ඩොලර් ගේන්න ’’හෙල්ත් ටුවරිසම්’’ හඳුන්වා දෙයි ’හෙල්ත් ටුවරිසම්’ (Health Tourism) දියුණු කර රටට ඩොලර් ගෙනෙන වැඩසටහනක් ක්රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. 12 May 2023
නැගෙනහිර මුහුදට යන්න එපා අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නැගෙනහිර මුහුදු තීරයේ නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නිතර නොවන ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අතුල කරුණාරත්න මහතා අද (12) පැවසීය. 12 May 2023
රාජ්ය ආයතන නඩත්තු කළ මුදල් අධ්යාපනයට දුන්නා නම් ආසියාවේ අංක එක අපි ඉදිරි වසර 10 ඇතුලත අධ්යාපන ක්ෂේත්රය නවීකරණය කර දැනුමින් සන්නද්ධ හැකියාවෙන් පෝෂිත තරුණ පරපුරක් බිහිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. අධ්යාපනය නවීකරණය සඳහා කැබිනට් කමිටුවක් මේ වන විටත් පත් කර ඇති බව කී ජනාධිපතිවරයා කඩිනමින් නව ප්රතිසංස්කරණ සිදු කිරීමට කටයුතු කරන බව ද ප්රකාශ කළේය. 12 May 2023
රට කිරිපිටි මිල අඩු වෙයි ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනික් සමාගම් එකඟතාව පළකළ බවත් එම සහනය මේ මස 15 වැනිදා සිට ජනතාවට ලරබෙනු් ඇති බවත් වෙළෙඳ අමාත්යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 12 May 2023
බැංකු පනත විවාදයට නොගත් රහස පාඨලී හෙළි කරයි ශ්රී ලංකා මහ බැංකු පනත විවාදයට නොගත්තේ විපක්ෂයේ ඉල්ලීමක් නිසා නොව මහ බැංකු පනත අනුමත වුණා නම් ලංකාවේ ණය සීමාව වැඩි කර ගත නොහැකි නිසා බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 May 2023
වාරියපෙළ වළකින් සිරුරු දෙකක් මතු වේ වාරියපොල මිණුවන්ගැටේ වල්පාළුව ප්රදේශයේ දිය පිරුණු වළක තිබී අද (12) දහවල් තරණයන් දෙදෙනකු ගේ මළසිරුරු හමුවී ඇතැයි වාරියපොල පොලිසිය කියයි. 12 May 2023
ගම්පොළ තරුණිය මරා දමලා? ගම්පොළ ප්රදේශයෙන් අතුරුදහන් වූ තරුණිය ඝාතනය කර ඇති බවට එම ප්රදේශයෙන් අත්අඩංගුවට ගත් තරුණයකගෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි. 12 May 2023
සමෘද්ධියේ සතපහකට අත තියන්නේ නෑ රජය සමෘද්ධියේ ඉතුරුම් මුදල්වලට කිසිසේත්ම අත නොතියන බව මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. 12 May 2023
රෝගී වූ බස් රියැදුරා බේරාගත් මෙහෙයුම පදික මාරුව අසල නැවතූ බස් රථයක රියදුරකු දැඩි අපහසුවෙන් පෙළෙන අයුරු දුටු බණ්ඩාරගම ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රී රොෂාන් රාජිත මහතා සහ තවත් පුද්ගලයකු එක්ව වහා ක්රියාත්මකව රියදුරු රෝහල්ගත කිරීම නිසා ඔහුගේ දිවි බේරුණු බව බණ්ඩාරගම රෝහල් ප්රකාශකයෙක් කීය. 12 May 2023
අන්තර් පළාත් බස් නැවතුම් නීතිය 15 සිට ක්රියාත්මකයි අන්තර් පළාත් බස් රථ නිෂ්චිත නැවතුම් පොළ නියමු ව්යාපෘතිය මේ මස 15 වැනිදා සිට ආරම්භ වන බවත් එම ව්යාපෘතිය කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගයේ පළමුවෙන්ම ක්රියාත්මක කරන බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අද (12) පැවසීය. 12 May 2023
දිනයක් සහ වේලාවක් නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා විදේශ ගමන්බලපත්රය ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරනොගත් කිසිවෙක් එම දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් දිනයක් සහ වේලාවක් වෙන්කරගත් සහ හදිසියේ විදේශ ගමන්බලපත්රය අවශ්ය යැයි ලේඛණ ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්ට පමණක් එම දෙපාර්තමේනතුවට පැමිණිය හැකි බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (12) පැවසීය. 12 May 2023
ලක්ෂ 15 ක ‘අයිස්‘සමඟ2ක් දැලේ බොරලැස්ගමුව පැපිලියාන හන්දියේ මාර්ග බාදකය කදී ත්රිරෝද රථයක් නවතා සිදුකළ පරීක්ෂාවේදී රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනා අයිස් මත්ද්රව්ය තොගයක් හා ජාවාරමෙන් උපයා ගත් මුදල් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි. 12 May 2023
’’මං තනියම, පුලුවන්නම් වරෙව්’’ කාලකණ්නි අරගලකරුවන්ට උදවු කරපු එවුන්ටත් හෙන ගහන බව ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 May 2023
‘‘රජයේ සේවකයන් ගන්න පඩියට වැඩ නෑ‘‘ ලක්ෂ 17ක් වන රාජ්ය සේවක සේවිකාවන් නඩත්තු කිරීම සඳහා අවුරුද්දකට වැය කරන රුපියල් ට්රිලියන 1.4 ක මුදලට සාපේක්ෂව ඔවුන්ගෙන් රටට-ජනතාවට සැබෑ ප්රතිලාභයක් ලැබෙනවා ද යන්න පිළිබඳව සිතිය යුතු යැයි කොළඹ දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක මහතා පැවසීය. 12 May 2023
ප්රවාහන වෛද්ය ආයතනය ඩිජිටල්කරණය කරයි ප්රවාහන වෛද්ය ආයතනයේ සියලුම කටයුතු ඩිජිටල්කරණය කර රජයට වසරකට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් (රුපියල් මිලියන 23 ක්) ඉතිරි කරදීමට සැළසුම් කර ඇති බවත් වෛද්ය ආයතනයේ පරිගණක පද්ධතිය මේ වන විටත් සියලුම දිස්ත්රික් කාර්යාල සමඟ ජාලගතකර ඇති බවත් ප්රවාහන වෛද්ය ආයතනයේ සභාපති දර්ශන අබේරත්න මහතා පැවසීය. 12 May 2023
පවුල් ලක්ෂ තුනක අස්වැසුම දත්ත අස්ථානගත වුනාද? අස්වැසුම සුබ සාධක ප්රතිලාභ ලබා ලබාදීම සඳහා රැස් කරන ලද පවුල් ලක්ෂ තුනක පමණ දත්ත අස්ථානගත වී තිබෙන බවට ආරංචි ලැබී තිබෙන්නේ යැයි ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. 12 May 2023
කෝටි ලක්ෂයේ ණය යෝජනාවට මැතිසබේ අනුමැතිය භාණ්ඩාගාර බිල්පත්වලින් දේශීය වශයෙන් රුපියල් කෝටි 100000 ක ණය මුදලක් ගැනීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (12) සම්මත විය. 12 May 2023
රුමේනියා රැකියා පෙන්වා වංචා කළ කත දැලේ පුද්ගලයන් රැකියා සඳහා විදේශගත කිරීමට බලපත් නොමැතිව රුමේනියාවේ රැකියා දෙන බවට මුදල් වංචා කළ කාන්තාවක් දෙහිවල” කළුබෝවිල ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් ඇය නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් විදේශ සේවා නියුක්කි කාර්යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 12 May 2023
මසට එළුවන් රැගෙන ගිය අයෙක් මාට්ටු මසුන් ප්රවාහනය කරන ලොරියකින් මස් පිණිස යාපනය සිට ගල්කිස්සට එළුවන් 54 දෙනකු රැගෙනයමින් සිටි පුද්ගලයකු අද (12) අලුයම වවුනියාව තාණ්ඩිකුලම ප්රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 12 May 2023
9700 කට කොරියා වාසනාව නැතිවෙලා කොරියාවේ පුහුණු වෙල්ඩින් ශිල්පීන් 10,000කට ආසන්න ප්රමාණයකට ඉල්ලුම තිබුණද වෘත්තීය පුහුණු අධිකාරිය මෙරටින් යවා ඇත්තේ 300 කට ආසන්න ප්රමාණයක් පමණක් බව පොදු ව්යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය. 12 May 2023
ලක්ෂ තුනක පාවහන් අතුරුදන්: සොරා සොයා විමර්ශන අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි පන්සලක කුලී කාමරයක් තුළ ගබඩා කර තිබූ ලක්ෂ තුනකට ආසන්න පාවහන් තොගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි. 12 May 2023
ජනතාව දුප්පත් කළේ පොහොට්ටුවයි ශ්රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය කාලයේ උවමනාවෙන්ම ජනතාව දුප්පත් කර තිබෙන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්රික් මන්ත්රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 May 2023
කළුතර සිසුවිය මියයාමේ සිද්ධියේ ප්රධාන සැකකරු රිමාන්ඩ් කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල ප්රධාන සැකකරු ලබන මැයි 26 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්රධාන මහේස්ත්රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය අද (12) නියෝග කලාය. 12 May 2023
වියට්නාම් දූත පිරිසක් ලංකාවට වියට්නාම් බෞද්ධ හිමිවරු ඇතුළු දූත පිරිසක් සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා ඇතුළු අමාත්යාංශ නිලධාරිහු පිරිසක් අතර හමුවක් අමාත්යාංශ පරිශ්රයේදී පැවැත්විණි. 12 May 2023
ඇහැලියගොඩ කිතුල් රා රටවල් හතරකට යයි ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්යාපෘතිය යටතේ එහි නිෂ්පාදන රටවල් හතරකට මේ වනවිට අපනයනය කිරීම මගින් මාසිකව විශාල විදේශ විනිමය ප්රමාණයක් ඉපයීමට හැකිවී ඇතැයි කෘෂිකර්ම අමාත්යාංශයේ SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂි ව්යාපාර සහභාගීත්ව වැඩ සටහනේ අධ්යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය කීවාය. 12 May 2023
මුදල් කාරක සභාව ගැන සජිත් ප්රශ්න කරයි සභාපති නොමැති මුදල් කාරක සභාවකින් වාර්තා ඉදිරිපත් කරන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්රශ්න කළේය. 12 May 2023
නාමල්ගෙන් චෝදනාවක් නිලධාරීන් පාර්ලිමේන්තු කමිටු වලට දිගට හරහට කැඳවීමෙන් ඒ අය රාජකාරි ආයතනවල වැඩ කරන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්රශ්න කළේය. 12 May 2023
දියළුම ඇල්ලේ රැයක් තනිවූ පෙම්වතුනට අලි ගහයි:තරුණිය මරුට තරුණයා රෝහලට කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි යුවළකට අද( 12) අලුයම එල්ල වූ වන අලි ප්රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද කොස්ලන්ද පොලීසිය කියයි. 12 May 2023
ඉංගිරියේ නිවෙසක කතක හිටිහැටියේ මිය ගිහින් නිවසක තනිව සිටි 25 හැවිරිදි විවාහක කතත හිටිහැටියේ මියගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි. 12 May 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026