අලුත් මුදල් ඇමැති පැය 24 න් ඉල්ලා අස්වෙයි මුදල් අමාත්‍ය ලෙස දිවුරුම් දුන් නීතිඥ අලි සබ්රි මහතා ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 05 April 2022
ආණ්ඩුවේ 42ක් ස්වාධීන වෙයි ආණ්ඩුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනකු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත. 05 April 2022
ඇවන්ඩ්ගාඩ් ලොක්කා රට යයි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීවරයෙකු පැවසීය . 05 April 2022
ඥානක්කාගේ නිවස වටලති අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට අද (04) රාත්‍රියේ විරෝධතා කරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇති විය. 05 April 2022
නව අමාත්‍යවරු සිවුදෙනෙක් දිවුරුම් දෙති නව අමාත්‍යවරු සිවුදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (04) දහවල් දිවුරුම් දුන්හ. 04 April 2022
මහබැංකු අධිපති ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් අද (04) පෙරවරුවේ ඉල්ලා අස්විය. 04 April 2022
දුම්රිය නැතිව මගීහු අතරමං වෙති ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සංඛ්‍යාවෙන් සියයට 50 ක් පමණ ධාවනය වන බව සාමාන්‍ය අධිකාරි ගාමිණී සෙනවිරත්න මහතා ලංකාදීපයට පැවැසීය. 04 April 2022
මත ගැටුම් මැද කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙයි රට තුළ මතුව ඇති අර්බුදය හමුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. 03 April 2022
නාමල් අමාත්‍ය තනතුරු අත්හරියි ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඔහු දැරූ සියළු තනතුරුවලින් ඉවත්ව ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 03 April 2022
අගමැති ඉල්ලා අස්වන කතාව බොරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර ගිය වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය ලේකම් රෝහාන් වැලිවිට මහතා පවසයි. 03 April 2022
’’භාරකාර ආණ්ඩුවක් නැත්නම් අපි ආණ්ඩුවෙන් යනවා’’ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනය කිරීමට පියවර ගත යුතු බවත්, එසේ නොකළොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත. 03 April 2022
පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයි විපක්ෂ සන්ධානය පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළ විශ්වාසභංගය සම්බන්ධයෙන් ඡන්ද විමසුම අද (3) පැවැත්වීමට නියමිතව තිබුණත්, පාර්ලිමේන්තු කතා නායක අසාද් කයිසර් ඊට විරෝධය දක්වමින් විශ්වාසභංගය අවලංගු කළේය. 03 April 2022
පොදු ස්ථාන තහනම් කරමින් ගැසට්ටුවක් පොදු ස්ථාන අද (2) පස්වරු 6.00 සිට 4 වැනිදා පෙරවරු 6.00 දක්වා තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 03 April 2022
අද සවස 06.00 සිට සඳුදා උදේ 06.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය අද (02දා) සවස 06.00 සිට සඳුදා (04දා) උදෑසන 06.00 දක්වා පැය 36 ක කාලයක් රට පුරා ඇඳිරි නීතිය පනවා තිබේ. 02 April 2022
මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ රට තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 02 April 2022
බස්නාහිර පළාතට ඇදිරි නීතිය පැනවේ බස්නාහිර පළාතට අද (01) මධ්‍යම රාත්‍රී 12 සිට හෙට (02) අලුයම 06 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ. 01 April 2022
යුක්රේනයෙන් රුසියාවේ තෙල් ගබඩාවට ප්‍රහාර යුක්රේන හමුදාවට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දෙකක් රුසියානු දේශ සීමාවට ඇතුළු වී, රුසියාවේ බෙල්ගොරොඩ් පළාතේ බොර තෙල් ගබඩාවකට ප්‍රහාර එල්ල කර ඇතැයි එම පළාතේ ආණ්ඩුකාර ගොල්ඩ්කොව් පවසයි. 01 April 2022
මිරිහානේ සිද්ධියට අත්අඩංගුවට ගත් පිරිස 54 දක්වා ඉහළට මිරිහාන ඇඹුල්දෙණිය ජනපති නිවෙස ඉදිරිපිට පැවැති විරෝධතාවක් අතර තුර බස් රථ සහ වාහන රැසකට පහර දී ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය 01 April 2022
මිරිහානේ විරෝධතාකරුවෝ බසයකට ගිනි තබති ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් යුද හමුදා බසයකට හා තවත් වාහන කීපයකට ගිනි තබා ඇතැයි තහවුරු නොවු පුවත් වාර්තා කරයි. 31 March 2022
ජනපති නිවෙස අසල මහා විරෝධතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස පිහිටි නුගේගොඩ මිරිහාන පිවිසුම් මාර්ගය අසලට අද (31) පස්වරුවේ රැස් වූ දහස් සංඛ්‍යාත ජනකායක් ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් කළහ. 31 March 2022
මන්ත්‍රී ප්‍රේමලාල් නිදොස් කොට නිදහස් පුද්ගල ඝාතන සිද්ධියකට අදාළව මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් (චොකා මල්ලි) ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරනය අද (31)නියෝග කළේය. 31 March 2022
පොහොර ඉල්ලා මන්ත්‍රී ප්‍රමිතගෙන් කෘෂි ඇමතිට ලිපියක් යල කන්නයේ වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය යූරියා ඇතුළු රසායනික පොහොර හිඟයකින් තොරව සාධාරණ මිලකට ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කෘෂිකර්මය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත . 30 March 2022
හිටපු ජනපතිට නිවෙසක් දීමේ කැබිනට් තීරණයට අතුරු තහනමක් කොළඹ පැජට් පාරේ නිවෙසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් අද නිකුත් කෙළේය. 29 March 2022
රුසියාවේ කොන්දේසියකට යුක්රේනය එකඟයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියාව විසින් යුද්ධය නතර කිරීම සඳහා ඉදිරිපත් කළ කොන්දේසි හයෙන් ප්‍රධාන කොන්දේසියක් වූ යුක්රේනය කිසිම සංවිධානයකට හෝ රාජ්‍යයකට පක්ෂ පාති නොවූ ස්වාධීන රාජ්‍යයක් විය යුතුයි යන කොන්දේසිය සලකා බැලීමට සුදානම් බව රුසියානු නිදහස් පුවත් සේවයකට විනාඩි 90 ක සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබේ. 28 March 2022
බීමත්ව රිය පැදවූ නුවරඑළිය වෛද්‍ය ලොක්කා අල්ලයි නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්යක්ෂවරයා බීමත්ව රිය පැදවීමේ චෝදනාවට තලවකැලේ පොලිසියේ නිලධාරීන් අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 27 March 2022
පසුපෙළ මන්ත්‍රීවරු අතර යළි මත ගැටුම් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තුළ යළිත් වරක් මත ගැටුමක් හට ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 27 March 2022
කෝවිඩ් ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපාලා ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව ප්‍රකාශයට පත් කළේය. කෝවිඩ් වසංගතය ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති අතර සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම අඩු වීම හේතුවෙන් විදේශ විනිමය අහිමි වීම සහ එවකට අත්‍යවශ්‍ය වූ දැඩි අගුළු දැමීම් කිහිපයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වඩාත් සංකීරණ තත්ත්වයට පත්ව ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. 26 March 2022
අයි.ඕ.සී තෙල් මිල යළි ඉහළට ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රල් මිල අද රාත්‍රීයේ සිට රුපියල් 49/-කින් යළිත් වරක් ඉහළ දමා ඇත. 25 March 2022
පැය 10ක විදුලි කැපිල්ල සිදු නොවීමට ඉඩ විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන ඉදිරි සති දෙක තුළ ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟතාව පළකර ඇති නිසා පැය 10 ක් විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොවනු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 25 March 2022
පැය 10 ක අඳුරට හුරු වෙමු ? විදුලි කප්පාදුව ඉදිරි දිනවලදී පැය 10 ක් දක්වා දීර්ඝ වියහැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 March 2022
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026