සම්පත් බැංකුව පසුගිය 20 වැනිදා කොළඹ කොටස් හුවමාරුවේ විවෘත කළ රුපියල් බිලියන 10 ක් වටිනා ණයකර නිකුතුව වෙත අධිදායකත්වයක් හිමි වූ බව එම බැංකුව පවසයි.
මෙහිදී අදියර 2, ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිත නොවූ, උප ප්රධාන, පිරිමුදවා ගත හැකි ලෙස මෙම නිකුතුව සිදු කෙරිණි.
එහිදී එම ණයකර වසර පහකින් සහ හතකින් කල් පිරෙන බවත් බැංකුව සඳහන් කර තිබුණි. මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 70ක් නිකුත් කළ අතර, ඊට හිමි වූ අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 30ක් නිකුත් විය.
ඒ අනුව මෙම එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 10කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd