බ්‍රිතාන්‍යයේ නව අගමැති ඇමෙරිකන් ජනපති හමුවක් බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩි බර්නම් සහ ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පළමු මුහුණට මුහුණ, නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්විණි. 23 September 2026
ට්‍රම්ප් වෙනිසියුලා නායිකාවත් හමුවෙලා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසියට සමගාමීව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් අතරේ ද හමුවක් පැවැත්විණි. 23 September 2026
ඉරානය සුන්නද්ධූලි කරනවා: ට්‍රම්ප් ජගත් සමුළුවේදී කියයි ඉරානය සමග පවතින යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට එළඹීමට අපොහොසත් වුවහොත්, ඉරානය සුන්නද්ධූලි කරනවා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම අමතමින් පැවැසීය. 23 September 2026
නව මහාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත. 23 September 2026
IMF හත්වැනි සමාලෝචනය එකඟතාවයකින් නැතිව අවසන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ හත්වැනි සමාලෝචනය සඳහා ශ්‍රී ලංකාව පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (23) මෙරට සංචාරය අවසන් කළ බවත් පැවැති සාකච්ඡාවලදී හත්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණිමට නොහැකි වූ බවත් එම අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 23 September 2026
සරසවියේ පළමු වසරේ සිසුවකුට පහර දුන් දෙවන වසරේ සිසුන් අටක් අල්ලයි මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ දියගම පිහිටි යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණික පීඨයේ පළමු වසරේ සිසුවකු පහර දුන්නැයි කියන දෙවන වසරේ සිසුන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. 23 September 2026
මාණ්ඩලික ප්‍රධානී ඉවත් කරන පනතට කථානායක සහතිකය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කළේය. මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 09 වැනිදා පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි. 23 September 2026
අයි.එම්.එෆ් නියෝජිතයෝ අගමැතිනිය හමුවෙති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (22) හමුවිය. 23 September 2026
22ට එරෙහිව ලිප්ටන් වටරවුමේ පන්දම් දල්වති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂයේ දේශපාලනඥයෝ ඇතුළු පිරිසක් කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිටදී අද(22) රාත්‍රී පන්දම් දල්වාගෙන උද්ඝෝෂණයක් කළහ. 23 September 2026
රියැදුරු බලපත් වෛද්‍ය සහතික ගන්න වෙලාවක් වෙන් කිරීම අනිවාර්ය කරයි රියදුරු බලපත්‍ර අපේක්ෂකයින්ට වෛද්‍ය සහතිකය නිකුත් කිරීමේදී ඇතිවන අපහසුතා මගහරවා කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් සැපයීමේ අරමුණින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සැප්තැම්බර් 24 දින සිට වෙබ් අඩවිය හා ඕනෑම දුරකථන ජාලයක් භාවිතා කිරීම මගින් නොමිලේ පහසු දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමේ නව පද්ධතිය හඳුන්වා දී තිබේ. 23 September 2026
ලංකා–කටාර් කම්කරු ඒකාබද්ධ කමිටුව රැස්වේ ශ්‍රී ලංකා–කටාර් කම්කරු ඒකාබද්ධ කමිටුවේ නිත්‍ය රැස්වීම කටාර් රාජ්‍යයේ දෝහාහිදී පැවැත්විණි. 23 September 2026
හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ ප්‍රසිද්ධ පාතාල කල්ලි නායකයන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවන් ලෙස සැලකෙන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ අතර ඊයේ (22) පස්වරුවේ ගැටුමක් හටගෙන තිබෙන බව වාර්තාවේ. 23 September 2026
පාස්කු විත්තිකරුවනට වසර 220ක සිරදඬුවම් ආගම් අතර අන්තවාදී, ජාතිවාදී හෝ එදිරිවාදී හැගීම් ඇති කිරීමේ කුමන්ත්‍රණයකට අනුව පාස්කු ඉරිදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරුණ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අහිංසක පුරවැසියන් 250කට අධික පිරිසක් මරමුවට පත් කර තවත් විශාල පිරිසකට බරපතල තුවාල කිරීම සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් වරදි කරුවන් කළ මවුලවිවරුන් ඇතුළු 15 දෙනෙකුට වසර 220 බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවමක් කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩු 22 September 2026
මහ බැංකුව සමාගම් හයක වත්කම් අත්හිටුවයි මෙරට ලියාපදිංචි සමාගම් හයක වත්කම් අත්හිටවූ බව ශ්‍රී ලංකා මහා බැංකුව අද නිවේදනය කළේය. 22 September 2026
විමල්ගේ කතාවේ සියලු දර්ශන පොලිසියට දෙන්නැයි නියෝගයක් එයාර් බස් ගනුදෙනුවේ සිව්වෙනි සැකකාර නාමල් රාජපක්ෂ මහතාට අධිකරණය මගින් ඇප ලබා නොදීම සම්බන්ධයෙන් දේශපාලන රැළියකදී ප්‍රසිද්ධ ප්‍රකාශයන් සිදු කළේ යැයි කියන විමල් වීරවංශ මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්ද? යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන්වරුෂ විතාන මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ෙ පැවසීය. 22 September 2026
සරණට සරණක් වෙන්න ගිය ආරච්චි යළි රිමාන්ඩ් වසර 16 ක සිර දඬුවම් ලද හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට එරෙහි තවත් අල්ලස් නඩුවකට අත්හිටවූ සිර දඬුවමක් ලබාදීමට කටයුතු සම්පාදනය කරන බව පවසා රුපියල් හත්ලක්ෂ පනස් දහසක මුදලක් ලබා ගත්තේ යැයි කියන කොළඹ මහාධීකරණ ආරච්චි ලබන 06 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 22 September 2026
‘‘දුම්රිය වර්ජනයෙන් පස්සෙ රටේ තරුණයන් ටිකට් දෙක ගාණේ ගත්තා‘‘ දුම්රිය වර්ජනය කාලෙ ප්‍රවේශපත්‍ර ගත නොහැකි වුණු හෙයින් රටේ තරුණ පරම්පරාව ඊට පසු දින දෙකේදී ටිකට් දෙක බැගින් ලබා ගෙන විශිෂ්ට ආදර්ශයක් දුන් බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය. 22 September 2026
දිසා 10කට තවමත් නාය අවධානම් දිවයිනට බලපා ඇති තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක නායයෑම් අවධානමක් තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි. 22 September 2026
විසි දෙකට මැතිසභා කමිටුවේත් අනුමැතිය විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” පනත් කෙටුම්පත්වලට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවද අද (22) අනුමැතිය ලබාදුන්නේය. 22 September 2026
ණය ශ්‍රේණිගතවලින් ශ්‍රී ලංකාව ටිකක් ඉහළට ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ ණය ශ්‍රේණිගත කිරීම ’’CCC+’’ සිට ’’B-’’ දක්වා ඉහළ දැමීමට ෆිච් රේටින්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය අද කටයුතු කළේය. 22 September 2026
පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූ මවුලවිවරුන් විසිහතරෙන් පහළොවක් වැරදිකරුවන් ආගම් අතර අන්තවාදී” ජාතිවාදී හෝ එදිරිවාදී හැගීම් ඇති කිරීමේ කුමන්ත්‍රණයකට අනුව පාස්කු ඉරිදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරුණ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අහිංසක පුරවැසියන් 250කට අධික පිරිසක් මරමුවට පත් කර තවත් විශාල පිරිසකට බරපතල තුවාල කිරීම සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනාගෙන් විත්තිකරුවන් 15 දෙනෙකු අදාළ චෝදනාවන්ට වරදකරුවන් බවට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තිරණය 22 September 2026
අපේ පාස්පෝට් එක ලෝකෙන්ම 169වැනි තැන ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ලෝකයේ විදේශ ගමන් බලපත්‍ර අතර 169 වැනි ස්ථානයට පත්ව ඇති බව ලොව පුරා විදේශ ගමන් බලපත්‍රවල ශක්තිය සහ වීසා ප්‍රවේශය පිළිබඳ දත්ත රැස් කරන ස්වාධීන වේදිකාවක් වන පාස්පෝර්ට්ස් රිපෝට්ස් වෙබ් අඩවිය පසුගියදා පෙන්වා දුන්නේය. 22 September 2026
තරුණ පරම්පරාව දුන් අමුතු ආදර්ශය දුම්රිය වර්ජනය කාලෙ ප්‍රවේශපත්‍ර ගත නොහැකි වුණු හෙයින් රටේ තරුණ පරම්පරාව ඊට පසු දින දෙකේදී ටිකට් දෙක බැගින් ලබා ගෙන විශිෂ්ට ආදර්ශයක් දුන් බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය. 22 September 2026
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 22 September 2026
පොත් ප්‍රදර්ශනයට පරිසර හිතකාමී බෑග් අරන් එන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිලදී ගැනීම සඳහා පැමිණෙන විට පොත් රැගෙන යාමට සුදුසු, පරිසර හිතකාමී සහ නැවත භාවිත කළ හැකි බෑගයක් රැගෙනවිත් පරිසරය සුරැකීමට දායක වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටියි. 22 September 2026
ආයෝජකයන්ගේ වැඩ පහසු කරන්න කාර්යාලයක් අරියි ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන සහ නියාමන බාධා ඉවත් කර එම ක්‍රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (22) විවෘත කෙරිණි. 22 September 2026
ඊශ්‍රායල ඉදිකිරීම් වැඩට 133 දෙනෙක් යති ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියාලාභීන් 133 දෙනකු හෙට (23) පිටත්වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 22 September 2026
අභියාචනාධිකරණයට විනිසුරුවරුන් දෙදෙනෙක් මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර තිබේ. 22 September 2026
වාහනේක යායුතු ගාණ තීන්දු කරන්න රජයට බලයක් නෑ වාහනේක යන්න පුළුවන් ප්‍රමාණය තීන්දු කිරීමට රජයට බලයක් නැතැයි ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 September 2026
22 දේශපාලන අළුගෝසු සංශෝධනයක් බොහොම සරලව කියනවා නම් 22 දේශපාලන අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026