IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


සීඩී තැටියත් යාපනයේ සිනමා හල් වහයි

දීර්ඝ සිනමා සංස්කෘතියක් තිබු යාපනයේ සිනමා ශාලා එකින් එක වැසී යයි.

1983ට පෙර තිබු සිනමා හල් එකොළහින් දැන් ඇත්තේ රාජා සහ සෙල්ලා සිනමාහල් දෙක පමණි.මෑතදී  මැජෙස්ටික්,සිල්වර් හා බ්‍රොන්ස් සිනමාහල් තුන විවෘත විය.

යුද්ධය ද  සීඩි තැටිය ද සිනමාහල් වැසීයාමට ප්‍රධාන හේතුව විය.

අද යාපනයේ  සිනමා හලක අඩුම මිල රුපියල් 300 කි එහෙත් චිත්‍රපටය නිකුත් වී පැය ගණනකින් එහි සීඩී තැටිය  රුපියල් පනහකට මිලදී ගත හැකි බව යාපන වැසියෝ කියති.

යුද්ධයට පෙර එම් ජී රාමචන්ද්‍රන් හා සිවාජි ගනේෂන් යාපන සිනමාලෝලීන්ගේ වීරයා වීය.අද ඔවුන්ගේ වීරයා වී සිටිනුයේ රජිනී ඛාන්ත් තමිල්නාඩු සුපිරි තරුවයි.

අද යාපනයේ ප්‍රදර්ශනය වනුයේ දෙමළ චිත්‍රපට පමණි.එදා ඉංග්‍රීසි චිත්‍රපට පමණක් ප්‍රදර්ශනය වු රීගල් හා රියෝ සිනමා හල් ද අද වැසී ඇත.

එම් ජී ආර් හා සිවාජිගේ ලෝලයන් වෙනුවෙන් එදා  යාපනයේ මාස් පතා සිනමා පත්තර පහක් මුද්‍රණය කැරිණි .දෙකක් එම් ජී ආර් වෙනුවෙන් හා තුනක් සිවාජි වෙනුවෙනි.

1970 මැදදී ‘නාලන් නමදි ’හා ‘අවන්තාන් මනිදන් ’ චිත්‍රපට දෙක දිනකට දර්ශන අටක් තිරගත කළේය.

ඒ කාලයේ  යාපන තරුණයෝ  බෝට්ටුවෙන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර තමිල්නාඩු සිනමා හලකට ගොස් දෙමළ චිත්‍රපටයක් බලා යළි රාත්‍රීයේම යාපනයට ආහ.

යුද සමයේ සිනමාහල් සියල්ල වැසී ගියේය.රිගල් , රීයෝ,වෙලින්ටන්,ලීඩෝ රාණි හා හරන් යුද සමයේ දැඩි ලෙස හානියට පත්වු සිනමාහල්ය.

ඇතැම් ගොඩනැගිලි යුද්ධයේ නටඹුන් විය.පැරණිම සිනමාහලක් වු මනෝහරා මෑතදී වසා දැමිණි.

චුන්නාකම් සිනමාහලේ කළමනාකරු පැවසුයේ ඇතැම් දිනවල හතර පස් දෙනකු පමණක් චිත්‍රපට ශාලාවේ සිටින බවයි.

රජිනි ඛාන්ත් රඟපාන ‘කොච්චාඩයියාන් ’යාපනයේ සිනමාහල් දෙකක ප්‍රදර්ශනය කළ මුල් දවසේම එහි සීඩි තැටිය රුපියල් පනහකට සීඩි කඩවලින් මිලට ගත හැකි විය.

 

 



අදහස් (26)

සීඩී තැටියත් යාපනයේ සිනමා හල් වහයි

සනුකි දිල්ෂානි Saturday, 21 June 2014 12:11 PM

ප්‍රේමේ අයිය ඡන්දෙට බැහැල වැඩ වගේ.(නදී)

:       0       0

සාම Saturday, 21 June 2014 03:15 AM

1983 ට පෙර මම කිහිපවතාවක් යාපනයට ගිහින් තියනවා. යාපනයේ විශාල බිල්බෝඩ් වැනි පෝස්ටර් මගින් දකුණු ඉන්දියාවේ පෙන්වන චිත්‍රපට ගැන ප්‍රචාරය කරනවා. ඒක ගැන යාපනයේ සිංහල මහා විදුහලේ ගුරුවරයෙක් අපිට පැහැදිලි කලේ රුපියල් දෙකක් (මට මතක හැටියට ) බෝට්ටුවට ගෙවලා ඉන්දියාවට ගිහින් චිත්‍රපටි බලලා එන්න පුළුවන් කියලයි. මන්නාරමේ හිටපු කෙනෙක් මාසයකට වරක් එයාගේ පුතාට ප්‍රතිකාර ගන්නත් ඉන්දියාවට ගිය බව මම දැනගෙන හිටියා. ඒ තමා ලංකාවේ අපිට ඉතිරි වී ඇති සාමකාමී අතීතයේ සුන්දර මතකයන් (නදී)

:       0       0

බන්දුල.පෙරේරා Saturday, 21 June 2014 03:22 AM

එදා චිත්‍රපට ශාලාවකට යන්න මිනිස්සුන්ට සල්ලි තිබුනා. අද අදික බඩු මිල හා නොයෙක් බදූ නිසා ආහාර සදහා මුදල් ඉපයීමට ලොකු සටනක් දෙන්න වෙලා තියනවා. විනෝදය සදහා වැය වන මුදල් අවම කිරීමට සිදුවී තිබෙනවා. (නදී)

:       0       0

අහිංසා Saturday, 21 June 2014 05:51 AM

ටිකක් සංවේදී කතාන්තරයක්. ඉස්සර යාපනය තිබුනේ කොහොමද. එහි සිනමාව ගැන ලස්සන චිත්‍රයක් හිතේ ඇඳෙනවා. සංස්කෘතිය කියන්නේ ඕක තමා. සංස්කෘතිය හැමතිස්සෙම යාවත්කාලින වෙනවා. දැන් අද අපි කතාකරන ඩිවිඩි තැටිය ආශ්‍රිත සිනමා කතාවත්. තව ටික කලකින් රටේ හෝ ලෝකයේ එක තැනකින් පමණක් විකාශනය කරන මුදල් ගෙවා ග්‍රහණය කරගන්න පුළුවන් සිනමා කතාවක් වේවි. (නදී)

:       0       0

කමනි Saturday, 21 June 2014 01:59 PM

රුවන්ති කියන එක ඇත්ත. යාපනයේ විතරක් නොවේ, මුළු රටේම සිනමාහල්වල තත්ත්වය ඕක තමයි (අ)

:       0       0

ඇන්ඩෘ Saturday, 21 June 2014 06:06 AM

1970 ගණන් වල මම යාපනයේ වැඩ කලා. සාම කියනවා වගේ මගේ යාලු සිංහල අයත් ද්‍රවිඩ යාළුවන් එක්ක සිකුරාදා හවස බෝට්ටුවේ යාපනයට ගිහින් සිකුරාදා, සෙනසුරාදා චිත්‍රපටි බලල සෙනසුරාදා හවස හරි ඉරිදා උදේ හරි ආපහු එනවා. නවතින්නේ යාලුවන්ගේ ගෙදරවල. හැබැයි ඇවිත් කියනවා ඉදල හිටලා පුටුව උස්සල ආපහු හදාගන්න ඕනෙලු. ඒවා පෙන්නන්නේ නිකන් බිම කුඩාරන් ගහල. යකඩ පුටුව ටික ටික එරෙනවා. ඉතින් ආපහු උස්සල ගන්න ඕනේ. නැතත් සිංහල අය නිතරම ද්‍රවිඩ චිත්‍රපටි බැලුවා. එ්ත් මම නම් ද්‍රවිඩ ච්ත්‍රපටි ලෝලියෙක් නෙමෙයි. එ්ත් ඉතා විනෝදයෙන්, සහයෝගයෙන් හිටපු සුන්දර අතීතයක්.(නදී)

:       0       0

හුස්නි Saturday, 21 June 2014 02:42 PM

ඉසුරන්දි ඔයාගේ යාපනේ ඉඩම් ටික වික්කද? (අ)

:       0       0

ප්‍රියංක Friday, 20 June 2014 05:48 PM

සෝචනීය කතාවක්. (අ)

:       0       0

බමුණු Sunday, 22 June 2014 06:25 AM

"බන්දුල පෙරේරා මොනවද මේ කතාකරන්නේ." මොනවා කතා කොරන්නද? (නදී)

:       0       0

බමුණු Sunday, 22 June 2014 06:27 AM

"සමහරු හිතන් ඇති යාපනය කියන්නේ තමිල්නාඩුවේ දිස්ත්‍රික්කයක් කියලා නේද" අපි නොවෙයි එහෙ ඉන්න අය එහෙම හිතන්නේ. (නදී)

:       0       0

බමුණු Sunday, 22 June 2014 06:30 AM

මට දුක ලංකාවට ගෙන්වපු ඉංග්‍රීසි චි.ත්‍රපටි ටික නැවතීම ගැන. දැන් රීගල් සිනමාහලේ පෙන්වන්නේත් කබල් ඒවා.(නදී)

:       0       0

රුවන්ති Friday, 20 June 2014 06:33 PM

මී ලිපිය කියවනකොට හිතෙන්නේ සිංහලෙන් ලියපු ඉන්දියානු පුවත්පතක් වගේ(අ)

:       0       0

ටෙනිසන් Saturday, 21 June 2014 08:34 AM

බන්දුල පෙරේරා මොනවද මේ කතාකරන්නේ. ආර්ථික ප්‍රස්න හා ඇගේ පතේ අමාරුවට පොඩ්ඩක් දාගන්නවා. කාන්සිය නිසා සිගරට් එකක් බොනවා නැත්නම් සූස්තියක් අදිනවා. ගෙදර කරදර වලින් ඔලුව ටිකක් නිදහස් කරගන්න බයිස්කෝප් එකක් බලනවා ගෙදර ගෑනි දරුවෝ හාමතේ ඉන්නවා බලන්න බැරි නිසා ඇඟ විකුනනවා. හා බොරුද? (නදී)

:       0       0

සුදත් ශ්‍රී Saturday, 21 June 2014 08:41 AM

අපේ සිනමාව රැක ගන්නනම් ව්‍යාජ සීඩී තැටි වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුමයි. ඒ වගේම, සීඩී තැටි සංසරණය වුවත් හොලිවුඩ්, බොලිවුඩ් සිනමා කර්මාන්තය පවත්වාගෙන යන්නේ, සීඩී තැටියෙන් නොලැබෙන සිනමා ශාලාවේදී පමණක් අත් විඳිය හැකි දර්ශණ සහ තාක්ෂණික උපක්‍රම නිසා. (අ)

:       0       0

නුවන් Friday, 20 June 2014 07:18 PM

හරිම දුකයි අපිට (නි)

:       0       0

අභය Saturday, 21 June 2014 09:22 AM

යාපනේ ව්තරක් නෙවෙයි රටේ අනික් පැතී වලත් එහෙම තමයි. මට මටකයි අපේ ගමේ තිබුන හොල් එක "ලක්මිණි වරකාගොඩ" අපි පොඩිකාලේ රුපියල් 3.00 ක් හොයාගෙන මොන තරම් නම් ෆිල්ම්ස් බැලුවද? 1977 ට කලින් මේ පළාතේ වතු වල පඩි දෙන 10 වෙනිදට කිට්ටු මුළු සතියම දෙමල ෆිල්ම්ස් තියෙනවා. මොකද වතුවල ඉන්න දෙමල ජනතාවට බලන්න. හරිම සුන්දර අතීතයක් තමයි ඊට පස්සේ එ් හෝල් එකේ කුඩා අැගලුම් කම්හලක් දැම්මා. හරිම දුකයි මොනවා කරන්නද ? (නදී)

:       0       0

සුමිත් Friday, 20 June 2014 08:05 PM

මේ සීඩී තැටි තමයි සිනමාහල් වැසෙන්න හේතුව එතකොට? (නි)

:       0       0

මාලි Friday, 20 June 2014 08:19 PM

ඉතින් මිනිසුන්ට රස්තියාදු වෙන්නෙ නැතුව ගෙදර ඉඳගෙනම මේවා බලන එක නරකද? කාලයත් ඉතුරු වෙනවානේ (නි)

:       0       0

ප්‍රසන්න Friday, 20 June 2014 08:27 PM

ඇත්තටම වීඩියෝ පට නෙමෙයි ඔතන තියෙන්නේ යාපනේ සිනාමා ශාලා වල තියන පහසුකම්. මේ ලගදි පොඩි වැඩකට යාපනේ ගිය ගමන් නිකමට ඔය උඩ තියන සිනාමා ශාලාවට ගොඩ උනා. හප්පේ ලැලි බන්කු. අඩු තරමින් ඕඩිසි එකතවත් කුෂන් එකක් නැහැ. ෆැන් එකක් වත් නැහැ. ඕවගෙ ඉදගෙන පිච්චර් බලන් කට්ටියට තැගි දෙන්නෙ ඕනෙ (අ)

:       0       0

රාජේන්ද්‍ර Friday, 20 June 2014 08:56 PM

අර මොකක්ද චිත්‍රපටි මණ්ඩලයක් කියල දෙයක් තියෙනවා නේද ? එව්වා ඉන්න මහතුරුන්ට ඇස කන් කියල දේවල් තියෙනවා නේ. මෙව්වා ගැන හොයල බැලුවොත් හොදා. (අ)

:       0       0

ඉසුරන්දි Saturday, 21 June 2014 10:24 AM

සමහරු හිතන් ඇති යාපනය කියන්නේ තමිල්නාඩුවේ දිස්ත්‍රික්කයක් කියලා නේද. උඩබලාගෙන කෙල ගහගන්න එපා සහෝදරවරුනි මේක අපේ රට කියල හිතල වැඩ කරන්න. (නදී)

:       0       0

නිහල්ස් Friday, 20 June 2014 09:11 PM

ලෝකයේ වෙනත් රටවල් අලුතින් සිනමා සලා අරිනවා මේ රටවලත් ඩීවීඩී තිබෙනවා නමුත් මේවා වෙළද පලට එන්නේ ෆිල්ම් එක පෙනන්න පටන අරගෙන මාස කීපයකට පසුව ඉතින් බලන්න ඕනේ අය සිනමා සලවලින් පිරිලා යනවා අංක අනික සිනමා ශාලාවක බලන විදියට කිසිම වෙලාවක නිවසේ දී බලන්න බැරි කම (අ)

:       0       0

සජී Friday, 20 June 2014 09:28 PM

ඔය චිත්‍රපටි බලලා තමයි තමිල්නාඩු අය සිංහ පාර්ට් අරගන්නේ.., ගොඩක් ඒවායේ තියන්නේ දුප්පත් වීරයෙක් ධනවත් පුද්ගලයන් එක්ක හැප්පිලා වීරයෙක් වෙන චරිත, මෙයාලා ඒවා සැබෑ ලෝකයේදීත් අනුකරණය කරන්න යනවා.. තමිල්නාඩු අය ලංකාව දිහා වයිරයෙන් බලන්නෙත්.. උතුරු ප්‍රදේශයේ අය අපි දිහා ඒ කෝණයෙන්ම බලන්නෙත් ඒකයි.. අඩු අධ්‍යාපනයත් මේකට එක හේතුවක්.. (දී)

:       0       0

ප්‍රේමේ Saturday, 21 June 2014 10:33 AM

මෙතැන දුක හිතෙන දෙය සීඩී ආපු එකවත් මිනිස්සු ඒවා ගෙවල් වල බලන එක වත් නෙමෙඉ.. කරුම යුදයක් නිසා වෙච්ච හානිය.. අපේ ජනාදිපති තුමා අපට පහල වෙන්න තිබුනේ තව අයුරුදු 20 කට 30 කට කලින්..එහෙම උනානම් අද මෙහෙම වෙන්නේ නෙහෙ ..හරිම දුකයි (අ)

:       0       0

සුදත් ශ්‍රී Saturday, 21 June 2014 11:03 AM

මගෙ යාළුවෙක් හිටිය, එයා කෙල්ලොත් එක්ක යාළු වෙලා යන්නෙම දෙමළ චිත්‍රපටි බලන්න. සිංහල සහ ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න අඳුරන කට්ටිය එන හින්දා.(අ)

:       0       0

ශාමීර් Saturday, 21 June 2014 11:30 AM

ඉතින් සිනමා හල වැහුනා කියන්නේ ජාතික හානියක්ද? සිනමා ශාලා වේවා ගෙදර සීඩි තැටි වේවා. එකිනෙකාගේ කැමැත්ත නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2536 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1688 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2432 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3337 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site