IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සීගිරිය වනසන දේශපාලන කෙරුමෝ කවුද?

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සීගිරිය වන රක්ෂිතයේ  ඇතැම් දේශපාලනඥයන් වරින් වර පුද්ගලයන් පදිංචි කරවීමෙන් එම රක්ෂිතයට හානි සිදුවෙමින් පවතින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ  ප්‍රධානත්වයෙන් යුතු  පරිසරය ස්වභාවික සම්පත් සහ  තිරසර සංවර්ධනය පිළිබඳ පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවී ඇත.

එසේම සීගිරිය වන රක්ෂිතය ගැසට් කිරීමට පෙර පදිංචි අයගේ අයිතිය ආරක්ෂා කරන ලෙසටද  කමිටුව නිර්දේශ කර ඇත.

ගැසට් කිරීමට පෙර පදිංචිව සිටි පදිංචිකරුවන් සහ ඊට පසු පදිංචි වූ පුද්ගලයන් පිළිබඳව කමිටුවක් පත් කර තොරතුරු සොයා බලා ඉදිරිපත් කරන ලෙස  කමිටුවේ සභාපති අජිත්  මාන්නප්පෙරුම මහතා දිස්ත්‍රික්  ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

වන සංරක්ෂණ හා වනජීවී රක්ෂිතවල ඇති පෞද්ගලික ඉඩම් රජයට අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කරන්නැයි  පරිසරය ස්වභාවික සම්පත් හා අතිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අදාළ නිලධාරීන්ට නිර්දේශ කර ඇත.

එසේම රටේ වන රක්ෂිතය  සියයට 29.5 සිට 32 දක්වා වැඩි කිරීමට සැලසුම් සකස් කරන ලෙසද එම කමිටුව නිර්දේශ කර ඇත.

 

 



අදහස් (3)

සීගිරිය වනසන දේශපාලන කෙරුමෝ කවුද?

Hafeel Monday, 22 July 2024 02:30 PM

මම රිෂාඩ් බදියුද්දීන් අවංකයි කියල කියන්න නැහැ. නමුත් එදා විමල් සහ මේ පොහොට්ටුවේ මන්ත්‍රීලා දොස් කිව්වේ රිෂාඩ් බදුර්දීන්ට. අද කොව්ද මේවාට වග කියන්න ඕනේ? රාජපක්ෂ බේබි කෙනක් සිංහරාජ රක්ෂිතය විනාශ කරලා හොටෙල් ඉදිරි කරලා තියන්නේ. එතකොටත් මේ කාර්බෝර්ඩ් දේශප්‍රේමිලා නිහඬයි. ඔවුන්ට ඕනේ වෙලා තියන්නේ ජාතිවාදය අවුස්සලා හෝ බලයට එන්න.

:       2       14

sena Monday, 22 July 2024 04:07 PM

මට හිතෙන්නේ සීගිරිය වෙන තැනකට අරන් යන්ට ඕනේ. ඔතැනට සීගිරිය හරියන්නේ නැහැ. ඔය වටිනා ඉඩම් ටික බෙදලා දාලා අපි සීගිරි ගල කඩලා කළුගල් වලට විකුණලා දඹාන පැන්තෙන් ඉඩමක් අරන් එහේ සීගිරියක් මැටි වලින් හදමු. එතකොට වටිනාකම අඩු නිසා හොරු එන එකකුත් නැහැ. අනාගත ළමයින්ට බලන්න විතර නේ ඕනෑ.

:       2       9

Perera Tuesday, 23 July 2024 10:39 AM

මේ යන විදිහට සීගිරිය කළු ගල් වලට කඩලා විකුනාවී වගෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 721 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1650 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1608 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 398 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 659 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 481 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24316 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site