දුම්රිය වර්ජනය අවසන් කොළඹ දුම්රිය අංගන 5හි සේවයේ නියතු දුම්රිය ධාවනාගාර පයින්ටූකරුවන් සහ තාක්ෂණික ශිල්පීන් අද (11) පෙරවරුවේ සිට ක්රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කර තිබේ. 11 September 2023
නිවසකට පැන තියුණු ආයුධවලින් පහරදීලා යාපනය නිර්වේලි ප්රදේශයේ නිවසට කඩා වැදුණු පිරිසක් එම නිවසේ තරුණියකට ඇගේ මවට හා සොහොයුරාට තියුණ ආයුධ වලින් පහර දී තුවාල සිදුකර ඇති බව කෝපායි පොලිසිය පවසයි. 11 September 2023
ඇසිදිසි ජනමාධ්ය ශිෂ්යත්වයට දින දෙයි ජනමාධ්ය අමාත්යංශය ක්රියාත්මක කරන ‘ඇසිදිසි ජනමාධ්ය ශිෂ්යත්ව 2023’ සඳහා අයදුම්පත් ලබන ඔක්තෝබර් මස 11 වැනි දින හෝ ඊට පෙර යොමු කළ හැකි බව එම අමාත්යංශය නිවේදනය කරයි. 11 September 2023
දුම්රිය ධාවනාගාර සේවකයින් වර්ජනයක දිරිදීමනා නොගෙවීම හේතුවෙන් දුම්රිය ධාවනාගාර සේවකයින් අද (11) උදේ සිට රාජකාරි වලින් වැලකී වෘත්තීය ක්රියාමාර්ගයක් ආරම්භ කර ඇතැයි දුම්රිය කම්කරු එකතුවේ ප්රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පැවසීය. 11 September 2023
පෙම්වතාගේ පහර කෑ පෙම්වතිය මරුට එල්ලක්කල ප්රදේශයේ හෝටලයකදී ඉකුත් 2 දා පෙම්වතාගේ ප්රහාරයකට ලක්ව බරපතළ තුවාල ල බා වතුපිටිවල මූලික රෝහලේ සිහිසුන්ව අසාධ්ය තත්ත්වයෙන් ප්රතිකාර ලබමින් පසුවූ පෙම්වතිය මියගිය බව නිට්ටඹුව පොලිසිය පවසයි. 11 September 2023
කොළඹට කිරි කොළඹ හා අවට ප්රදේශවල නිවාස වලටම නැවුම් එළකිරි සැපයීමේ වැඩ පිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය අද (11) සිට ඇරැඹීය. 11 September 2023
සිංගප්පූරුවේදී බිරිඳ ඝාතනය කළ ලාංකික සැමියා අත්අඩංගුවට සිංගප්පූරුවේ කටොන්ග් පළාතේ, සංචාරක හෝටල් කාමරයක, සිය බිරිඳ ඝාතනය කළේ යැයි චෝදනා එල්ල වූ ශ්රීලාංකික තරුණයා අධිකරණය හමුවට ඉදිරිපත් කළ බව, එරට මාධ්ය වාර්තා කරයි. 11 September 2023
කන්ටේනර් 965ක් වරායේ හිරවෙලා විවිධ භාණ්ඩ ඇතුළත් කන්ටේනර 965ක් පරීක්ෂණ කටයුතු පමාවීම හේතුවෙන් වරාය පර්යන්තයේ සහ රේගු අංගනවල සිර වී ඇතැයි ක්රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ. 11 September 2023
කෘෂි නියෝජ්ය කොමසාරිස්වරුන්ට තිබූ බලයක් අත්හිටුවයි කුඹුරු ඉඩම් ලේඛනයේ සඳහන්ව නොමැති ඉඩම් කුඹුරු ඉඩමක් නොවන බවට සහතික කිරීම සඳහා කෘෂිකර්ම නියෝජ්ය කොමසාරිස්වරුන්ට ලබාදී තිබූ බලය කුරුණෑගල දිස්ත්රිකය ඇතුලත අත්හිටුවීමට කෘෂිකර්ම අමාත්යාංශය තීරණය කර තිබේ. 11 September 2023
යතුරු පැදියේ ගැටී අයෙක් මරුට හොරණ පාදුක්ක මාර්ගයේ කැබල්ලගොඩ ප්රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් බරපතළ තුවාල ලද පුද්ගලයෙක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 11 September 2023
සෝමපුර විදුහලට අලි පහර දෙති කන්තලේ අධ්යාපන කලාපයට අයත් සේරැනුවර කොට්ඨාසයේ පිහිටි සෝමපුර ආදර්ශ විද්යාලයට වල් අලි කඩා වැදී ප්රාථමික පංති පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිල්ලකට පහරදි හානි සිදුකර ඇතැයි සේරැ නුවර පොලිසිය කියයි. 11 September 2023
රාජ්ය නිලධාරීන් ගැන 1905 ට කියන්න දිස්ත්රික් සහ ප්රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ස්වදේශ කටයුතු රාජ්ය ආමාත්යාංශයට අයත් සෙසු සියලුම ආයතනවල සේවය කරන නිලධාරීන් කරන්නේ යැයි කියන අකටයුතුකම් 1905 යන කෙටි දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව රාජ්ය අමාත්ය අශෝක ප්රියන්ත මහතා පැවසීය. 11 September 2023
තැපැල් නිල වෙබ් අඩවියෙන් මුදල් වංචාවක් ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බවත් එම වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් නිර්මාණය කර වංචා ක්රියා සිදු කරන බවත් ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 11 September 2023
රුසියානුවාට පහරදී මුදල් කොල්ලකාලා හබරාදූව ,තල්පේ ප්රදේශයේ පිහිටි ආයතනයක් තුළ දී රුසියන් ජාතිකයෙකුට පහර දී තුවාල සිදු කළේ යැයි කියන රුසියන් ජාතිකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හබරාදුව පොලිසිය පරික්ෂණ පරීක්ෂණ පවත්වාගෙන යයි. 11 September 2023
මඩකලපුව ගැඹුරු මුහුදේ භූ කම්පනයක් මඩකලපුව වෙරළට කිලෝමීටර 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් වාර්තා වී ඇති බව භූ විද්යා හා පතල් කැණීම් කාර්යංශය පැවසීය. 11 September 2023
බසය ට්රාන්ස්ෆෝමරයේ ගැටෙයි අම්බලන්තොට නගරයේ විදුලි ට්රාන්ස්ෆෝමරයක පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මුළුමනින්ම විනාශයට පත්වී අම්බලන්තොට නගරය ඇතුළු අවට සිට විදුලිය විසන්ධි වී තිබේ. 11 September 2023
අදත් විටින් විට තද වැසි බස්නාහිර සබරගමු, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 11 September 2023
’’ආර්.එම්.වී’’ කෝටි 30 ක් වතුරේ යවලා මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන විවිධ දූෂණ වංචා සහ අක්රමිකතා හේතුවෙන් රුපියල් කෝටි තිහකට වැඩි බදු ආදායමක් අහිමිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 11 September 2023
පුලතිසි දුම්රියේ ගැටී කෙනෙරක මරුට කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ පුලතිසි දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් ඇති බව වැලි කන්ද වනජීවී නිලධාරීන් සඳහන් කරයි. 11 September 2023
ඉන්දියා - පාකිස්තානය තරගය හෙට නැවතත් ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේදී අද (10) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා රාත්රී 8.30 ට තරගය අත්හිටුවීය. 10 September 2023
මාස නවයට සංචාරකයෝ ලක්ෂ නවය පනිති මෙරටට මෙම වසරේ මේ දක්වා කාලය තුළ විදේශ සංචාරකයන් ලක්ෂ 9 කට අධික සංඛ්යාවක් පැමිණ ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 10 September 2023
කෙසෙල්වත්තේ ක්රීඩාංගනයකින් පුපුරණ ද්රව්ය මාලිගාවත්ත දී ව්යාපාරිකයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්භයක් සහ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් කෙසෙල්වත්ත මැද පාර්ක් ක්රීඩාංගනයේ වළදමා තිබියදී සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි . 10 September 2023
සරුංගල් අරින්න 15 ගෝල්ෆේස් එන්න විශේෂ අවශ්යතා සහිත දරුවන් වෙනුවෙන් සරුංගල් සැණකෙළියක් කොළඹ ගාලු මුවදොර පිටියේදී ලබන 15 වැනිදා සිකුරාදා උදෑසන 10.00 සිට සවස 3.00 දක්වා පැවැත්වීමට සිනර්ජි ඔෆ් හාර්ට් ඇන්ඩ් සෝල් (synergy of heart and soul) සංවිධානය කටයුතු යොදා ඇත. 10 September 2023
හිටපු හමුදා සෙබළුන්ගේ රට රැකියා සිහින බොඳ කරලා දෝහා කටාර් රාජ්යයයේ විදේශ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ එප්පාවල, එළියදිවුල්වැව ප්රදේශයේ පදිංචි පුද්ගලයකු විදේශ සේවා නියුක්ති කාර්යංශය අත්අඩංගුවට ගෙන ඇත. 10 September 2023
ජල විදුලි නිෂ්පාදනය සියයට 20 ක් දක්වා ඉහළට ජල විදුලි නිෂ්පාදනය සියයට 20 ක් දක්වා ඉහළ දැමූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා අද (10) පැවසීය. 10 September 2023
මඩකළපු සරසවියෙන් බඩු ඉස්සූ කෝප්රල් මාට්ටු මඩකලපුව වාලච්චේන පූනානි ප්රදේශයේ පිහිටා ඇති මඩකලපුව විශ්වවිද්යාලය හෙවත් ෂරියා විශ්වවිද්යාලය නමින් හඳුන්වන දැනට යුද හමුදාව භාරයේ ඇති එම විද්යාලයේ පරිගණක හයක් සහ සිවිලිං ලයිට් අසූවක් සොරකම් කර පලායමින් සිටියදී යුද හමුදා කෝප්රල්වරයකු සහ ත්රීරෝද රථ රියදුරකු අද (10) අලුයම, අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි. 10 September 2023
ගංජා සමඟ බන්ධනාගාර නියාමක දැලේ උඩුදුම්බර බන්ධනාගාර නියාමකවරයෙකු ගංජා සමග අත්අඩංගුවට ගත් බව පල්ලේකැලේ පොලිසිය පවසයි. 10 September 2023
ව්යාපාරික අඹුසැමි යුවළ ඝාතකයා වසර 10කට පසු අල්ලයි රත්නපුර කොටාමුල්ල ප්රදේශයේ අඹුසැමි යුවළක් ඝාතනය කළ සැකකරුවෙක් වසර දහයකට පසු රත්නපුර කොට්ඨාස අපරාධ ව්මර්ශණ ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබිය. 10 September 2023
ආසියානු කුසලාන ක්රිකට් ටිකට් 1000 ට බස්සයි ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගය හැර සෙසු සියලුම තරගවල ප්රවේශපත් මිල අඩු කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි. 10 September 2023
අත් විලංගු බෑගයේ සඟවාගෙන සිටි කත අත්අඩංගුවට ඇඹිලිපිටිය මොරකැටිය ප්රදේශයේ නිවසක් සෝදිසියට ලක් කිරීමේදී, අත් විලංගු ජෝඩුවක් අත් බෑගයක දමාගෙන සඟවාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි. 10 September 2023
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026