විස පාන්පිටි ගනේවල්පොළින් අල්ලයි කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත් බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 29 March 2024
මන්ත්‍රී, අමාත්‍ය ලේකම්වරියගේ කට කපනවා කියලා රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම්වරියක අද (29) පැමිණිල්ලක් කළ බව පේරාදෙණිය පොලිසිය පවසයි. 29 March 2024
දන්න දේ දැන ගන්න මෛත්‍රි උසාවි කැඳවයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (28) නියම කළාය. 28 March 2024
ඥානසාර හිමි වසර හතරක් හිරගෙට ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ගලගොඩඅත්ත් ඥානසාර හිමිට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්සයක දඩයක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද නියම කළේය. 28 March 2024
පාසල් සිසුහු සිව් දෙනෙක් මා ඔයට බිලි පොල්ගහවෙළ යාංගල්මෝදර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. 27 March 2024
බතික්හල හිමිකරුගෙන් සරසවි සිසුවියට අමුතු මෝස්තරයක් මෝස්තර නිරූපණය සම්බන්ධයෙන් උපාධියක් හදාරන 23 හැවිරිදි සරසවි සිසුවියක උපාධියට අවශ්‍ය පුහුණුවක් ලබාගැනීම සඳහා බතික් කර්මාන්ත ශාලාවකට හිමිකරුවූ 80 හැවිරිදි අයකු ගේ ඉල්ලීම මත ඇය ඔහුට බත් කටක් කවා ඇති අවස්ථාවේ අතවරයට ලක් කරන ලදැයි කියන සිද්ධියකින් පසුව බත් පත දමා දිව ගොස් පෙම්වතා සමග පැමිණ පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පිළියන්දල පොලිසිය සදහන් කරයි. 27 March 2024
අපේක්ෂා රෝහලට එන ළමා රෝගීන්ගේ අපෙක්ෂා බංග වෙලා මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා (රේඩියෝ තෙරපි) ප්‍රතිකාරය ලබා දීම සඳහා අත්‍යාවශ්‍ය වන විකිරණ යන්ත්‍ර 5 න් එක් යන්ත්‍රයක් දීර්ඝ කාලයක සිට යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ක්‍රියා විරහිත වීම නිසා රෝගීන් 500 දෙනකුට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 26 March 2024
රුසියාව ත්රස්තයන්ට ’හොඳටම සලකලා’ රුසියානු රඟහලට පහර දී පලා යමින් සිටි අයි.එස්. ඉස්ලාමීය ත්රස්තවාදීන් සිවුදෙනා, රුසියන් ආරක්ෂක අංශ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉතාමත් කුරිරු ආකාරයට වධ බන්ධනයන්ට ලක් කිරීමෙන් යැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. 26 March 2024
අවුරුදු නැකැත් සීට්ටුවේ ගැටළුව විසඳයි විවිධ මතිමතාන්තර වලට නොරැවටී රාජ්‍ය නැකැත් කමිටුව සකස් කරන ලද නැකැත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. 25 March 2024
සුපිරි අවන්හල් 12 ක් උසාවියෙන් වහයි ඇමරිකාවේ සුප්‍රකට පිසු ආහාර ජාලයක් වන ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට පවත්වාගෙන යන අවන්හල් 12ක කටයුතු පවත්වාගෙන යෑම වළකාලමින් කොළඹ වාණජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය. 24 March 2024
සී අයි ඩී ය හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් ගන්න යයි පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනාවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (25) පෙරවරු 10.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත. 24 March 2024
’’පාස්කු බෝම්බකරුවන් මා දන්නවා’’ පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පැවසීය. 22 March 2024
ඇමැති - සභාපති ගැටුම දුර යයි-සභාපති ගෙදර යයි රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාගේ මරණීය තර්ජන හේතුවෙන් තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනපතිවරයාට ලිපියකින් දන්වා සී-නෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 22 March 2024
‘ආණ්ඩුවේ වැඩ සීයයට 85ක් අනුමත කරන්නේ නෑ‘ වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය මෙරට ජනතාවගෙන් සියයට 85 අනුමත නොකරන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශයට පත් කළ රට හිතන හැටි නවතම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. 21 March 2024
ඇමැති බිරිය අධිකරණ නියෝගයක් කඩලා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාල අධිකරණයේ පෙනී සිටින ලෙසට මීට පෙර දුන් නියෝගයක් කඩ කළ බව කියන කැබිනට් අමාත්‍යවරයකුගේ බිරියට ලබන 22 අධිකරණයේ පෙනී සිටින්නැයි තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා නියෝග කළේය. 21 March 2024
මහා බැංකුවේ පඩි වැඩිවීම නවතියි පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහා බැංකුවට අද නිර්දේශ කළේය. 20 March 2024
ලංකාදීපය 18 වැනි වරටත් කිරුළ පළදියි ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 18 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී. 19 March 2024
කතරගම ප්‍රධාන කපුවාට දේවල භුමිය තහනම් රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතකු ජූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති කපු මහත්වරු දෙදෙනාගේ ‘කපු ධූරය’ අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ඊයේ (18) පියවර ගත්තේය. 19 March 2024
හරක් කටාගෙන් සන්තෝසම් ගත් සීඅයිඩී ලොක්කකු ගැන පරීක්ෂණයක් කුප්‍රකට පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා හා සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු, සහකාර පොලිස් අධිකාරිවරයකු සහ විශ්‍රාමික ප්‍රබල පොලිස් නිලධාරියකු සහ තවත් පොලිස් නිලධාරීන් 19 දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය (SIU) සහ ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. 19 March 2024
මැතිවරණය ගැන ජනපති රහසක් කියයි කලින් පවත්වන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද (18) දැනුම් දුන්නේය. 18 March 2024
නුපුහුණු සේවකයින් නිසා අනතුරක් සිදුවුණැයි පෞද්ගලික රෝහලකට නඩු නුපුහුණු සේවකයින් සේවයේ යොදා ගැනීම හේතූවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණී රෝගීයකුට අනතුරක් වු බවට චෝදනා කරමින් කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට සහ එම රෝහලේ සේවය කළ විකිරණ ශිල්පියකුට සහ හෙදියකට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත. 18 March 2024
පාතාලයට හොර පාස්පෝට් හැදූවැයි ලොක්කෝ දෙකක් මාට්ටු පාතාලයට හොර පාස්පෝට් හැදුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙක් සහ හිටපු පාලකවරයෙක් අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 17 March 2024
කොළඹ වරායේ බහාලුම් 600ක් හිර වෙලා රේගු ත්‍යාග අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ මහා භාණ්ඩාගාරය අතර තිබූ ආරවුල නැවත වරක් ආරම්භ වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් කොළඹ වරායේ බහාලුම් 600කට අධික ප්‍රමාණයක් පෙරේදා(16) හිරවී තිබිණ. 17 March 2024
‘‘ලෙජන්ට්‘‘ කුසලානයට බලපෑම් කළ ඉන්දීය ක්‍රිකට් ලොක්කෝ 2ක් නවතා ගනී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ’’ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024’’ තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනකුට රටින් පිටවීම වළකාලමින් තහනම් නියෝගයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා නිකුත් කළේය. 15 March 2024
කෙහෙළිය මහධිකරණයට යයි බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ රඳවා සිටින තමාට ඇප නියම කරන්නැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මහාධිකරණයට ඇප ඉල්ලුම් පත්‍රයක් අද ඉදිරිපත් කළේය. 15 March 2024
කෙහෙළිය ඇතුළු පිරිස නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් ප්‍රමිතියෙන් තොර බෙහෙත් ආනයනය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඇතුළු පිරිස නඩු විභාගය අවසන් වන තෙක් සැකකරුවන් රිමාන්ඩ් බාරයේ තැබීමට මලිගාකන්ද මහේස්ත්‍රාත් අද නියෝග කළේය. 14 March 2024
තාත්තා දුව සහ පුතාගේ ගෙල කපා මරලා කල්මුණේ මරදමුණේ පෙරියනීලවනියේ පියකු තම 29 හැවිරිදි පුතාගේ සහ 15 හැවිරිදි දැරියගේ බෙල්ලා කපා මරා දමා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 14 March 2024
මහ බැංකුවේ තටු කපන්න යයි ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතාට අද(13) බාර දුන්නේය. 13 March 2024
උසාවි යන ගමන් නිල ඇඳුමෙන් ‘ස්පා‘ ගිහින් අංක එකේ නිල ඇඳුමින් සැරසී මහාධිකරණයට යන අතරවාරයේදී සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු යක්කල පොලිස් පොලිස් ස්ථානය වෙත රැගෙන විත් නිල ඇඳුම පොලිස් භාරයට ගෙන ප්‍රකාශ ලබාගෙන මුදා හැර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 13 March 2024
මල්වතුහිරිපිටිය හිමිට වෙඩි තැබූ වෙඩික්කරු වෙඩි වැදී මරුට ගම්පහ මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ සිටි 45 හැවිරිදි හිමි නමක වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ මධ්‍යම රාත්‍රියේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මියගොස් ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි. 12 March 2024
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026