මදුරංකුලිය රා තැබෑරුම අසළ සිටි යාචකයකුගේ රුපියල් 550ක් උදුරා ගත් පුද්ගලයකු කළ වැඩේ වැරදි යැයි කී අයකුගේ නිවසට ද පහර දී ඇතැයි මදුරංකුලිය පොලිසිය කියයි.
‘ඒ වැඩේ වැරදි හිඟන්නගේ සල්ලි ආපහු දීපං‘ යනුවෙන් එම පුද්ගලයාට පවසු ඇතැයි ද, ඒ සමඟම මුදල් උදුරා ගත් පුද්ගලයා රා කොප්පයකින් හිඟන්නා නහවා ඇතැයි ද, සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිතට මත. (නි)
අද රටේ තත්ත්වය ඕකයි. හිඟන්නෙකුටවත් හිඟාකන්න ඉඩක් නැතිවේගෙන යන්නේ. මිනිසුන් ඒ තරමට පහත් මට්ටමට වැටිලා. කාගෙන් හරි කමක් නැහැ, හොරකම් කරලා හරි ගන්න පුලුවන් නම් (නි)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)
ඕවා නම් මොනවද? ගෑණිව විකුනාගෙන කන රටේ (නදී)
දැනට අවුරුදු 35 කට පමණ ඉහත එක ගමකට රිළවෙකු නටවන මිනිහෙක් ආවා. ඔහු පොළ දවසේ ගමේ නතර වුණාම ගමේ කොල්ලෝ එයාට පොවලා, රිලවාව මරලා උයාගෙන කෑවලු. කොහොමද සාරධර්ම? (නි)
රටේ සාරධර්ම පිරිහිලා (නි)
මේ දවස්වල සමහර මිනිසුන්ගේ පිස්සුව හොඳටම වැඩිවෙලා. (නි)
ලංකාව වනචාරී යුගයක් කරා ආපස්සට පිය නගනවා වගෙයි (නි)
මෙහෙවු රටකනේ අපි ජිවත්වෙන්නේ...? (නි)
ඔන්න අපේ මිනිසුන්ගේ හැසිරීමේ තරම. හිඟන්නෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ.සමහරු බීමත් වූ පසු, තිරිසනුන් බවට පරිවර්තනය වෙනවා. (නි)
අහෝ! මේ වගේ අයට නියම කරන දඩුවම කුමක්ද? (නි)
දැන් කවුද බලන්න හිඟන්නා? හිඟාකෑ කෙනාද? ඔහුගේ දේ උදුරාගත් කෙනාද? (නි)
හිඟන්නාගේ දේත් උදුරාගන්න චණ්ඩියෙක්ද? (නි)
හිඟන්නා මොකටද රා තැබෑරුම ළඟ හිඟමන් යැද්දේ? ඔතන ඉන්නේ කොහොම මිනිස්සුද කියලා දන්නේ නැද්ද? (නි)
වෙච්ච දේ ගැන කණගාටුයි. හිඟන්නාගේ පාත්තරේට හෙනහුරෙක් වැටිලා නේද? (නි)
දැඩි දඬුවම් දිය යුතුයි. දඩ සහ හිරේ දැම්මොත් හොඳයි. (නි)
රටක් විනාශ වෙන්නේ මේ වගේ අය නිසා තමයි. (නි)