සිංහරාජ රක්ෂිතයේ වැව් දෙකක් හදන්න යයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට පිරිසිඳු ජලය ලබාදීම සඳහා සිංහරාජ රක්ෂිතය තුළ වැව් දෙකක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය. 22 March 2021
පරිසරය හානි කරන එකම පුද්ගලයා බවට සමාජ මාධ්‍ය මට ඇඟිල්ල දිගු කරනවා-ජනපති පරිසරය විනාශ කරන හා පරිසරයට හානි කරන එකම පුද්ගලයා තමා බවට සමාජ මාධ්‍ය අද වන විට හදුන්වා දෙන බවත් විලාසිතාවක් වශයෙන් පරිසරය ගැන අදහස් පළ නොකොට ඒ සම්බන්ධයෙන් තම වගකීම් ඉටු කරන්නැයි එසේ කතා කරන උදවියගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා පැවැසීය. 22 March 2021
බීමතින් අනතුරක් කොට පළා ගිය අධිකරණ රෙජිස්ට්‍රාර් රිමාන්ඩ් බීමතින් රිය පදවා මහමඟ ගමන් කළ පුද්ගලයින් දෙදෙනකු අනතුරට ලක් කොට පළා ගියැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන බදුල්ල මහෙස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා හමුවට ඉදිරිපත් කළ බදුල්ල දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ලබන 25 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කෙරිණි. 22 March 2021
පාස්කු කොමිෂන් වාර්තාවේ නිර්දේශ සලකා බැලීම හෙට-අනිද්දා පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සලකා බැලීම සදහ පත් කෙරුණු අමාත්‍ය කමිටුව එහි සභාපති චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට ( 23) සහ අනිද්දා ( 24) රැස්වීමට නියමිතය. 22 March 2021
ගම්මන්පිලගේ නඩුවක් අප්‍රේල් 30 විභාගයට ව්‍යාජ අත්සනක් යොදා සකස් කළ ඇටෝර්නි බලපත්‍ර මගින් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව නඩුවේ වැඩිදුර විභාග අපේ‍්‍රල් 30 වැනිදා කැඳවන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා නියම කළේය. 22 March 2021
පස්සර අනතුරින් මව මරුට-දරු දෙදෙනා රෝහලට පස්සර බඩල්කුඹුර මාර්ගයේ තොළබෝවත්ත ප්‍රදේශයේදී අද (22) සවස සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇගේ දරුවන් දෙදෙනා බරපතල තුවාළ ලබා රොහල් ගත කළ බව පොලීසිය කියයි. 22 March 2021
විරෝධතාවක් නිසා කොටුවේ වාහන තදබදයක් න විනාශයට එරෙහිව කොළඹ කොටුවේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් කොටුවේ සහ පිටකොටුවේ මාර්ග රැසක වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි. 22 March 2021
පැය පහක ප්‍රකාශයකින් පසු රාජිත-චතුර පිටව යති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න පැය පහකට ආසන්න කාලයක ප්‍රකාශක් ලබාදීමෙන් පසු කෙළෙඹ අපරාධ කොට්ඨාසයෙන් පිටව ගියහ. 22 March 2021
ස.ජ.බ මන්ත්‍රීවරු නාරාහේන්පිට ආර්ථිකයට යති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළෙඳපොළේ බඩුමිල ගැන සොයා බැලීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු නාරාහෙන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානය මධ්‍යස්ථානයේ අද (22) දින නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. 22 March 2021
බඹර ප්‍රහාරයෙන් සිසුහු 35ක් රෝහලට කුලියාපිටිය ඇස්සැද්දුම සුභාරතී විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන් 35 දෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි. 22 March 2021
ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙනාවට විරෝධය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි ගෙනා යෝජනාවලට විරෝධය දක්වමින් සයින්දමරදු නැගෙනහිර ජනතාව ශ්‍රී ලංකාවේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට අද (22) නිහඩ විරෝධතාවක් පැවැත්වූහ. 22 March 2021
ජල සම්පාදනයෙන් රතු එළියක් ජල සම්පාදන මණ්ඩලයේ සේවකයනට වසර තුනකට වරක් ලබාදෙන වැටුප් වර්ධකය ලබා නොදීමට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය කියයි. 22 March 2021
ජාතියේ පියාගේ ගුණ සැමරේ නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ 69 වැනි ගුණානුස්මරණ උත්සවය මීරිගම ඓතිහාසික බෝතලේ වලව්ව ඉදිරිපිට සේනානායක සමාධිය අසලදී අභිමානවත් අයුරින් අද පැවැත්විණි. 22 March 2021
කාදිනල් තුමෝ තද තීරණයක පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ කොමිෂන් සභාව විසින් නම් කර ඇති අය එම ප්‍රහාරයට දෙවරසක් සම්පූර්ණ වන ලබන මස 21 වැනිදාට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් නොවුවහොත් රට පුරා දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 22 March 2021
සුනාමියක් වගේ ජල කඳක් ඇවිත් අප සිටි ජිප් රථය ගසාගෙන ගියා-රාජ්‍ය ඇමැති ශෂේන්ද්‍ර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක් මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී එකවර ජල පහරකට අසුව ගසා ගෙන ගොස් ඇතැයි මැදගම පොලිසිය කියයි. 22 March 2021
රන්ජන්ගේ මෝසම ඉවතට අධිකරණයට අපහාසය කළැයි තමාට පැනවූ වසර 4 සිරදඩුවම සම්බන්ධයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යළි සලකා බලන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ගොනු කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. 22 March 2021
‘‘සෝෆා‘‘ ගිවිසුම අත්සන් කරන්න රජය තීරණයක් ගෙන නෑ-නීතිපති ඇමෙරිකා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක් ඇතිකර ගැනීමට ගෙන තිබූ තීරණය අවලංගුකර ඇති බව ඇමෙරිකා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම් මණ්ඩලය ද ප්‍රකාශයට පත්කර ඇති බවත් , ඇමෙරිකා හමුදා ස්ථානගත කිරීම්වලට අදාළ ’’සෝෆා’’ ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන් ද රජය තීරණයක් ගෙන නැතැයි නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 22 March 2021
තෙල් පිරිපහදුවට කොරෝනා ආ හැටි සොයන්න කමිටුවක් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොරෝනා පොකුර ගැන සෙවීමට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබ සිටී. 22 March 2021
රාජිත - චතුර අපරාධ කොට්ඨාසයට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ හිටපු මන්ත්‍රී චතුර සේනාරත්න යන මහත්වරු ප්‍රකාශක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට මීට සුළු වේලාවකට පෙර පැමිණියහ. 22 March 2021
කොස්තාපල්ට පිහියෙන් ඇන්න සැකකරු අල්ලයි කිරුළපන නාගස්වත්ත පාරෙදි පොලිස් කොස්තාපල්වරයෙකුට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකර පලාගිය සැකකරු මුගලන් පාරේ ඉදිකරමින් පවතින නිවෙසක් තුළ සැඟව සිටියදී ජීව අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි 22 March 2021
ජීනීවා ගැටේ හෙටට කල් යයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම හෙට (23) කල් තැබීමට එම කවුන්සිලය තීරණය කර ඇතැයි වන ජීනිවා තානාපති ආරංචි මාර්ග කියා සිටී. 22 March 2021
වරෙන්තුකරු අල්ලන්න ගිය කොස්තාපල්ට පිහි පහර කිරුලපන නාගස්වත්තේ දී වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය කිරුළපන පොලීසියේ කණ්ඩායමකට එම වරෙන්තුකරුවකු එල්ල කළ පිහි පහරකින් එක් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 22 March 2021
හෙදියන් දෙදෙනකු විකිරණ කාමරයක සිරකරලා මහරගම අපේක්ෂා රෝහලේ හෙදියන් දෙදෙනකු එහි විකිරණ කාමරයක සිර කර තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි විකිරණ ශිල්පියකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 22 March 2021
කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහානායක හිමියෝ අපවත් වෙති ගල්කිස්ස ශ්‍රී ධර්මපලාරාමාධිපති, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමියෝ අද (22) අලුයම අපවත් වී වදාළහ. 22 March 2021
අද දවසේ කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 March 2021
විකිරණ තාක්ෂණවේදිහු අකුරට වැඩ වෘත්තීය ගැටළු කීපයකට විසඳුම් ඉල්ලා රජයේ රෝහල් කීපයක විකිරණ විද්‍යා තාක්ෂණවේදීහු අද පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක නිරත වෙති. 22 March 2021
ඔන්ලයින් දුක මුත්තනුවෝ දෙදෙනෙක් ළමා ආරක්ෂක අධිකාරියට කියති ජංගම දුරකතන හා පරිගණක හරහා කෙරෙන ඔන්ලයින් අධ්‍යපනයෙන් තම මුනුපුරු මිනිපිරියන් පීඩාවට පත්ව සිටිතියි මුත්තනුවන් දෙදෙනකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇතැයි එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහත පවසයි. 21 March 2021
ඇල්පිටියේ විදුහල්පති යුවළකට කොරෝනා ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පති යුවළකට කොරෝනා ආසාදිත වී ඇති බවට අද (21)සවස තහවුරු වූ බව ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 21 March 2021
ඉන්දීය ප්‍රවීණයෝ ශූරතාව දිනති ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ ප්රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අද (21) රාත්‍රී සමත් විය. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට අනු ශූරතාව හිමිවිය. 21 March 2021
පස්සර අනතුරේ වරද කාගේදැයි සොයන්න කමිටුවක් පස්සර ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට මාර්ග සංවර්ධන අධිකාරියේ වරදක් හේතුවී ඇත්දැයි සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් ප්‍රේමසිරි මහතා පැවසීය. 21 March 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026