ඉඩෝරයත් සමඟ ජලය සොයා යන වන සතුන් මැරීමට දිය කඩිතිවලට වස දමන පිරිසක් සොයා හම්බන්තොට වන ජීවී කාර්යාලය පරීක්ෂණ අරඹයි.
හම්බන්තොට මැටිගත් වැවට වස දමා මුවන් තිදෙනකු හා වදුරන් තුන් දෙනකු මරා දමා ඇතැයි කියති.
මෙම වස වර්ගය කුමක් දැයි සොයා ගැනීම සඳහා ජල සාම්පල් හා සතුන්ගේ සිරුරු කොටස් උඩවලව ඇත් අතුරු සෙවණේ පංශු වෛද්‍ය කාර්යාලයට යැවු බව අඩවි ආරක්ෂක එච් එම් ඒ ගුණතුංග මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පැතිවල අය කෙරුවොත් කරන්නේ ඔය වගේ තිරිසන් වැඩ තමයි. ආත්ම ගානකට විඳවයි ඔය කරන පව්කාරකම්. (නදී)
දෙපාවෝ විසින් සිව්පාවුන්ට කරන අපරාද වලට අපාම ගත වෙත්ව! (දී)
ලෝකයේ ස්වාභාවික පාලනය හැරුණු කොට ඉතිරිය පවතින්නේ මිනිසා සතුවය. සතා සීපාවට ,ගහ කොළට ආදරය නොකරන අය මිනිසුන් ලෙස ගණන් ගත හැකිද? ඔවුන් මිනිස් වෙසින් හිටියත් තිරිසනුන්ටත් වඩා පහත් යයි මට සිතේ. (නදී)
හම්බන්තොට ආස්චර්යයේ උල්පත. මේකත් ආස්චර්යයද? (නදී)
කරන්න වෙන රැකියාවක් නොමැති කමට මේවා කරනවද? රටේ තත්වය මේ දේවල් වලින් මොනවට පහැදිලි වෙනවද (නදී)
ඔහොම යද්දී ආපහු අර වනචාරි යුගයටම පැමිණේවි. (නදී)
කන එකට වහ දානව කියන්නේ කන එකට බදු ගහනවටත් වැඩිය පාප කර්මයක් (නදී)
කොයිලොව යන්නේ මරණින් පස්සේ... (නි)
අනේ මෙවන් තිරිසන්නු (දී)
මේවා කන මිනිස්සු ඊට පස්සේ මැරෙනවා (දී)
මොනයම් ආගමකින් හෝ ළමුන් කුඩා කල සිට ආගම දහම අනුව හැදෙන හෙටි උගන්වන්න ඕනේ
මෙවන් මිනිසුන්ට ආත්ම ගණනක් විඳවන්න වෙනවා (නි)
මේ මිනිසුන්ට විශාල දඩ මුදල් සහ දීර්ඝකාලීන සිර දඬුවම් දෙන්න ඕනෑ (නි)
අනේ මෙහෙමත් නොමිනිසුන්! (නි)
සංසාරයේ හැටි නොදන්නා නිසා මෙසේ කරනවා වන්නට ඇත (නි)
මිනිසුන් මෙතරම් පහත් තත්ත්වයකට පත් වුණේ ඇයි? (නි)
පුදුම මිනිස්සු! (දී)
කර්ම පලය සත්‍යයක්. මේ සතෙක් උනත් බොන වතුර එකට වහ දානවා කියන්නේ ආත්ම ගානක් විදවන වැඩක්. මේ අය තිරිසන් ආත්මවල ඉපදිලා මීට වඩා දුක්විදියි. (දී)