මැදියම් රැයේ සිට දුම්රිය නෑ දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් දුම්රිය ධාවනයෙන් අද මධ්‍යම රාත්‍රියේ ඉවත්වන බව දුම්රිය නියාමක සංගමයේ උප ලේකම් නිරෝෂන් හේරත් මහතා පවසයි. 17 March 2021
වන විනාශය හෙළි කළ දැරියට අත නොතබනු වනාන්තර විනාශය නතර කරන්නැයි ද සිංහරාජ වනාන්තරය ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬ නැගූ භාග්‍යා අබෙිරත්න දැරියට අනිසි බලපෑම් නොකරන්නැයිද ඉල්ලමින් ලක් වනිතා මවු වරුන්ගේ සංවිධානය අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනක් අද ඇරැඹීය. 17 March 2021
රාත්‍රී තැපැල් දුම්රිය නවතී කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ සියලු රාත්‍රී තැපැල් දුම්රය ධාවනය නොවූ බව දුම්රිය නියාමක සංගමය කියයි. 17 March 2021
අපේ වනගහණය සියයට 17 දක්වා පහතට යහ පාලන කාලයේ සියයට විස්සක් ලෙස තිබූ ශ්‍රී ලංකාවේ වනගහනය වත්මන් ආණ්ඩුව යටතේ 17%ක් දක්වා පහත බැස ඇතැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 17 March 2021
අසාද් සාලිගෙන් මාස තුනක් ප්‍රශ්න කරයි පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ජාතික සමගි පෙරමුණේ නායක සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලී මහතා මාස 3 රැඳවුම් නියෝග මත හරස් පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 17 March 2021
සීනි වංචාවට තවත් විමර්ශන සීනි බදු වංචාව සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙන වෙනම විමර්ශන අරඹා ඇත. 17 March 2021
කොරෝනා නසන්න ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එයි එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත ද මෙරටට ගෙන්වීමට අවධානය යොමු වී ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය හා කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය. 17 March 2021
බඳුම්කර චෝදනාවට රවී ඇතුළු පිරිස 23 දක්වා රිමාන්ඩ් ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය. 17 March 2021
රුපියල් තවත් පහළට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය අද (17) 201 සීමාව ඉක්මවා පහළ ගියේය. 17 March 2021
බැඳුම්කර නඩුවේ විත්තිකරුවනට ඇප දෙනවාද නැද්ද තීන්දුව 5ට බැඳුම්කර නඩුවේ විත්ත්කරුවන් වන රවි කරුණානායක ඇතුළු විත්තිකරුවනට ඇප දෙනවාද නැද්ද යන්න තීන්දුව අද සවස 5.00 ලබා දෙන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය. 17 March 2021
ශානිගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අධිකරණයට කියයි රිමාන්ඩ් භාරයේ පසුව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා මේ වන විට රෝගාබාධ කිහිපයකින්ම පෙලෙන බවත් , මේ හේතුවෙන් ඔහුගේ ජීවිතය දැඩි සෞඛ්‍ය අනතුරකට ලක්ව ඇතැයි ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විරාන් කොරයා මහතා අද (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 17 March 2021
ඊටිඅයි අධ්යක්ෂවරුන් අධිකරණයට මුදල් විශුද්ධීකරණ පනතට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබූ ඊටීඅයි සහ ස්වර්ණමහල් ජුවෙලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්යක්ෂවරුන් කොටුව මහෙස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි. 17 March 2021
නීතිපතිට නොතිසී රිමාන්ඩ් භාරයේ පසුව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන්නැයි ගොනු කළ ප්රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් කරුණ දැක්වීමට අප්‍රේල් 01 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය නීතිපතිට නොතීසි නිකුත් කළේය. 17 March 2021
දුම්රිය වර්ජනය තාවකාලිකව අවසන් ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් අද දහවල් 12ට ආරම්භ වූ දුම්රිය වැඩ වර්ජනය සවස 3.ට අවසන් කළ බව දුම්රිය රියැදුරු හා නියාමක සංගමය පවසයි. 17 March 2021
‘‘පූජිත-හේමසිරි සම්බන්ධ මූලික විමර්ශන අවසන්‘‘ පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සහ වගකීමෙන් බැහැරවීමෙන් සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදුකර ඊට අනුබල දී වරදක් සිදුකළැයි කියන සිද්ධියට අදාළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් සම්බන්ධ මූලික විමර්ශන අවසන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ සඳහන් කළේය. 17 March 2021
දුම්රිය රියැදුරෝ හදිසි වැඩ වැරුමක දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් හදිසි වැඩවර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. 17 March 2021
2020 අර්ථික 3.6 හැකිලෙයි කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ 2020 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගය 2019 වසරේ වාර්තා වූ සියයට 2.3ක වර්ධනය හා සසඳන විට සියයට 3.6ක සංකෝචනයක් පෙන්නුම් කරන බව 2020 වසර සඳහා වන ජාතික ගිණුම් ප්‍රකාශයට පත් කරමින් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 17 March 2021
අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පනවනවා - හමුදාපති ඉදිරියේ එළඹෙන උත්සව සමයේ දී අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පනවන බව කෝවිඩි - 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාවිත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්ව මහතා පවසයි. 17 March 2021
රෝහල අධිකාරි මාරුවට කාර්ය මණ්ඩලය විරෝධයේ මීරිගම මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ජයන්ත අබයරත්න මහතා හිටිහැටියේ මිනුවන්ගොඩ රෝහලට මාරු කිරීමට විරෝධය පල කරමින් මීරිගම මූලික රෝහලේ වෛද්‍යවරුන් හෙදහෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය විරෝධතාවයක නිරතවිය 17 March 2021
කල් බදු ලීසිං ණය ගෙවන්න සහනයක් ඉල්ලා රිට් පෙත්සමක් වාහන මිලදී ගැනීමට මූල්‍ය ආයතන ලබා ගත් කල් බදු ලීසිං ණය මුදල් ගෙවීමට ලබා දී ඇති ණය සහන කාල සීමාව තවත් වසරකින් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා සංචාරක රියදුරු එකමුතුව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 17 March 2021
ආබාධිත සෙබළකුට පහරදුන් ප්‍රා.මන්ත්‍රී අල්ලයි ආබාධිත රණවිරුවකුට අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි. 17 March 2021
කැලණි ගඟ දූෂ්‍ය කිරීමේ සමාජ විරෝධී වැඩ නවත්වනු කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ පාරිසරික වශයෙන් අවදානම් කර්මාන්ත ශාලා 17ක් පවතින බවට කැලණි ගඟේ ජල දූෂණය පිළිබඳ විශේෂ විගණන වාර්තාවෙන් තොරතුරු හෙළිදරව් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියට අනුව කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ ඒ සහ බී කාණ්ඩයට අයත් කර්මාන්ත ශාලා 294ක් තිබේ. 17 March 2021
කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාදයි ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.25ට කොළඹ කොටුව බලා ගමන් අරඹන කාර්යාල දුම්රිය ගනේගොඩ ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අද (17) උදෑසන එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය. 17 March 2021
අසාද් සාලිගේ මෝටර් රථයෙන් ගිනි අවියක්:උණ්ඩ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ උණ්ඩ කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 17 March 2021
කෝටි දෙකක කුඩු රාජගිරියෙන් අල්ලයි රුපියල් කෝටි දෙකකට අධික වටිනා කමින් යුත් හෙරොයින් මත් කුඩු තොගයක් සමඟ සැකකරුවකු රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 17 March 2021
මන්ත්‍රීවරු 200කට කෝවිඩ් - 19 එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 200කට අධික පිරිසක් කෝවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. 17 March 2021
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුම් අමාත්‍යංශයේ ව්‍යාපෘති 22ක් අතරමග විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුම් අමාත්‍යංශය පසුගිය රජය සමයේදී අධික පිරිවැයක් දරමින් ආරම්භ කළ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති 22 අතරමග නවතා දැමීම නිසා රුපියල් කෝටි 200 වැඩි මුදලක් පාඩු වී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. 17 March 2021
ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වැඩි කරන්න සාකච්ඡා එක්සත් අරාබි එමිර් රාජයේ සේවය කරන ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වැඩි කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපතිවරයා හරහා සාකච්ඡා ආරම්භ කරන බව කම්කරු අමාත්‍යංශය පවසයි. 16 March 2021
ජනාධිපති, අගමැති ඡායාරූප එකලස් කොට ව්‍යාජ නිර්මාණයක් කළ ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ඡායාරූප සමග පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ බෝම්බකරුවන්ගේ ඡායාරූප සමග එකලස් කොට ව්‍යාජ නිර්මාණයක් කර අන්තර්ජාලයට මුදා හැර ජාතීන් අතර වෛරී හැඟීම් ඇවිස්සූවැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මාතලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කර ඇත. 16 March 2021
‘‘ලුසී‘‘ නිදහස් කර ගන්න පා ගමනක් ශ්‍රී ලංකාවෙන් 1977 වසරේ ගෙනගොස් මේ වන විට කැනඩාවේ එඩ්මන්ටන් සත්වොද්‍යානයේ නිසි පහසුකම් නොමැතිව ජීවත්වන ලුසී නැමති ඇතින්න ස්වභාවික පරිසරයකට නිදහස් කරන්නැයි ඉල්ලා සංවිධානය කළ පා ගමනක් කොළඹ දී අද (16) පැවැත්විණි. 16 March 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026