නාමලේඛනය අත්සන් නොකර පවුල් සෞඛ්‍ය සේවිකාවන් රෝහල් සූතිකාගාරවලට පිවිසීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ගොනු කළ පෙත්සමක් ගැන නීතිපති අදහස් විමසීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.
ඒ අනුව නීතිපතිට ලබන 15 වැනි දා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල් පරිපාලනයට මේ ගැටලුව සමථයකට පත්කරගන්න නොහැකිද? (නි)
මේක මෙච්චර දුර යන්න නොදී විසඳාගන්න තිබුණනේ (නි)
සෞඛ්‍ය සේවයේ ඉන්න අයට මොනවා වෙලාද මන්දා? (නි)
සෞඛ්‍ය ඇමති ගෙදර යන්න කාලය ඇවිත් වගේ (නදී)
මේකත් වෛද්‍යවරුන්ගේ උපක්‍රම ශීලී වැඩක්. ප්‍රශ්නයට වග කිව යුත්තේ වෛද්‍ය සංගමයයි. පවුල් සෞඛ්‍ය සේවිකාවෝ ඉත්තෝ වෙලා. (නදී)
නාම ලේඛනය අත්සන් නොකලාම නර්ස්ලට තිබෙන ප්‍රශ්නේ මොකක්ද. ඒක පරිපාලන ප්‍රශ්නයක්නේ. (නදී)
පාලකයෝ මේවට වගකියන්න ඕනේ (නදී)
අර හෙදියන් 28 දාහක් සේවයෙන් ඉවත් කර ගන්නවා කියලා තර්ජනය කරපු හාමුදුරුවෝ අත් අඩංගුවට ගන්න නීතියෙන් ඉඩ තියෙනවා නේද? ලොකු මහත්වරුනි. ඈයි එ්ක නොකරන්නේ? බයද? මේක මහා ජාතික අපරාධයක් නෙවෙයිද? දැන් ලෙඩ්ඩු කීදෙනෙක් මැරුණද. අපේ ප්‍රේමදාස ජනාධිපති තුමා ඉන්න කාලේ නම් ඔය හාමුදුරුවෝ ඔහොම තර්ජනය කලේ නැහැ. ආණ්ඩුවට බැරිනම් ළඟදීම ලෙඩ්ඩු එ්ක කරාවි. (නදී)
නර්ස්ල හිතාගෙන ඉන්නේ එයාල ඩොක්ටර්ස් ලා කියලා (නදී)
හෙදියන් නැතිවුණොත් දොස්තරලට විතරක් පවුල් සෞඛ්‍ය සේවිකාවන් සමඟ මෙය කළහැකිද? (නි)
රටේ ඔඩු දුවන ප්‍රශ්න වලින් ජනතාව වෙනතකට හැරවෙනවා මේ වගේ දේවල් වලින් (නි)
පවතින නීතිය අනුවසියලුම සේවකයින් වැඩකල යුතුය. (ස)