මහියංගන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී වටරැක විජිත හිමි 07 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
පසු ගිය 19 වැනිදා ඒ හිමියන් අත පය බැද හිරණ පාළම ළඟ දමා තිබියදී සොයා ගත් බව පොලීසිය කියයි.එය රඟපෑමක් බව ද කිසිවකු ඒ හිමියන් පැහැරගෙන නැති බව ද පොලීසිය අධීකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටක් ඇරලා කියන්න පුලුවන්ද හාමුදුරුවනේ ඔබ කරපු වැඩේ (දී)
තමන් හිසට තම අතමය සෙවණැල්ල කියලා දැන් හිතෙනවා ඇති. (නි)
මදැයි කරගත්ත දෙයක්? (නි)
-පණ රැක ගන්න වටරුක උඩ වැඩ සිටියා -රට රැක ගන්න යැයි බේගල් බණ කෙළියා -කට රැක ගන්න බැරිවී වැඩ වැරදුනියා -වට රැක මිසක වෙන කවුරුද අනේ ඒයා (නදී)
කටරැක ගත නොහැකි වටරැකලාගෙන් රටරැක ගන්න කවුරුවත් නැද්ද? (නදී)
මොහාන් කවදාවත් ටෙලි නාට්‍යයක් බලල නැහැ වගේ. ඕක තේරුම් ගන්න බැරිනම් ඉතින් ආයෙත් මොන්ටිසෝරි ගිහින්ම තමයි ඉගෙන ගෙන එන්න වෙන්නේ. වසරේ හොදම නළුවා හැටියට මෙදා පාර සම්මාන ලබන්නේ වටරැක හාමදුරුවෝ තමයි. තව දෙන්නෙක් ඉන්නවා (නදී)
ඇයි හාමුදුරුවනේ මෙහෙම කළේ? (නි)
වටරැක හිමි ගැන දුකෙන් අදහස් දමන කට්ටිය ගැන මට දුකයි (නි)
මදැයි කරගත්ත දේ? (නි)
මේ ලෙස ඇයි නුඹ මැත දොඩවන්නේ..., රට ගැන සිතලා වැඩ කරපන්නේ..., ජාතිය ආගම පාවා දුන්නේ...., ඒකයි අද නුඹ හිරබත් කන්නේ.... (නි)
ඔබ වහන්සේගේ රෝග තත්වය කොහොමද (දී)
වටරැක හිමිම මහේස්ත්‍රාත් තුමාට කියන්න ඇති "ස්වාමිනි මාව තව ටික දවසක් ඇතුලෙම තියන්න,එලියට ගියොත් මගේ ජීවිතය අනතුරේ " කියලා. (දී)
මේ හාමුදුරුවන්ගේ නාට්‍යය ලස්සනයි (දී)
අපි මොනතරම් උගත් හෝ බුද්ධිමත්ව සිටියත් වැඩක් නැහැ යමක් ගැන බැරෑරුම්ව නොසිතා ඉක්මන් තීරණ ගන්නවානම්. එය අනුවන ක්‍රියාවකි. කිමද...දෑසින් දකින සියල්ල හෝ කනට අසන සියල්ලත් ඇත්ත නොවේ. පුළුල් ලෙස විපරම් කරීමෙන් පමණක් තීන්දු තීරණ ගත යුතුය. මෙහි අදහස් ලියන අයත් කවදා හරි ලත වේවි මේ ලියන දේවල් ගැන. (දී)
මීට වඩා දේවල් කරපු අය එළියේ නේද? (දී)
අනේ වටරැක නොදිටි මොක් පුර. පව්. (ස)
නන්ද මහත්තයා මොනවද මේ කියන්නේ. වටරැක උන්නාන්සේ අත්අඩංගුවට ගත්තේ රඟපෑවා කියලා නෙවෙයිනේ. බොරු පැමිණිලි දාලා පොලීසිය නොමග යැව්වා කියලනේ (නදී)
වට රැක හිමි ජනතාවගෙන් සමාව ගෙන දේශපාලනයෙන් අයින් වී, භාවනාවේ යෙදුනොත් හොඳයි. රාජකීය පණ්ඩිත ගනිස්සර හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටින්නේත් බුද්ධාගම රැක දීමට අපිට සීලය ,භාවනාව උගන්වා අපේ දුප්පත් කම නැතිකිරීමට වැඩ පිළිවෙලක් හදන්ඩ නායකත්වය දෙන්ඩ කියලයි. (නදී)
ඇයි දෙයියනේ, රඟපෑමක් කළා කියල වටරැක හිමියන් අත් අඩංගුවට ගත්තා නම්, රඟපෑම් කරන දේශපාලකයින් කී දෙනෙක් ඉන්නවද අපේ රටේ. ඇයි ඒ අයට එරෙහිව චෝදනා ඉදිරිපත් කරලා අත් අඩංගුවට ගන්නේ නැත්තේ. (නදී)
මේ මහියංගනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීට ඡන්දෙ දුන් අය දැන් කම්පා වෙනවා ඇති. (නදී)
කෝ අපේ එසැන පුවත් වල වටරැක හිමිගේ දායකයෝ තාමත් ඉන්නවද? මේ වසරේ හොදම නළුවට හිමි සම්මානය වටරැක හිමිට තමයි. (නදී)
මේ නඩුව නම් වැඩිය කල් දාන්න එපා ඒක අනාගතයේ ලොකු ප්‍රශ්නයක මුලක් වෙනවා (දී)
නිවන ගොඩාක් දුරයි (දී)
ඉතින් රඟපෑම තහනම්ද? (නදී)
මෙයාට තවත් චීවරය දරාගෙන සිටිය හැකිද ? (නදී)
හිතා ගන්න බැහැ මේක හාමුදුරුවන්ගේ නාට්‍යක්ද නැත්නම් පොලිසියේ නාට්‍යක්ද කියා (නදී)
කට රැක ගත්තොත් ....වටරැක හිමි අමාරුවේ නොවැටෙයි වගේ.. (දී)
නිතිය පැත්තෙන් අපිට මොකුත් කියන්න බැහැ (දී)
අනේ හාමුදුරුවනේ මේවා අපිට දකින්න උනානේ (දී)
ලංකාවේ සිදුවන දේවල් ගෙන නම් අද කාලයේ කිසිම විස්වාසයක් නැහැ . කවුරු හරිද කවුරු වැරදීද කියා දන්නේ දෙය්යෝ පමණි. (ස)