වීදියෙන් කෙළවර නොවූ අරගලය
පසුගිය සතියේ මෙම ලිපියෙන් විකල්ප ප්රතිපත්ති කේන්ද්රයේ 2026 සමීක්ෂණ ප්රතිඵල පදනම් කරගෙන, ආර්ථික අපහසුතා පවතින අතර, ජනාධිපතිවරයාගේ කාර්යසාධනය පිළිබඳ සියයට 75.5ක ජනතා තෘප්තියක් වාර්තා වන්නේ කෙසේදැයි විමසා බැලුවෙමු. එහිදී ජනතාව වත්මන් ආර්ථික තත්වය පමණක් නොව, අර්බුදයේ ඓතිහාසික වගකීම, පාලනයේ ක්රියාකාරිත්වය සහ රට ගමන් කරන දිශාවද වෙන්කර තක්සේරු කරන බව පෙන්වා දුන්නෙමු.