දීර්ඝ සිනමා සංස්කෘතියක් තිබු යාපනයේ සිනමා ශාලා එකින් එක වැසී යයි.
1983ට පෙර තිබු සිනමා හල් එකොළහින් දැන් ඇත්තේ රාජා සහ සෙල්ලා සිනමාහල් දෙක පමණි.මෑතදී මැජෙස්ටික්,සිල්වර් හා බ්‍රොන්ස් සිනමාහල් තුන විවෘත විය.
යුද්ධය ද සීඩි තැටිය ද සිනමාහල් වැසීයාමට ප්‍රධාන හේතුව විය.
අද යාපනයේ සිනමා හලක අඩුම මිල රුපියල් 300 කි එහෙත් චිත්‍රපටය නිකුත් වී පැය ගණනකින් එහි සීඩී තැටිය රුපියල් පනහකට මිලදී ගත හැකි බව යාපන වැසියෝ කියති.
යුද්ධයට පෙර එම් ජී රාමචන්ද්‍රන් හා සිවාජි ගනේෂන් යාපන සිනමාලෝලීන්ගේ වීරයා වීය.අද ඔවුන්ගේ වීරයා වී සිටිනුයේ රජිනී ඛාන්ත් තමිල්නාඩු සුපිරි තරුවයි.
අද යාපනයේ ප්‍රදර්ශනය වනුයේ දෙමළ චිත්‍රපට පමණි.එදා ඉංග්‍රීසි චිත්‍රපට පමණක් ප්‍රදර්ශනය වු රීගල් හා රියෝ සිනමා හල් ද අද වැසී ඇත.
එම් ජී ආර් හා සිවාජිගේ ලෝලයන් වෙනුවෙන් එදා යාපනයේ මාස් පතා සිනමා පත්තර පහක් මුද්‍රණය කැරිණි .දෙකක් එම් ජී ආර් වෙනුවෙන් හා තුනක් සිවාජි වෙනුවෙනි.
1970 මැදදී ‘නාලන් නමදි ’හා ‘අවන්තාන් මනිදන් ’ චිත්‍රපට දෙක දිනකට දර්ශන අටක් තිරගත කළේය.
ඒ කාලයේ යාපන තරුණයෝ බෝට්ටුවෙන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර තමිල්නාඩු සිනමා හලකට ගොස් දෙමළ චිත්‍රපටයක් බලා යළි රාත්‍රීයේම යාපනයට ආහ.
යුද සමයේ සිනමාහල් සියල්ල වැසී ගියේය.රිගල් , රීයෝ,වෙලින්ටන්,ලීඩෝ රාණි හා හරන් යුද සමයේ දැඩි ලෙස හානියට පත්වු සිනමාහල්ය.
ඇතැම් ගොඩනැගිලි යුද්ධයේ නටඹුන් විය.පැරණිම සිනමාහලක් වු මනෝහරා මෑතදී වසා දැමිණි.
චුන්නාකම් සිනමාහලේ කළමනාකරු පැවසුයේ ඇතැම් දිනවල හතර පස් දෙනකු පමණක් චිත්‍රපට ශාලාවේ සිටින බවයි.
රජිනි ඛාන්ත් රඟපාන ‘කොච්චාඩයියාන් ’යාපනයේ සිනමාහල් දෙකක ප්‍රදර්ශනය කළ මුල් දවසේම එහි සීඩි තැටිය රුපියල් පනහකට සීඩි කඩවලින් මිලට ගත හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරා මොනවද මේ කතාකරන්නේ. ආර්ථික ප්‍රස්න හා ඇගේ පතේ අමාරුවට පොඩ්ඩක් දාගන්නවා. කාන්සිය නිසා සිගරට් එකක් බොනවා නැත්නම් සූස්තියක් අදිනවා. ගෙදර කරදර වලින් ඔලුව ටිකක් නිදහස් කරගන්න බයිස්කෝප් එකක් බලනවා ගෙදර ගෑනි දරුවෝ හාමතේ ඉන්නවා බලන්න බැරි නිසා ඇඟ විකුනනවා. හා බොරුද? (නදී)
මට දුක ලංකාවට ගෙන්වපු ඉංග්‍රීසි චි.ත්‍රපටි ටික නැවතීම ගැන. දැන් රීගල් සිනමාහලේ පෙන්වන්නේත් කබල් ඒවා.(නදී)
"සමහරු හිතන් ඇති යාපනය කියන්නේ තමිල්නාඩුවේ දිස්ත්‍රික්කයක් කියලා නේද" අපි නොවෙයි එහෙ ඉන්න අය එහෙම හිතන්නේ. (නදී)
"බන්දුල පෙරේරා මොනවද මේ කතාකරන්නේ." මොනවා කතා කොරන්නද? (නදී)
ඉසුරන්දි ඔයාගේ යාපනේ ඉඩම් ටික වික්කද? (අ)
රුවන්ති කියන එක ඇත්ත. යාපනයේ විතරක් නොවේ, මුළු රටේම සිනමාහල්වල තත්ත්වය ඕක තමයි (අ)
ප්‍රේමේ අයිය ඡන්දෙට බැහැල වැඩ වගේ.(නදී)
ඉතින් සිනමා හල වැහුනා කියන්නේ ජාතික හානියක්ද? සිනමා ශාලා වේවා ගෙදර සීඩි තැටි වේවා. එකිනෙකාගේ කැමැත්ත නේ.(නදී)
මගෙ යාළුවෙක් හිටිය, එයා කෙල්ලොත් එක්ක යාළු වෙලා යන්නෙම දෙමළ චිත්‍රපටි බලන්න. සිංහල සහ ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න අඳුරන කට්ටිය එන හින්දා.(අ)
මෙතැන දුක හිතෙන දෙය සීඩී ආපු එකවත් මිනිස්සු ඒවා ගෙවල් වල බලන එක වත් නෙමෙඉ.. කරුම යුදයක් නිසා වෙච්ච හානිය.. අපේ ජනාදිපති තුමා අපට පහල වෙන්න තිබුනේ තව අයුරුදු 20 කට 30 කට කලින්..එහෙම උනානම් අද මෙහෙම වෙන්නේ නෙහෙ ..හරිම දුකයි (අ)
සමහරු හිතන් ඇති යාපනය කියන්නේ තමිල්නාඩුවේ දිස්ත්‍රික්කයක් කියලා නේද. උඩබලාගෙන කෙල ගහගන්න එපා සහෝදරවරුනි මේක අපේ රට කියල හිතල වැඩ කරන්න. (නදී)
යාපනේ ව්තරක් නෙවෙයි රටේ අනික් පැතී වලත් එහෙම තමයි. මට මටකයි අපේ ගමේ තිබුන හොල් එක "ලක්මිණි වරකාගොඩ" අපි පොඩිකාලේ රුපියල් 3.00 ක් හොයාගෙන මොන තරම් නම් ෆිල්ම්ස් බැලුවද? 1977 ට කලින් මේ පළාතේ වතු වල පඩි දෙන 10 වෙනිදට කිට්ටු මුළු සතියම දෙමල ෆිල්ම්ස් තියෙනවා. මොකද වතුවල ඉන්න දෙමල ජනතාවට බලන්න. හරිම සුන්දර අතීතයක් තමයි ඊට පස්සේ එ් හෝල් එකේ කුඩා අැගලුම් කම්හලක් දැම්මා. හරිම දුකයි මොනවා කරන්නද ? (නදී)
අපේ සිනමාව රැක ගන්නනම් ව්‍යාජ සීඩී තැටි වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුමයි. ඒ වගේම, සීඩී තැටි සංසරණය වුවත් හොලිවුඩ්, බොලිවුඩ් සිනමා කර්මාන්තය පවත්වාගෙන යන්නේ, සීඩී තැටියෙන් නොලැබෙන සිනමා ශාලාවේදී පමණක් අත් විඳිය හැකි දර්ශණ සහ තාක්ෂණික උපක්‍රම නිසා. (අ)
සෝචනීය කතාවක්. (අ)
1970 ගණන් වල මම යාපනයේ වැඩ කලා. සාම කියනවා වගේ මගේ යාලු සිංහල අයත් ද්‍රවිඩ යාළුවන් එක්ක සිකුරාදා හවස බෝට්ටුවේ යාපනයට ගිහින් සිකුරාදා, සෙනසුරාදා චිත්‍රපටි බලල සෙනසුරාදා හවස හරි ඉරිදා උදේ හරි ආපහු එනවා. නවතින්නේ යාලුවන්ගේ ගෙදරවල. හැබැයි ඇවිත් කියනවා ඉදල හිටලා පුටුව උස්සල ආපහු හදාගන්න ඕනෙලු. ඒවා පෙන්නන්නේ නිකන් බිම කුඩාරන් ගහල. යකඩ පුටුව ටික ටික එරෙනවා. ඉතින් ආපහු උස්සල ගන්න ඕනේ. නැතත් සිංහල අය නිතරම ද්‍රවිඩ චිත්‍රපටි බැලුවා. එ්ත් මම නම් ද්‍රවිඩ ච්ත්‍රපටි ලෝලියෙක් නෙමෙයි. එ්ත් ඉතා විනෝදයෙන්, සහයෝගයෙන් හිටපු සුන්දර අතීතයක්.(නදී)
ටිකක් සංවේදී කතාන්තරයක්. ඉස්සර යාපනය තිබුනේ කොහොමද. එහි සිනමාව ගැන ලස්සන චිත්‍රයක් හිතේ ඇඳෙනවා. සංස්කෘතිය කියන්නේ ඕක තමා. සංස්කෘතිය හැමතිස්සෙම යාවත්කාලින වෙනවා. දැන් අද අපි කතාකරන ඩිවිඩි තැටිය ආශ්‍රිත සිනමා කතාවත්. තව ටික කලකින් රටේ හෝ ලෝකයේ එක තැනකින් පමණක් විකාශනය කරන මුදල් ගෙවා ග්‍රහණය කරගන්න පුළුවන් සිනමා කතාවක් වේවි. (නදී)
එදා චිත්‍රපට ශාලාවකට යන්න මිනිස්සුන්ට සල්ලි තිබුනා. අද අදික බඩු මිල හා නොයෙක් බදූ නිසා ආහාර සදහා මුදල් ඉපයීමට ලොකු සටනක් දෙන්න වෙලා තියනවා. විනෝදය සදහා වැය වන මුදල් අවම කිරීමට සිදුවී තිබෙනවා. (නදී)
1983 ට පෙර මම කිහිපවතාවක් යාපනයට ගිහින් තියනවා. යාපනයේ විශාල බිල්බෝඩ් වැනි පෝස්ටර් මගින් දකුණු ඉන්දියාවේ පෙන්වන චිත්‍රපට ගැන ප්‍රචාරය කරනවා. ඒක ගැන යාපනයේ සිංහල මහා විදුහලේ ගුරුවරයෙක් අපිට පැහැදිලි කලේ රුපියල් දෙකක් (මට මතක හැටියට ) බෝට්ටුවට ගෙවලා ඉන්දියාවට ගිහින් චිත්‍රපටි බලලා එන්න පුළුවන් කියලයි. මන්නාරමේ හිටපු කෙනෙක් මාසයකට වරක් එයාගේ පුතාට ප්‍රතිකාර ගන්නත් ඉන්දියාවට ගිය බව මම දැනගෙන හිටියා. ඒ තමා ලංකාවේ අපිට ඉතිරි වී ඇති සාමකාමී අතීතයේ සුන්දර මතකයන් (නදී)
ඔය චිත්‍රපටි බලලා තමයි තමිල්නාඩු අය සිංහ පාර්ට් අරගන්නේ.., ගොඩක් ඒවායේ තියන්නේ දුප්පත් වීරයෙක් ධනවත් පුද්ගලයන් එක්ක හැප්පිලා වීරයෙක් වෙන චරිත, මෙයාලා ඒවා සැබෑ ලෝකයේදීත් අනුකරණය කරන්න යනවා.. තමිල්නාඩු අය ලංකාව දිහා වයිරයෙන් බලන්නෙත්.. උතුරු ප්‍රදේශයේ අය අපි දිහා ඒ කෝණයෙන්ම බලන්නෙත් ඒකයි.. අඩු අධ්‍යාපනයත් මේකට එක හේතුවක්.. (දී)
ලෝකයේ වෙනත් රටවල් අලුතින් සිනමා සලා අරිනවා මේ රටවලත් ඩීවීඩී තිබෙනවා නමුත් මේවා වෙළද පලට එන්නේ ෆිල්ම් එක පෙනන්න පටන අරගෙන මාස කීපයකට පසුව ඉතින් බලන්න ඕනේ අය සිනමා සලවලින් පිරිලා යනවා අංක අනික සිනමා ශාලාවක බලන විදියට කිසිම වෙලාවක නිවසේ දී බලන්න බැරි කම (අ)
අර මොකක්ද චිත්‍රපටි මණ්ඩලයක් කියල දෙයක් තියෙනවා නේද ? එව්වා ඉන්න මහතුරුන්ට ඇස කන් කියල දේවල් තියෙනවා නේ. මෙව්වා ගැන හොයල බැලුවොත් හොදා. (අ)
ඇත්තටම වීඩියෝ පට නෙමෙයි ඔතන තියෙන්නේ යාපනේ සිනාමා ශාලා වල තියන පහසුකම්. මේ ලගදි පොඩි වැඩකට යාපනේ ගිය ගමන් නිකමට ඔය උඩ තියන සිනාමා ශාලාවට ගොඩ උනා. හප්පේ ලැලි බන්කු. අඩු තරමින් ඕඩිසි එකතවත් කුෂන් එකක් නැහැ. ෆැන් එකක් වත් නැහැ. ඕවගෙ ඉදගෙන පිච්චර් බලන් කට්ටියට තැගි දෙන්නෙ ඕනෙ (අ)
ඉතින් මිනිසුන්ට රස්තියාදු වෙන්නෙ නැතුව ගෙදර ඉඳගෙනම මේවා බලන එක නරකද? කාලයත් ඉතුරු වෙනවානේ (නි)
මේ සීඩී තැටි තමයි සිනමාහල් වැසෙන්න හේතුව එතකොට? (නි)
හරිම දුකයි අපිට (නි)
මී ලිපිය කියවනකොට හිතෙන්නේ සිංහලෙන් ලියපු ඉන්දියානු පුවත්පතක් වගේ(අ)