IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


සිංහල මුස්ලිම් සමගිය තවත් තර වෙයි

බණ්ඩාරගම රයිගම්පුර සිංහල මුස්ලිම් එකමුතු ක්‍රීඩා සමාජය අලුත්ගම හා බේරුවල  ගැටුම්වලින් අවතැන් වු මුස්ලිම් ජනතාවට අද දිවා ආහාරය පිරිනැමීය.

 අටුළුගම මීගහමුල්ල මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පුජක මවුලවි ජලීල් මහතාට  ක්‍රිඩා සමාජයේ සභාපති  නිමල් පෙරේරා හා සම සංවිධායක ඒ චන්දන මහත්වරු එම ආහාර බාර දුන්හ.

 

 

 

 

 

 



අදහස් (0)

සිංහල මුස්ලිම් සමගිය තවත් තර වෙයි

විමුක්ති Friday, 20 June 2014 03:49 PM

මෙහෙම ඉන්නවා නම් ඇමරිකාවට..නවනිදන් පිල්ලෙලට..කොටි හපුයියන්ට හොම්බෙන් තමා යන්න වෙන්නේ..(ස)

:       0       0

රනිල් Friday, 20 June 2014 10:49 PM

මේක මුලින් නොතිබුනේ ඇයි? (දී)

:       0       0

ජයන්ත Friday, 20 June 2014 03:56 PM

කොච්චර හොඳද? (නි)

:       0       0

දමිත් Friday, 20 June 2014 03:57 PM

බෞද්ධ දර්ශනය හඳුනාගත් නියම සිංහලයින්... (නි)

:       0       0

දුමින්ද Friday, 20 June 2014 03:57 PM

අසේල, ඔබ මොනවාද මේ කියන්නේ? (නි)

:       0       0

දිමුතු දිසානායක Friday, 20 June 2014 11:20 PM

අපේ ලාංකිකයෝ ලක්ෂ ගානක් ඉන්න මැදපෙරදිග ,අරාබියේ එහෙම නැත්තන් අඩුම කාත්තන්කුඩියේ අක්කරෙපත්තුවේ ඕවගේ වැඩසටහන් කෙරෙනවා හොරයි නේද? ඇයි ඕවට උදවු දෙන අය මේ සිංහල බහුතරයක් ඉන්න ප්‍රදේශවලට විතරමද ප්‍රතිපාදන දීල සලකන්නේ (දී)

:       0       0

කිරුළු Friday, 20 June 2014 11:20 PM

දකින්නත් සන්තෝසයි (දී)

:       0       0

හංසි Friday, 20 June 2014 04:01 PM

සෑම කළු වලාකුලකම රිදී රේඛාවක් ඇත. (ස)

:       0       0

අහිංසා Friday, 20 June 2014 04:01 PM

මිනිස්කම දන්නා උතුම් මිනිස්සුනේ...නුඹලාට හැමදාමත් සහෝදරත්වයෙන් යුතුව ජීවත් වන්නට හේතු වාසනා වේවා. එක එක ජාතිවාදී ආගම්වාදී විෂබීජ පතුරුවන අයට හා ජරා දේසපාලුවන්ට අපේ රට විනාශ කරන්න ඉඩ දෙන්න එපා...මේ රට සිංහල මුස්ලිම් ද්‍රවිඩ මැලේ බර්ගර් සැමටම එක සමානවම අයිතියි.. බුදුන් වහන්සේගේ උතුම්වූ ධර්මය ඉන්දියාවේ සිට මිහිඳු හිමියන් මෙ රටට වැඩමවීමට කලින් සිංහල අපි ගස් ගල් වලට වැඳුම් පිදුම් කල කට්ටියක්.අපිට අයිතියක් නැහැ බුදුදහම අපේ කරගන්න.බුදු දහමත්...හින්දු ආගමත්..මුස්ලිම් ආගමත් මේ විශ්වයටම අයිතියි ...අපි මේ රටට එන්න කලින් මෙහේ හිටියේ යක්ෂ දේව නාග ගෝත්‍රිකයෝ...ඒ අයටත් කලින් තවත් අය ඉන්න ඇති...එකිනෙකා මරාගෙන ඒ අය විනාශ වෙන්න ඇති. අපි විනාශ වෙන්න ඕනේ නැහැ.එකිනෙකාට ගරු කරමින් ශිෂ්ටාචාරයේ අලුත් පිටුවක් පටන්ගනිමු...(ස)

:       0       0

ප්‍රියංක Friday, 20 June 2014 04:02 PM

වටිනා ක්‍රියාවක්. (ස)

:       0       0

පද්මා Friday, 20 June 2014 11:54 PM

අපෙ දෑතම ඔසවා ඔබට සහාය දෙනවා (දී)

:       0       0

නීරෝ Friday, 20 June 2014 11:56 PM

ආගම් වාදී හලාල් නවතා සමගියෙන් පෙරලෙස ජිවත් වෙමු. (දී)

:       0       0

කසුනි Saturday, 21 June 2014 12:14 AM

දිගටම මෙහෙම උනොත් හොදයි (දී)

:       0       0

චමී Saturday, 21 June 2014 11:50 AM

අසේල, ධර්මපාල තුමාගේ පොත් පත් ටිකක් කියවන්න. අන්න ඒ වගේ බොදු බල සේනාවත් රට රකින්න ඉන්නේ.(නදී)

:       0       0

සමරතුංග Friday, 20 June 2014 04:12 PM

විමුක්ති මහතාගේ අදහසට මම බොහොම කැමතියි. මෙහෙම තමයි මනුෂ්‍යයා ජීවත් වියයුත්තේ. මේක ලෝකයටම ආදර්ශයක් (නි)

:       0       0

ශාන්ත Friday, 20 June 2014 04:12 PM

මේවා දැක්කහම ගිනි පත්තු කරන්න දඟලපු අයට නම් හරියට දුක ඇති (නි)

:       0       0

උදාර Saturday, 21 June 2014 12:35 AM

කාගේ උවමනාවකටද මේ රට විනාශ කරන්න හදන්නේ (දී)

:       0       0

ලක්මාල් Saturday, 21 June 2014 08:17 PM

කමනි,අපි සහජීවනයෙන් ඉන්නට දෑත දිගුකරත්,අනිකුත් අය ඔවුන්ගේ දෑත ඇදලා ගන්නවානම් අපි මොකද කරන්නේ.....? ඔයාම කියන්නකෝ බලන්න ඊට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ කියලා. (ස)

:       0       0

මෙනුදී Saturday, 21 June 2014 12:41 AM

වාසනාවන් ....(දී)

:       0       0

වසන්ත Friday, 20 June 2014 04:18 PM

ඇයි හැමදාමත් මෙහෙම ඉන්න බැරි අපිට? (නි)

:       0       0

මොහොමඩ් Friday, 20 June 2014 04:23 PM

ඉතාම අගය කරනවා. ජාතිබේද නැතුව අසරණ වූ අපට උදවු කරනකොට හරි සතුටුයි. අපි හැමදාමත් සහෝදරයින් වගේ ඉඳිමු (නි)

:       0       0

අජන්ත Saturday, 21 June 2014 02:22 AM

ඔන්න ඔය වගේ ඉන්න පුළුවන් හකිම්ලා වගේ අය ලෝකෙට බොරු කියන්නේ නැත්නම් (නදී)

:       0       0

නිලංකා Friday, 20 June 2014 04:24 PM

මට සහභාගි වෙන්න බැරි වුණත් මම බලාපොරොත්තු වුණෙත් ඔය වගේ දෙයක්. දැන් මගේ සිත ටිකක් සැහල්ලුයි. ඔබ සැමට ජයවේවා! බුදු සරණයි! (නි)

:       0       0

යසිරු Friday, 20 June 2014 04:24 PM

මොනතරම් ආදර්ශවත්ද? (නි)

:       0       0

නෆ්ලාන් Friday, 20 June 2014 04:25 PM

අපි ආඩම්බර වෙනවා ඔබ ගැන (නි)

:       0       0

සේන Friday, 20 June 2014 04:29 PM

අසේල කියන කතාවට මමත් එකඟයි (නි)

:       0       0

මොහමෙඩ් Friday, 20 June 2014 04:31 PM

ලංකාවේ ඉන්න 99% ජනතාවටම ඕනෑ සමගියෙන් ඉන්න.ලංකාවේ කීර්ති නාමය අපකීර්තියට පත්කරන සුළු පිරිසකගේ ක්‍රියාමාර්ග හෙළා දකිමු (නි)

:       0       0

ශාන් Friday, 20 June 2014 04:33 PM

නියම සිංහලයා. (ස)

:       0       0

සමන් Saturday, 21 June 2014 12:35 PM

මම මේ හැම කෙනෙකුටම අත ළඟ තියෙන ලොකු අනතුරක් ගැන අනතුරු අඟවනවා. ඔයාලට මේකේ තියෙන භයානක බව තවම දැනිලා නැහැ. (නදී)

:       0       0

ග්‍රේෂන් Friday, 20 June 2014 04:36 PM

ඇත්තටම හොඳ වැඩක්. (ස)

:       0       0

විදුෂක Saturday, 21 June 2014 09:46 PM

රන්ජිත් - දිසාපාමොක් ඇදුරු තුමණි, 05:35:22 - - මම අහිංසා ගේ උපදේශක නොවෙමි. මම ඇදුරු තුමාගේ මතයට එකඟ නොවෙමි. එහෙත් එම මතය ඉදිරිපත්කිරීමට ඇදුරුතුමාට ඇති අයිතිය වෙනුවෙන් සටන් කිරීමට මම ද ඇදුරු තුමාට ඉදිරියෙන් සිටගනිමි. (දී)

:       0       0

චානක. Saturday, 21 June 2014 04:00 AM

අළු යට ගින්දර තිබෙන්න හැරලා උඩට මතුවෙන ගින්දර නිවන්න දඟලනවා වගේ වැඩ තමයි මේවා. මේ අපරාදයන් සිදුකල සිදුකරන්න අණකල පුද්ගලයාත් එම සගයන්ගේ සියලු විස්තර සාක්කි හා වීඩියෝ මගින් සනාත වී තිබෙනවා. ඉතින් කලයුතු දේ මොකක්ද කියලා අමුතුවෙන් කිව යුතු නොවේ. කන්න බොන්න දුන්න කියල මේවා විසදෙන්නේ නැහැ (නදී)

:       0       0

රත්නායක Friday, 20 June 2014 04:51 PM

සිංහල දමිල මුස්ලිම් ජාතික සමගියට ජය වේවා. සත් පුරුෂ මිනිසුනේ... ඔබලා නියමම බෞද්ධ අනුගාමිකයන් බව ලෝකෙට පෙන්නුවා...තෙරුවන් සරණයි.ඔබ හැමට....(ස)

:       0       0

සංජීව Friday, 20 June 2014 04:51 PM

අමිල සඳරුවන් හරි. සහජීවනේ එ්ක පාර්ශවීයයි. සිංහල ජනතාව ගුටි කෑවෙ නැද්ද එතකොට ? සාමයෙන් ජීවත් වෙන එක හොදයි. සුළු ජාතීන්ට මොනවා හරි උනාම ජාතික සමගිය ගැන කතා කරන අය මහා ජාතියට වෙන අසාධාරන ගැනත් කතා කරනවා නම් හොඳයි. (ස)

:       0       0

සමන් Friday, 20 June 2014 04:53 PM

අපි සිංහල නොවේ! දෙමළ නොවේ! මුස්ලිම් නොවේ! අපි ලාංකිකයෝ! (ස)

:       0       0

ප්‍රසන්න Friday, 20 June 2014 04:55 PM

පහුගිය ප්‍රවෘත්ති හොදින් බැලුවා නම් තේරුම් ගන්න පුළුවන් කාටද සාමය අවශ්‍ය,කාටද අසමගිය හා ගැටුම් අවශ්‍ය කියල .මින් ඉදිරියටවත් මොලේ ඇතිව වැඩ කරන්න . (අ)

:       0       0

චමින්ද Saturday, 21 June 2014 05:06 AM

ගයාන්,ඔබ හරියට හරි. පාඨලී රණවක ඇමති තුමා කල කතාව හැමෝම නැරඹිය යුතු වීඩියෝ ක්ලිප් එකකි. (නදී)

:       0       0

චමින්ද Saturday, 21 June 2014 05:13 AM

හුසේන් මහත්මයා ,එතකොට ඔබතුමා කියන්නේ ධර්මදේශනාවකට වැඩිය සංඝයාවහන්සේට ගහපු අය තාම නිදැල්ලේ කියලද.? (නදී)

:       0       0

රොෂාන් Friday, 20 June 2014 04:58 PM

ඇත්තම වටිනා දෙයක්. සමහර අයට මේවා දකිද්දී ඇස්වලට කටු අනිනවා වගේ ඇති (අ)

:       0       0

කමනී Saturday, 21 June 2014 05:13 AM

සමගිය බලය වේ. 30 අවුරුද්දක් යුද්ධයෙන් හෙම්බත් වූ අපිට මොන ජාතියට අයත් වුවත් අන්තිමේ අයිති වෙන්නේ කනත්තේ එකම බිම් ප්‍රමාණයක්. සමහරුන්ට ඒක මතක නැතිවෙලා. දරුවන්ට ඉතිරි කරලා යන සිංහල බොදු රටක් ගැන කතා කරනවා. සමගියෙන් ඉමු කියන අපිව ජාති ද්‍රෝහියෝ ලෙස හංවඩු ගහලා. කමක් නැහැ. මට නම් ඕන මැරෙනකන් අන්‍ය ජාතින් සමග සතුටින් සමගියෙන් ජීවත් වෙන්න.(නදී)

:       0       0

ගයාන් Friday, 20 June 2014 04:59 PM

අසරණ වෙච්ච් සිංහලයන් ගැන බලන්න කිසිම කෙනෙක් නෑ. පාඨලී ඇමතිතුමා විතරයි ගියේ. (අ)

:       0       0

විරාජ් ඒකනායක Friday, 20 June 2014 05:00 PM

හාමුදුරුවන්ට ගැහුවේ මොකද (අ)

:       0       0

චමින්ද Saturday, 21 June 2014 05:25 AM

හුසේන් කතා කරන්නේ මුලින්ම හාමුදුරුවන්ට ගහපු අය ගැන වෙන්න ඇති. (නදී)

:       0       0

රන්ජිත් Saturday, 21 June 2014 05:35 AM

විදුෂක මහත්තයෝ, බුද්ධියේ ප්‍රබෝදය මුදාහරිනවා කියන්නේ මොකක්ද ? ' බුදුදහම සිංහලයන්ට පමණයි.ඒක අපේ කියන එකද? බුදුන්ට නින්දා නොකර ඉන්න. ඔබ තුමා අර කට්ටියගේ උපදේශක කෙනෙක්ද? (නදී)

:       0       0

කුරුවිට Friday, 20 June 2014 05:01 PM

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ (අ)

:       0       0

උදය Friday, 20 June 2014 05:15 PM

මෙහෙම තමයි වෙන්න ඕනෑ (නි)

:       0       0

චමින්ද Saturday, 21 June 2014 06:10 AM

කමනි, හොද සිහියෙන්ද ඉන්නේ...? බෙහෙත ගන්න පරක්කු වුනාද....? (නදී)

:       0       0

දසුන් Friday, 20 June 2014 05:18 PM

අපි නැවතත් අපේ පලුදු වූ මිතුදම ගොඩනඟා ගනිමු. අපි සැම එක මවකගේ දරුවන් සේ සිටිය යුතුයි (නි)

:       0       0

සමන් Saturday, 21 June 2014 02:09 PM

ඉතාමත්ම හොද ප්‍රසන්සනිය වැඩක් නමුත් අලුත්ගම සිද්ධියෙන් අලාභ හානි වෙච්ච අවතැන් වෙච්ච සිංහල මිනිස්සුන්ට ආධාර නැද්ද ?ඒ මිනිසුන්ගේ දුක වේදනාව ගැන සොයා බැලීමක් නැද්ද ? හරි අපුරු සහජීවනයක්.(අ)

:       0       0

විපුල Friday, 20 June 2014 05:22 PM

මෙහෙම ‍දිගටම ඉන්නවා නම් ගොඩක් හොඳයි. (නි)

:       0       0

විදුරන්ග Friday, 20 June 2014 05:23 PM

බණ්ඩාරගම - හොරණ පරතරය කි.මි. 10 යි. හොරණ නගරයේ සිටින මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව හොරණ තොරණට කවදාටත් සමසමව වගේ තමයි දායකත්වය දෙන්නේ. හොරණ සිංහල - මුස්ලිම් ප්‍රජාව හොඳ සහජීවනයකින් කලදවස ගෙවනවා. හොඳ ප්‍රවණතාවක්. (නි)

:       0       0

උපාලි Friday, 20 June 2014 05:27 PM

මෙයයි සැබවින්ම වියයුත්තේ (නි)

:       0       0

ආශික් Friday, 20 June 2014 05:28 PM

අපි කවුරුත් මිනිස්සු. ජීවිත ගමනේ මේවා තමා තිබෙන්න ඕනෑ. 99.9% සිංහල මිනිසුන් මේ සිදුවූ දේ නිසා හරිම හිත් අමාරුවෙන් ඉන්නවා. සැමදා අපිට ඕනෑ සිංහල මුස්ලිම් සහෝදරකමයි.ඔබගේ උදව් අපි ඉතා අගය කරමු. (නි)

:       0       0

සදජිත් Friday, 20 June 2014 05:32 PM

ජය වේවා! (නි)

:       0       0

බලංගොඩ- සිංහ Friday, 20 June 2014 05:35 PM

ගයාන්, ඇත්ත ඔබ කියන්නේ (නි)

:       0       0

රන්ජිත් Saturday, 21 June 2014 07:24 AM

කමනි, ඔබ නිවැරදියි ...100% (නදී)

:       0       0

විදුෂක Friday, 20 June 2014 05:43 PM

අහිංසා - "අපිට අයිතියක් නැහැ බුදුදහම අපේ කරගන්න." මේ ඉහත ඔබගේ අදහසේ කොටසකි. බුදු දහම සහ බෞද්ධ දර්ශනය ගැන අදහස් ප්‍රකාශ කිරීමේදී බුද්ධියේ ප්‍රබෝධය මුදා හරිමින් අදහස් හා මත ඉදරිපත් කිරීම වඩා ශ්‍රේෂ්ඨ වන්නේය. චින්තනයේ සහ භාෂණයේ නිදහසට ගරු කරමි. (අ)

:       0       0

සුසන්ත Saturday, 21 June 2014 07:31 AM

ඕනෑම කෙනෙකුට තමන්ගේ ආගම,ජාතිය ගැන කතා කරන්න නිදහස තියෙනවා. නමුත් සිංහල අපි අපේ ජාතිය,ආගම ගැන කතා කලොත් අපි ජාතිවාදියෝ ද ? (නදී)

:       0       0

ප්‍රසන්න Friday, 20 June 2014 05:51 PM

අමිල: සංජිව: ගයාන්: වැනි බොහොදනෙක් හරි. ශ්‍රී ලංකාව වැනි රටක මහා ජාතිය වීමත් අවාසනාවක් තමා.සියලු අසදාරන්යන් ඉවසන්න ඕන .අනෙක් රටවල් සමග සසඳනකොට නිවන් දකින්න මයි හිතන්න (අ)

:       0       0

කමනී Saturday, 21 June 2014 07:42 AM

චමින්ද බෙහෙතක් ගන්න සිද්ධ වෙලා තියෙන්නේ ඔබට. තමන් අමරණීය කියලා හිතාගෙන ඉන්න උදවියට මීට වඩා මට කියන්න දෙයක් නැහැ. (නදී)

:       0       0

ප්‍රභාත් Friday, 20 June 2014 05:52 PM

අමිල සඳරුවන් , හරියට හරි ඔබේ කියමන. හැමෝම පෙන්නන්නේ සිංහල අය ගැහුවා කියල . ගිනිතියපු සිංහල ගෙවල් ගැන කවුරුවත් කතා නෑ (අ)

:       0       0

මහේෂ් සිල්වා Sunday, 22 June 2014 04:40 AM

මෙතන අර චානක කියන කෙනා දන්නේ නැද්ද ඔතන අන්තවාදී කල්ලියක් සිටිය බව.(නදී)

:       0       0

ගයනී Saturday, 21 June 2014 07:46 AM

කමනි , මම හිතන්නේ ඔබට බෙහෙත් ගන්න කියපු උදවිය කවදා හරි යන්නම යන දවසට කනත්තෙත් මහා ජාතියේ කියල බෝඩ් එකක් ගහ ගෙන ඉන්න හිතාගෙන ඇති. (නදී)

:       0       0

හෂිණි Friday, 20 June 2014 05:56 PM

ඉතාමත් අගෙයි (නි)

:       0       0

සෑම් Friday, 20 June 2014 05:58 PM

මෙහෙම ඉන්න එක තමා වඩාත් හොඳ මේවාට අනුබල දුන් දේශපාලකයන්ට පාඩමක් උගන්වන්නත් එක්ක. ඇයි අපේ මිනිසුන් මේවා තේරුම් නොගන්නේ? පිල් බෙදිලා ගුටි ඇනගන්න කිසිම රටක් මේ වනතුරු දියුණුවෙලා නැහැ. (නි)

:       0       0

කාන්ති Friday, 20 June 2014 06:02 PM

අපි එක මවකගේ දරුවන්. මොන ආගමේ වුණත් අපි ලාංකිකයන්. අපි කාටවත් හිංසා කරන්න, වෛර කරන්න හොඳ නැහැ. හැම ආගමකම කියලා තියෙන්නේ, හොඳින් ජීවත්වෙන්න කියලයි. ධර්මය රකින්නා ධර්මයෙන් රකී. අපි යළිත් නැගිටිමු එක පවුලේ අය වගේ. (නි)

:       0       0

දසුනි Saturday, 21 June 2014 08:03 AM

හරි වැඩක් නේ , දැන් රටේ ඔක්කොම ජීවත් වෙන්න ඕන ප්‍රියංකා ලා චමින්ද ලාගේ පුද්ගලික කැමැත්තෙ විදියටද ? (අ)

:       0       0

මිනිපේ Friday, 20 June 2014 06:14 PM

අපේ සුභ පැතුම්! (නි)

:       0       0

චින්තක Friday, 20 June 2014 06:20 PM

මෙම සද්ක්‍රියාවට සම්බන්ද වූ සැම දෙනාටම බුදු පිහිටි දෙවි රැකවරනයි.(අ)

:       0       0

මොහොමඩ් Friday, 20 June 2014 07:06 PM

මෙන්න නියම බෞද්ධයෝ! (නි)

:       0       0

අජන්ත Friday, 20 June 2014 07:08 PM

ජය වේවා! (නි)

:       0       0

මොහොමඩ් Friday, 20 June 2014 07:08 PM

තෙරුවන් සරණයි ඔබ සැමට! (නි)

:       0       0

උපුල් Sunday, 22 June 2014 07:09 AM

මාර සතුටක් ඇති වෙන්නේ හමෝම අදෙරෙන් ඉන්නව දැක්කම (නදී)

:       0       0

සලීත් Saturday, 21 June 2014 08:59 AM

උතුම් ක්‍රියාවක් කරපු මහත්මාවරුන්ගේ සත් ක්‍රියාව හෑල්ලු කරන්න එපා නීරෝ (නදී)

:       0       0

හේෂාන් Friday, 20 June 2014 07:19 PM

අප අසල්වැසියන් වුවත් දොඩමලු වෙනත් බසකින්.... ලෙසින් හිත මිතුරන් එදා සිටියා නේද සමගින්.... සිතේ උපදින කුරිරුකම් නිසා වෙයි ඔබ වියරු... රට‍ දැයට නිගරු නොවී අපි වෙමුද මිතුරු... (නි)

:       0       0

කරුණාජීව Saturday, 21 June 2014 09:05 AM

සුසන්ත ඔබ හරියට හරි. (නදී)

:       0       0

එදිරිසූරිය Friday, 20 June 2014 07:25 PM

අපි සියල්ලන්ම සහෝදර සහෝදරියෝ.... (නි)

:       0       0

ප්‍රියන්ක Friday, 20 June 2014 07:48 PM

මටත් සහභාගි වෙන්න තිබුණා නම්.... (නි)

:       0       0

හරේන්ද්‍ර Friday, 20 June 2014 08:00 PM

මේ විදියට ඇයි අනෙක් පළාත් වල අයටත් ඉන්න බැරි? (නි)

:       0       0

රාධිකා Friday, 20 June 2014 08:03 PM

මේ විදියට හැමදාම ඉන්න (නි)

:       0       0

දීපිකා Friday, 20 June 2014 08:03 PM

මොනතරම් හොඳ දෙයක්ද? (නි)

:       0       0

නිමල්කා Friday, 20 June 2014 08:20 PM

අපි හැමදාමත් සමගියෙන් සිටිමු (නි)

:       0       0

මිහිරි Friday, 20 June 2014 08:22 PM

කොච්චර හොඳ ආදර්ශයක්ද දුන්නේ? (නි)

:       0       0

විදුවන්ත Friday, 20 June 2014 08:35 PM

ගොඩාක් ආඩම්බරයි (අ)

:       0       0

චන්ද්‍රසේන Friday, 20 June 2014 09:05 PM

අපෙත් බලාපොරොත්තුව එකයි (අ)

:       0       0

ඉසුරන්දි Saturday, 21 June 2014 10:25 AM

සමගිය බලය වේ කියල කතාවක් තියෙනවනේ. (නදී)

:       0       0

මලිත් Saturday, 21 June 2014 10:25 AM

අවතැන් වෙච්ච් සිංහලයන්ටත් සැලකුවා නම් හොඳයි නේද? (නදී)

:       0       0

ඉම්රාන් Tuesday, 24 June 2014 04:20 PM

අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයන්, එක මවු දරුවෝ. අරාබියෙන් ආපු අරාබි කාරයෝ එනකොට අරාබියෙන් නෙමෙයි ගෑනු ගෙනාවේ. මෙහෙ ඇවිල්ලා බැන්දේ සිංහල ගැහැනු. මුස්ලිම් අපේ අම්මලා සිංහල, දුවන්නේ එකම ලේ...(ස)

:       0       0

හුසේන් Friday, 20 June 2014 09:32 PM

සහෝදරත්වයෙන් කතා කරපු හැමෝටම හර්දයාංගම ස්තුතිය. ආණ්ඩුවකට යුතුකමක් තියෙනවා හැම ජන කොටසකගේම අයිතිවාසීන් සුරකින්න වගේම එයට විනකරන අය තරාතිරම නොබලා වහාම නීතිය ඉදිරියට ගෙන එන්න. පොලිසිය මහලොකුවට කියනවා 50ක්, 60ක් අල්ලලා තියිනවා කියල. ඒ වුනාට අපරාධෙට මුලපුරපු කෙනා තාම නිදැල්ලේ.එහෙමනම්, අපරාධේ කලේ හැමෝම එකතුවලයි කියලයි අපිට හිතන්න වෙන්නේ. (දී)

:       0       0

පසන් Friday, 20 June 2014 09:41 PM

මේ වගේම අසරණ උන සිංහල පවුල් ගැනත් බැලුවොත් හොද නේද? (දී)

:       0       0

චමින්ද Friday, 20 June 2014 09:44 PM

ඉතාම හොද දෙයක් . කවදත් අටුලුගම, හොරණ එළුවිල මුස්ලිම් ජනතාව සිංහල ජනතාව සමග සාමයේ සහ සහජීවනයෙන් ඉන්නවා. මනුෂත්වයේ නාමයෙන් අපි එකමුතුවෙමු. අන්තවාදීන් පිලුකුල් කරමු (දී)

:       0       0

ලක්තිලක් Saturday, 21 June 2014 10:52 AM

සුසන්ත ඔතන තියෙන හරිම අදහස ඔබ දෙන අදහස පමණි . ලංකාවේ ඕනෑම ආගමකට ජාතියකට තමන්ගේ දේ වෙනුවෙන් කතාකරන්න ක්‍රියාකරන්න පුළුවන් . නමුත් සිංහල බෞද්ද කතා කළොත් අන්න ජාති වාදය (අ)

:       0       0

සුනිල් Friday, 20 June 2014 03:27 PM

මෙහෙම සමගියෙන් කවදත් ජීවත් උන ශ්‍රී ලංකික ජනතාව නේද නරුමයෝ ටිකක් බෙදා විනාස කලේ. අනේ මෙහෙමවත් නැවත මේ ජනතාව එකට එකතු කරන එක කොච්චර සතුටක්ද (අ)

:       0       0

රංජිත් Friday, 20 June 2014 03:29 PM

බොහොම හොඳ සද් ක්‍රියාවක්. අපි හැමෝටම මධ්‍යස්ථ විදිහට හිතල බුද්ධිමත්ව වැඩ කල හැකි නම් සමගියෙන් ඉන්න පුලුවන්නම් ලෝකේ කාටවත් අපේ රටට වින කරන්න හැකියාවක් නැහැ. (ස)

:       0       0

ලෙස්ලි Friday, 20 June 2014 03:31 PM

අසන මට්ටමෙන් මැතිවරණ තිබුණු යුගයේ අදට වඩා සිංහල මුස්ලිම් සමගිය තිබුණා මතනද? (ස)

:       0       0

අසේල Friday, 20 June 2014 03:32 PM

බොදු බලේ තිබුණට මදි මොලේ තියෙන්නත් ඕනේ, (ස)

:       0       0

අමිල සඳරුවන් Friday, 20 June 2014 03:41 PM

අනේ හොඳයි. ලංකාදීප මහත්තුරු, මේ වගේ මුස්ලිම් අයත් ඇවිල්ල ගැටුම් වලින් අවතැන් වුන සිංහල ජනතාවටත් ආධාර කරන අවස්ථාවක් දාල පෙන්නන්න. ඒක පාර්ශවික සහජීවනයක් නැහැ කියල පෙන්නන්න. (ස)

:       0       0

ටිරෝන් Friday, 20 June 2014 03:44 PM

මේවා තමා විය යුත්තේ. අහන්නත් සතුටුයි. (ස)

:       0       0

මංජුල Friday, 20 June 2014 03:45 PM

ඒව හොඳ දේවල්. (ස)

:       0       0

සිල්වියා Friday, 20 June 2014 10:48 PM

හොඳ ආදර්ශයක් (දී)

:       0       0

ඉශාන් Friday, 20 June 2014 10:48 PM

තව තවත් තර වෙන්න ඕනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2515 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1667 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2416 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 572 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3321 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site