කාත්තන්කුඩියේ සියලු පාසල් යළි විවෘත කරයි හුදකලාව හේතුවෙන් පසුගිය දින 45කට වැඩි කාලයක් වසාදමන ලද කාත්තන්කුඩි අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් අද(10) නව වාරය සඳහා විවෘත කර උගෙන්වීම් කටයුතු ආරම්භ කෙරිණි. 10 February 2021
පඬු කරඳ ගස පැවිදි කරයි මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී ඉවත් කිරීමේ තර්ජනයකට ලක්ව ඇති ශ්‍රී ලංකාවට ආවේණික ආරක්ෂිත ශාකයක් වන කෲඩියා සෙලනිකා හෙවත් පඬුකරද ගස ආරක්ෂා කිරීමේ අරමුණින් මහා සංඝරත්නය අද(10) එහි ගොස් සෙත් පිරිත් දේශනා කර චීවරයක් පළඳා පැවිදි කර සාංඝික දේපළක් බවට පත්කළහ. 10 February 2021
කොවිඩ් සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති කියයි කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 February 2021
නව පත්වීම් වලට පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය රජයේ අමාත්‍යාංශ 04ක ලේකම්වරුන්ගේ, නයිජීරියානු ෆෙඩරල් ජනරජයේ සහ සිෂෙල්ස් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ පත්වීම් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරනු ලැබූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි. 10 February 2021
අද කොරෝනා මරණ 5 යි : ආසාදිතයන් 975 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු අද (9 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 09 February 2021
වනජීවියේ ලේකම්ගෙන් දේවානිට දොස් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කෲඩියා සිලනිකා ශාඛය පිළිබඳව කටයුතු කිරීමේ දී ගම්පහ දිසා වන අඩවි නිලධාරිනී දේවානි ජයතිලක තම සීමාව ඉක්මවා කටයතු කරන බව පෙනී යන්නේ යැයි වනජීවී හා වනසම්පත් අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවැසීය. 09 February 2021
කුච්චවේලියෙන් කෝටි 34 ක පොලු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපාරිකයන්ට සහ විවිධ පුද්ගලයන්ට කටයුතු සඳහා දීර්ඝකාලීන බදු සහන මත ලබා දී ඉඩම්වලින් රජයට අය විය යුතු තිස් හතර කෝටි හැට ලක්ෂයක මුදල් ප්‍රමාණයක් ගෙවීම පැහැර හැර ඇතැයි ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අද (9) පැවැසීය. 09 February 2021
පාස්කු ප්‍රහාරය සම්බන්ධ රහස් පොලිසියේ විමර්ශන ප්‍රමාණවත් නැතිලු අන්තවාදී මුස්ලිම් කල්ලියක් විසින් කතෝලික දේවස්ථාන සහ සුපිරි හෝටල් ඉලක්ක කරගනිමින් පාස්තු ඉරුදින එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකළ විමර්ශන ප්‍රමාණවත් නොවන බව අවධාරණය කර නීතිපතිවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකොට තමාට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට අද (9) උපදෙස් ලබා දුන්නේය. 09 February 2021
රැම්සා තෙත් බිම් ගැන ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් ජාතික සහ ඓතිහාසික වැදගත්කමක් ඇති රැම්සා තෙත් බිම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් තලංගම වැව පරිශ්‍රයේදී ලබන 13 වැනිදා උදෑසන 10 සිට 12 දක්වා පැවැත්වේ. 09 February 2021
ජනපති විමර්ශන කොමිසන් වාර්තාවට සජබ නඩු මඟට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජනබලවේගය අද (9) තීරණය කරනු ලැබීය. 09 February 2021
බදුල්ල මහ නගර සභාව කොමසාරිස්වරයකු යටතට බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවා විශේෂ කොමසාරිස් පාලනයට ලක් කළ බව ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පැවසීය. 09 February 2021
ගම්පහ නගරයේ කොටසක් වහයි ගම්පහ නගරයේ පොදු වෙළඳ පොළ ආශ්‍රිතව දින තුනක් තුළ කොවිඩ්-19 ආසාදිතයින් 58 දෙනෙකු හමුවීම මත පවතින අවදානම සලකා නගරයේ කොටසක් සහ එම කොටසෙහි සියලුම වෙළඳසල් සහ ආයතන නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ. 09 February 2021
රජීව් කපූර් දිවිරඟමඩලින් සමුගනී බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළි පවුලක් වන කපූර් පවුලේ සාමාජිකයකු වන නළු රජිව් කපූර් අද (9) අභාවප්‍රාප්ත විය. 09 February 2021
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් විමල්ට විරෝධය ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (09) උදේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසකගේ දැඩි විරෝධයක් එල්ල වූ බව වාර්තා වේ. 09 February 2021
කුරුන්දිමලෙයි විහාර භූමියෙන් පැරණි ස්ථූපයක කොටසක් මතුකරගනී මුලතිව් කුරුඳුමලෙයි නොහොත් කුරුන්දිමලෙයි පුරාවිද්‍යා භූමියේ සිදු කරන ලද කැණීම් වලින් මේ වන විට අනුරාධපුර යුගයේ පළමු සහ දෙවන සියවස්වලට අයත් පුරාණ ස්තූපයක කොටසක් සහ කොත් කැරැල්ල (යූප ගල) මතු කරගෙන ඇති බවට කැණීම් බාර පුරාවිද්‍යා නිලධාරීන් පවසති. 09 February 2021
ඉන්දියාවේ අඬෝවැඩියාව ගැන රජයේ අවධානය යාපනය අර්ධද්වීපයෙන් පිටත දූපත් වල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට ටෙන්ඩරයක් ප්රදානය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කර ඇති ඉන්දියාවේ ගැටළු පිළිබඳව ශ්‍රී ලංකා රජයද සැලකිල්ල යොමුකර තිබේ. 09 February 2021
ඇමෙරිකාව නැවතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ නැවත සම්බන්ධ වන බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. 09 February 2021
‘කෘෘඩියා සෙලනිකා රැකගන්න අධිවේගී මග වෙනස් කරන්න බැරිද?’ කෘෘඩියා සෙලනිකා වැනි විශාල මුල් පද්ධතියක් සහිත විශාල ගසක් වෙනත් තැනක සිටුවීම දැඩි අවධානම් සහගත ක්‍රියාවක් බවත්, වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා එම තීරණය ගත්තේ ස්ථාන පරීක්ෂණයකින්දැයි විමසා බැලිය යුතු බවත් වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් එම්. කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ගම්පහ දාරළුව දී අද(9) පැවසීය. 09 February 2021
කුණු අල කිලෝ 26,000ක් ගබඩාවක සුද්ධ කරන්න තිබියදී අල්ලයි පකිස්තානයේ ගෙන්වා තිබූ, මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල කිලෝ 26,000 ක් දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ ගබඩාවක තිබී දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද(9) සිය බාරයට ගෙන තිබේ. 09 February 2021
පුංචි ලෝකාන්තයෙන් වැටුණු සැලසුම් ශිල්පියාගේ සිරුර හමුවෙයි මඩොල්සිම කොකාගල පුංචි ලෝකාන්තයෙන් ප්‍රපාතයට වැටී අතුරුදන් වූ බව කියන පුද්ගලයා තුන් දින මෙහෙයුමකින් පසු අද (9) දින යුද හමුදා විශේෂ කාර්ය බළකා නිළධාරීන් කඹ ආධාරයෙන් ලෝකාන්තයෙන් පහළට බැස සිදු කළ මෙහෙයුමකින් පසු සිරුර හමුවු බව පොලිසිය කියයි. 09 February 2021
බස්නාහිර පාසල් 412 ක් 15දා ඇරඹෙයි බස්නාහිර පළාතේ පාසල් 492 න් පාසල් 412 ක් පෙබරවාරි 15 වැනිදා නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. 09 February 2021
චීන දුම්රිය මැදිරි වලින් ඩිස්ක් බ්රේක් ඉවතට චීනයෙන් ආනයනය කරන ලද දුම්රිය මැදිරිවල තිබූ රෝදවල සම්බන්ධක දණ්ඩට (ඇක්සලයට) සවිකර තිබූ තිරිංග (‘ඩිස්ක් බ්රේක්’) ඉවත් කර ඒ වෙනුවට මැදිරියේ රෝද වලට සෘජුවම තෙරපුම ඇති කරන තිරිංග පද්ධති (බ්රේක් ලයිනර්) සවිකිරීමට තීරණය කර තිබේ. 09 February 2021
මත් වැරදි විමර්ශන තෙමසක් තුළ අවසන් කර උදෘත එවන්නැයි පොලිස්පතිට උපදෙස් බරපතල ගණයේ අපරාධ හා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අපරාධවල විමර්ශන කටයුතු මාස 3ක් ඇතුළත අවසන් කර නීතීපතිවරයාට උධෘත එවීමට දිවයිනේ සියලු පොලිස්ථානවල ස්ථානාධිපතිවරුන්ට හා විශේෂ විමර්ශන ඒකකවල ස්ථානාධිපතිවරුන්ට නියම කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත. 09 February 2021
පාස්කු ප්‍රහාර කොමිසමේ සාක්ෂිකරුට පහර දීලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති කොමිසමේ සාක්ෂිකරුවෙකු වන රිෂාම් මරූෂ් මහතාට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේදී පහර දී තිබේ. 09 February 2021
වැලන්ටයින් සාදවලට පොලිසියෙන් රතු එළියක් පෙබරවාරි 14 දිනට යෙදෙන ආදරවන්තයන්ගේ දිනය සමරමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැතිව සාද පැවැත්වීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 09 February 2021
මුදල් පිළිබඳ කාරක සභාවට මන්ත්‍රී කාවින්ද ජයවර්ධන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. 09 February 2021
පීසීආර් යන්ත්‍ර නැතිව ජෛව සාම්පල 800ක් බදුලු රෝහලේ ගොඩගැසෙයි ඌව පළාතේ කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක පුද්ගලයින්ගෙන් ලබාගත් ජෛව සාම්පල නියදි 800ක් පමණ බදුල්ල මහා රෝහලේ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ ගොඩගැසී ඇතැයි බදුල්ල වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ශාන්ත ගමගෙදර මහතා පැවසීය. 09 February 2021
විග්නේෂ්වරන් ඉන්දියාවේ මැදිහත්වීමෙන් උතුරට ජනමත විචාරණයක් ඉල්ලයි ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් තිරසාර දේශපාලන විසඳුමක් ලබාගැනීමට නම් ජාත්‍යන්තර මැදිහත්වීම මත උතුරු නැගෙනහිර පළාත්වල ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් ඒ සඳහා ඉන්දියාව මුලිකත්වය ගෙන කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. 09 February 2021
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වදාකඩ නවරත්න කලුරිය කරයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, ලේඛකයකු කවියකු සහ ගත් කතුවරයකුද වූ වදාකඩ නවරත්න මහතා ඊයේ (8) අභාවප්‍රාප්ත විය. 09 February 2021
එන්නත් ගැන කියන කටකතා විශ්වාස කරනු එපා ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන කොරෝනා එන්නත පිළිබඳව අනියත බියක් හෝ සැකයක් හෝ තබාගැනීම අනවශ්‍ය බවත් ඉන්දියාවෙන් දුන් එන්නත ආරක්ෂාකාරී බවට ජාත්‍යන්තරයෙන් පිළිගැනීමක් දී තිබෙන බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 09 February 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026