‘‘සජබ රජයකින් 22 අහෝසි කරනවා‘‘ සමගි ජන බලවේග රජයක් යටතේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 24 September 2026
විසි දෙක විවාදය ඇරඹෙයි විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කෙරිණි 24 September 2026
‘‘අසාධාරණ ලෙස භාණ්ඩ ගෙනා සමාගම් බදු ගෙවන්න පටන් අරන්‘‘ ව්‍යාජ සමාගම් පිහිටුවා කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත පිටරට පැටවූ ජාවාරම්කරුවන් සමග එක්ව රේගුවට හොර රහසේ අඩු වටිනාකම් යොදා භාණ්ඩ ආනයනය කර රටට බදු ආදායම් අහිමි කළ ප්‍රසිද්ධ සමාගම් 21 හඳුනාගෙන ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා පැවසීය. 24 September 2026
පාස්කු විත්තිකරුවනට වසර 220ක සිරදඬුවම් ආගම් අතර අන්තවාදී, ජාතිවාදී හෝ එදිරිවාදී හැගීම් ඇති කිරීමේ කුමන්ත්‍රණයකට අනුව පාස්කු ඉරිදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරුණ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අහිංසක පුරවැසියන් 250කට අධික පිරිසක් මරමුවට පත් කර තවත් විශාල පිරිසකට බරපතල තුවාල කිරීම සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් වරදි කරුවන් කළ මවුලවිවරුන් ඇතුළු 15 දෙනෙකුට වසර 220 බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවමක් කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩු 22 September 2026
පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූ මවුලවිවරුන් විසිහතරෙන් පහළොවක් වැරදිකරුවන් ආගම් අතර අන්තවාදී” ජාතිවාදී හෝ එදිරිවාදී හැගීම් ඇති කිරීමේ කුමන්ත්‍රණයකට අනුව පාස්කු ඉරිදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරුණ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අහිංසක පුරවැසියන් 250කට අධික පිරිසක් මරමුවට පත් කර තවත් විශාල පිරිසකට බරපතල තුවාල කිරීම සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනාගෙන් විත්තිකරුවන් 15 දෙනෙකු අදාළ චෝදනාවන්ට වරදකරුවන් බවට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තිරණය 22 September 2026
විසිදෙකට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය 22 September 2026
පළාත් ඡන්දය කෑලි කැඩෙයි ? රටේ සියලුම පළාත් සභා එකවර පැවැත්වීම වෙනුවට උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය මුලින්ම පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය. 22 September 2026
නාමල්ගේ සෙත් පින්කමට මාතර බෝධි පරිශ්‍රය නෑ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ අරමුණෙන් මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අබියස පැවැත්වීමට සූදානම් කර තිබූ බෝධි පූජා පින්කමකට එම පරිශ්‍රය ලබා දිය නොහැකි බවට මාතර බෝධි ආරක්ෂක සභාව දැනුම් දීමත් සමග එහි සංවිධායකයන්ට වෙනත් ස්ථානයක් සොයා ගැනීමට සිදු විය. 21 September 2026
විසිදෙක අධිකරණ මතය කතානායකට විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ලබා දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 21 September 2026
දිස්ත්‍රික්ක නවයකට නාය අවදානම් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 43 කට නායයෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 20 පස්වරුවේ නිකුත් කළේය. 21 September 2026
‘‘ලබන අයවැයෙන් බදු අඩු කරනවා‘‘ එළඹෙන අයවැය ලේඛනයෙන් යම් බදු ප්‍රමාණයක් නිදහස් කරන්නට බලාපොරොත්තු වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අකුරැස්සේදී පැවසීය. 20 September 2026
හොර ලේඛන සැකසීමට අනුන්ගේ ගුවන් ගමන් බලපත් 48ක් සමග ආගමන විගමන හිටපු ක.ක.ස මාට්ටු කූට ලේඛන සැකසීම සඳහා අන් සතු ගුවන් ගමන් බලපත්‍ර 48 ක් සන්තකයේ තබා ගෙන සිටි බව කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු කාර්යාල කාර්ය සහායකයකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය සඳහන්කරයි. 20 September 2026
මා ඔයේ දිය නාන්න ගිය දෙකක් මරුට:දෙකක් අතුරුදන් බඩල්ගම මස් සැකසුම් ආයතනයක සේවයේ නියුතු තරුණියන් තිදෙනකු හා තරුණයකු කාබන් කර්මාන්ත ශාලාව පිටුපස මා ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේ තරුණයකු සහ තරුණියක දියේ ගිලී මියගොස් ඇති අතර තවත් තරුණියන් දෙදෙනකු ගසාගෙන ගොස් අතුරුහන්ව ඇතැයි බඩල්ගම පොලිසිය කියයි. 19 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ සිදු විය. 18 September 2026
දුම්රිය ටිකට් ඔන්ලයින් ක්‍රමයට දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ මිල දී ගැනීමට පහසුකම් සලසා ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 17 September 2026
නිලධාරීහු 360ක් හොර සහතිකයෙන් සමෘද්ධියට රිංගලා : 77 ක් දොට්ට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කීපදෙනෙකු ඇතුළු විවිධ තරාතිරම්වල නිලධාරීන් 360 දෙනෙකු එම තනතුරු ලබාගෙන ඇත්තේ ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීමෙන් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 17 September 2026
දුම්රිය ටිකට් නෑ : නිවේදනත් නෑ මගීන් නනත්තාරයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති 26ක් ආරම්භ කළ වැඩවර්ජන හේතුවෙන් දුම්රිය ගමන් වාර කීපයක් අවලංගු කර ඇති අතර දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ද අත්හිටුවා තිබේ. 17 September 2026
වර්ජනය මැද්දේ කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි දුම්රිය සේවකයන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48 වර්ජනයක් ක්‍රියාත්මක කළ ද අද පෙරවරු කාලයේ සියලුම මාර්ග වල කාර්යාල දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය වූ බව කාර්යාල සේවකයෝ පවසති. 17 September 2026
පැය 48 දුම්රිය වර්ජනය අද මැදියන් රැයේ සිට අරඹයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති 26 ක් එකතුව ක්‍රියාත්මක කරන දෙදින වැඩවර්ජනය අද (16) මාධ්‍යම රාත්‍රී සිට ආරම්භ කරන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු, දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි. 16 September 2026
රුමේෂ්ගේ හෙල්ලවලට අලාභය ගෙවන්න තුර්කි ගුවන් සමාගම තීරණය කරයි ලෝක මලල ක්‍රීඩා අවසාන ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනූ රුමේෂ් තරංග ක්‍රීඩකයාගේ හෙල්ල පහට ගුවන් යානයේ දී සිදු වූ අලාභය කඩිනමින් ප්‍රතිපූරණය කිරීමට තුර්කි ගුවන් සේවය තීරණය කර ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි. 16 September 2026
ශිරන්ති සිංගප්පූරුව බලා පිටත් වේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය. 16 September 2026
දෙහිවල දෙදරු ඝාතනයේ බෝම්බකරු ත්‍රීරෝද රථ රියැදුරා මාට්ටු අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දෙහිවල සිරිසඟබෝ මාවතේ නිවෙසක නිදා සිටි දරුවන් දෙදෙනකු මරා දැමූ සිද්ධියේ අත් බෝම්බය එල්ල කළ ප්‍රධාන සැකකරු සහ ත්‍රී රෝද රථය පදවාගෙන පැමිණි පුද්ගලයා විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. 15 September 2026
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ්ගේ හෙලි පහම ගුවන් යානයේදී දෙකට කැඩිලා තමන් වෙනදා කටුනායක ගුවන් තොටුපොළට එන්නේ ඉතාම සතුටින් වුවත් , අද කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණියේ ඉතා කනගාටුවෙන් බව හංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවති අල්ටිමේට් හෙල්ල විසි කිරීමේ ශූරතා තරගාවලිය ජයග්‍රහණය කර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ලෝක හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය. 15 September 2026
නාමල් ගුවන් යානා නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස නම් කරයි: 16 අධිකරණයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරු වශයෙන් නම් කර පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 16 වැනි දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නිමිතය. 14 September 2026
බල්ලන් ලියාපදිංචිය අනිවාර්යයි : නොකළොත් 2,000ක දඩයක් සෑම සුනඛයෙකුම අදාළ පළාත් පාලන ආයතනයේ වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරෙන පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ගැසට් කර අුැත 13 September 2026
22 අධිකරණ මතය 22 වැනි දා මැතිසබයට විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයා ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 13 September 2026
අණ නොතැකූ වෑන් රියකට පොලිසියෙන් වෙඩි පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් පසුපස වැලිවේරියේ සිට පන්නා ගොස් ගම්පහ , අස්ගිරිය ප්‍රදේශයේදී වෙඩි තබා අල්ලා ගත් බව පොලීසිය සදහන් කරයි. 13 September 2026
එයාර් බස් ගනු දෙනුවේ ප්‍රධාන සැකකරු නාමල්? ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් ලක්ෂ 20 අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කරන ලෙස නීතීපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට උපදෙස් දී ඇත. 12 September 2026
සංවිධානාත්මක අපරාධකල්ලි ගිනි අවිය පසෙකලා බෝම්බ අතට ගනි දෙහිවල සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයත් සමගම මෙම වසරේ මේ දක්වා බෝම්බ ප්‍රහාර පහක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. 12 September 2026
දෙහිවල නිවෙසකට බෝම්බ ප්‍රහාරයක්:දරු දෙනෙක් මරුට දෙහිවල සිරිසඟබෝ පෙදෙස නිවසකට අද අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් කුඩා දරුවන් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී එෆ් යු වුට්ලර් මහතා පැවසීය. 11 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026