IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලක්ෂ 12ක රට මත්පැන් මීගමුවෙන් අල්ලයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ  කේන්ද්‍ර කොටගෙන  තීරු බදු නොගෙවු  විදේශීය මත් පැන් ජාවාරමක් පවත්වාගෙන යන  බව කියන පුද්ගලයෙකු   ඔහුගේ සුපිරි මෝටර් රථය සහ  රුපියල් ලක්ෂ දොලහක් පමණ වටිනා  රට මත් පැන් තොගයක් සමග  මීගමුව පෙරියමුල්ල  ප්‍රදේශයේදී  සැකපිට අත් අඩංගුවට ගත් බන සුරා බදු දෙපාර්තමේන්තුව කියයි.

සැකකරු මීගමුව පෙරියමුල්ලේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සුඛෝපභෝගී  මෝටර්   රථයක්  පරිහරණය  කරමින් මෙම ජාවාරම දීර්ඝ කාලයක් තිස්සේ රහසිගතව කරගෙන ගොස් ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.

වැටලීමේදී ජොනි වෝකර් වර්ගයේ ලීටර් එක ප්‍රමාණයේ විස්කි බෝතල් 186 ක් සහ 2015 වර්ෂයේ නිෂ්පාදිත ටොයෝටා ප්‍රීමියෝ වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් අත් අඩංගුවට ගෙන ඇත. මෝටර් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 60 කි.

අත් අඩංගුවට ගනු ලැබු මත්පැන් ගුවන්තොටුපොල ආශ්‍රීත ස්ථානයකින්  ලබා ගත් බව සැකකරු සුරාබදු නිලධාරීන් ඉදිරියේ පවසා ඇත.

සුරාබදු නිලධාරියෙකු ව්‍යාජ ගැනුම්කරුවෙකු ලෙස යොදවා විදේශීය මත් පැන් සැකකරුගෙන් ඇනවුම් කර ඇති අතර සුරාබදු නිලධාරියාට මත් පැන් විකිණීම සිදුකරන අවස්ථාවේදී සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

මෙම ව්‍යාපාරය සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති බවත් ඔහු  තරු පන්තියේ හෝටල් වල පවත්වනු ලබන විවාහ මංගල උත්සව වලට මත්පැන් සපයා ඇති බවට  කරුණු අනාවරණය වී ඇති බවත් සුරාබදු නිලධාරීහු කියති.

මෙවැනි වර්ගයේ මත් පැන් බෝතලයක වෙළදපොළ වටිනාකම රුපියල් 6500 ක් පමණ  උවද   සැකකරු  එය අලෙවිකර  ඇත්තේ රුපියල් 3200 ක මුදලකටය.

ගුවන්තොටුපොළ ආශ්‍රීතව සිදුකරන බව කියන තීරු බදු නොගෙවු  විදේශීය මත් පැන් ජාවරමක් පිළිබදව   වැඩිදුර විමර්ශණ පවත් වන  සුරාබදු නිලධාරීහු පවසන්නේ මෙම මාසය තුළ පමණක් තීරු බදු නොගෙවු විදේශීය මත්පැන් බෝතල් හාරසීයනට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම වැටලීම   සුරාබදු කොමසාරිස් ජනරාල්  එල්.කේ.ජී ගුණවර්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්  (අපරාධ)  ෙජ්. පුෂ්ප කුමාර මහතාගේ  සහ ජා ඇල සුරාබදු අධිකාරී ආර්.එම්.පී.බී ධර්මකීර්ති යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සුරාබදු  පරීක්ෂක  ඒ.ආර් ලැම්බට් ඇතුළු නිලධාරීහු  සිදු කළහ.

සැකකරු ලබන  25 වෙනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 1 2

 

 

 



අදහස් (0)

ලක්ෂ 12ක රට මත්පැන් මීගමුවෙන් අල්ලයි

ශාන්ත Sunday, 21 June 2015 07:26 AM

සල්ලි හම්බ කරන්න සල්ලි තියෙන්න ඕනේ. ලක්ෂ 60 කාරෙකේ ගියත් හොරා හොරාමයි. ජැන්ඩියට ඇඳලා යනකොට අවිස්වාස කරන්න අමාරුයි (නදී)

:       0       0

ද සිල්වා Sunday, 21 June 2015 04:35 PM

සමන්ති මේක තමා ඇත්ත තත්වය. මම දන්නා දකුණු පළාතේ එක වෙරළබඩ ප්‍රදේශයක කුඩා පරිමාණයේ සංචාරක නවාතැන් විශාල ප්‍රමාණයක් එක ළඟ පිහිටලා තිබෙනවා. ඔවුන් සංචාරකයන්ට බීයර් බෝතල 6-7 සමහර දවස් වලට විකුණනවා. සමහර කාලවලට මොකුත්ම නැහැ. බීයර් නැති රෙස්ටුරන්ට් වලින් කෑම කන්න සංචාරකයෝ කැමති නැහැ. දැන් බලපත්‍රයක් ගන්න අවුරුද්දකට රුපියල් ලක්ෂ 2 1/2 විතර වියදම් කරන්න ඕනේ. අනිත් එක බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදය ඉතාම සංකීර්ණයි. රෙස්ටුරන්ට් හිමියන් මාසෙකට රුපියල් 2000 සිට 5000 මුදලක් සුරාබදු කාරයන්ට කප්පම් ගෙවනවා. ඔවුන් මේවා අල්ලන්නේ නැහැ. මෙවැනි කුඩා පරිමාණයේ සංචාරක ව්‍යාපාරිකයන්ට (විදේශීය සංචාරකයන්ට පමණක් )විකිණිය හැකි ලෙස අවුරුද්දකට රුපියල් ලක්ෂයකට අඩු මුදලකට සරල ක්‍රමයකට බලපත්‍ර ලබාදෙනවා නම් ඔවුන් බලපත්‍ර ලබා ගනී. එතකොට රජයටත් විශාල බදු අාධායමක් ලැබේ. සමන්ති මාව මුදල් අැමති කරත් අැමතිකම භාර ගන්න මගේ කැමැත්තක් නැත. එයට හේතු කිහිපයක් පහත දැක්වේ. (1). දැනට මම යුරෝපයේ ජිවත්වන යුරෝපය සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාර කරන ව්‍යාපාරිකයෙකි. මම මසකට ලංකාවේ මුදල් අැමතිගේ වැටුප මෙන් කිහිප ගුණයක් හම්බ කරමි . (2) ලංකාවේ දේශපාලකයන් (සියලුදෙනාම නොවේ) කරන විදිහට බොරු කියමින් මිනිස්සු රැවටීමට මම අකමැත්තෙමි. (3) රටක මුදල් අමෙති ධුරය දැරීමට තරම් මගේ ආර්ථික විද්‍යා දැනුම ප්‍රමාණවත් නැති බව මගේ අදහසය .(4) මට මගේ පුද්ගලික නිදහස ඉතා වැදගත්ය (නදී)

:       0       0

දේවා අකුරැටිය Sunday, 21 June 2015 07:43 AM

මේවා අහඹු සිදුවීම් නොවේ. නමුත් මේ නීති විරෝදී දේ අල්ලන්න යහපාලනයම ඕනේ (නදී)

:       0       0

චමල් Sunday, 21 June 2015 07:45 AM

ශාන්තගේ කතාව හරියට හරි. ඔය විස්කි වෙන්දේසි කරනවා නම් අපිටත් කියන්න (නදී)

:       0       0

ලියොන් Sunday, 21 June 2015 08:05 AM

මම දන්නේ නැති හින්දයි අහන්නේ. මේවත් මහින්දගේ ගිණුමටද බැර කරන්නේ.?(බ)

:       0       0

පෙරේරා Sunday, 21 June 2015 08:54 AM

මේ විදිහේ වාහනද ලංකාවේ සුඛෝපභෝගී ගණයට වැටෙන්නේ? (බ)

:       0       0

ජෙහාන් Sunday, 21 June 2015 09:50 AM

අල්ලන මත්පැන්, මත්කුඩු, පිටරට සල්ලි වලට මොකද වෙන්නේ කියලා මහජනයා දැනුවත් කළ යුතුවේ. (හේ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 21 June 2015 10:35 AM

ඉතා ඉක්මනින් සුපිරි පොහොසතුන් ලංකාවේ බිහි වන්නේ මෙවෙනි හොර වංචා වලිනි. මේවා සිදුවන්නට පිටු පස දේශපාලන හස්තයන්ද තිබෙනවා. සාදාරන රැකියාවකින් හෝ සාදාරන වෙලදාමකින් පොහොසත් වන්නට ලංකාවේ ඉඩක් නොමැති කම මේවාට බලපානවා (නදී)

:       0       0

ද සිල්වා Sunday, 21 June 2015 11:27 AM

මෙවැනි හොර වංචා වැඩිපුර සිදුවෙන්නෙත් නීති විරෝධී කස්සිපු වැනි මත්ද්‍රව්‍ය ජනතාව අතර ප්‍රචලිත වන්නේත්, එතනෝල් ජාවාරම් සිදුවෙන්නෙත් ආණ්ඩුවෙන් මත්පැන් වලට සහ මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීමේදී සහ මත්පැන් වලට ගසන අධික බද්ධ නිසාය. මෙවැනි ජාවාරම් බොහෝ විට සිදුවන්නේ සුරාබදු , පොලිස් නිලධාරීන්ගේ සහ දේශපාලකයන්ගේ අනු දැනුම මතය. කස්සිපු මුදලාලිගේ සිට කුඩා පරිමාණ සංචාරක හෝටල් හිමියාගේ සිට මහා පරිමාණ විස්කි ජාවාරම් කරුවා ඔවුන්ට කප්පම් ගෙවමින් තම ව්‍යාපාර කරගෙව යති. රජයට බලපත්‍ර ගාස්තු සහ මත්පැන් වලින් ලැබෙන බලපත්‍ර ගාස්තුව ඉතා අඩු වන අතර නිලධාරීන් සහ ජාවාරම් කරුවෝ ධනවත් වෙති. කරුණාකර මෙම බලපත්‍ර ගාස්තු අඩු කර බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදය සරල කරන්න. විදේශීය මත්පැන් බදුත් අඩු කරන්න. එතකොට මේ ජාවාරම් නවතීවි. (නදී)

:       0       0

ගුණවර්ධන Sunday, 21 June 2015 12:01 PM

එහෙනම් මේ පාර කසිප්පු වෙනුවට ජොනිවෝකර් පාටියක් (බ)

:       0       0

ඉරෝෂණ ශෂික Sunday, 21 June 2015 01:15 PM

මේ වගේ හොරු ඉන්න රටක අපි ඉන්නේ (නදී)

:       0       0

සමන්ති Sunday, 21 June 2015 01:22 PM

ද සිල්වා, මුදල් ඇමති කරමුද? අපුරු ටිකිරි මොලේ. (නදී)

:       0       0

චානුක ජයශාන් Sunday, 21 June 2015 06:22 AM

රටට ලැබිය යුතු බදු ආදායම අහිමි කරමින් මෙවනි හොර ඡාවාරම් මැඩලිමට මේ නිලධාරින් කර ඇති මෙහෙවරට රටේ ජනතාවගේ ප්‍රසංසාව හිමි විය යුතුයි.(නදී)

:       0       0

රොෂාන් Sunday, 21 June 2015 06:52 AM

අද පොලිසේ කාරයෝ ජොනි වෝකර් ගහයි (බ)

:       0       0

නදුන් Sunday, 21 June 2015 07:01 AM

නියමයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3220 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2339 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3186 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3068 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1355 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site