වැල්ලවාය අධිකරණයේ කටයුතු තාවකාලිකව නවත්වයි වැල්ලවාය දිසා හා මහේස්ත්‍රාත් උසාවියට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පොලිස් සැරයන්වරයෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බව අනාවරණය වීමෙන් පසු අද (04) සිට අධිකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. 04 November 2020
බොරැල්ල පොලීසියේ තවත් 41 දෙනෙකුට කොරෝනා බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 51 දෙනකුට කළ පීසී ආර් පරීක්ෂණ වලින් නිලධාරීන් 41 දෙනකු කොරෝනා අසාදිතයින් වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ. 04 November 2020
නානුඔය දුම්රිය ඉංජිනේරු කාර්යාලය වහයි නානුඔය දුම්රිය ඉංජිනේරු කාර් යාලයේ ඉංජිනේරුවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ඇසුරු කිරීම හේතුවෙන් එම කාර් යාලය අද (04) සිට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇතැයි නානුඔය පොලීසිය පවසයි. 04 November 2020
වසා දැමූ කහවත්තේ මාදම්පේ වෙළඳසැල් විවෘත කරයි කොරෝනා වසංගත තත්ත්වය නිසා දින දහයක් පමණ වසා දමා තිබූ කහවත්ත මාදම්පේ නගරයේ වෙළෙදසැල් සෞඛ්‍ය ආරක්ෂිත පියවර ගැණිමෙන් පසු අද (4) සිට විවෘත කරනු ලැබිය. 04 November 2020
ජෝ බයිඩන් ඉදිරියෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව මැතිවරණ ගණ (ඡන්ද සමූහ) 209 ක බලය තහවුරු කරගැනීමට හිටපු උප ජනාධිපති සහ ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සමත්ව ඇත. 04 November 2020
පාකිස්තානු සිරකරුවන් 43දෙනෙකු කටුනායකින් පිටුවහල් කෙරේ ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය චෝදනා වලට වැරදිකරුවන් වී සිටි පාකිස්තානු ජාතික සිරකරුවන් 43 දෙනෙකු එරට රජයේ ඉල්ලීමක් මත , අද(04) අලුයම පාකිස්තානු විශේෂ ගුවන් යානයකින් ඉස්ලාමාබාද් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටුවහල් කළ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරියා පැවසීය. 04 November 2020
දියලුම ඇල්ල දෙපසින් මාර්ගයට ගල් පෙරළෙයි ධාරානිපාත වර්ෂාවත් සමඟ දියලුම ඇල්ලේ දෙපස කන්දේ විශාල ගල් කිහිපයක් මාර්ගය මත වැටීමෙන් අද (4 )අලුයම සිට පැය කිහිපයක් එම මාර්ගය අවහිර වූ බව කොස්ලන්ද පොලීසිය කියයි. 04 November 2020
විශේෂ කාර්ය බළකා කඳවුරු තුනක් හුදකලා කරයි කලුබෝවිල, රාජගිරිය සහ කැලණිය යන විශේෂකාර්ය බළකා කඳවුරු හුඳකලා කර ඇතැයි කොවිඩ් 19 පැතිරවීම වළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනය පවසයි. 03 November 2020
අද දිනයට කොරෝනා ආසාදියන් 409 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (03) පස්වරු 10.00 වනවිට එක් වූ ආසාදිතයන් 137 දෙනා සමගින් අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 409 ක් දක්වා ඉහළ ගියේය. 03 November 2020
මිනුවන්ගොඩ කොරෝනා අවදානමින් ඉවතට මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මේ වන විට කොවිඩ් අවධානම් කලාපයෙන් බැහැරවී ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය කුමාරි ජයසූරිය මහත්මිය පැවසුවාය. 03 November 2020
දකුණු ඉන්දියාවේ සුළඟින් ලංකාවේ වායු දූෂණය වැඩි වෙලා ඉන්දියාව දෙසින් එන දූෂිත වායු ධාරා රටට ඇතුළුවීම හේතුවෙන් රට පුරා වායු දූෂණ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු ගුණ මැනීමේ මධ්‍යස්ථානය පවසයි. 03 November 2020
පන්නල ග්‍රාමසේවා වසම් හයක් හුදකලා කරයි පන්නල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් අහඹු ලෙස තෝරාගත් පිරිසකගේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලට අනුව පුද්ගලයන් පස්දෙනෙකු ආසාදිතයන් ලෙස තහවුරුවීමත් සමග ඔවුන් පදිංචි ග්‍රාමසේවා වසම් 06 ක් සහ කුඩා ප්‍රදේශ 05 ක් අද (03) සවස හුදකලා කළ බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි. 03 November 2020
කොරෝනා රෝගීන් සොයා යන ජංගම පී.සී.ආර්. රථ සේවයක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිත රෝගීන් සොයා ගොස් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම සදහා ජංගම රථ සේවයක් ක්‍රියාත්මක කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය. 03 November 2020
සමෘද්ධිලාභීන්ට දීමනාව සමඟ රුපියල් 500ක මාළු සමාද්ධිලාභින්ට මෙවර සමෘද්ධි දීමනාව ලබාදීමේදී එම දීමනාව තුළ රුපියල් 500ක වටිනාකමකින් මාළු ලබාදීමට රජය තීරණය කර තිබේ. 03 November 2020
තීරණ ගැනීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට කොවිඩ්-19 වසංගතය රට පුරා ව්‍යාප්ත වීම පාලනය කරමින් තම තමන්ගේ දිස්ත්‍රික්ක ආරක්ෂා කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගැනීමේ සහ ආර්ථික මට්ටම හා ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය තින්දු තීරණ ගැනීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට පවරා තිබේ. 03 November 2020
රේගුවේ ඇති වාහන පොලිසිය ඉල්ලයි රාජසන්තක කර රේගුව භාරයේ ඇති වාහන පොලිසියට ලබාදෙන්නැයි අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය රජයෙන් ඉල්ලීමක් කර ඇත. 03 November 2020
කොළඹ නගරසභාවේ ගිනි නිවීමේ ඒකකයේ 6 කට කොරෝනා කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සාමාජිකයින් 6දෙනකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇතැයි කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 03 November 2020
ඩුබායි පාලකයා කොරෝනා මර්දන එන්නතක් ලබාගනී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා හා උප ජනාධිපතිවරයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා මේ වනවිට පරීක්ෂණ මට්ටමේ පවතින එන්නතක් ලබාගෙන ඇත. 03 November 2020
කොරෝනා ආශ්‍රිතයන් 63,663ක් නිවෙස් තුළම නිරෝධායනයට කොරෝනා වයිරසය අසාදිතයන්ගේ ආශ්‍රිතයින් 63,663 ක් නිවෙස් තුළ ස්වයං නිරෝධායනය යොමු කර ඇතැයි කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනය පවසයි. 03 November 2020
කොරෝනා ආසාදිතයින් 272ක් කොරෝනා ආසාදිත පුද්ගලයින් 272 ක් අද(03) දිනයේදී මේ වන විට වාර්තා වී තිබේ. 03 November 2020
නව ගුවන් හමුදාපති වැඩ අරඹයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (03) වැනිදා ගුවන් හමුදා මුලස්ථානයෙදී රාජකාරී ආරම්භ කළේය. 03 November 2020
මොනරාගල බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියෙක් මිය යයි මොනරාගල බන්ධනාගාරයේ සිරකරුවන් දෙපිරිසක් අතර අද(03) දහවල් ඇති වූ ගැටුමක් හේතුවෙන් ’මැස්සා’ නමැති සිරකරුවෙකු මිය ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 03 November 2020
දීඝවාපිය චෛත්‍ය පරිශ්‍රයේ කැනීම්වලින් ඉපැරණි ශිලා ලේඛනයක් හමුවෙයි ඵෙතිහාසික දීඝවාපිය චෛත්‍ය පරිශ්‍රයේ මේදින වල සිදුකරන සංවර්ධන කටයුතු වලදී එහි කැණීම් අංශයට ක්‍රිස්තු වර්ෂ 1 සහ 2යන සියවස් වලට අයත් බව සැලකෙන දුර්ලභ ගණයේ තොරතුරු සඳහන් ශිලා ලේඛනයක් අද (03) හමුවී ඇති බව අම්පාර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි. 03 November 2020
මාළු කිලෝ ලක්ෂ 6 ක් කරවල කරයි බේරුවල ධීවර වරායට ඉකුත් දින 7 තුළ යාත්‍රා මගින් රැගෙන ආ මාළු කිලෝ 6 ලක්ෂයක් මීගමුවේ දී කරවල වෙළඳුන් සඳහා අලෙවි කළ බව ධීවර වරාය නීතිගත සංස්ථාවේ වැඩ වැඩබලන සාමාන්‍යාධිකාරි ජනක මුදලිගේ මහතා පැවසීය. 03 November 2020
ගාල්ල ධීවර වරාය තාවකාලිකව වහයි කොරෝනා ආසාදිතයකු පැමිණි බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් ගාල්ල ධීවර වරාය අද (03) උදෑසන සිට තාවකාලිකව වසා දමා තිබේ. 03 November 2020
පාර්ලිමේන්තුව 12 වැනිදා යළි රැස්වේ පාර්ලිමේන්තුව අද (3) පෙරවරු 10.00ට රැස්වූ අතර එම රැස්වීම පැය තුනකට සීමා විය. 03 November 2020
පානදුර මෝදර විල සුනාමි නිවාස සංකීර්ණය හුදකලා කරයි පානදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර් ණයෙන් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනකු හමු වීමත් සමගම එය තවදුරටත් සමාජගත වීම වැළැක්වීම සඳහා එම නිවාස සංකීර්ණය හුදකලා තත්ත්වයට පත්කළ බව පානදුර සෞඛ්‍ය වෛද්‍යය නිලධාරී කාර්ලය කියයි 03 November 2020
මෙරට 22 සහ 23 කොරෝනා මරණ වාර්තා වෙයි තවත් කොරෝනා වයිරස ආසාදිත මරණ දෙකක් අද (3) දිනයේ වාර් තා වී තිබේ. මෙම මරණ දෙකක් සමඟ ලංකාවේ මරණ ගණන 23 කි. 03 November 2020
බදුල්ල විවෘත අධිකරණ කටයුතු අත්හිටුවයි බදුල්ල මහාධිකරණයේ නඩු කටයුත්තක් සඳහා පසුගිය 26 දා පැමිණි රහස් පොලිස් නිළධාරියෙකු ආසාදිතයෙක් බව දින කීපයකට පසුව හදුනාගැනීමත් සමග බදුල්ල අධිකරණයේ සියලු අධිකරණ සහ කම්කරු විනිශ්චය සභාවේ අද (3) දිනයට තිබූ නඩු සියල්ල කල් දැමීමට පියවර ගැණිනි . 03 November 2020
එස්ටීඑෆ් සාමාජිකයින් 23කට කොරෝනා පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 23 දෙනෙකුට ඊයේ (2) දිනයේ දී වයිරසය ආසාදනය වී බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 03 November 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026