බණ්ඩාරගම රයිගම්පුර සිංහල මුස්ලිම් එකමුතු ක්‍රීඩා සමාජය අලුත්ගම හා බේරුවල ගැටුම්වලින් අවතැන් වු මුස්ලිම් ජනතාවට අද දිවා ආහාරය පිරිනැමීය.
අටුළුගම මීගහමුල්ල මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පුජක මවුලවි ජලීල් මහතාට ක්‍රිඩා සමාජයේ සභාපති නිමල් පෙරේරා හා සම සංවිධායක ඒ චන්දන මහත්වරු එම ආහාර බාර දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම සමගියෙන් කවදත් ජීවත් උන ශ්‍රී ලංකික ජනතාව නේද නරුමයෝ ටිකක් බෙදා විනාස කලේ. අනේ මෙහෙමවත් නැවත මේ ජනතාව එකට එකතු කරන එක කොච්චර සතුටක්ද (අ)
බොහොම හොඳ සද් ක්‍රියාවක්. අපි හැමෝටම මධ්‍යස්ථ විදිහට හිතල බුද්ධිමත්ව වැඩ කල හැකි නම් සමගියෙන් ඉන්න පුලුවන්නම් ලෝකේ කාටවත් අපේ රටට වින කරන්න හැකියාවක් නැහැ. (ස)
අසන මට්ටමෙන් මැතිවරණ තිබුණු යුගයේ අදට වඩා සිංහල මුස්ලිම් සමගිය තිබුණා මතනද? (ස)
බොදු බලේ තිබුණට මදි මොලේ තියෙන්නත් ඕනේ, (ස)
අනේ හොඳයි. ලංකාදීප මහත්තුරු, මේ වගේ මුස්ලිම් අයත් ඇවිල්ල ගැටුම් වලින් අවතැන් වුන සිංහල ජනතාවටත් ආධාර කරන අවස්ථාවක් දාල පෙන්නන්න. ඒක පාර්ශවික සහජීවනයක් නැහැ කියල පෙන්නන්න. (ස)
මේවා තමා විය යුත්තේ. අහන්නත් සතුටුයි. (ස)
ඒව හොඳ දේවල්. (ස)
මෙහෙම ඉන්නවා නම් ඇමරිකාවට..නවනිදන් පිල්ලෙලට..කොටි හපුයියන්ට හොම්බෙන් තමා යන්න වෙන්නේ..(ස)
කොච්චර හොඳද? (නි)
බෞද්ධ දර්ශනය හඳුනාගත් නියම සිංහලයින්... (නි)
අසේල, ඔබ මොනවාද මේ කියන්නේ? (නි)
සෑම කළු වලාකුලකම රිදී රේඛාවක් ඇත. (ස)
මිනිස්කම දන්නා උතුම් මිනිස්සුනේ...නුඹලාට හැමදාමත් සහෝදරත්වයෙන් යුතුව ජීවත් වන්නට හේතු වාසනා වේවා. එක එක ජාතිවාදී ආගම්වාදී විෂබීජ පතුරුවන අයට හා ජරා දේසපාලුවන්ට අපේ රට විනාශ කරන්න ඉඩ දෙන්න එපා...මේ රට සිංහල මුස්ලිම් ද්‍රවිඩ මැලේ බර්ගර් සැමටම එක සමානවම අයිතියි.. බුදුන් වහන්සේගේ උතුම්වූ ධර්මය ඉන්දියාවේ සිට මිහිඳු හිමියන් මෙ රටට වැඩමවීමට කලින් සිංහල අපි ගස් ගල් වලට වැඳුම් පිදුම් කල කට්ටියක්.අපිට අයිතියක් නැහැ බුදුදහම අපේ කරගන්න.බුදු දහමත්...හින්දු ආගමත්..මුස්ලිම් ආගමත් මේ විශ්වයටම අයිතියි ...අපි මේ රටට එන්න කලින් මෙහේ හිටියේ යක්ෂ දේව නාග ගෝත්‍රිකයෝ...ඒ අයටත් කලින් තවත් අය ඉන්න ඇති...එකිනෙකා මරාගෙන ඒ අය විනාශ වෙන්න ඇති. අපි විනාශ වෙන්න ඕනේ නැහැ.එකිනෙකාට ගරු කරමින් ශිෂ්ටාචාරයේ අලුත් පිටුවක් පටන්ගනිමු...(ස)
වටිනා ක්‍රියාවක්. (ස)
විමුක්ති මහතාගේ අදහසට මම බොහොම කැමතියි. මෙහෙම තමයි මනුෂ්‍යයා ජීවත් වියයුත්තේ. මේක ලෝකයටම ආදර්ශයක් (නි)
මේවා දැක්කහම ගිනි පත්තු කරන්න දඟලපු අයට නම් හරියට දුක ඇති (නි)
ඇයි හැමදාමත් මෙහෙම ඉන්න බැරි අපිට? (නි)
ඉතාම අගය කරනවා. ජාතිබේද නැතුව අසරණ වූ අපට උදවු කරනකොට හරි සතුටුයි. අපි හැමදාමත් සහෝදරයින් වගේ ඉඳිමු (නි)
මට සහභාගි වෙන්න බැරි වුණත් මම බලාපොරොත්තු වුණෙත් ඔය වගේ දෙයක්. දැන් මගේ සිත ටිකක් සැහල්ලුයි. ඔබ සැමට ජයවේවා! බුදු සරණයි! (නි)
මොනතරම් ආදර්ශවත්ද? (නි)
අපි ආඩම්බර වෙනවා ඔබ ගැන (නි)
අසේල කියන කතාවට මමත් එකඟයි (නි)
ලංකාවේ ඉන්න 99% ජනතාවටම ඕනෑ සමගියෙන් ඉන්න.ලංකාවේ කීර්ති නාමය අපකීර්තියට පත්කරන සුළු පිරිසකගේ ක්‍රියාමාර්ග හෙළා දකිමු (නි)
නියම සිංහලයා. (ස)
ඇත්තටම හොඳ වැඩක්. (ස)
සිංහල දමිල මුස්ලිම් ජාතික සමගියට ජය වේවා. සත් පුරුෂ මිනිසුනේ... ඔබලා නියමම බෞද්ධ අනුගාමිකයන් බව ලෝකෙට පෙන්නුවා...තෙරුවන් සරණයි.ඔබ හැමට....(ස)
අමිල සඳරුවන් හරි. සහජීවනේ එ්ක පාර්ශවීයයි. සිංහල ජනතාව ගුටි කෑවෙ නැද්ද එතකොට ? සාමයෙන් ජීවත් වෙන එක හොදයි. සුළු ජාතීන්ට මොනවා හරි උනාම ජාතික සමගිය ගැන කතා කරන අය මහා ජාතියට වෙන අසාධාරන ගැනත් කතා කරනවා නම් හොඳයි. (ස)
අපි සිංහල නොවේ! දෙමළ නොවේ! මුස්ලිම් නොවේ! අපි ලාංකිකයෝ! (ස)
පහුගිය ප්‍රවෘත්ති හොදින් බැලුවා නම් තේරුම් ගන්න පුළුවන් කාටද සාමය අවශ්‍ය,කාටද අසමගිය හා ගැටුම් අවශ්‍ය කියල .මින් ඉදිරියටවත් මොලේ ඇතිව වැඩ කරන්න . (අ)
ඇත්තම වටිනා දෙයක්. සමහර අයට මේවා දකිද්දී ඇස්වලට කටු අනිනවා වගේ ඇති (අ)
අසරණ වෙච්ච් සිංහලයන් ගැන බලන්න කිසිම කෙනෙක් නෑ. පාඨලී ඇමතිතුමා විතරයි ගියේ. (අ)
හාමුදුරුවන්ට ගැහුවේ මොකද (අ)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ (අ)
මෙහෙම තමයි වෙන්න ඕනෑ (නි)
අපි නැවතත් අපේ පලුදු වූ මිතුදම ගොඩනඟා ගනිමු. අපි සැම එක මවකගේ දරුවන් සේ සිටිය යුතුයි (නි)
මෙහෙම දිගටම ඉන්නවා නම් ගොඩක් හොඳයි. (නි)
බණ්ඩාරගම - හොරණ පරතරය කි.මි. 10 යි. හොරණ නගරයේ සිටින මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව හොරණ තොරණට කවදාටත් සමසමව වගේ තමයි දායකත්වය දෙන්නේ. හොරණ සිංහල - මුස්ලිම් ප්‍රජාව හොඳ සහජීවනයකින් කලදවස ගෙවනවා. හොඳ ප්‍රවණතාවක්. (නි)
මෙයයි සැබවින්ම වියයුත්තේ (නි)
අපි කවුරුත් මිනිස්සු. ජීවිත ගමනේ මේවා තමා තිබෙන්න ඕනෑ. 99.9% සිංහල මිනිසුන් මේ සිදුවූ දේ නිසා හරිම හිත් අමාරුවෙන් ඉන්නවා. සැමදා අපිට ඕනෑ සිංහල මුස්ලිම් සහෝදරකමයි.ඔබගේ උදව් අපි ඉතා අගය කරමු. (නි)
ජය වේවා! (නි)
ගයාන්, ඇත්ත ඔබ කියන්නේ (නි)
අහිංසා - "අපිට අයිතියක් නැහැ බුදුදහම අපේ කරගන්න." මේ ඉහත ඔබගේ අදහසේ කොටසකි. බුදු දහම සහ බෞද්ධ දර්ශනය ගැන අදහස් ප්‍රකාශ කිරීමේදී බුද්ධියේ ප්‍රබෝධය මුදා හරිමින් අදහස් හා මත ඉදරිපත් කිරීම වඩා ශ්‍රේෂ්ඨ වන්නේය. චින්තනයේ සහ භාෂණයේ නිදහසට ගරු කරමි. (අ)
අමිල: සංජිව: ගයාන්: වැනි බොහොදනෙක් හරි. ශ්‍රී ලංකාව වැනි රටක මහා ජාතිය වීමත් අවාසනාවක් තමා.සියලු අසදාරන්යන් ඉවසන්න ඕන .අනෙක් රටවල් සමග සසඳනකොට නිවන් දකින්න මයි හිතන්න (අ)
අමිල සඳරුවන් , හරියට හරි ඔබේ කියමන. හැමෝම පෙන්නන්නේ සිංහල අය ගැහුවා කියල . ගිනිතියපු සිංහල ගෙවල් ගැන කවුරුවත් කතා නෑ (අ)
ඉතාමත් අගෙයි (නි)
මෙහෙම ඉන්න එක තමා වඩාත් හොඳ මේවාට අනුබල දුන් දේශපාලකයන්ට පාඩමක් උගන්වන්නත් එක්ක. ඇයි අපේ මිනිසුන් මේවා තේරුම් නොගන්නේ? පිල් බෙදිලා ගුටි ඇනගන්න කිසිම රටක් මේ වනතුරු දියුණුවෙලා නැහැ. (නි)
අපි එක මවකගේ දරුවන්. මොන ආගමේ වුණත් අපි ලාංකිකයන්. අපි කාටවත් හිංසා කරන්න, වෛර කරන්න හොඳ නැහැ. හැම ආගමකම කියලා තියෙන්නේ, හොඳින් ජීවත්වෙන්න කියලයි. ධර්මය රකින්නා ධර්මයෙන් රකී. අපි යළිත් නැගිටිමු එක පවුලේ අය වගේ. (නි)
අපේ සුභ පැතුම්! (නි)
මෙම සද්ක්‍රියාවට සම්බන්ද වූ සැම දෙනාටම බුදු පිහිටි දෙවි රැකවරනයි.(අ)
මෙන්න නියම බෞද්ධයෝ! (නි)
ජය වේවා! (නි)
තෙරුවන් සරණයි ඔබ සැමට! (නි)
අප අසල්වැසියන් වුවත් දොඩමලු වෙනත් බසකින්.... ලෙසින් හිත මිතුරන් එදා සිටියා නේද සමගින්.... සිතේ උපදින කුරිරුකම් නිසා වෙයි ඔබ වියරු... රට දැයට නිගරු නොවී අපි වෙමුද මිතුරු... (නි)
අපි සියල්ලන්ම සහෝදර සහෝදරියෝ.... (නි)
මටත් සහභාගි වෙන්න තිබුණා නම්.... (නි)
මේ විදියට ඇයි අනෙක් පළාත් වල අයටත් ඉන්න බැරි? (නි)
මේ විදියට හැමදාම ඉන්න (නි)
මොනතරම් හොඳ දෙයක්ද? (නි)
අපි හැමදාමත් සමගියෙන් සිටිමු (නි)
කොච්චර හොඳ ආදර්ශයක්ද දුන්නේ? (නි)
ගොඩාක් ආඩම්බරයි (අ)
අපෙත් බලාපොරොත්තුව එකයි (අ)
සහෝදරත්වයෙන් කතා කරපු හැමෝටම හර්දයාංගම ස්තුතිය. ආණ්ඩුවකට යුතුකමක් තියෙනවා හැම ජන කොටසකගේම අයිතිවාසීන් සුරකින්න වගේම එයට විනකරන අය තරාතිරම නොබලා වහාම නීතිය ඉදිරියට ගෙන එන්න. පොලිසිය මහලොකුවට කියනවා 50ක්, 60ක් අල්ලලා තියිනවා කියල. ඒ වුනාට අපරාධෙට මුලපුරපු කෙනා තාම නිදැල්ලේ.එහෙමනම්, අපරාධේ කලේ හැමෝම එකතුවලයි කියලයි අපිට හිතන්න වෙන්නේ. (දී)
මේ වගේම අසරණ උන සිංහල පවුල් ගැනත් බැලුවොත් හොද නේද? (දී)
ඉතාම හොද දෙයක් . කවදත් අටුලුගම, හොරණ එළුවිල මුස්ලිම් ජනතාව සිංහල ජනතාව සමග සාමයේ සහ සහජීවනයෙන් ඉන්නවා. මනුෂත්වයේ නාමයෙන් අපි එකමුතුවෙමු. අන්තවාදීන් පිලුකුල් කරමු (දී)
හොඳ ආදර්ශයක් (දී)
තව තවත් තර වෙන්න ඕනේ (දී)
මේක මුලින් නොතිබුනේ ඇයි? (දී)
අපේ ලාංකිකයෝ ලක්ෂ ගානක් ඉන්න මැදපෙරදිග ,අරාබියේ එහෙම නැත්තන් අඩුම කාත්තන්කුඩියේ අක්කරෙපත්තුවේ ඕවගේ වැඩසටහන් කෙරෙනවා හොරයි නේද? ඇයි ඕවට උදවු දෙන අය මේ සිංහල බහුතරයක් ඉන්න ප්‍රදේශවලට විතරමද ප්‍රතිපාදන දීල සලකන්නේ (දී)
දකින්නත් සන්තෝසයි (දී)
අපෙ දෑතම ඔසවා ඔබට සහාය දෙනවා (දී)
ආගම් වාදී හලාල් නවතා සමගියෙන් පෙරලෙස ජිවත් වෙමු. (දී)
දිගටම මෙහෙම උනොත් හොදයි (දී)
කාගේ උවමනාවකටද මේ රට විනාශ කරන්න හදන්නේ (දී)
වාසනාවන් ....(දී)
ඔන්න ඔය වගේ ඉන්න පුළුවන් හකිම්ලා වගේ අය ලෝකෙට බොරු කියන්නේ නැත්නම් (නදී)
අළු යට ගින්දර තිබෙන්න හැරලා උඩට මතුවෙන ගින්දර නිවන්න දඟලනවා වගේ වැඩ තමයි මේවා. මේ අපරාදයන් සිදුකල සිදුකරන්න අණකල පුද්ගලයාත් එම සගයන්ගේ සියලු විස්තර සාක්කි හා වීඩියෝ මගින් සනාත වී තිබෙනවා. ඉතින් කලයුතු දේ මොකක්ද කියලා අමුතුවෙන් කිව යුතු නොවේ. කන්න බොන්න දුන්න කියල මේවා විසදෙන්නේ නැහැ (නදී)
ගයාන්,ඔබ හරියට හරි. පාඨලී රණවක ඇමති තුමා කල කතාව හැමෝම නැරඹිය යුතු වීඩියෝ ක්ලිප් එකකි. (නදී)
හුසේන් මහත්මයා ,එතකොට ඔබතුමා කියන්නේ ධර්මදේශනාවකට වැඩිය සංඝයාවහන්සේට ගහපු අය තාම නිදැල්ලේ කියලද.? (නදී)
සමගිය බලය වේ. 30 අවුරුද්දක් යුද්ධයෙන් හෙම්බත් වූ අපිට මොන ජාතියට අයත් වුවත් අන්තිමේ අයිති වෙන්නේ කනත්තේ එකම බිම් ප්‍රමාණයක්. සමහරුන්ට ඒක මතක නැතිවෙලා. දරුවන්ට ඉතිරි කරලා යන සිංහල බොදු රටක් ගැන කතා කරනවා. සමගියෙන් ඉමු කියන අපිව ජාති ද්‍රෝහියෝ ලෙස හංවඩු ගහලා. කමක් නැහැ. මට නම් ඕන මැරෙනකන් අන්‍ය ජාතින් සමග සතුටින් සමගියෙන් ජීවත් වෙන්න.(නදී)
හුසේන් කතා කරන්නේ මුලින්ම හාමුදුරුවන්ට ගහපු අය ගැන වෙන්න ඇති. (නදී)
විදුෂක මහත්තයෝ, බුද්ධියේ ප්‍රබෝදය මුදාහරිනවා කියන්නේ මොකක්ද ? ' බුදුදහම සිංහලයන්ට පමණයි.ඒක අපේ කියන එකද? බුදුන්ට නින්දා නොකර ඉන්න. ඔබ තුමා අර කට්ටියගේ උපදේශක කෙනෙක්ද? (නදී)
කමනි, හොද සිහියෙන්ද ඉන්නේ...? බෙහෙත ගන්න පරක්කු වුනාද....? (නදී)
කමනි, ඔබ නිවැරදියි ...100% (නදී)
ඕනෑම කෙනෙකුට තමන්ගේ ආගම,ජාතිය ගැන කතා කරන්න නිදහස තියෙනවා. නමුත් සිංහල අපි අපේ ජාතිය,ආගම ගැන කතා කලොත් අපි ජාතිවාදියෝ ද ? (නදී)
චමින්ද බෙහෙතක් ගන්න සිද්ධ වෙලා තියෙන්නේ ඔබට. තමන් අමරණීය කියලා හිතාගෙන ඉන්න උදවියට මීට වඩා මට කියන්න දෙයක් නැහැ. (නදී)
කමනි , මම හිතන්නේ ඔබට බෙහෙත් ගන්න කියපු උදවිය කවදා හරි යන්නම යන දවසට කනත්තෙත් මහා ජාතියේ කියල බෝඩ් එකක් ගහ ගෙන ඉන්න හිතාගෙන ඇති. (නදී)
හරි වැඩක් නේ , දැන් රටේ ඔක්කොම ජීවත් වෙන්න ඕන ප්‍රියංකා ලා චමින්ද ලාගේ පුද්ගලික කැමැත්තෙ විදියටද ? (අ)
උතුම් ක්‍රියාවක් කරපු මහත්මාවරුන්ගේ සත් ක්‍රියාව හෑල්ලු කරන්න එපා නීරෝ (නදී)
සුසන්ත ඔබ හරියට හරි. (නදී)
සමගිය බලය වේ කියල කතාවක් තියෙනවනේ. (නදී)
අවතැන් වෙච්ච් සිංහලයන්ටත් සැලකුවා නම් හොඳයි නේද? (නදී)
සුසන්ත ඔතන තියෙන හරිම අදහස ඔබ දෙන අදහස පමණි . ලංකාවේ ඕනෑම ආගමකට ජාතියකට තමන්ගේ දේ වෙනුවෙන් කතාකරන්න ක්‍රියාකරන්න පුළුවන් . නමුත් සිංහල බෞද්ද කතා කළොත් අන්න ජාති වාදය (අ)
අසේල, ධර්මපාල තුමාගේ පොත් පත් ටිකක් කියවන්න. අන්න ඒ වගේ බොදු බල සේනාවත් රට රකින්න ඉන්නේ.(නදී)
මම මේ හැම කෙනෙකුටම අත ළඟ තියෙන ලොකු අනතුරක් ගැන අනතුරු අඟවනවා. ඔයාලට මේකේ තියෙන භයානක බව තවම දැනිලා නැහැ. (නදී)
ඉතාමත්ම හොද ප්‍රසන්සනිය වැඩක් නමුත් අලුත්ගම සිද්ධියෙන් අලාභ හානි වෙච්ච අවතැන් වෙච්ච සිංහල මිනිස්සුන්ට ආධාර නැද්ද ?ඒ මිනිසුන්ගේ දුක වේදනාව ගැන සොයා බැලීමක් නැද්ද ? හරි අපුරු සහජීවනයක්.(අ)
කමනි,අපි සහජීවනයෙන් ඉන්නට දෑත දිගුකරත්,අනිකුත් අය ඔවුන්ගේ දෑත ඇදලා ගන්නවානම් අපි මොකද කරන්නේ.....? ඔයාම කියන්නකෝ බලන්න ඊට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ කියලා. (ස)
රන්ජිත් - දිසාපාමොක් ඇදුරු තුමණි, 05:35:22 - - මම අහිංසා ගේ උපදේශක නොවෙමි. මම ඇදුරු තුමාගේ මතයට එකඟ නොවෙමි. එහෙත් එම මතය ඉදිරිපත්කිරීමට ඇදුරුතුමාට ඇති අයිතිය වෙනුවෙන් සටන් කිරීමට මම ද ඇදුරු තුමාට ඉදිරියෙන් සිටගනිමි. (දී)
මෙතන අර චානක කියන කෙනා දන්නේ නැද්ද ඔතන අන්තවාදී කල්ලියක් සිටිය බව.(නදී)
මාර සතුටක් ඇති වෙන්නේ හමෝම අදෙරෙන් ඉන්නව දැක්කම (නදී)
අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයන්, එක මවු දරුවෝ. අරාබියෙන් ආපු අරාබි කාරයෝ එනකොට අරාබියෙන් නෙමෙයි ගෑනු ගෙනාවේ. මෙහෙ ඇවිල්ලා බැන්දේ සිංහල ගැහැනු. මුස්ලිම් අපේ අම්මලා සිංහල, දුවන්නේ එකම ලේ...(ස)