ඉංජිනේරු සේවා සම්පාදන සමාගමක් වන ලු‍මිනෙක්ස් පීඑල්සී සමාගම ඕමානයේ පවත්වාගෙන ගිය සිය පරිපාලිත සමාගමක් වන Luminex International LLC සමාගමේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පවසයි.

ඊයේ (21) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් සමාගම මේ බව පවසා තිබේ. අදාළ සමාගමේ ව්‍යාපාරික මෙහෙයුම්, මූල්‍යමය තත්වය සහ එහි අනාගත වාණිජමය ඉදිරිය පිළිබඳව අවධානය යොමු කරමින් අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ. 

විශේෂයෙන්ම දැනට මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් සහ අස්ථාවරත්වය හේතුවෙන් ඕමාන රාජ්‍යය තුළ පවතින අයහපත් ආර්ථික සහ ව්‍යාපාරික තත්වය මෙම තීරණය සඳහා සලකා බැලූ බව සමාගම පවසයි.