
(අංජුල මහික වීරරත්න)
බලශක්ති සහ විදුලිබල ක්ෂේත්රයේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සාධාරණ තරඟකාරී පරිසරයක් සහ නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
බලශක්ති ක්ෂේත්රයේ තරගකාරීත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගික සුභසාධනය තහවුරු කිරීම අරමුණු කරගනිමින්, “තරගකාරීත්ව ප්‍රතිපත්තිය සහ නීතිය” පිළිබඳ ඉහළ පෙළේ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වුණු අතර එහිදී මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා විය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහයෝගීතාවෙන් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි. ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව නිර්මාණය වී ඇති නව වටපිටාව තුළ මෙවැනි සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීම කාලෝචිත සහ වැදගත් පියවරක් බව මෙහිදී සඳහන් කෙරිණි.
විනිවිදභාවයෙන් යුත් සහ සාධාරණ තරඟකාරීත්ව රාමුවක් තුළින් බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම, පාරිභෝගිකයින්ට දැරීමට සිදුවන විදුලි සහ බලශක්ති පිරිවැය අවම කිරීම සහ බලශක්ති ක්ෂේත්රය තුළ පෞද්ගලික අංශයේ සහභාගිත්වය තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.
ඒ සඳහා ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයින්, නියාමකයින් සහ ජාත්‍යන්තර විශේෂඥයින් එකම වේදිකාවකට එක් කරමින්, බලශක්ති ක්ෂේත්රයේ තරගකාරීත්ව ප්‍රතිපත්තිය සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් මෙහිදී පැවැත්විණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, JICA ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ෂිගියෝ හොන්සු (Shigeo Honzu) සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති මහාචාර්ය කේ. පී. එල්. චන්ද්‍රලාල් මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.
ජපානයේ තරගකාරීත්ව නීති බලාත්මක කිරීමේ ප්‍රධාන ආයතනය වන Japan Fair Trade Commission හි විශේෂඥයින් සිව්දෙනෙක් ඇතුළු දෙස් විදෙස් ප්‍රතිපත්ති සම්පාදකයින් සහ වෘත්තිකයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd