එකම පවුලේ සිව්දෙනෙක් ඇතුළු පස් දෙනෙක් කොළඹ කොල්ලුපිටියේ රුපියල් හත් කෝටියක් වටිනා අනුන්ගේ ඉඩමක් රුපියල් හාර කෝටියකට විකිණීයැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
සැබෑ අයිතිකරු වන ලන්ඩනයේ පදිංචි දොස්තර බබාපුල්ලේ මහතා පැමිණිලි කර ඇත්තේ පර්චස් 14ක් වන තම ඉඩම හොර ඔප්පුවක් මගින් විකුණා ඇති බවයි.
පියා පුතුන් දෙදෙනා , ලේලියක හා බ්‍රෝකර් වරයෙක් මේ පිරිසට අයත් වෙති.
විවියන් රුද්‍රිගු, ප්‍රසන්න රුද්‍රිගු, ධම්මික රුද්‍රිගු, චින්තා රුද්‍රිගු හා ඊයේ අමරසිරි රිමාන්ඩ් කරනු ලැබූ අය වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ඉඩම් වලට මොනවා වෙලාද දන්නෙ නැහැ (නි)
සේකර,මමත් ඒකම තමා මෙය කල්පනා කෙරුවේ,ඉක්මනට ලංකාවට ගිහින් බලන්න ඕනේ, දැන් අපි අපිවම විකුණන කාලයක්නෙ (දී)
පවුලම එකතු වෙලා හොරකම් කරන එක හොදයි (දී)
ජනතාව ප්‍රායෝගිකව මේ කරන්නේ කවුරුන් දුන් ආදර්ශයද කියලා අපි නම් දන්නවා (නි)
එහෙනම් ඉතින් අපි නිවාඩුවට ලංකාවට එනකොට මහගෙදර වෙනුවට හෝටලයක් එතන තිබේවිද දන්නේ නැහැ (නි)
පිටරට උදවිය තම තමන්ගේ දේපල ප්‍රවේශම් කරගන්න. (නි)
ඔන්න පේනවා නේද හොරවැඩ වල තරම? (නි)
පිටරට ජීවත්වෙන,ලංකාවේ ඉඩකඩම් තිබෙන අය බොහොම ප්‍රවේශම් විය යුතු කාලයක් මේක. ලංකාවට ගිහිල්ලා බලනකොට තමුන්ගේ ඉඩමේ වෙන මිනිසුන් ගෙවලුත් හදලා. (නි)
පිටරට ඉන්න මිනිසුන්ගේ දේපොළ මංකොල්ලකන එක දැන් බොහොමයක් දෙනා කරන එකක්. කාට කියන්නද? (නි)
වෙන්දේසි ඉඩම් ගනිද්දී හොඳට හොයල බලල ගන්න. මොකද එකම ඉඩම හත් අට දෙනෙකුට විකුණලා අන්තිමට බලද්දී තමන්ගේ නමට ඔප්පුව ලියලද කියල කච්චේරියකට ගිහින් බලාගන්න. එහෙම උනොත් කාටවත් හොර බොරුවක් කරන්න බැහැ. (ස)
මහේස්ත්‍රාත්තුමාට මාගේ ප්‍රණාමය!වංචාකාරයින්ව ලෙහෙසියෙන් අතාරින්න එපා. දිය හැකි උපරිම දඩුවම් ලබාදෙන්න. මෙවැනි වැරදි කරන සමාජයේ ඉන්න අනෙක් අයටත් මෙය හොඳ පාඩමක් වේවි (නි)