොඩය Monday, 30 June 2014 08:46 AM

නිදහස් අධ්‍යාපනයෙන් ජීවකටයි මිනිපෙටයි වියදම් කරපු මහජන මුදල් අපරාදේ (දී)

:       0       0

සෑම් Monday, 30 June 2014 03:23 PM

මේ මම දන්නා කාලේ ඕස්ට්‍රේලියාවේ සිංහල කෙනෙක් අතින් සිදුවූ දෙවැනි මිනීමැරුම. පළමුවැනි එක මීට වසර 10-12 පෙර ගාල්ලේ ප්‍රසිද්ධ හිමිනමකගේ ඥාති පුත්‍රයෙක් තම නැන්දම්මාව සහ මාමණ්ඩිව බිහිසුණු ලෙස ඝාතනය කිරීම. (දිල්)

:       0       0

මහේන් Monday, 30 June 2014 03:53 PM

මෙතන මරණයක් වෙලා තියෙන්නේ . කනගාටුව ප්‍රකාශ කරනවා වෙනුවට සමහරු පිටරට ගිය උදවියගේ පවුල් අවුල් විශ්ලේෂණය කරනවා. හරියට ලංකාවේ එහෙම දෙයක් ජීවිතේට අහලා නැහැ වගේ. (දී)

:       0       0

නලිනි Monday, 30 June 2014 09:20 AM

ඒ පවුල තුල ලොකු ප්‍රශ්නයක් තියෙන්න ඇති (දී)

:       0       0

නිශේන් Monday, 30 June 2014 04:03 PM

මිනීමරුම ඕස්ට්‍රේලියාවේ සිදු වුනාට මරණ පරීක්ෂණය ලංකාවේ සිදු කරලා, තීන්දුවත් දීලා ඉවරයි වගේ. !(දී)

:       0       0

සංජිව Monday, 30 June 2014 09:33 AM

අයියෝ මගේ හොද යාලුවෙකුගේ මල්ලි කෙනෙක්නෙ, ඔය ළමය හෙන අහිංසක කොල්ලෙක්. කාටවත් කරදරයක් නැතුව ජීවත් උන කොල්ලෙක්. එත් ඔහොම වෙන්න හේතුව ? (දී)

:       0       0

විජිත Friday, 04 July 2014 04:30 PM

අපේ රටේ අහිංසක ලෙඩ්ඩුන් මරාගෙන කන දොස්තරලට හොඳ පාඩමක් ඕක. මිනිස්සුන්ට විවිද ක්‍රමවලට ඵලදෙනවා. කොයි තරම් හම්බ කලත් ඉවරයක් නැහැ. අටලෝ දහම බොරු කරන්න බැහැ. දොස්තරලට සහ ලෝයර්ලටත් ශාපවේවා! සාදු සාදු. සොබාදහම දිනේවා (නදී)

:       0       0

නිලන්ත Monday, 30 June 2014 04:20 PM

පුදුමේ කියන්නේ , ලංකාවේ දී තාත්ත කෙනෙක් පුතාව මරපු පුවත මේ පත්තරේම තියනවා කවුරුවත් දැකලා නැහැනේ. (ස)

:       0       0

ටිරෝන් Monday, 30 June 2014 10:00 AM

ඔබට නිවන්සුව (දී)

:       0       0

අමල් Monday, 30 June 2014 10:06 AM

වටිනා ලාංකිකයෙක් අපිට නැති උනා (දී)

:       0       0

කාන්ති Monday, 30 June 2014 04:36 PM

ඇයි මේ සමහරු පිටරට ගිය උදවිය ගැන අසතුටින් ? චන්ද්‍රා කිව්වත් වගේ හැම කෙනෙක්ගෙම කවුරු හරි පිටරට. අපිට මොකද කවුරු කොහේ හිටියාම. කොහේ හිටියත් මැරුණට පස්සේ යන තැන කාටවත් ඕන විදියට තීරණය වෙන්නේ නැහැනේ . ඉතින් අසවලා හරි නම් ඉන්න ඕන අසවල් රටේ කියලා මට නම් හිතෙන්නේ නැහැ. (දී)

:       0       0

දිලි Monday, 30 June 2014 04:40 PM

මෙතන බුද්ධිමත් ප්‍රතිචාරය රූපා මහත්මියගේ !(දී)

:       0       0

සෙලනිකස් Monday, 30 June 2014 04:41 PM

නිදහස් අද්‍යාපනය ලබා ගෙන රට හැර යාම ගැන කීප පැත්තකින්ම බැලිය යුතුය්. නිදහස් අද්‍යාපනය කියන සම්පතින් ප්‍රයෝජන අරගෙන අඩුම ගන්නේ මේ රටටවත් හරිහමන් සේවයක් නොකරන අය තමා වැඩිපුර ඉන්නේ. ඒ අය ගැන මොකද කියන්නේ ?(දී)

:       0       0

රූපා Monday, 30 June 2014 10:18 AM

අපි මැදිහත් වෙන්න ඕනේ නැහැ ඒවා ඒ ඒ මිනිස්සු බලා ගනීවි (දී)

:       0       0

හේමන්ත Monday, 30 June 2014 10:22 AM

ලංකාවෙන් නොම්ලේ ඉගෙන ගෙන ඔස්ට්‍රේලියාවට සේවය කරලා (දී)

:       0       0

සේන Monday, 30 June 2014 10:53 AM

ටිකක් ඉවසුවානම් කොච්චර හොදද? වටිනා ජීවිත දෙකක් අපරාදේ විනාස වුනා. (දී)

:       0       0

ෂෙරින් Monday, 30 June 2014 05:16 PM

මේ මරණයක් වුන අවස්තාවක ,සමහරුන්ගේ අදහස් , හරිම පුදුමයි. (දී)

:       0       0

දයාන් Monday, 30 June 2014 05:18 PM

හේමා,ඔබ මෙය සාධාරණිකරණය කරන්නට යන්නේ එක සිද්ධියක් මුල් කර ගෙන. නමුත් දැනටමත් අප රටේ උගතුන්ගේ යම් අඩුවක් මට දැනෙනවා.මේක සෝදා පාළුවක්.උගත්කම භාවිත කර,වැරදි දේ නිවැරදි කරගෙන ලෝකය පුරා සේවය කරන ඔබ වැනි උගතුන් බුද්ධිමතුන් අප රටට සේවය කරලා තිබුනා නම්,ඔබ වැනි උගතුන් අපත් සමග සිටියා නම් අප රට සිටින්නේ කොතරම් අපුරු තැනකද!''....''අපට තැනක් නැහැ.අප මේ රටෙන් යනවා කියා බොහෝ අය විදේශ ගත වේවි.ඉතා කාර්යක්ෂමව තම සේවය ඒ රටවලට ඉටු කරාවි''....ඒ වගේම අප රටේ අඩු පාඩු ද ඇත. එය සුරපුරයක් නොවේ. එත් එය අපේ මව්රටයි . (දී)

:       0       0

පූර්ණිකා Tuesday, 01 July 2014 07:40 AM

මේක රටේ ගැටළුවක් නොවේ.මිනිස්සු තමන්ගේ ආගම ධර්මයෙන් ඈත්වෙලා නොමැරෙන මිනිස්සු විදියට ජිවත් වේම ප්‍රතිපල. මිනිසත් බවේ වටිනාකම නොතේරන කම. අද කාලේ මිනිස්සු වටිනාකම් දිය යුතු දේවල් වලට වටිනාකම් නොදී,මේ තාවකාලික රැකියා, විභාග, සල්ලි වලට වටිනාකම් දෙන සමාජයක මේවා වෙනවා. මේවා ලංකාවෙත් වෙනවා. මේක මානසික පීඩනයේ ප්‍රතිපලයක් වෙන්න පුළුවන්.(නදී)

:       0       0

අමිල Monday, 30 June 2014 11:27 AM

ලංකාවෙන් පිට රටට ගිහින් එහෙ ස්ථිර පදිංචි වෙලා , මෙහෙට අවුරුදු ගානකට සැරයක් ට්‍රිප් එකක් වගේ ඇවිත් යන අය තවදුටත් ලාංකිකයෝ වෙන්නේ කොහොමද ? ? (දී)

:       0       0

රසික Tuesday, 01 July 2014 07:45 AM

දයාන් ඔබට වැරදිලා, හැමදෙනාම ලංකාවේ හිටියොත් රට විරුවෝ වෙන්නේ කව්ද? (නදී)

:       0       0

සුසන්ත Wednesday, 02 July 2014 03:00 PM

මෙතන සමහරුන්ට තියෙන විශාලම ප්‍රශ්නය, අපේ අය පිටරට රැකියාවකට යන එක නෙවෙයි,ගිහිල්ලා ස්ථිර පදිංචිය ලබා ගන්න එකයි. (ස)

:       0       0

මොහාන් Monday, 30 June 2014 11:42 AM

වැඩේ නම් වැරදි තමා. එත් අපේ බදු සල්ලි වලින් ඉගෙන ගෙන ඉසුරු සොයා රට අමතක කල ගමේ කොල්ලෙක්, (දී)

:       0       0

නුවන් Monday, 30 June 2014 05:37 PM

උගතුන් ලෙස පිටරට ගිය බොහෝ දෙනෙකු කිසිම දේශපාලන හයියක් නැති උදවිය. තමන් ආදී ශිෂ්‍යයෙකු වුනත් ළමයාව පාසලට ඇතුලත් කරන ලේඛනයෙන් කැපී ගිය , රැකියා සඳහා තරඟ විභාග වලින් උසස් ලකුණු ගෙන කැපී ගිය, උසස් වීමට සුදුසු වුනත් තල්ලුවක් නැති , ලංකාවේ කොන්ද කෙලින් තියාගෙන ජීවත් වීමට අවංකව ගත් සියලු උත්සාහයන් ව්‍යාර්ථ වුන උදවියයි. අමිල මහතාට නම් මේ ප්‍රශ්න මොනවත් නැතිව ඇති දෙවියන්ගේ පිහිටෙන් ! (දී)

:       0       0

ගි්ම්හානි Monday, 30 June 2014 11:46 AM

මේ වගේ රටවල් නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා.(නදී)

:       0       0

ෂෙරිෆ් Sunday, 29 June 2014 07:44 PM

බලන්න ඒ රටවල මිනීමැරුමක් සිදුවුණාම නීතිය මොනතරම් තදින් ක්‍රියාත්මක කරනවද කියලා, අපේ රටේනම් මොනවට කියනවද. (දී)

:       0       0

ගිහාන් Monday, 30 June 2014 12:05 PM

අමිල එතකොට වෙනත් රටවල් පුරවැසි භාවය ලබා දැන් ලංකාවේ ඉන්න ලාංකිකයන් ඔබේ වර්ග කිරීමට අනුව කොහොමද ? (දී)

:       0       0

ලලිත් Monday, 30 June 2014 12:07 PM

රෝයි මහතා බෝට්ටු කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දැඩි වෙහෙසක් ගන්න හැඩයි. හොඳයි හොඳයි ! (දී)

:       0       0

චනිල් Monday, 30 June 2014 06:10 PM

මියගිය අයට නිවන් සුව පතමි . ඔහු ජීවත් වුනේ අභ්‍යාවකාශයේ වුනත් එයින් මට වැඩක් නැත . මේ ජීවිතයේ අනිත්‍යය පහදා දුන් අවස්තාවක් පමණි. (දී)

:       0       0

මිනිපෙ Sunday, 29 June 2014 09:36 PM

ෂෙරිෆ්, ඕනෑම රටක පොලිස් පරීක්ෂණ වලදී අන්නතවත් වැරදිම හා මගහැරීම් සිදුවෙනවා.පිටරට වලට ගොස් පදිංචි වෙන්න සිහින මවන ලාංකිකයන්, පිටරට වල කෙරෙන හැම දෙයක්ම අංගසම්පුර්ණ ලෙස සිතනවා. (දී)

:       0       0

දයාන් Monday, 30 June 2014 12:21 PM

ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය ලබා,ලංකාවට තම සේවය නොදී,පිටරටවල උසස් රැකියා කරන ඇතැම් නෝනා මහත්වරුන් කරන්නේ තම මවු රටට ගැරහිමයි,හැල්ලුවට හෝ සමච්චලයට ලක් කිරීමයි.ඇතැම් ලිපිවලට ලියන අදහස් කියවීමෙන් මෙය මනාව පැහැදිලිවේ.ඔබලා ජිවිතයේ කෙදිනක හෝ තම සේවය තම රටට නොදීමට සිදුවීම ගැන කම්පා වනු ඇත.(දී)

:       0       0

නිහාල් විතානගේ Sunday, 29 June 2014 10:12 PM

තවම නඩුව ඇහුවේ නැහැ (දී)

:       0       0

කෙවින් Monday, 30 June 2014 12:24 PM

තවම පරීක්ෂණ ඕස්ට්‍රේලියාවේ පරීක්ෂණ පටන් ගත්ත විතරයි . අපේ උදවිය මිනී මැරුම වුන රට අල්ල ගෙන පතුරු ගහනවා. සුද්දට බනිනවා. පිටරට ඉන්න ලාංකිකයන්ට ආඩපාලි කියනවා. මීට වඩා මිනී මැරුම් ලංකාවේ වෙන්නේ නැද්ද ? (දී)

:       0       0

සෙලන්සිකස් Sunday, 29 June 2014 10:27 PM

@මිනිපෙ, කිසිම තැනක් සර්ව සම්පූර්ණ නැහැ. නමුත් අපිට සංසන්දනාත්මකව බලා නිගමනයකට එන්න පුළුවන්. (දී)

:       0       0

ජිවක Sunday, 29 June 2014 10:39 PM

පින්වත් මිනිපේ , මේ වෛද්‍ය තුමත් එහෙම හිතන්න ඇති නේද?..අපරාදේ නිදහස් අධ්‍යාපනේ (දී)

:       0       0

දමිත් Monday, 30 June 2014 12:31 PM

අමිල, ඔයා හරි. මෙයාල ලාංකිකයෝ වෙන්නේ ක්‍රිකට් ටීම් එකක් ඒ රටට ගියාම විතරයි.පුරවැසිභාවය ලබාගත් රටේ පාස් පෝට් එක අතක. අනෙක් අතේ ලංකාවේ ජාතික කොඩිය. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 946 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1568 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 342 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1419 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1208 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site