ධීවර ඇමති අමරවීර වගකීම් රැසක් රාජ්‍ය ඇමතිට පවරයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විෂය සහ කාර්යය රැසක වගකීම විශේෂ ගැසට් පත්‍රයකින් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාට පවරා ඇත. 27 March 2017
බුලත්කොහුපිටියේ විපතට පත්වූවෝ වසරක් පුරා තැනින් තැන බුලත්කොහුපිටිය ප්‍රදේශයේ කළුපහන වත්තේ දී ඉකුත් වසරේ සිදුවූ නායයාමෙන් විපතට පත් පවුල්වලට කිසිදු සහනයක් මේ වන තුරු ලැබී නැතැයි ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කරයි. 27 March 2017
ඒකාබද්ධ විපක්ෂය ජනපතිගේ පැත්ත ගැනීමට සැරසෙයි ආණ්ඩුවේ පුපුරා යාමක් සිදුවන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතා සිටින පැත්තේ සිට ගත යුතු බවටත් සිරිසේන මහතාට සහය පළ කළ යුතු බවටත් තමන් යෝජනා කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. 27 March 2017
ශ්‍රී ලංකාවෙන් ගෙනගිය රත්තරන් කිලෝ 16 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට ශ්‍රී ලංකාවේ සිට රැගෙන ආ බවට සැක කෙරෙන රත්තරං කිලෝග්‍රෑම් 16.32 ක් ඉන්දියාවේ රාමනාතපුරම් හිදී ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශ විසින් ඉරිදා (26) රාත්‍රියේ දී අත්අඩංගුවට පත්ව තිබේ. 27 March 2017
අල්ලස් ඉල්ලු හිටපු පොලිස් ස්ථානාධිපතිට වරෙන්තු කූඨ ලේඛණ සකස්කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට නොගෙන සිටීමට නම් රුපියල් ලක්ෂ 80 ක් අල්ලස් වශයෙන් ඉල්ලු බව කියන නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය. 27 March 2017
‘අපරාධකරුවන් බිහිකරන සමාජ විශමතාව හඳුනාගත යුතුයි‘ - ජනපති දරුවන් විභාගවලින් විශිෂ්ට ලෙස සමත් වුවත් විනය අතින් පිරීහීමක් තිබෙන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (27) රත්නපුරයේ දී පැවසීය. 27 March 2017
කෝටි 2 ක් වටිනා හෙරොයින් කිලෝ එකහමාරක් අල්ලයි කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබු බව කියන රුපියල් කෝටි දෙකක් පමණ වටින හෙරෝයින් කිලෝ එක හමාරක් සමඟ ධීවරයකු යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී අද(27) අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව සුරාබදු කාර්යාලය කියයි.. 27 March 2017
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හෙට නිකුත් වෙයි 2016 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (28) නිකුත් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 27 March 2017
දුම්රිය රියැදුරු වර්ජනය අත්හිටුවයි වැටුප් විෂමතාවය ඉවත් කිරිම ඇතුළු ඉල්ලීිම් පහක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරිමට සිටි දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ලොකොමෝටිව් ඔපරේටිං ඉන්ජිනියස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. 27 March 2017
අධ්‍යාපනයේ ක්‍රීඩා අධ්‍යක්ෂක ඉවත් කරන්න අධිකරණයෙන් නියෝග අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්යක්ෂ ලෙස පත් කළ යුද හමුදා කර්නල්වරයා තාවකාලිකව එම ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 27 March 2017
නැ’හිර යුද හමුදා අණ දෙන නිලධාරි උතුරට මාරු කරයි නැගෙනහිර පළාත් යුද හමුදා අණදෙන නිලධාරි මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අද (27) සිට උතුරු පළාත් අණ දෙන නිලධාරි වශයෙන් ස්ථාන මාරු කර ඇත. 27 March 2017
කොටි කාලේ බෝම්බ නෙත්තිරිආරු ඇළෙන් මතුවෙයි එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් මුලතිව්,පුදුකුඩිරිප්පු නෙත්තිරිආරු ඇළෙහි සඟවා තිබූ අත්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් පෙරේදා (26) සවස සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 27 March 2017
බලපිටිය මහාධිකරණයේ ලේඛනාගාරයට හොරු පනිති බලපිටිය මහාධිකරණයේ ලේඛනාගාරයට ඉරිදා (26) රාත්‍රියේ කිසියම් අයකු සොරෙන් ඇතුළුවී ඇතැයි පොලිසිය කියයි. 27 March 2017
මේ වසරේ නව නීති රැසක් ගේනවා - අගමැති ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය නවීකරණය කිරීම සඳහා නව නීති රැසක් මේ වසරේදී හඳුන්වා දෙන බවත් ,ඒවා රට ඉදිරියට ගෙන යන ඒවා වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි. 26 March 2017
බස්නැවතුමත් ‘ස්මාර්ට්‘ මොඩියුලයට එයි ශ්‍රී ලංකාවේ පළමු ස්මාර්ට් බස් නැවතුම්පොළ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණි. කොළඹ නගර ශාලාව අසල (ටවුන් හෝල්) 138 බස් මාර්ගය ආවරණය වන නැවතුම්පොළට අනුබද්ධව මෙම බස්නැවතුම ඉදිකර ඇත. 26 March 2017
රාජකාරි නැති පොලිස් නිලධාරීන් 300 කට මාරුවීම් නිසි රාජකාරියකින් තොරව ඇමැති ආරක්ෂක අංශ සංචිතයේ (එම්.එස්.ඩී) සේවයේ නියුතු නිලධාරීන් 500 කින් 200 දෙනෙක් අප්‍රේල් 1වැනිදා සිට විවිධ පොලිස් ස්ථානවලට මාරු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා ඇත. 26 March 2017
වයසට යාම නවත්වන ඖෂධයක් වයස්ගත වීම වැළැක්වීම සඳහා නව පෙරළිකාර සොයාගැනීමක් කිරීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. නව ඖෂධය මඟින් හානි වූ ඩී.එන්.ඒ අණු ආශ්චර්යමත් ලෙස නැවත ප්‍රකෘතිමත් කෙරෙන අතර අඟහරු ග්‍රහයා වෙත යන නාසා අභ්‍යවකාශගාමීන් සූර්ය විකිරණවලින් ආරක්ෂා ගැනීමටත් මෙම නව ඖෂධයට හැකියාව ඇතැයි පැවැසේ. 26 March 2017
බැතිමතුන් තිදෙනාගේ මරණ පිළිබඳ තානාපති මට්ටමේ පරීක්ෂණ දඹදිව වන්දනාවේ නිරතව සිටියදී ලාංකික බැතිමතුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් තානාපති කාර්යාල මට්ටමින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 26 March 2017
‘කිසිදු රණවිරුවකු නීතිය හමුවට ගෙනෙන්නේ නෑ‘ - හිටපු ජනපතිනි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් කිසිදු රණවිරුවෙකු නීතිය හමුවට ගෙන විත් දඩුවම් නොකරන බවත් යුද්ධය මුවාවෙන් නිරපරාදේ දෙමළ ජනතාව මරා දැමූ අයට එරෙහිව කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යාපනයේදී පැවසුවාය. 26 March 2017
ගුවන් විදුලි බලපත්‍රය ඉල්ලා ජනපතිට සංදේශයක් විදුලි සංදේශ නියාමන කොමිසම මගින් දැනට බලපත්‍රය අත්හිටුවා ඇති වී.අයි.පී. (එෆ්. එම්) ගුවන් විදුලි සේවය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍රය ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කිරීම සඳහා අද (26) වේවැල්දෙණියේ දී සංදේශයක් අත්සන් කෙරිණි. 26 March 2017
ෆයිසර් මකීන් සදහටම සමුගනී සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුයුක්ත ජෙඩා පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ කොන්සියුලර් ලෙස සේවය කළ ෆයිසර් මකීන් මහතා සෙනසුරාදා (25) ජෙඩාහි කින්ග් ෆයිසාල් රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව තානාපති කාර්යාලය කියයි. 26 March 2017
‘රණවිරුවා ඇතුළේ, බෝම්බය ගෙනා කොටියා එළියේ‘ - හිටපු ජනපති ‘‘මරාගෙන මැරෙන කොටියා පුපුරාගන්න ඉස්සෙල්ලා මෙල්ලකොට අත්අඩංගුවට ගත්ත විරුවා අද (සිරගේ) ඇතුළේ. මරාගෙන මැරෙන බෝම්බය ගෙනා කොටියා එළියේ. කොටියා අල්ලලා දුන්නට හිරේට දමලා‘‘ යැයි ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැලිවේරිය කිරිකිත්තේදී පැවසීය. 26 March 2017
විමල්ගේ රුධිර සාම්පල පරීක්ෂාව පිටතින් රිමාන්ඩ් භාරයේ සිටින මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (26) පෙරවරුවේ බන්ධනාගාර රෝහලට ඇතුළු කරනු ලැබීමෙන් පසු ඔහුගේ තත්ත්වය පරීක්ෂා කළ වෛද්‍ය නිලධාරීන් වීරවංශ මහතාගේ ලේ සාම්පලයක් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇත. 26 March 2017
රත්නපුර මිනීමැරුම් නඩුවේ සාක්කි විභාගය හෙට සිට 2015 ජනපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්රචාරක රැළියකට කඩාවැද සැරසිලි කඩා දමා වෙඩි තබා පුදගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වත්මන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමු පළාත් සභාවේ වත්මන් මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි මීනීමැරුම් නඩුවේ සාක්කි විභාගය හෙට (27 වැනිදා) සිට ඉදිරියට රත්නපුර මහාධිකරණයේ දී පැවැත්වීමට නියමිතය. 26 March 2017
සාම්පල කූඨ ලෙස වෙනස් කරන ඖෂධ ගබඩාවක් අසුවෙයි ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් වෛද්‍යවරුන් හරහා රෝගින් වෙත නොමිලේ සපයන ඖෂධ සාම්පල කූඨ ලෙස වෙනස් කරමින් ඖෂධ ශාලාවලට විකුණන ඖෂධ ගබඩාවක් වටලා රුපියල් ලක්ෂ 6 කට ආසන්න ඖෂධ තොගයක් අත් අඩංගුවට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. 26 March 2017
ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් ලක්ෂ 25ක හානි මඩකලපුව කාත්තාන්කුඩි කොට්ඨාස 1ප්‍රධාන මාර්ගයේ ප්‍රසිද්ධ හාල් මෝලක වී තම්බන ගෑස් සිල්න්ඩරය පිපිරිමෙන් ගොඩනැගිලි බොහෝමයක් මුළුමනින්ම හානියට පත්වී ඇතැයි පොලිසිය කියයි. 26 March 2017
‘සම්බන්ධන්ලා දෙමළ සන්ධානයෙන් ඉවත් විය යුතුයි‘ - සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ප්රමුඛ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් විය යුතු යැයි එම සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය. 26 March 2017
මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 12ක් අත්අඩංගුවට ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 26 March 2017
විමල් වීරවංශ රෝහල් ගතකරයි බන්ධනාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හදිසියේ අසනීප වීම නිසා අද(26) උදෑසන රෝහල්ගත කළ බව වාර්තාවේ. වීරවංශ මහතා බන්ධනාගාර රෝහලට අැතුළත් කර ඇතැයි දැනගන්නට ඇත. 26 March 2017
සෞදි ගිය ලාංකිකයෝ 6 ක් අතුරුදන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හය දෙනකු සවුදි අරාබියේ දී අතුරුදන් වී ඇතැයි කියමින් ඔවුන්ගේ ඥාතීන් පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර තිබේ. අතුරුදන් වූවන් සොයා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ලේකම් නලීන් රාජපක්ෂ මහතා පැවසීය. 25 March 2017
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026