
(යොහාන් භාසුර)
කිසිදු අවිශ්වාසයක් බියක් නොමැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල ජපන් ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියේය.
ජපන් ආයෝජනයක් වන බලපිටියේදී Hunas River හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අසෝක රන්වල මහතා ජපන් භාෂාවෙන් කතා කරමින් ඉල්ලා සිටියේය.
ජපාන ආයෝජකයින් සහ දේශීය ව්‍යාපාරිකයන් විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී සිටියහ.
හිටපු කතානායකවරයා මෙහිදී ආයෝජකයින් ඇමතුවේ ජපන් භාෂාවෙනි. එය විශේෂත්වයක් වන අතර ඔහු සිංහල භාෂාවෙන් ආයුබෝවන් කියා කිවේය.
මෙම උත්සවයේදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු කතානායකවරයා මෙසේද පැවසීය.
"පසුගිය ආණ්ඩු රට පාලනය කළ කාලවලදී විදෙස් ආයෝජකයන්ට විවිධ අකටයුතුකම්වලට සහ ප්‍රායෝගික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවූ බව අප දන්නවා. අප එකල විපක්ෂයේ සිටියදීත් ඒවාට එරෙහිව කතා කළා. දැන් අප ආණ්ඩුවක් හැටියට විදෙස් ආයෝජකයන්ට එරෙහි සියලු ක්‍රියාමාර්ගවලට වැට බැඳීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අප දන්නවා ඒ කාලයේ සමහර ආයෝජකයන්ට ආයෝජනය කළ මුදලත් අහිමි වුණා. ඒවා යළි ලබා ගැනීමට නඩු හබ කීමට සිදුවුණා. රටක් හැටියට අප ඒ ගැන ලැජ්ජාවට පත් වෙනවා. නමුත් දැන් ඔබ ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන හැම එකකටම වටිනාකමක් ආරක්ෂාවක් ලබාදීමට අපේ ආණ්ඩුව කටයුතු කරනවා. කලින් ආණ්ඩුවලදී වගේ ඔබට දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ සාක්කු වලට සන්තෝසම් මුදල් ලබාදීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ ආකාරයට සන්තෝසම් , හෝ අල්ලස් ලබා ගන්නා සියලු දෙනාට එරෙහිව අප නොපමාව ක්‍රියාත්මක වෙනවා. ඔබට සඳහන් කළ යුතුයි අපගේ අල්ලස් හෝ දූෂණ දෙපාර්තමේන්තුව ඉතාම බලවත් ආයතනයක්. තරාතිරම නොලබා එය වැරදිකරුවන්ට දඬුවම් කරනවා.
නීති රීති පමණක් නොවෙයි අපේ බැංකු ක්ෂෙත්ර ය ඇතුළු ආයතන වල ව්‍යූහාත්මක පරිවර්තනයන් සිදුවිය යුතු බව ආණ්ඩුවක් හැටියට අප පිළිගන්නවා. ඒ බොහෝ තැන්වල ආයෝජනවලට හිතකර නැති යල් පැනගිය ක්‍රමවේදයන් තිබෙන බව අප හඳුනාගෙන තිබෙනවා. ඒ සියල්ල ක්‍රමයෙන් වෙනස් කර විදෙස් ආයෝජනවලට හිතකර ,ආරක්ෂිත, කාර්යක්ෂම ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබෙන බව ඔබට මම සහතික වශයෙන් සඳහන් කරනවා.
එසේම අද දින මෙහි රැස්ව සිටින ඔබ සියලු දෙනාටම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ශ්‍රී ලංකාව නම් පුංචි සුන්දර රටත්, ජපානය නම් සුන්දර රටත් දීර්ඝ කාලීන මිත්‍රත්වයකින් බැඳී සිටිනවා. ශ්‍රී ලංකාව සහ ජපානය දීර්ඝ ඉතිහාසයක් ඇති මිත්‍ර රටවල් දෙකක් නව රජයේ විනිවිදභාවය, යහපාලනය සහ දූෂණයෙන් තොර පාලනය යන ප්‍රතිපත්ති පිළිබඳව ඔබ තුළ විශ්වාසය තහවුරු වී තිබීම මම ඉතා අගය කරනවා. අද අප දෙරට එකිනෙක සම්බන්ධ කරන නව මිත්‍රත්වයේ පාලමක් ගොඩනැඟීමට උත්සාහ කරමින් සිටිමු. මෙම මිත්‍රත්වයේ පාලම අනාගතයේ දෙරටේ මිත්‍රත්වය හා සංවර්ධනය වඩාත් ශ්‍රේෂ්ඨ කරනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා" යයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd